නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 February 2012

~පෙරවදනක් නැති කතාවකට පසුවදනක්~

කොහොම පටන්ගන්නද මංදා,මම මේ මෙච්චර අමාරුවෙන් ලිපියක් ලියන්න පටන්ගත්තාමයි..:D හ්ම්ම්ම්...... මුලින්ම ටිකක් තටු සිඳුනු සමනළී කතාව ගැන කියන්නම්.පෝස්ට් එක ටිකක් දිග වුනොත් ගණන් ගන්නෙපා.අද විතරයි!!!


ඇත්තටම මම මේ තටු සිඳුණු සමනළී කතාව ලියන්න පටන්ගත්තෙ ගිය අවුරුද්දෙ ජුලි මාසෙ විතර.ඒකත් මම මුල්ම කොටස දැම්මෙ බ්ලොග් එකේ නෙවෙයි, මූණූ පොතේ.කවුරුත් දන්න මූණූ පොතේ හිතුවක්කාර කෙල්ල විදියට මම මේ කතාවෙ මුල්ම කොටස නිකමට වගේ ලියලා, දන්න කියන අඳුරන කීපදෙනෙක්ට ටැග් කලා.(දන්න කියන අඳුරන කිව්වෙ හිතුවක්කාර කෙල්ලගෙ පිස්සු විකාර කියවන අය).ඉතිං මම බලාපොරොත්තු වුනාට වඩා ප්‍රතිචාර ලැබුණා.ඒ නිසාම මුකුත්ම වැඩිදුර නොහිතා මම මේක බ්ලොග් එකෙත් දැම්මා.කිසිම දවසක දෙබස් ගොඩක් දාලා,උපමා විශේෂණ පද,අලංකාර එහෙම එක්ක ලස්සනට විස්තර කරලා කතා ලියලා නැති මට, මෙහෙම කතාවක් ලියන්න පුළුවන්වෙයි කියලා නම් හිතුනේ නෑ.. කතාවෙ මුල සහ අවසානය විතරක් හරියටම දැනගෙන, කොටසින් කොටස ලියාගෙන යන්න තමයි මුලින්ම හිතුවෙ.


මුල්ම කොටස බ්ලොග් එකේ දැම්මාම කතාව ලියන විදියෙ අඩුපාඩු මට හුඟාක් ලෙංගතු විදියට පෙන්වලා දිපු පිරිසක් හිටියා.කතාවෙ මුල කොටසෙ ඉඳන් අන්තිම වෙනකන්ම ,හැම කොටසක්ම කියවමින් මාත් එක්ක හිටිය සහ ඒ ගැන හුඟක් දේවල් අඩුවැඩි වශයෙන් මාත් එක්ක කතා කරපු ,මාව ධෛර්යමත් කරපු විශේෂ අය ගොඩ දෙනෙක් හිටියා.(නම් වශයෙන් ලියන්න ගිහින් එක නමක් හරි අමතක වුනොත් අමනාප වෙන නිසා නම් ලිව්වෙ නෑ). ඒ වගේම කතාව කියවන අයට ලස්සනට   දැනෙන්න,තේරෙන්න,කියවන්න ලේසිවෙන්න ලියන්නෙ කොහොමද කියන එක ගැන පළවෙනි කොටසෙදිම, මට උපදෙස් දුන්නු,මඟ පෙන්නපු,අවවාද දුන්නු හැමෝටම ආයෙමත් වතාවක් ස්තූතියි!!!


