නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 November 2012

ඔබ මගේ වෙලා.......


මහ පොළොව ඉරි තැළිලා, කාෂ්ඨක වෙලා, වියැළිලා ගිය කටුක යුගයක,මල්  නොපිපෙන, ගහ කොළ කනාටු වුනු කර්කෂ ගිමන්කලක හදිස්සියේම වැටුණු වැස්සක් වගේයි මට නම්, "ඔයා " .ජීවිතේ කනාටු වුනු මල් ගහක් නම්, ඒ කනාටු වුනු මල් ගහට පණ දුන්නෙ "ඔයා".


හිමින් හිමින් වුනත්, අහම්බෙන් වගේ මගේ ජීවිතේට එබිකම් කරපු ඔයා,මගේ මුළු ලෝකෙම වෙනස් කළා. ලස්සන කළා.හරියට නියඟෙකට කේඩෑරි වෙලා ගිය ගස් කොළං හීනියට වැටෙන පොද වැස්සෙන් පීදීලා වගේ.. මගේ හිතත් පීදිලා..හැම ගහකම, හැමදාකම මල් පිපෙන්නෙ නෑ වගේම, හැම ජීවිතයකම වසන්ත කාලයක් වගේම ගිම්හාන කාලවලුත් තියෙනවා.... මගේ ජීවිතේට වසන්ත කාලෙ අරන් ආපු ඔයා මේ ආදරේ ගැන , කියාදෙන්න මට... එක මොහොතකට විතරක් නෙවෙයි.., හැමදාකටම ඔය හිතේ නතර වෙන හැටි කියලා දෙන්න... මම මේ ආදරේට කෝඩුකාරයි.. ඒත් ආදරේ මට අලුත් දෙයක් නෙවෙයි.. මට ඕනෙ ඔයා ලඟටම වෙලා ඉඳන් මේ ආදරේ විඳගන්න....


"ආදරේ ඉස්සරහදි ඕනෙම බලවතෙක් ,ඕනෙම ජගතෙක් දණගහනවා..දන්නවාද, මොනතරම් ශක්තිමත් ගල් වගේ හිතක් වුනත් ,ඉටිපන්දමක් වගේ උණු කරලා දිය කරලා හරින්න පුළුවන් බලයක් ආදරේට තියෙනවා..." මේ හැම දෙයක්ම මට කියලා දුන්නෙ ඔයා. ඒ ඔයාගෙම වචන.. මගේ නෙවෙයි.

ආදරේ බොළදයි.. ඇත්තටම.. හැම කෙනෙක්ම ආදරේ ලඟදි බොළඳයි..ඉර ගෙනත් දෙන්නම්.. හඳ ගෙනත් දෙන්නම් .. කවදාවත් නොවෙන ප්‍රායෝගික දේවල් ගැන කියනවාට වඩා.. , ඔයා මා ළඟට වෙලා.., මම ඔයා ලඟට වෙලා, හඳ තරු , මල් ගහ කොළ ගැන හිතින් මවාගෙන.., අපි ආදරේ කරමු...කලබලයක් නෑ.. හිමින් සැරේ..., නිවාඩු පාඩුවෙ..., අපි කතා කරමු ආදරේ ගැන.., නෑ.. ඔයා කියන්න.. මම අහන් ඉන්නම්....ජීවිත කාලෙ පුරාවටම මම අහගෙන ඉන්නම්...

