නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

10 December 2012

සා/පෙ සාපයක්ද?


සාපෙ කිව්ව ගමන් ඉතින් ඕනෙ කෙනෙක්ට මතක් වෙනවානෙ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. :D මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන උණුසුමත් එක්ක, අපි සාපෙ ට මූණ දුන්නු හැටි ගැන මතක් වුනා.ඒ කාලෙ සාපෙ උදාවුනත් හරිම සුන්දරයි. සාමාන්‍ය පෙළ විභාගෙ කියන්නෙ ඉතින් ගුරුවරුන්ගෙ විභාගයක් කියලාත් කතාවට කියනවානෙ. ළමයි සාමාන්‍ය පෙළ කරද්දි ,අම්මලා තාත්තලාට ශිෂ්‍යත්වෙ කාලෙ තිබ්බ තරම් උනන්දුව ටිකක් අඩුවෙලා යනවා. ළමයින්ට ඉතින් කොහොමත් උනන්දුව ඇතිවෙන්නෙ උසස් පෙළ කරන්න ගියාමනෙ. අපිටනම් ඒකටත් උනන්දුවක් තිබ්බාද මන්දා ;)

කොහොම වුනත් සාමාන්‍ය පෙළ විභාගය කෙනෙක්ගෙ ජීවිතේට ලොකුම ලොකු බලපෑමක් නොකළත්, ෆේල් වුනොත් නම් ඉතින් එතනින් ඉදිරි අධ්‍යාපනයට සමුදෙන්න නම් සිදුවෙනවා. මොකද ලංකාවෙ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න නම් ගණිතය  ඇතුළු අනිවාර්‍ය විෂයන් කීපයක් සමත් වීමත් සමඟ සම්මාන සාමාර්ථ 3ක්වත් තියෙන්න ඕනෙ.(මම දන්නා තරමින්.වැරදිනම් නිවැරදි කරන්න.) සාමාන්‍ය පෙළ  හුඟාක් දෙනෙක් ලේසියෙන් සමත් වෙන විභාගයක් කියලා කිව්වට, සැබෑවටම සාමාන්‍ය පෙළ විභාගෙ, සාපයක් වුනු උදවියත් සෑහෙන පිරිසක් ඉන්න බව අපිට පෙන්වලා දෙන්නෙ සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිඵල පිටවෙලා, අදාල සංඛ්‍යා ලේඛන එහෙම ඉදිරිපත් වුනාට පසුවයි.කොළඹ ඇතුළු තරමක් දියුණූ නගරවල මේ විදියට සාමාන්‍ය පෙළ විභාගය ලේසියෙන් සමත් වෙන්න පුළුවන් විභාගයක් ලෙස සැලකුවත්, තරම්ක් දුෂ්කර ප්‍රදේශවල දරුවන්ටනම් සාමාන්‍ය පෙළත් එක්තරා විදියක විශාල අභියෝගයක්.ගුරුවරු, පොත්පත් වගේ සම්පත් හිඟය නිසා වගේම, ආර්ථික අවහිරතා නිසා ගොඩක් දරුවන්ගෙ අධ්‍යාපනයට සාමාන්‍ය පෙළටත් කලින්ම නැවතීමේ තිත තැබෙන්න පුළුවන්.

කොහොම වුනත් ඉතින් සාමාන්‍ය පෙළ විභාගය හොඳට කරගන්න එක උසස් පෙළ කරන්න එකතරා විදියකින් රුකුලක් වෙනවා. ඒත්, සාමාන්‍ය පෙළට A අකුරු ගොඩවල් ගත්ත බහුතරයක් උසස් පෙළට ලයිට් කණු ගන්න එකත් තිත්ත ඇත්තක්. 