මෙහෙම කොටස් කීපයක් ලියාගෙන යද්දි ,ඒ පිරිසට තව තව හුගාක් දෙනෙක් එකතු වුනා.මම කවදාවත්ම නොහිතපු විදියට ,බලාපොරොත්තු නොවුනු විදියට ප්‍රතිචාර ලැබුණා.මූණූ පොතෙන් කතාව ගැන අහලා,කියලා අදහස් යෝජනා වගේම චෝදනා මැසේජ් ආවා.:D චැට් කරන හුඟාක් දෙනෙක් කතාව ගැන විස්තර ඇහුවා.ඊමේල් වලින් කතාවෙ කොටස් එවන්න කිව්වා.අලුත් කොටසක් දැම්මාම ලින්ක් එක මැසේජ් කරන්න කිව්වා.ඔය වගේ මේ කතාවට හුඟාක් ප්‍රතිචාර හම්බුනා.අවංකවම කිව්වොත් මට හිතාගන්න බැරිවුනා මෙහෙම පිස්සු කතාවක් කියවන්න ,ඒ ගැන හොයන්න මෙච්ච්ර කට්ටිය පෙළඹෙන්නෙ ඇයි කියලා.ඒ වගේම කතාව අවසාන කොටසෙ කමෙන්ට්ස් වලින් තමයි දැනගත්තෙ ,කමෙන්ට්ස් නොදැම්මාට දිගින් දිගට අවසානය වෙනකම් කතාව කියවපු කට්ටියකුත් ඉදලා තියෙනවා.ඒ වගේම මගේ බ්ලොග් එකේ මම දැනට  ලියපු ලිපි 82න් වැඩිම හිට්ස් ලැබිලා තියෙන්නෙ මේ කතාව ලියපු ලිපි වලටයි.ඒකත් හරිම පුදුමයි.ඉතින් ඒ හැම කෙනෙක්ටම ,මට දක්වපු සහයෝගයට මම හුඟාක්ම ස්තූතිවන්ත වෙනවා.


මේ තටු සිඳුනු සමනළී කතාව නිසාම මාත් එක්ක හිතවත් වුනු, කොටින්ම කිව්වොත් හොදටම ෆිට් වුනු යාළුවොත් ඉන්නවා.අලුතෙන් යාළුවො ගොඩක් දෙනෙක් මේ කතාව නිසා මට අඳුරගන්න ලැබුණා.ඒ ගැන මට හුඟාක් සතුටුයි.මොකද කිසිම දවසක ඇත්තට මුණ ගැහිලා නැති, කතා බහ කරලා නැති පිරිසක්,මනඃකල්පිත චරිත දෙකක් නිසා අදූරගන්න ලැබීම ඇත්තටම හරි පුදුමයක්.ඒ නිසා මම හිතනවා මම මේ කතාව ලිව්වෙ මගේ වාසනාවට කියලා.


ඔය අතරේ මාව පෞද්ගලිකව දන්න කීපදෙනෙකුත් මේ කතාව කියවලා තිබ්බා.ඒ අතරින් සමහරු අදටත් මම ලියපු සමහර කොටස් වලට මට හිනා වෙනවා.දිගින් දිගටම හිනා වෙනවා.ඒත් ඇත්තටම ඒක මට ප්‍රශ්නයක් නෑ..ඒ අය ගැන තරහකුත් නෑ.තවත් අය සමහරවිට මගේ මූණට ,මේ කතව ගැන හොද කිව්වට, එයාලගෙ හිතින් මට හිනා වෙනවා වෙන්න පුළුවන්.ඒ වගේම "මේකිට පිස්සු" කියලා හිතනවා වෙන්න පුළුවන්. මොකද සමහරු කතා කරන විදිවලින් මට එහෙමත් හිතිලා තියෙනවා.(දැන් කියන්න නම් එපා මේකිට පිස්සුම තමා කියලා).ඒත් මම ලිව්වෙ ,මට ආදරේ දැනිලා තිබුණු විදිය, මම දන්න විදියට.ඒක කෙනෙක්ට හොද වෙන්නත් තව කෙනෙක්ට හොද නැති වෙන්නත් පුළුවන්.ලෝකෙ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියන්නෙ නිකන්ද? :p 