ආදරේ කියන්නෙ හිර කූඩුවක් නෙවෙයි... ඒක උණුසුම, සතුට රැකවරණය, සුරක්ෂිත බව, විශ්වාසය.. මේ හැම දෙයක්ම එකතුවුනු කැදැල්ලක් වෙන්න ඕනෙ. අපි අපිව තේරුම් ගැනීම තරම් තවත් බලවත් සාධකයක් ආදරේ ස්ථිර බවට නැතිවැති... මට ඔයාව , මුළු ලෝකෙන්ම උදුරගන්න ඕනෙ නෑ.. ඔයා කැමති අය, ඔයාගෙ යාළුවො, ඔයාගෙ හිතවත් අය.. මේ හැමෝම එක්කයි මට ඔයාව ඕනෙ.. හැම කෙනෙක්ගෙන්ම ඔයාව ඈත් කරලා, මට විතරයි ඔයාව අයිති කියලා බදාගන්න බෑ මට..මම ආත්මාර්ථකාමී තමයි.. නමුත් එච්චරටම ආත්මාර්ථකාමී වෙන්න බෑ මට..ඔයාව අයිතියි මේ මුළු ලෝකෙටම..එක ශක්තිමත් විශ්වාසවන්ත බැදීමක් වෙනුවෙන්, බැඳීම් තොග පිටින් අතෑරලා දාන්න ඔයා ලෑස්තිබව මම දන්නවා. ඒත් මට ඔයාව මේ ලෝකෙන් උදුරගන්න ඕනෙ නෑ.. සත්තයි...ඔය හිත ඇතුලේ ආදරේ දේව ප්‍රතිමූර්ථිය වගේ වැඩ හිඳින්නෙ මම විතරයි කියලා මම දන්නවා.. ඒ ටික ඇති මට ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න.ආදරේ විතරක් මට දෙන්න.. නැවතිලා ඉන්න ඔය හිතේ ඉඩක් විතරක් මට දෙන්න.....

පිහාටුවක් වගේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් නම් ඔයාට මා ලඟදි.. ඒ තමයි මගේ සතුට.. ආදරයක් ඒ තරම් සැහැල්ලු වෙන්න ඕනෙ.. ඔයාට මා ලඟදි එක මොහොතකටවත් හිතට බරක් දැනෙන්න විදියක් නෑ..කරදරයක් වෙන්න බෑ.. සැබෑ ආදරේ එහෙමයි නේද? මට ඔයා ආදරේ ගැන කියා දුන්නු ටිකෙන්, මම ඉගනගත්තා මහ හුඟාක්.. මල් පොකුරක් අරන් මගේ කොණ්ඩෙ ගහලා, "ඔයා මෙන්න මෙහෙම පුංචි මනමාලියක් වෙලා තමයි මා ළඟට එන්නෙ" කියද්දි.., ඇත්තටම මගේ ඇස් වලට කඳුළු ආවා. ඔයා ආදරේ කියලා දෙන විදිය වෙනස්.. වචන දෙක තුනක් ඇතුලෙ බලාපොරොත්තු ගොන්නක්.. හැම වචනෙකම විශ්වාසය තහවුරු කරලා. ජීවිතේ හරි පුදුමයි..ආදරේ ගැන වගේම.., ජීවිතේ ගැනත් කියා දෙන්න මට....

මට මහා ලොකු බලාපොරොත්තු හුඟාක් නෑ.. ඒත් බලාපොරොත්තු නැත්තෙමත් නෑ.. ආදරේ කියන්නෙ බලාපොරොත්තුවක්.. එහෙමත් නැත්තම් බලාපොරොත්තු ගොඩක එකතුවක්... මගේ බලාපොරොත්තු වෙනුවෙන්, ඔයාව බිල්ලට දෙන්නෙ නෑ මම. ඒක ආදරේ නෙවෙයි.. ඒත් ඔයාගෙ බලාපොරොත්තු අස්සෙ මමත් ඉන්නවා කියලා මට දැනෙනවා..ඒක සතුටක්.. 

ආදරයක් නැතුව පාලනයක් මට ඕනෙ නෑ. සත්තකින්ම.., ආදරයක් නැතිව කෙරෙන පාලනය , බලහත්කාරකමක් වගේ.. ගෞරවය, කැපවීම, අවදානය, උවමනාව.., බලෙන් ගන්න බෑ.. මට එහෙම ඕනෙ නෑ..ඔයා මගෙම විතරයි කියලා ලෝකෙටම ඇහෙන්න තර්ජනය කරන්න මට ඕනෙ නෑ..ඔයාව විත්ති කූඩුවක නග්ගලා හරස් ප්‍රශ්න අහන්න මට ඕනෙ නෑ..ඒ මට අයිතියක් නැති නිසා නෙවෙයි. අයිතිය වුනත් පාවිච්චි කරන්නෙ මම පරිස්සමට..සත්තයි... 