සාමාන්‍ය පෙළ කාලෙ තමයි මගේ ජීවිතේ නම් ජොලිම කාලෙ. ඉස්සර අපේ පන්තියට මිස් කෙනෙක් ආවෙ නැත්තම්, අපි සෙට් එක කරන්නෙ සින්දු කියන එක. එතකොට ඉතින් පොත් අතේ තියාගත්තු ගමන් ඉන්න උදවිය දිගට හරහට ඔරවන්න ගන්නවා. විභාගෙ ලං වුණාම තවත් ප්‍රශ්න ගොඩයි. කොහොම කොහොම හරි හැබැයි අපේ අතිජාත යාළුවො සෙට් එක උපරිම හොඳට සාපෙ  ජයගත්තා... 

 වෙන ළමයි මඟ දිගටත් පොත් අතට අරන් විභාගෙට පාඩම් කර කර යද්දි , විභාගෙ දවස් වල  අපි ඉස්කෝලෙ ගියේ  ගෙවල් පැත්තෙ ඉන්න ඔක්කොම සාපෙ කරන ළමයි සෙට් එකක්ම ,පිරිවරාගෙන බස් වල සින්දු කියන පිරිමි ළමයින්ටත් සප් එකක් දීගෙන ,බොහොම විනෝදෙන්. :D

මීට අවුරුදු 6කට කලින් තමා අපි සාපෙ කලේ.. කාලෙත් එක්ක හැමදේම සංකීර්ණ වෙන හින්දා දැන් විභාග විතරක් නෙවෙයි මුළු අධ්‍යාපනයම සංකීර්ණ වෙලා වගෙයි. හෙට පටන් ගන්න සාමාන්‍ය පෙළ විභාගෙ අපේ මලයත් කරන නිසා මේ දවස්වල තත්වෙ ගැන ටිකක් මාත් දැනුවත්. 

ඊයේ උදේම දුරින් නෑ කෙනෙක් වෙන ඇන්ටි කෙනෙක් අපේ අම්මාට කෝල් එකක් දීලා අරුම පුදුම ආදරේකින් පණිවිඩයක් කිව්වා. ඒ තමයි සාමාන්‍ය පෙළ කරන ළමයින්ට ආශිර්වාද කරලා කෙරෙන පූජාවක් තියෙන බවත්, හැබැයි පන්සල ඇතුළට ගන්නෙ කොටස් විදියට නිසා ඇවිත් පුළුවන් නම් සහභාගි වෙන්න කියලා.(ඒ තරමට ,පන්සල ඇතුළට ගන්න බැරි තරමට පූජාවට සෙනඟලු.) අපේ අම්මා පණිවිඩයට ස්තූති කරලා මල්ලිව ගමේ පන්සලට එක්කරගෙන ගියා. :D මේ අන්තිම මොහොතේ රට වටේම තියෙන පූජා වලට ගියත් තමන්ගෙ හැකියාවෙන් මිස විභාග සමත් වෙන්න බෑ කියලායි අම්මා හිතන්නෙ.ඒත් අපේ රටේ බහුතරයක් දෙනාට ඉතින්, විභාගයක් ආවමවත් පන්සල මතක් වෙන එකනම් හොදයි.ආගමානුකූලව ඕනෑම සුභ දේකට මුල පුරන එක අපේ සංස්කෘතියෙ ලක්ෂණයක්නෙ.

විභාගයක් කිට්ටු වුනාම, සාපෙ විතරක් නෙවෙයි, ඕනෑම එකක්, විභාගෙ ලියන්න යද්දි සුභ පතන්න නැති නෑයෝ, ප්‍රථිඵල අහන්න නම් ඕනෑතරම් . ඒ වගේම තමයි, ඉහළීන්ම විභාග පාස් වුනාම හොඳට ඉන්න නෑයෝ තරහා වෙන්න පුළුවන්.. විභාගයක් පොඩ්ඩක් අවුල් වුනොත් නම් , නෑයෝ පුදුම හිත උණු වෙන ජාතියක්.. උපදෙස් දෙන්න උදව් කරන්න ඕනතරම්..(හැම නෑදෑයෙක්ම එහෙම නැහැ. සමහරු.) මටනම් ඔහොම නෑයෝ සම්බන්ධ අත්දැකීම් ඕනතරම් තියෙනවා. යාළුවොන්ගෙ අත්දැකීම් එහෙමත් අහලා තියෙනවා. කොහොම වුනත් මිනිස්සු කියන්නෙ මිනිස්සුන්ට නිසා අවබෝධයෙන් ජීවත්වීම හැර වෙන කරන්න යමක් නෑ..