ඊලඟට මම මෙහෙම කතාව ලියාගෙන යද්දි ආව ලොකුම ප්‍රශ්නෙ තමා ,එක දිගට කොටස් පළකරන්න බැරිවීම. ඒ නිසා සමහර අයට මගේ කතාව මග ඇරුනා. සමහරුන්ට එපා වෙන්නත් ඇති.සමහර අය ඊළඟ කොටස දාන්නෙ කවදද කියලා අහනකම් මට ඒක ලියාගන්න බැරිවුනා. (මොකද මට බ්ලොග් එකට අමතරව ඉගනගන්න වැඩත් තියෙනවනෙ.සමහර වෙලාවට බිසී ;) :p ) කොහොමහරි කතාව මෙච්චර කල් ඇදිලා ගියේ, ඒ කොටස් පළ කරන්න මගේ සිදුවුනු ප්‍රමාදය නිසා තමයි.කියවන අයව පොඩ්ඩක් අවුස්සන්න කුතුහලය ඉතුරු කරලා කතාවෙ කොටස් නවත්තන්න එහෙම පොඩ්ඩක් උත්සාහ කලා.සමහර අවස්ථා සාර්ථක වුනා.ඒ වගේම සමහර කොටස් අසාර්ථක වුනා.(මම හිතන හැටි)


අනිත් කාරණෙ තමයි මම මේ කතාව කොහොමටවත් හිතාමතා මෙගා එකක් කරේ නම් නෑ.. මේක මෙගා එකක් වුනා කියලා හිතෙනවා නම්  කාටහරි  ඒක එහෙම වෙන්න ඇත්තෙ ඉබේමයි. එක කොටසකට මම ලියන ප්‍රමානෙ අඩු නිසාම සමහරවිට කොටස් ගණන වැඩිවෙන්න ඇති.එහෙම නැතිව මම මේ කතාව ජනප්‍රිය වුනා කියලා දිගින් දිගට ඇදගෙන ගියේ නැහැ.හිතාගෙන හිටිය ප්‍රමාණෙටත් වඩා දෙබස්,සිදුවීම් අඩුකරලයි අන්තිම වෙද්දි ලිව්වෙ.මොකද මටත් මේ කතාව ලියලා ඉවර කරලා දානකම් හිතට මහ බරක් වෙලා තිබුණේ.(ඒකට හේතුව පස්සෙ කියන්නම් ;) )


ඔහොම ලියාගෙන ලියාගෙන යද්දි හුගාක් දෙනෙක් කිව්ව තව දෙයක් තමයි , මේ කතාව එයාලගෙ ජීවිත කතා,ආදර කතාවලට හුඟාක්ම සමීපයි කියලා. ඒක වෙන්න පුළුවන්. මොකද මේ කතාවෙන් කියැවෙන්නෙ, අපි කාටත් පොදු ආදරේ ගැන සහ විරහව ගැන.ඒ වගේම මේ කතාවෙ පසුබිම හුඟක් දෙනෙක්ට හුරුපුරුදු ඇති.අනිත් දේ තමා කොළඹ ඉන්න කෙනෙක් නම් නුගේගොඩ නගරේ ඕනෙතරම් ඇවිදලා ඇති.ඉස්කෝලෙ කාලෙ ස්කූල් බස් එකේ ගිහින් තියෙනවනම්,නුගේගොඩ ටියුෂන් පංති ගියානම් මේ ලියපු දේවල් අමුතු වෙන්න බෑ..නුගේගොඩ රොටරිය කියන්නෙ කාටත් පොදු ,ජනහිතවාදී තැනක්නෙ :p  ;) වැස්සකට හරි රොටරියට ගිය කෙනෙක් ඉන්නවනම් මේ කතාවෙ රොටරිය ගැන ලියපු දේවල් අනිවාර්‍යෙන්ම හොඳට දැනෙනවා ඇති.අනික හැම කෙනෙක්ටම ඉස්කෝලෙ ගිය කාලෙ ඒකපාර්ෂ්වික ආදරයක් හරි තිබිලා ඇති. එතකොට යාළුවො එක්ක ඒ ගැන කතා කරද්දි,  එකට ඉස්කෝලෙ,පංති යද්දි කොහොමද කියලා දැනිලා ඇති.ඉතිං කාටත් පොදු වෙච්ච මාතෘකාවක් ගැන ලියැවිච්ච කතාවක් විදියට මේක හැමෝටම හදවතට දැනෙන්න ලියන්න මම උත්සාහ කලා.එතනදි මම සාර්ථකද ,අසාර්ථකද කියන්න 100%ක්ම හරියට් මම දන්නෙ නෑ.ඒක දන්නෙ කියවපු ඔයාලා.ඒත් මම හිතනවා මම මේක කියවපු දෙතුන්දෙනෙක්ව හරි එයාලගෙ අතීතයට අරන් ගියා කියලා.ඉතිං ඒක මට සතුටක්.