ඉතින් ..., මීටත් වඩා මේ ආදරේ ගැන කුමන කතාද? ගහ කොළ වැල් මල් හැම දේම පුදුම කරලා.., ඔයාව මට ලැබුණා වගේම...ඔය ජීවිතේ අරන් සදහටම මගේ ලග ඉන්න, ඔයා එනවා නේද?


ඔබ මගේ වෙලා..මගෙ ළඟට වෙලා..
නිවාඩු පාඩුවේ කියන්න..
ආදරේ කියා.............
සඳ මඬල වෙලා..
තරු ළඟට වෙලා..
කියාදෙන්න ආදරේ කියා..

මල් පිහාටුවක් නෙළලා..
නිල් වරල සරසලා..
හිත පුරාම ආදරේ අරන්..
කියාදෙන්න ජීවිතේ තරම්..........

තුනු විලම මලින් සනසා..
මල් විලම කලඹලා..
ඔබ එනවද ජීවිතේ අරන්..
කියාදෙන්න ආදරේ තරම්.........







ගායනය :කුෂාණි සඳරේඛා / මංගල


ප/ලි- කොහොමද කට්ටියටම? කාලෙකින් සිංදුවකට කතාවක් , සිතුවිල්ලක් ලිව්වෙ නෑනෙ.. අද නිකමට ලිව්වා. මේ දවස් වල මහ මහා කම්මැලිකමක් ඇවිල්ලා තියෙන්නෙ. එහෙන් මෙහෙන් බ්ලොග් කියෙව්වාට , ලියන්න කැම්මැලියි :( අනේ මංදා, බහුතරයක් බ්ලොග්කරුවන්ට තියෙන ලෙඩේ මටත් බෝ වෙලා :D

අන්තිමට ලියපු ගීත කතා කියෙව්වෙ නැද්ද? එහෙනම් මෙන්න...
- කෙදිනද කූඩු හදන්නට එන්නේ-  - මගේ පුංචි රෝස මලේ-  - අතීතය සිහිනයක් පමණයි - - අදින් පසු මියේවී අපේ ඒ කතා - 

Post Comment

60 comments:

  1. අම්මෝ හද කොමුලිත වී ගියා...!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... :D බලාගෙන වෙන මුකුත් වුනෙ නෑනෙ..;)

      Delete

  2. හ්ම්ම්ම්....හ්ම්ම්ම්..... ලස්සන සිතුවිල්ලක්..... :)

    ReplyDelete
  3. බොහොම අගේට සිංදුව වෙනුවෙන් සාධාරණයක් ඉටුකොට තිබෙනවා.ජය.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  4. ආදරේ ගැන රචනාවක්ම ලියලා තියනවානේ. අර සින්දුව ටීවී එකේ හොඳටම අහලා පුරුදුයි. මොකක්හරි ටෙලි නාට්‍යක එකක් ද? ඔය කම්මැලිකම කියන එක මටත් කාගෙන්හරි බෝ වෙලාද නැත්තම් ඒකෙ අනිත් පැත්තද කියලා දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ආදරේ ගැනනම් පොතක් වුනත් ලියන්න පුලුවන් නෙහ්..:D ඔව්, ඒ සින්දුව "දෙහදක් ආදරෙන්" නාට්‍යෙ සින්දුවක්...

      Delete
  5. ඈ..................මේ සීතලේ මට නිකන් මොකද්ද වෙලා අරහෙම වෙලා මෙහෙම උනේ ඇයිද මන්දා....... :)

    ReplyDelete
  6. හ්ම්ම්ම් හිතට දැනුන සින්දුවකට ඊටත් වඩා දැනෙනෙ පොස්ට් එකක්..

