නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

28 December 2012

ආදර අතීතය..., නුඹට සුභ ගමන්!!!!!!


කාලය හරිම ඉක්මණට ගත වෙලා යනවා. 2012 ගෙවුනා දැනුනෙවත් නෑ.. 2013ත් අත ලඟටම ඇවිල්ලා.. කාලෙකින් නිකන් ලියන්නන් වාලෙ මුකුත් ලියාගන්න බැරි වුනා. :D අවුරුද්ද අන්තිමේදි නිකමට හිතුනා යමක් ලියලා තියන්න.

ගිය අවුරුද්දෙ හරියටම අද වගේ දවසක,මම දෙවර්ෂ පූර්ණ සිහි කිරීමයි කියලා සටහනක් තිබ්බා. ඒ සටහනයි, අද ලියන සටහනයි එක්ක සම්බන්ධයක් නැතුව නෙවෙයි. ඒත් එදා ඒ ලියපු සටහනයි, අද මම ලියන සටහනයි අතරේ ලොකු වෙනසකුත් තියෙනවා..ඊට අමතරව තවත් වෙනස්කම් තියෙනවා ඉතින්..,

එදාට වඩා අද මම අවුරුද්දක් වයසට ගිහින්.. :D ඒ විතරක් නෙවෙයි එදාට වඩා මම අද ටිකක් පැහිලා, අත්දැකීම් අතින් එදාට වඩා අද , මම පෝසත්. ඒත්........., එදා වගේම අදත්..., මම වෙනස් කරගත යුතුයි, සහ වෙනස් කරගන්න උත්සාහ කළ දේවල් කීපයක් මට කරන්න නොහැකි වෙලා තිබුණා.ඉතින්, මම හිතුවා ඒ දේවල් ආයෙමත් කරන්න උත්සාහ කළ යුතු හොඳම කාලෙ තමයි මේ කියලා. අද දවස ඒකට ආරම්භයක් කියලා හිතුවා.

සමහරවිට මම මෙච්චර වෙලා කියපු මෙලෝ දෙයක් , මේක කියවපු කාටවත් නොතේරුණා වෙන්න පුළුවන්. ඒත් මම ලියන්නෙ මගෙ සතුට වෙනුවෙන්...දුක වෙනුවෙන්.. හිතේ හිරකරගෙනම ඉන්න බැරි දේවල් වෙනුවෙන්... ඇත්තටම ,මම වෙනුවෙන්... ඒක ආත්මාර්ථයද මම දන්නෙ නෑ.. ඒත් , මම කිව්වෙ  කියන්න හිතුනු දේ.:)

ජීවිතේ සමහර කාලවලදි අපිට හිතෙන්න පුළුවන්, අපි එකතැනක නැවතිලා උන්නා වැඩියි කියලා. තවත් සමහරක්විට අපි එකතැනම පල් වුනා කියලා හිතෙන්න පුළුවන්. මේ මටනම් ඕක අනන්තවත් වාරයක් හිතිලා තියෙනවා. මේ බ්ලොග් එකේම ලිපි කීපයක්ම ඇති වෙනසක් ගැන හීන මවලා, එකම තැනක නැවතිලා කාලෙ කාපු විදියෙන් මිදෙන්න ඕනෙ කියලා හිතලා ලියපුවා. ඒත්....,

වචන හරිම ලේසියි. අකුරු අමුණලා කියන්න ඊටත් ලේසියි. ඒත් වචන ක්‍රියාවට පරිවර්තනය කරන්න ලේසි නැති වග හුඟක් අය දන්නවා ඇති.. හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියනවානෙ. අන්න ඒ කියමන අනුගමනය කරලාවත් මෙදා සැරේ මම හිතුවෙ , වෙනස් වෙන්න කියලා. :D හැබැයි මෙදා සැරේනම් විශ්වාසනීය වෙනසක් ඇති කරනවාම තමයි!!

ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා හිතෙන, එහෙම නැත්තම් නොලැබෙන බව දන්න, ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති දෙයක්/දේවල් වෙනුවෙන් මඟ බලන් ඉන්න එක මෝඩ කමක්ද? එහෙම කියලා හුඟක් අය කියනවා. නිකමට කල්පනා කලාම මටත් එහෙම හිතුණු වෙලාවල් තියෙනවා. මුළු ලෝකෙම ඉස්සරහට යද්දි, තමන් විතරක් ආපස්සට යන්න හදනකොට..., හරි දුෂ්කරයි!!!ඒක හරි අමාරුයි.. අපි එනකම් ලෝකෙම නැවතිලා ඉන්නෙ නෑනෙ. කාලෙ නැවතිලා ඉන්නෙත් නෑ.. ආපහු හැරිලා බලද්දි ," අනේ අපරාදෙ.." කියලා හිතෙන තරමට කාලකණ්නියෙක් වෙලා උන්නු තැන් තිබ්බා. "ගෙවිලා තියෙන්නෙ හොඳම ලස්සනම කාලෙ" කියලා හිතිච්ච වෙලාවල් තිබ්බා. ඒත්....,

සිතුවිලි වෙනස් වෙනවා. අදහස් අලුත් වෙනවා, එකතුවෙනවා, අඩුවෙනවා.. අවසානෙ අරමුණු/ඉලක්ක අමතක වෙනවා.....මටත් එහෙම වුනා.සමහර මායාවල් අපිව රවට්ටලා නොපෙනිලා යනකම් අපි දන්නෙ නෑ, අපි රැවටුණා කියලා.ඒත් හැමදේකටම ප්‍රමාණයක්, සීමාවක්, කාලයක් තියෙනවා.. මම හිතන්නෙ දැන් තමා හොඳම කාලෙ. දැන් සීමාව ඉක්මවලා ඉවරයි. ප්‍රමාණය ඕනෑවටත් වඩා. ඉවසල ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනෙ කිව්වට, හැම ඉවසීමක් අවසානෙම සැනසීමක් නැතිවෙන්න පුළුවන්.. සමහරවිට ඉවසන්න ඕනෙ සීමාව ඈත වැඩි වෙන්න පුළුවන්..ඒ නිසාම මම අදින් නවතින්න හිතුවා.

තවත් අරමුණු කල් දාලා පලක් නෑ.. තවත් අතීතෙ වෙනුවෙන් බලන් ඉඳලා ලැබෙන සැනසීමක් නෑ.. මැරුණු අතීතෙට පණ ගන්න ආයෙත් නම් බෑ...ඒ නිසා අතීතයට වැළලෙන්න ඉඩ දීලා, මම අනාගතේ වැළඳගන්න තීරණේ කලා. 

ඔව්... හැමදේම වෙන්නෙ හොදටයි!!!!!! ජය වේවා!! 

ආදරණීය අතීතය...,
මම නුඹට වෛර නොකරමි...
මින් මතු ප්‍රේම ද නොකරමි....
නුඹට රිසි සේ 
වැළලෙන්නට ඉඩ හරිමි.....
නුඹේ මළගම වෙනුවෙන් 
මා ඇති තරම් හැඬුවෙමි....
නමුත් කිසිවක් වෙනස් නොවුණි...
ඒ නිසා මම අනාගතය වෙත යමි...
අනාගතය ආදරෙන් වැළඳගමි.....
ආදර අතීතය...,
නුඹට සුභ ගමන්!!!!!!

Post Comment

61 comments:

  1. ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනය කරනවා.
    මායාවන්ට රැවටිම තුළ තමයි හිතුවක්කාරියේ අනාගත ජයග්‍රහණ රැදෙන්නේ. ඒකට ඕන කරන්නේ අධිෂ්ඨානයයි කැපවීමයි. ඔබට සුව දායී අනාගතයක් ඒකාන්තයි.