ඒ කතා පැත්තකින් තියමුකෝ.ඔන්න ඊලඟට තිබුණු ලොකුම ප්‍රශ්නෙ වුනේ කට්ටියට, තටු සිඳුනු සමනළී කියන්නෙ ඇත්ත කතාවක්ද කියන එක.ඊටත් වඩා තටු සිඳුනු සමනළි කියන්නෙ "හිතුවක්කාරිගේ" කතාවද කියන එක තමා ලොකුම ප්‍රශ්නෙ වුනේ.සමහරු මාත් එක්ක ඔට්ටු ඇල්ලුවා "මේ ඔයාගෙ කතාවම තමා හිතූ" කියලා. සමහරු කමෙන්ට්ස් දැම්මෙ,කතා කලේ මේ කතාව හිතූගෙ කතාව කියලාමයි.හික්ස්ස්..:D :D තවත් සමහරු මධූ= හිතූ කියලම ප්‍රසිද්ධියේ කිව්වා.;) චැට් කරන්න ගියත්, මූණූ පොතේ මැසේජ් එකක් බැලුවත් ,කතාව ගැන අහලා තිබ්බානම් කවුරුත් අහලා තිබුණු පොදු ප්‍රශ්නයක් වුනේ "මේක ඇත්තම කතාවක් නේද?" කියන එකයි.


ඔන්න වැදගත්ම ටික පටන්ගන්නෙ දැන් මං හිතන්නෙ..හික්ස්ස්.. මගේ හිත නිකන් ගැහෙනවා වගේ..(ඩිග් ඩිග් ඩිග් ඩිග්!!!) ඇහුණද සද්දේ?? ;)




ම්ම්..මුල්ම ප්‍රශ්නෙ,කාගෙත් හිත අතුළෙ දැවෙන ප්‍රශ්නයක් වෙච්ච ඒ ප්‍රශ්නෙ මොකක්ද?


►මේ කතාව ඇත්තම කතාවක්ද?


උත්තරේ නම්, ඔව්!!! මේක  ඇත්ත කතාවක්.


ඊලඟ දැවෙන ප්‍රශ්නෙ.


►ඇත්තටම මේක හිතුවක්කාරිගේ කතාවද?? :O


 ම්ම්... මොකක්ද මම දෙන්න ඕනෙ උත්තරේ?? ඔව්ද? නැද්ද? ;)


ඔව්!!! මේක හිතුවක්කාරිගේ ආදර කතාවෙ සාරංශයක් තමයි.:D


[නම් ගම් සහ සමහර සිදුවීමක් දෙකක් මනඃකල්පිතයි.සමහර චරිත වල පෞද්ගලිකත්වය වෙනුවෙන් එහෙම කලා.සමහරවිට මේ කතාව නිසාම හිතූ ව අදූරගත්ත අය ඉන්නත් ඉඩ තියෙනවා ;) :D ]


සංතෝසයි නේද?:D දැන් ඉතින් ඔය ඔට්ටු අල්ලපු අය,පේන කියපු අය මගේ ඔළුගෙඩිය කන්න එහෙම එනවා නෙවෙයි ඔන්න.:/ කතාව මෙච්චර කාලයක් කියවලා කියවලා කතාවට දුන්නෙ දුක හිතෙන අවසානයක් නිසා,කියවපු අයව සතුටු කරන්න කියලා හිතලා ඔන්න හිතූ පාපෝච්ඡාරණය කලා.