බ්ලොග් අවකාශෙත් මම දන්න තරමින් කීපදෙනෙක් සා/පෙට මූණ දෙනවා . නංගිලා මල්ලිලා හැමෝටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්, ඉහළීන්ම විභාග සමත් වෙන්න සුභ ප්‍රාර්ථනා කරනවා... !!!!

ඒ වගේම මගේ ආදරණීය මලයණ්ඩිටත් විභාගෙ ඉහළින්ම සමත් වෙන්න ශක්තිය ධෛර්‍ය වාසනාව ලැබේවා කියලා සුභ පතනවා..!!!



Post Comment

75 comments:

  1. කතා නම් කරන්ඩ එපා මම එක :D

    ReplyDelete
    Replies
    1. තිබුනු පීඩනේ කොච්චරද කියනවනම් විභාගෙට යන්න මාස 3ක් තියනකොට ඉස්කෝලෙ වෑන් එක එන කන් හවස ඉන්නකොට ඇඬුන හොඳටම.. ඒත් ගොඩ ගියා! A; 9ක්ම තිබුනා. පුදුම සතුටක්. ඒවගේ සතුටක් වචනෙන් කියල නිම කරන බෑ. එත් ඒ ලෙවල් වලදි සාර්තක වෙන්න බැරි උනා හිතපු තරම්. හෑමෝටම වෙන්නෙ ගොඩක් වෙලාවට ඕක. මල්ලිට හදවතින්ම සුභපතනව ඒ වගේම විභාගෙ ලියන අනිත් අයටත් අති සාර්තකව විභාගෙ ලියන්න ලැබිලා විශිශ්ට ප්‍රතිපලයක් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව :)

      Delete
    2. කතා කරනන් දෙයක් නෑ ඔයා එක.. :D

      අහ්හ්හ් ඒ මොකෝ ඇඬුනෙ?? :D මටත් ඔය ආනිසංසෙම තමා සාපෙට A 9යි උපෙ ට ;) හුඟක් දෙනෙක්ට එහෙම තමයි..

      ස්තූතියි!!!

      Delete
  2. මාත් ඔහොම තමා විභාග කියන ඒවා සත පහකට ගනන් ගන්නේ නැහැ. ෆුල් ජොලියේ ඉන්නවා. හැබැයි කොහොම හරි ගොඩ දා ගන්නවා......

    ඔයාගේ මල්ලිට හදවතින්ම සුභ පතනවා විභාගය සාර්ථකව කර ගන්න ලැබේව කියල....!!

    ReplyDelete
    Replies
    1. මෙන්න නිර්භීත දරුවො... :D

      ස්තූතියි සමනළී!!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මලයට සුභ පැතුම්..සාපෙල තරම් සුන්දර පාසල් කාලයක් තවත් නෑ..

    විභාගය යනු ජීවිතය නොවේ කියලා තමයි අන්තිමට කියන්න වෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ!!! අනිවාර්‍යෙන්ම මම කියන්නෙත් එහෙමයි.. සාපෙ තමා හොදම කාලෙ..

      Delete
  5. මළන්ඩියාට මමත් සුභ පතනවා.... මමත් කියන්නේ විභාග කියන දේවල් ජීවිතයේ ඉදිරිය තීරණය කරන සාධකයන් වුනත් විභාග කියන්නේ ජීවිතය නොවන බවයි...
    මම සාපෙ කරන්න ගිය දවස මතක්වුණා.. හෆූ.. පලමු ප්‍රශ්න පත්‍රය හරියටම මගේ උපන්දීනේ දවසේ.. මොනා වුනත් කොල්ලා කේක් කාල තමා විභාගෙට ගියේ හික්ස්ස්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ!!! :) විභාග කියන්නෙ ජීවිතේ නෙවෙයි තමා... ඒත් විභාග ජීවිතේ කරගෙන ප්‍රථිඵල එහෙ මෙහෙ වුනාම ජීවිතෙන්ම පලා යන අය ඕනෙ තරම්....