    ReplyDelete
  2. අළුත් ලොකේ පලවෙනි අවුරුද්ද සාදරයෙන් මෙව්වා කරමු

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අලුත් ලෝකෙ? :D

      Delete
  3. හිතන්න දේවල් ගොඩක් තියෙන පොස්ටුවක් ආපස්සට ..
    හ්ම්ම්ම්ම් ජීවිතය ..අපිට හිමි නැති අපේ ජීවිතය...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්...:)

      Delete
  4. අතීතය සිහිනයක් පමණයි හිතු..අනාගතය වැළඳගන්න...මැරුණු අතීතය වල දාලා අලුතෙන් හුස්මක් අරන් ජීවිතේ පටන් ගන්න. වාසනාවන්ත අනාගතයක්.....!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තට කරන්න උන දාකට තේරේවි මචන් උබට.
      බලමුකෝ එදාටත් ඔය හයිය තියේද කියල...

      Delete
    2. මං හිතන්නෑ කීයටවත් පැතූ.......මැරුණු අතීතයක් හොල්මං කරන්න පටංගත්තම මොන කට්ටඩියටවත් එලවන්න ලේසි නෑ.....

      Delete
    3. අතීතය වලදාන්න ලේසි නෑ තමා නංගෝ එත් උත්සාහ කලොත් කවදාවත්ම බැරි නෑ...... ජිවිතේ ඇතිතේ උන දේවල් ගැන හිත හිත අපි කරේ කොච්චර අපරාදයක්ද කියලා හිතෙන දවසක් අනිවාරෙයෙන් කවදා හරි එනවා. ඉදිරියට තියපු පය කොච්චර බාධක ආවත් ඉදිරියටම තියන්න. ආපහු හැරිලා බලන්න ඊට පස්සේ පස්සේ තමන් මෙහෙම ජීවිතෙන් ඉදිරියට ආව එක ගැන එදාට සතුටු වේවි..... ඔයාට හදවතින්ම සුභ පතනවා නංගෝ ජිවිතේ ඉස්සරහට යන්න. ජයෙන් ජය...!!! :)

      Delete
    4. අතීතයක් වල දාන්න ලේසි නෑ තමයි, ඒත් ඒක අමාරුයි කියල අතීතෙ කරපින්නගෙන දුක් විඳින්නෙ මෝඩයො නැත්නම් හිතේ ශක්තියක් නැති අය. සිද්ද වුන වැරැද්දක් තේරුම් ගන්න වැරැදුනො කොතනද කියල තේරුම් ගන්න යම් කාලයක් ගත්තට වරදක් නෑ ඒත් අපි ඉදිරියට යන්න ඕනෙ. මොකද අපේ ජීවිතෙන් ඉටු විය යුතු දේවල් ගොඩක් තියෙනව. මොනතරම් දුක් වුනත් අතීතය වෙනස් කරන්න බැහැනෙ.

      Delete
    5. පැතුම්- ම්ම්ම්ම්ම්ම්ම්.. ඒකට තමා මේ උත්සාහ කරන්නෙ. ලේසිනම් නෑ...

      Delete
    6. අග්නිධාරා- ඔව් නංගෝ... අමාරුම දෙයක් වුනත්, කරන්න වෙනවා... අමාරුවෙන් හරි..

      Delete
    7. ප්‍රදී අක්කි- අන්න ඒකයි අක්කි මමත් මේ අමාරුවෙන් හරි උත්සාහ කරන්නෙ., පසුතැවෙනවාට වඩා අතීතෙ වින්ද දුක් හයියක් කරගෙන ජීවිතේ දින්නා කියලා හිතන එක සතුටක්නෙ.. :)

      Delete
    8. ගිමන් නිවන්නා- ඇත්ත අයියෙ. අතීතය ගැන හිතුවා කියලා, අතීතය වෙනස් කරන්න බෑනෙ...

      Delete
  5. හ්ම්ම්.... ඔයා කියලා තියෙන දේවල් මගේ හිතට තදින්ම වැදුනා... හැමෝගෙම ජිවිත වල ඔය වගේ කතා තියෙනවා. මාත් හිතන්නේ ඔය විදියටම තමා. හැමදේම වෙන්නේ හොදට කියල හිතනවා ඇරෙන්න වෙන කුමක් කරන්නද........