    ReplyDelete
  7. ලස්සන ගීයක්.
    ලියලා තියෙන විදිහට මගේ මුළු හිතම ඔකද වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඔකද වෙලා.. සිත ඔකඳ වෙලා ♫ ♫ ද?

      හික්ස්ස්ස්.. ස්තූතියි මින්!!

      Delete
  8. මේ සිංදුව තිබ්බ ටෙලි නාට්‍යය, සහ මේ ගීතයට ගිය නාට්‍යෙයන්ම හැදුව විෂුවල් එක මතකෙට ආවා.

    ජය !

    ReplyDelete
    Replies
    1. :) එහෙනම් මම සාර්ථකයි!!!

      Delete
  9. මේ ගීතයට මම ගොඩක් කැමතියි... එය අඩංගු වූ ටෙලියත් බොහොම අපූරුයි... අපේ පැත්තටත් ඇවිල්ලා ගියොත් නරකද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.. :)

      මම ඒ පැත්තෙ ආවා නොවැ!!

      Delete
  10. ජීවිතේම නැති වෙන තැනට ඇවිත් ඉන්න නිසයි
    ඒක අමතක කරන්න බ්ලොග් පැත්තේ ආවේ ..
    මේවා දකිද්දී ආයේ පිස්සුව ඩබල් වෙනවා හය්යෝ ....

    කොහොම හරි පපුවටම වදින්න ලියල තියෙනවා ..
    ස්තූති කියල කොහොම කියන්නද කියල
    කල්පනා කලේ.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්, ජීවිතේම නැති වෙන තැනට වැඩ කරනන් කලින් ටිකක් හිතන්න..:)
      බුද්ධියටත් ඉඩ දෙන්න.... හදවතට ඉඩ දුන්නා ඇති..

      ස්තූතියි හුඟාක්..

      Delete
  11. ගීතයට නම් මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. අහ්හ් එතකොට මගේ කතාවට අකමැතියි වගෙ!! ;)

      Delete
  12. සෙනෙහෙ කොලේකුත් ලියන්නාට සහ ලබන්නාට හැර අනිකුත් අයට බොලඳයි කියනවනෙ. මට මතක් වුනේ ඒක.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හ්ම්ම්.. හ්ම්ම්.. ඇත්තනෙ.. ආදරේත් බොළදයි!!

      Delete
  13. මම මාරම ආසයි මේ සිංදුවට.. කාලෙකට ඉස්සෙලා මේක එක්කෙනෙක් එක්ක එකට ඇහුවා මතක් උනා අෆ්ෆා.. හ්ම්ම්..

    ReplyDelete
  14. ලස්සන සිතුවිල්ලක්.. :)

    ReplyDelete
  15. ආ.. හරිනෙ.මේ සින්දුව තමයි දවසක් එයා මට මැසේජ් කලේ.

    //ඔබ එනවද ජීවිතේ අරන්..
    කියාදෙන්න ආදරේ තරම්...// මේ කෑල්ල එයා හැම තිස්සෙම වගේ මුමුණනවා අපි මුණගැහුනම.

    ස්තූතියි හිතූ අක්කේ...

    ReplyDelete
    Replies
    1. අහ්හ් හා.. ආදරේ කරද්දි කියැවෙනවානෙ..:D

      Delete
  16. ඔය සින්දුව තියන කතාව් ටීවී එකේ ගියා මතකයි.. සින්දුවත් කාලයක් ඒ චැනල් එකේ හිට් වෙලා තිබ්බ. ඒ සින්දුව හරි ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ඔව්... ඒ සින්දුවයි කතාවයි දෙකම හිට් වුනා තමා..

      Delete
  17. ඔය නාට්‍ය ඇවිල්ලා දෙහදක් ආදරයෙන් කියන එකනේ..ඉස්සර සිරසේ ගියේ..මම බලමු නාට්‍ය වලින් සිරාම නාට්‍යක්..