      හික්ස්ස්.. එහෙනම් උපන් දිනත් සමරලා විභාග අස්සෙම ආ... ;)

      Delete
  6. නෑයො ගැන කියන ඔය කතා සේරම මනස්ගාත අනේ ඒ මිනිස්සු මොනවා හරි දෙයක් අහන්නේ අහන්න දෙයක් නැති කමට. ඔයාම වුණත් කිදෙනකුගෙන් විභාග ගැන අහල තියනවාද බලන්න හිතලා. ඒ අහන්නේ අහිතකින්ද හදවතට එකගව කියන්න මේකට උත්තරයක්.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් ඒ අන්කල් දන්න නෑයොනෙ ;) ( අන්කල් කිව්වට කමක් නෑනෙ? )

      විභාග කලාම එලව එලව ප්‍රථිඵල අහන්නවත්, උපදෙස් දෙන්නවත් මම නම් සාමාන්යෙන් යන්නෙ නෑ... :) මට ප්‍රථිඵලයක් කිව්වොත් හරි මගෙන් උපදෙසක් ඉල්ලුවොත් හරි, යුතුකමක් විදියට හරි තමා මම ඉදිරිපත් වෙන්නෙ.. :)

      මම මෙතන ලිව්වෙ එහෙම අය ගැන නෙවෙයි.. විභාගෙකට සුභ පතන්නෙවත් නැතුව ප්‍රථිඵල ආව ගමන් කෝල් කර කර අහන එක මහ අතාත්විකයි!!:)

      Delete
  7. මගෙත් ජොලිම කාලේ තමයි සාපෙ කාලේ. අපේ පන්තියේනම් ඔහොම ඔරවන කවුරුත් හිටියේ නෑ. හැමෝම තකට තක. ටීචර්ස්ලට එපාම කරපු පන්තිය. හැබැයි ප්‍රතිඵල ආවම මිස්ලගේ කටවල් වැහුනා. හොඳම ප්‍රතිඵල අපේ පන්තියේ. බාගෙකට විතරම ඒ 10 ඒවා. කාටවත් එක එෆ් අකුරක්වත් තිබුනේත් නෑ. සා.පෙ. ට ඕනවට වඩා මහන්සි වෙන ඒකනම් තේරුමක් නෑ මම හිතන්නේ.

    ඔයාගේ මලයට සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්.. එහෙනම් එක බෝට්ටුවෙ...

      ඇත්ත අක්කෙ.. සාපෙට ඕනාවට වඩා මහන්සි වුනොත් උපෙ එපා වෙනවා...

      ස්තූතියි අක්කී!1

      Delete
  8. අහ්හ්හ්...සා.පෙ. ඔය කාලේ තමයි හොදටම පිස්සු නැටුවෙ. හෙහ් හෙහ්...
    කොහොම උනත් මලයට සුබ පතනව.!! මිනිහ ගොඩ දාගනී.. :) :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් හාඅ............... :D කවුරුත් එහෙමයිනෙ බැලුවාම... :)

      ස්තූතියි හුඟාක්!! මාත් හිතනවා මිනිහ ගොඩ දාගනියි කියලා..

      Delete
  9. ඔරවපු ගොරවපු අයත් සිටියෝය. ඒත් අපිත් පන්තියේ පිස්සු කෙලිමින් කල වැඩේ අසාධාරණ බව දැන් හිතෙන්නේය. විභාගයට මාස කීපයක් තිබියදී මට අසනීප විය. බෝඩිමෙන් ගෙදර යාමට සිදුවූ බැවින්, පිස්සු කෙලීම නවතා පාඩම් කිරීමට සිදුවිය. ඉතින් මම ගොඩ. ඒත්, පන්තියේ පිස්සු කෙලිමින් සිට, තනියෙන් පාඩම් කරන්නට සිදුවී, ගොඩ ගිය එක ගැන නම් තවමත් වරදකාරී විදිහට දැනේ.