    ReplyDelete
    Replies
    1. :) ඔව් සමනළි.., දෙන දෙයක් කාලා, වෙන දෙයක් බලන් ඉමු...:D

      Delete
  6. ගොඩක් සංවේදි විදිහට ලියල තියෙන හැඩයි. ගොඩක්ම හිතට දැනෙන්නේ ආදරෙත් පලවෙනි එක. මම හිතන්නේ නම් කාලයත් එක්කම ඒවා දියවෙලා හා අමතක වෙලා යනවා කියලයි. මොකද මම අත්දැකාමෙන් දන්නවා ඒ ගැන නොහිතා ඉන්න තරමට හා තමන් ගේ ජීවිතේ ටිකක් අවිවේකි කරගන්න තරමට ඒ දේවල් කල්පනා නොවෙන නිසා අමතක වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩියි. මොනව උනත් බැරිවුන හා පහුගිය දේවල් කරන්න ආයෙත් අලුත් දවසක් තියෙන බව සිතන්න. ඒ හෙට සවසෙදි නැවතත් උත්සාහ කරන්න බැරි වුනු තැන් පලුදු වූ තැන් පිලිසකර කරගන්න හා අලුත් විදිහට පටන් ගන්න. මමත් පහු ගිය අවුරැද්දෙදි හිතුවා මේ අවුරැද්දෙ ඉවර වෙන්න කලියෙන් ගේ හදන්න ෆවුන්ඩේෂන් එක හරි දාලනව කියලා. නමුත් ඒ අදහස සපුරා ගත්තේ මේ අවුරැද්දේ ඊයෙ පෙරේදා. පටන් ගත්ත විතරයි ඒක හදන්නත්. 2013 ඉවර වෙන්න ඉස්සරල ඒක හදල ඉවරකරනවා කියන අදිටනින් තමයි ඉන්නේ. බලමුකො. ඔයාටත් 2013 සුභම සුභ හා පැතුම් ඉටුවෙන වසරක් වේවා...

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. :) ඇත්ත, පිවිතුරුය පළමු පෙම, බිහිසුණුය බිඳුණු දින ලුනෙ. ;)ජීවිතේ අවිවේකි වෙන තරමට, අතීතය හිතින් හුඟාක් දුර යනවා.. ඒකත් පිළිගන්නවා...

      නියමයි, ඔන්න මමත් සුභ පතනවා ඔයාගෙ ජීවිතේට එහෙනම්.. ජයෙන් ජයම වේවා!!! සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  7. නියමයි...! අන්න එහෙම තමා ඉන්න ඕන
    ජය වේවා...
    සුභ අලුත් අවුරුද්දක් වේවා..!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. ජය වේවා!! අයියාටත් එසේම වේවා!!!

      Delete
  8. අතීතයේ කළ වැරදි වලට සමාව දිය හැකි හොඳම ක්‍රමය නම් අනාගතය යහපත් තැනින් ඇරඹීමයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. :) ඒකමයි මගෙත් උත්සාහය!!

      Delete
  9. අතීතය සතුටුදායක වුවත් අසතුටුදායක වුවත් එයින් අනාගතය යහපත් අයුරින් ගොඩනංවා ගැනීමට හැමවිටම උත්සුක විය යුතුයි..‍

    එළඹෙන 2013 වසරේ ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා !

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්ම... :)

      එසේම වේවා අයියේ!!

      Delete
  10. ඔව් හොඳ තේරීමක් අනාගතය වැළඳ ගන්න.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  11. කමෝන් හිතුවො... සුභ අළුත් අවුරුද්දක්!........

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අයියාටත් එසේම වේවා!!!

      Delete
  12. අතීතයක් වලදාන්න බැරි කමට මම තවත් ළත වෙනවා.

    සුභ අලුත් අවුරුද්දක් හිතු!