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් ඔව් ඔව් සිරසේ ගියේ!! මාත් ආස නාට්‍යක් තමා..:)

      Delete
  18. ගිතයට සාහිත්‍යයෙන් දීපු විවරනය නම් කදිමයි. මම මේ සිංදුව අහල නැති වුණත් තවත් ගිත ගනනාවක් එක දිගට මතකට ආවේ මේ ලස්සන වචන ටිකත් එක්ක..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්... ඔබතුමාට හුඟාක් ස්තූතියි!!! :) ඔබතුමා තරම් ගීත සාහිත්‍යට ප්‍ර්වීණයෙක් නෙවෙයිනෙ මම

      Delete
  19. ඒ දවස්වල මමත් සෑහෙන්න ආස කරපු ගීයක් මේක !

    ReplyDelete
    Replies
    1. ඇයි මේ දවස්වල ආස නැද්ද?

      Delete
  20. මගේ තාමත් ආසම සිංදුවක්... ඒ සිංදුවේ මංගලගේ කටහඬ හරිම ලස්සනයි.... ගීතයට ලියා ඇති පෝස්ටුවත් කදිමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනු!! හුඟාක් කාලෙකින්... :)

      Delete
  21. ඔයා ආදරේ කියලා දෙන විදිය වෙනස්.. වචන දෙක තුනක් ඇතුලෙ බලාපොරොත්තු ගොන්නක්.. හැම වචනෙකම විශ්වාසය තහවුරු කරලා. ජීවිතේ හරි පුදුමයි..ආදරේ ගැන වගේම.., ජීවිතේ ගැනත් කියා දෙන්න මට....

    හම්මේ..... පපුව මොකක්දෝ වෙලා ගියා... හරිම ලස්සනයි නංගියෝ... ශෝක්...

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් හා... පපුව පිරෙන්න කාව හරි කෙනෙක්ව මතක් වුනාද?/ ;)

      තැන්ක්ස් අක්කි!!

      Delete
  22. ම්..ආදරේ ගැන දැනෙන්නම ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. ආදරේ තරම් දැනෙන දෙයක් ලෝකෙ නැති තරම්නෙ අක්කි!!

      Delete
  23. ගීතයට ගලපලා ලස්සනට ලියලා තියනවා.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි සහෝ!!

      Delete
  24. ගීතයට සාධාරණයක්..! ලස්නයි නංගියෝ ගොඩක්.. මේ ගීතය වගේම.. මේ ලියැවුණු සංවේදී වචනත්.. :)

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අක්කියො!! :)

      Delete
  25. හ්ම්ම් ලස්සනයි ,,,,,

    එන්න ඇවිත් යන්න ... "The අච්චාරු පිටුව"

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! ඇවිත් යන්න එන්නම්කෝ..

      Delete
  26. හ්ම්ම්ම්....නියමයි.. :)
    මගෙත් මේ දවස්වල හිතේ කැරකෙන සිංදුවක් තියෙනවා...ලියන්න ඕනේ ඒ ගැන.. :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් හා මොකක්ද ඒ කැරකෙන සින්දුවා ආ?? ;)

      තැන්කූ අක්කි!!

      Delete
  27. මේකනම් උපරිමයි. ගීතයේ සැබෑ අර්ථයට අසාධාරනයක් නොවෙන්න මෙහෙම ලිපි ලියන්න හැමෝටම බෑ. මන් ඒ වගේ පුලුවන් අය දැකලා තියෙන්නෙ කිහිප දෙනයි. බය නැතුව කියන්න පුලුවන් ඔයත් ඒ ගොඩේ ඉන්නවා. නියමයි. ජය.

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.... :D අහිංසක ආඩම්බරයක් ආවා..:) බොහොම ස්තූතියි!! මම කවදත් මට හිතෙන දේවල් එහෙම් පිටින්ම ලිව්වා.. කාටවත් හානියක් නොවෙන්න.. ඉතින් මේ අදහසුත් එහෙම්ම සින්දුව එක්ක ආපුවා.. ලියලා දැම්මා..:) ස්තූතියි!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....