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා...... අසනීප වුනාද? දෙයියන්ගෙ පිහිටෙන් විභාගෙ කරගත්තනෙ.. ඒකම ඇතිනෙ..
      ම්ම්ම්.. බොක්කෙ ෆිට් එක වැඩිවුනාම එහෙම හිතෙනවා. ඒත් ඔයා කලේ ආත්මාර්ථකාමි වැඩක් නෙවෙයිනෙ..

      Delete
  10. නගෝ මටත් මේ පෝස්ට්කටුවෙන් නෙව මතක් උනේ.. ඇයි හත්දෙයියනේ ඊයේ හවස පන්සල් වල තිබ්බ පෝලිං දිහා ඇස් උඩගිහිල්ල බැලුවට මට මීටර් උනේ නෑනේ.. දැං එහෙනං ඔක්කොම පාස් වේවි..

    ReplyDelete
    Replies
    1. චැක් කලින්ම එන්ටර් උනානේ..සාපේ ඇත්තටම සාපයක් නෙමෙයි තමන් දන්න ටික උනත් අඹරල කරල ගොඩදාගන්න පුළුවන් එකක්. අපිත් හබ්බානට පිස්සු කෙලියා.. විභාගේට කලින් දවසේ රෑ තිබුනේ පට්ට පාටියක්. ඔක්කොම දෙමව්පියෝ හිතුවේ මුං පව් හොදට පාඩං කොරන්න එකට සෙට් වෙලාය කියල... හැක්...

      මල්ලිට කියන්න බය නොම වන් කරන දේ හරියට කරපන් කියලා... ජය

      Delete
    2. හික්ස්ස්ස්... ආයෙත් අහලා.. මාර පෝලිම්නෙ තිබ්බෙ... ආගමානුකූලව දෙවල් පටන්ගන්න එක හොදයි!! ධර්මයේ හැසිරෙන එක, ධර්මානුකූලව ජීවත්වෙන එක හැමදේම හොදයි.. නමුත් එක දවසකට ධර්මය මාර්ගයෙන් ව්ඉභාග පාස් වෙන්න හිතන්වානම් වැරද්යි!!!

      හෆ්ෆා.. මෙන්න හොරු.. පාර්ටි දාලා ;)

      ස්තූතියි අයියා..මේ ඔයා සැබෑවටම දේශකයෙක්ද??

      Delete
  11. මමත් හැමෝටම සුභ පතනවා :) අපේ නඟා ත් ලියනවා :)
    -වර්ණා-

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් වර්ණා.. නඟාටත් සුභ පැතුවා කියන්න :)

      Delete
  12. සමහර ළමයි බස් එකේ හිටන් පාඩම් කරනවා දැක්කහම මට නම් එපා වෙනවා. වෙලාවකට හිතෙනවා සද්ද බද්දත් එක්ක කොහොම පාඩම් කරනවද කියලා. සාමාන්‍ය පෙල කාලේ තමයි මරු. ඒ කාලේ එච්චර බරක් පතලක් නැතුව යාළුවොත් එක්ක විනෝදෙන්ම විභාගෙට මුහුන දුන්නා.