    ReplyDelete
    Replies
    1. උත්සාහ කලොත් බැරි වෙන එකක් නෑ... :)

      එසේම වේවා සිතූ

      Delete
  13. "අතීතය සිහිනයක් පමණයි
    සැබෑ සුවඳක් නෑ "

    ඕකනේ දිව්ල්ගනේ මහත්තයත් කියලා තිබ්බේ.
    නංගිගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා පතනවා. ඒ වගේම එළැබෙන 2013 වර්ශය සාර්තක වසරක් වේවා කියලත් සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියෙ... අතීතය සිහිනයක්ම පමණයි!!

      අයියාටත් එසේම වේවා!! සියලු කටයුතු සාර්ථක වේවා!!

      Delete
  14. //ආදර අතීතය..., නුඹට සුභ ගමන්!!!!!! //
    මේ වචන ටික අමුතු හැඟීමක් හිතට ගෙනාව...සෑහෙන වෙලාවක් ඒ වචන ටික දිහා මං බලාගෙන හිටිය. ඒ අදහස හරි ලස්සනයි හිතූ....
    කොහොම උනත් ලබන්නාවූ 2013 අවුරුද්ද ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටුවන වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... හුඟ කාලෙකින් chams.. :)

      හුඟාක් ස්තූතියි chams. ඔයාටත් එසේම වේවා!! හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!! ජය වේවා1!

      Delete
  15. අපි කාලයත් එක්ක ලැබෙන අත්දැකීම් එක්ක අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනි.දුක හිතේ තියාගෙන අතීතය ගැන දුක් වෙන එක අපි අපිට කර ගන්න පවක්.
    සුභ පැතුම් නංගියෝ..අදට වඩා හොද දවසක් හෙට නැති වෙන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කෙ. ඊටවඩා පවක් නැතුව ඇති...

      ස්තූතියි අක්කියො..

      Delete
  16. අතීතයට සුභ ගමන් කියලා පිටත් කරලා යැව්වත් ඒ මතක වලට සුදෙන්න ලේසි නැහැ..
    ආදරණිය මතක තුරුළු කරන් ලබන අවුරුද්දේ ලස්සන දේවල් අපිත් එක්ක බෙදාගන්න ලැබෙන්න කියලා ආදරයෙන් සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඒත් අමාරුවෙන් හරි මතක වලට මැකෙන්න දෙන්න වෙනවා අක්කි.. :(

      අක්කියාටත් සුභම සුභ අලුත් අවුරුද්දක්!!!

      Delete
  17. හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්... මොකද මේ වෙන්න යන්නේ....
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන බලාපොරොත්තු සඑල වන නව වසරට සුභපැතුම්.....!!

    ReplyDelete
    Replies
    1. අනේ මංදා හෆ්ෆා.. මොකක්ද වෙන්න යනවා.. :)

      අයියාටත් එසේම වේවා!!

      Delete
  18. සු වදන - අවුරුදක් ගෙවිලා ගිහිලා අලුත් අවුරුද්දක කඩයිමක ඉන්න මොහෙතෙ මට මෙ ටික අකුරු කරන්න හිතුනා
    අලුත් විදිහට හිතන්න අලුත් බලාපොරොත්තු ජිවිතයට එකතු කර ගන්න හිතට සිය දහස් ගුනයකින් ශක්තිය අරන්
    නැගිටින්න වැරදිම් නිවරදි කරන්න ලැබෙන හොදම අවස්තවක් තමයි මේ මෙ අවුරුද්ද පුරාවටම මාත් එක්ක හිටපු ඔයාලා
    හැමොටම ගොඩක් සිතුතියි.. සුබ නව වසරක් වේවා.......

    ReplyDelete
    Replies
    1. :) ලස්සන පසුවදන!!

      ඔයාටත් එසේම වේවා!!

      Delete
  19. අතීතයෙන් වර්තමාණයටත් එයින් අනාගතයටත් පාඩම් එමටයි.. ඒ ලැබූ පන්නරයෙන් තැබූ බලාපොරොත්තු අළුත් බලාපොරොත්තු සුබ පැතුම් ඉටුවෙන.. සුබම සුබ නව වසරකට සුභපැතුම් හිතූ නංගියෝ..!!!