    අපේ අම්මා ටීවි එකේ ගිය නැකැත් කොලේක ලියන් ඒ වෙලාවට ගෙදරින් පිට වෙන්න කිව්වා.අම්මගේ ආසාව නේ.ඉතින් සමහර දවස්වලට ගෙදරින් පිට උනේ පස්සෙන් පස්සට. එකම එක දවසක් තිබ්බා මම ජනේලෙකිනුත් පැන්නා. :)

    අපෝ සාමාන්‍යපෙල කරලා තාම අවුරුදු 6යිද ? පොඩි කෙල්ලෙක් නේ ? :)

    මෙවර සාමාන්‍ය පෙළ කරන දුවලා පුතාලට මගෙන් සුබ පැතුම් :)

    ReplyDelete
    Replies
    1. මමත් සාමාන්‍ය පෙළ කරලා අවුරුදු 6යි... අයිය කලේ අවුරුදු 10කට විතර කලින්ද?

      Delete
    2. //සාමාන්‍ය පෙල කාලේ තමයි මරු. ඒ කාලේ එච්චර බරක් පතලක් නැතුව යාළුවොත් එක්ක විනෝදෙන්ම විභාගෙට මුහුන දුන්නා.
      //
      ඇත්ත අයියෙ. ඒ කාලෙ හරි සැහැල්ලුයිනෙ...:)

      ආ... නැකැති වෙලාවල්නම් පත්තරෙත් තියෙනවා.. අම්මාලා ඉතින් ඔවා ටිකක් පිළිපදිනවානෙ...:)

      හික්ස්ස්.. මම පොඩි කෙල්ල තමා හලිද?

      Delete
    3. ආ........ අනුත් ඉතින් මගෙ වයසෙනෙ...:D

      Delete
  13. කොල්ලො හොඳයි නෙව බලාගෙන ගියාම...මුං නටල තියෙන්නෙම පිස්සුනේ..:)))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... එච්චරටම පිස්සු නැටුවෙ නැතෝ.....;)

      Delete
  14. මලයට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  15. ඒ කාලේ පට්ටම ගති. කියල වැඩක් නෑ. මටත් කෙළවෙන ටයිප් එකක් තිබ්බ ගණන්, විද්‍යාව තමයි. එව්වා ගොඩ දාගන්න මම පට්ට ගේමක් දුන්න. හම්බේ මතක් වෙනකොට......:D.. මම අඬලාත් තියනවා. ඒ වුනාට කොල්ලෝ එක්ක රංචු ගහන එක, ටීවී බලන එක, නැවැත්තුවේ නෑ. අන්තිමට හිතුවට වඩා හොඳට ගොඩ යන්න පුළුවන් වුනා.


    හිතුවක්කාර මලයටත් ගොඩ යන්න සුභ පතනවා මම.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් ඇඬුවෙ මොකෝ?? :O කොහොමෙන් හරි ගොඩ ගියානෙ... :)

      ස්තූතියි පැතුම්!!

      Delete
  16. අපෝ ගෑල්ළමයි තමයි ඕකට සෑහෙන මැරීගෙන පාඩම් කරන්නෙ. ඒ දවස්වල අපි එයාලට විහිළු කරනවත් එක්ක. සමහරු කන්නෙ බොන්නෙ නැතුවත්, හැබැයි උ.පෙ තමයි මම නම් දකින්නෙ විභාගෙ විදියට. ඒක ගොඩ දාගත්තොත් සෑහෙන දේවල් කරගත්තා වෙනවා. අයියෝ තාම අවුරුදු 6ක් ද. මම නම් 9යි! මලයට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ආ.. මම කොහොමත් බලාපොරොත්තු වුනා ඔහොම කමෙන්ට් එකක්..:D සාපෙ ට කොහ්මත් ගෑණූ ලමයි මහන්සි වෙනවා වැඩියිනෙ...
      උ.පෙ අන්න විභාග.. එව්වා තමා ගොඩ යන්නම ඕනෙ... එහෙනම් ඔයා අයියෙක්නෙ.. :D


      ස්තූතියි අයියා!!

      Delete
  17. Replies
    1. ආ... ආ... මානවකයගෙත් කාලෙද?? ;)

      Delete
  18. විභාගෙ ලියන ආදරණීය මල්ලිලා නංගිලාට ඔන්න හිතූ කෙල්ලත් එක්ක එකතු වෙලා සිත්තමී කෙල්ලත් සුභ පතනවා.....ජයම වේවා....

    ReplyDelete
  19. :D මම දැක්ක මොකද්ද පත්තරේක සා පෙළ ජය ගන්න ගාථාවක් තියෙනවා කියලා...:D

    ReplyDelete
    Replies
    1. ආ.. නැතුව නැතුව.. ගාථා විතරක්නම් බැරියා... ඇයි තෙල් වර්ග, විභාග රහස්... එමටයි...

      Delete
  20. ඒ.....මල්ලිට සුබ පැතුවා කියන්න ඈ..........

    ReplyDelete
  21. ගිය අව්රුද්දේ මේ දවස් වෙද්දී මමත් සාපෙ ලියනවා. නෑයො ගැන කියල තියෙන කතාවනම් සහතික ඇත්ත. මල්ලියාට සුබපතනවා.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ් මල්ලියාටත් එහෙනම් නෑයෝ, වේයෝ , මීයෝ ගැන අත්දැකීම් ඇති හා... ;)

      ස්තූතියි මල්ලි!!

      Delete
  22. මං නම් ඒකට මේලෝ දෙයක් පාඩම් කරේ නෑ.. පෙර පින් මහිමයකින් උඩින්ම ගොඩ ගියා..
    ඒ පින් මහිමය ගැන විෂ්වාස කරන් උසස් පෙළත් ඒ විදියට කරා.. ඒ පාර නම් පෙර කරුමයක් පල දුන්න :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.. උසස් පෙළට පින් නෙවෙයි පල දෙන්නෙ පවු ලු!!! ;)

      Delete
  23. මම ලිව්වෙ 2005දි. සාපෙ කිව්වට මම නම් ඒ කාලෙ ගනන් ගත්තෙවත් නෑ. කොරපු පාඩමකුත් නෑ. හැබැයි ගොඩ. ඒ විදියටම ගනන් ගන්නැතුව ඉඳලා උපෙ තමා කෙල උනේ. ඒ හින්දා දෙවෙනි පාර ගොඩ දාගත්තා.

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් මෙයත් අයියෙක්!!!! :)

      සාපෙ එහෙමනෙ... සාපෙ කරපු විදියට උපෙ කරන්න ගිහින් තමා කට්ටිය වරද්දගන්නෙ... ඒත් කොහොමහරි ගොඩ දාගෙනනෙ.. එහෙනම් එච්චරයිනෙ..

      Delete
  24. ඔන්න මල්ලියට මමත් ජය පතනවා අක්කේ.. :)

    සා/පෙ කාලෙ අපිත් කරේ පිස්සු නටපු එකම තමා. ඒත් අපේ කල්ලියේ අයත් විභාගෙ ඉහලින්ම ගොඩදාගත්තා. :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගෝ....

      පිස්සු නටන කවුරුත් සාපෙ ගොඩ දාගන්න්වා...

      Delete
  25. හිතුවක්කාරිගේ මලයන්ඩිටත්, සාපෙ ලියන අනික් දූ දරුවන්ටත් ජයම පතමි.
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි Dude!!!

      Delete
  26. සාපෙ ලියන උන්ට මේ වසරේදීත් දෙපාර්තමෙන්තුවෙ අඩු පාඩු නම් සාපෙන් මිදිලා ලස්සනට ටිංකිරි ටික වගේ ප්‍ර‍තිඵල ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ආආ... ස්තූතියි සුභ පැතුමට !!!

      Delete
  27. මං ලබන පාර සිස්සත්තේ ගන්නවා...

    ReplyDelete
    Replies
    1. අන්නාහ්හ්හ්හ්.. ඒ ගමන සිස්සත්තෙ ගන්න පොඩි එකෙක්ගෙ චරිතෙ නිරූපනය කොරන්නද යන්නෙ?? ;0

      Delete
  28. හිතුවක්කාරිගෙ මල්ලි ඇතුලු සාපෙල ලියල නංගිලා මල්ලිලා හැමෝටම මගෙත් සුභපැතුම්!