    ReplyDelete
    Replies
    1. අක්කියාටත් එසේම වේවා අක්කියෝ... :* අතීතෙන් පාඩම් ඉගනගෙන අනාගතේ හදාගන්න තමයි මේ උත්සාහය.,

      Delete
  20. ලෙවෙන හැම මොහොතකම කෙනෙකු ප්‍රඥාව කරා ලඟා වෙනවා. අවුරුදු කිපයක් තිස්සේ බ්ලොග් අවකාශයේ රැඳුන විට එයින් පන්නරය ලබා ලැබූ ජීවන අත්දැකීම් එක්ක ඔබ අලුත් කෙනෙකු බවට පත්කරාවි.ඔබ තුලින් අලුත් මිනිසකු බිහි කරාවි. ඒක තමයි ඉසව්වක ඇති ජයග්‍රහණය. ඊට මමද සුබ පතමි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත!!! අත්දැකීම් මිනිස්සුන්ට පන්නරයක්!!! ඔබතුමාට හුඟාක් ස්තූතියි!!

      Delete
  21. කවදාවත් කාටවත් කරන්න ලේසියෙන් හිතෙන්නෙ නැති...හිතුවට කවුරුවත් කරන්නෙත් නැති ගොඩාක් ලොකු දුෂ්කර දෙයක් කරන්න යන ඔයාට මගෙ හදවතින්ම සුභ පතනව අක්කියෝ....

    ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා....!!

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි මගෙ නංගො.. මමත් ඉවසලා ඉවසල බැරිම තැන මේ ලොකුම ලොකු දේට පියවර තිබ්බා.. :)

      නංගාටත් එසේම වේවා!!

      Delete
  22. නියමයි නංගියා... ඇත්ත... අතීතේ ගැන කොච්චර හිතුවත් වැඩක් නෑ. අමාරුම වුනත් ඒ දේ කරන්න වෙනවා. ඒ නිසා මගේ නංගට සුභ පැතුම්... :*

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගෙ අක්කියෝ!!! :* :*

      Delete
  23. අවසාන පද ටිකට මම හරි ආසයි හිතූ....ගොඩක් ලස්සනයි....

    නුඹේ මළගම වෙනුවෙන්
    මා ඇති තරම් හැඬුවෙමි....
    නමුත් කිසිවක් වෙනස් නොවුණි...
    ඒ නිසා මම අනාගතය වෙත යමි...
    අනාගතය ආදරෙන් වැළඳගමි.....

    කියන්න වචන නෑ මේ ගැන.......නියමයි....අතීතයට සමු දීලා අනාගතය වැලදගන්න ආදරෙන්...

    ජයම වේවා....සුභම සුභ නව වසරක්ම වේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී!!!! :D

      ඔයාටත් මේ අවුරුද්ද සුභම සුභ අවුරුද්දක් වේවා!!

      Delete
  24. මේකට මොකක් කියන්නද ඈ....දාන්න විසි දෙකයි හතලිස් පහක්ම...ඔහොම්මම යමු....

    ReplyDelete
    Replies
    1. :D හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්... ජය වේවා!!

      Delete
  25. හ්ම්ම්ම්ම් අතීතය මත්තේ මැරෙන්නේ නැතිව අනාගතය සැලසුම් කරගන්න එක නුවනට හුරු වැඩක්. ලැබුවාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියල මම පතනවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. එසේම වේවා කෝරලේ අයියේ!!! :)

      Delete
  26. ඔය දීලා තියෙන්නෙ අතීතයට නියම රිටර්න් එකක්!
    ඔන්න ඕවා අල්ලලා දාමු දැන්වත්, හිතුවක්කාරි.
    ප්‍රීතිමත් නව වසරක් පතමු ඒ වෙනුවට.

    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. :D ඔව් හොද රිටර්න් එකක් දුන්නා..

      හුඟාක් ස්තූතියි!! ඔබටත් සුභම සුභ නව වසරක්!!

      Delete
  27. සුබ අලුත් අවුරුද්දක් හිතු!!

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....