    ReplyDelete
  29. හයියෝ... උ.පෙ ත් එක්ක බලද්දි සා.පෙ මොන පාපයක්ද?

    ReplyDelete
  30. මල්ලිට අපිත් සුභ පැතුවා කියන්න ..අපේ මල්ලියෙක් සා /පෙ ලියද්දි සමන් දේවාලේ එක්ක ගීයා එයාගේ අම්මා ,මේ කොල්ලා දේවාලේ භුමිය ඇතුලෙදි කියලා 'මේවට ඇවිල්ල පුජා තිබ්බට වැඩක් නෑ නේ අපි පාඩම් කරන්නැතුව 'කියලා .කතාව නම් ඇත්ත .ඒ උනත් එයා කටවරද්ද ගත්තු එකට exam තියන පලවෙනි දවසෙම කට්ටේට උණ හැදුනා .පස්සේ භාර අලුත් කරලා සමාව ගත්තම තමයි බෙහෙත් ඇහුවෙත් .ඉතිං ඒවගෙනුත් පිහිටක් තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!!

      අහ්හ්හ එහෙම තැනකට ගිහින් කටවරද්දගත්තොත්නම් ඉවරයි!!! ඒවායෙ ගුණයක් තියෙනවා.. ආශිර්වාද ගනන් ඕනෙ, සෙත් පතන්න ඕනෙ.. ඒත් ඒවාට විභාගෙ භාරදීලා බෑ... :)

      Delete
  31. පරක්කු වෙලා හරි මමත් සුභ පතනවා.. හැමෝටම ඉහලින්ම පාස් වෙන්න කියල...

    මම එහෙම විභාගයක් කල වගේ මතකයි බයිසිකලේ කරේ තියාගෙන සංගීතයක් බලන්න ගියෙත් විභාගේ අස්සේ නේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.... මෙන්න වැඩකාරයෝ!! විභාග අස්සෙත් සංගීත!!

      ස්තූතියි අයියා!!

      Delete
  32. ඔන්න මගෙත් සුභපැතුම්

    ReplyDelete
  33. සා/පෙ නම් ගේමක් නෑ එච්චර.. මං ගොඩ දා ගත්තේ අන්තිම මාස තුනේදී. එතකන් ගානක් වත් තිබුනේ නෑ ඒ ගැන. මලයට සහ අනිත් අයට ත් සුබ පතනවා..!! ඕක ශිම්පල්... :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත!! අන්තිම මාස තුන පාඩම් කලත් සාපෙ ගොඩ යන්න පුලුවන් තමා.. ;) ඒත් උපෙ එහෙම බෑ...

      ස්තූතියි!!!

      Delete
  34. මේං අපිට සුබ පතලා..!
    විභාගේ ඉවර වෙලා නොවැ ආවෙ,
    හි හි තැංකිව්! තැංකිව්! හිතූ අක්කෙ.

    ReplyDelete
    Replies
    1. අනේ... නංගා කොහොමෙයි ව්ඉභාගෙ?? හොදට කලා නේද චූටි කෙල්ල?

      Delete
  35. මාත් කොහොම හරි එක පාරින් දාගත්තා ඒත් ඉංගිරිසි ඇර..හේහ්..දෙවෙනි පාර ඉංගිරිසි විතරක් ඉල්ලුවා.පට්ටම විදිහට මහන්සිවෙලා වැඩ කරා.ඒ වතාවේ ඉංගිරිස් වලට A එකක්...

    ReplyDelete
    Replies
    1. ශාහ්හ්!! අහන්නත් සතුටුයි!! එහෙම ආත්ම ශක්තියෙන් මහන්සි වෙලා විභාග ගොඩ දාගත්තාමත් මාර හයියක් එනවා ඉස්සරහ ගැන..:) ජය වේවා!!

      Delete
  36. Apinam sape karala inne oyala apita suba pathala neda?hodai thanx ae.

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....