මීට අවුරුදු 5කට කලින් ,ඒ කියන්නෙ 2007දී ,හා හා කියලා පටන්ගත්තු මගේ කුළුඳුල් ආදරේ අවසාන වුනේ ඔහොමයි.අවුරුදු දෙකහමාරක ආදර අන්දරය 2010 දි  ඔන්න ඔහොම කඳුළු ගඟකින් ඉවර වෙන්න සාධාරණ හේතුවක් මම අදටත් හොයනවා.සමහර විට මගේ අවංක ආදරේ දසුන්ට වදයක් වෙන්න ඇති,මම වගේ වැඩිපුර සීරියස් හිතන කෙල්ලෙක් දසුන්ගෙ සෙල්ලක්කාර ජීවිතේට මදි වෙන්න ඇති. සම්බන්ධයක් නවතින්න එකපැත්තකින් විතරක් නෙවෙයි.දෙපැත්තෙන්ම වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. මොකද අපි හැම කෙනෙක්ම මිනිස්සු සහ, සර්වසම්පූර්ණ මිනිස්සු මේ ලෝකෙ නැති නිසා වැරදි අඩු පාඩු වෙන්න පුළුවන්. ඉතිං ඒ ජීවිතේ අපිට අපි ගලපගන්න අපිට බැරිවෙන්න ඇති. ඒ නිසා ආදරේ විතරක්ම ඔළුවෙ තියාගෙන මැරෙන්න හදපු මට වැරදෙන්න ඇති.


ඒ වගේම කෙනෙක්ට තමන්ගේ ජීවිතේ ගැන තීරණ ගන්න අයිතියක් තියෙන්න ඕනෙ. හැබැයි ඒ තව කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් නොවෙන්න කියන එකයි මගේ මතය.මගේ ආදරේ මට නැතිවෙලා දැනට අවුරුදු 2කටත් වැඩියි.ජීවිතේ ඒ හිස්තැන විතරක් පුරවගන්න මට ඕනෙ වුනේ නෑ.දැනටත් එහෙමයි.හිස්තැනක් වුනත් පිරවෙන්න ඕනෙ තේරුමක් ඇතිව කියලයි මම හිතන්නෙ.ඒ ආදරේ මට නැතිවුනා.මගේ පළවෙනි ආදරේ මට අහිමි වුනා.ඒත් මම තවමත් ජීවත් වෙනවා.කාලයක් යනකම් හදාගන්න බැරිව තිබුණූ මේ හිත,පෑරිලා තිබුණූ මේ හිත ,දැන් නම් හැදිලා.හොඳටම හැදිලා.:) මේ කතාව ලියද්දි මම වචනයක් වචනයක් ගානෙ මගේ අතීතෙට ගියා. සමහර දෙබස් ලියද්දි මගේ ඇස් වලට කඳුළු ආවා.ආයෙමත් මම අමතක කරපු අතීතෙ මතක් වුනා.සමහර වෙලාවට හිතුණා මේ කතාව ලියන එක හිතට වදයක් කියලා.ඒත් මම ලිව්වා.හිත රිදි රිදි හරි ලිව්වා.


දැන් කාට හරි කෙනෙක්ට හිතෙන්න පුළුවන්, ඔච්චර අමාරුවෙන් මොන මඟුලකටද ඕක ලියන්නෙ නොලියා නිකන් හිටියානම් ඉවරයිනෙ කියලා.:D ඒත් ඇත්තටම ,මේ මීට අවු.5ක් පරණ මගේ කතාව මගේ හිතේ ඇරුණාම කොහෙහරි ලියලා තියන්න තිබ්බානම් හොදයි කියලා මුලදි මට හිතුණා.බ්ලොග් එකකුත් පටන්ගත්තු එකේ,හුඟාක් දෙනෙක් කතා ලියන එකේ ,මගේ කතාවටත් සදහටම නැවතීමෙ තිත තියන්න මට තැනක් ඕනෙ වුණා.ඉතිං මම මගේ ආදර කතාව ලිව්වා.(කඳුළු කතාව)


ඔව්!! අද මේ ලියන පසුවදනින් මම සදහටම මේ කතාවට නැවතීමෙ තිත තියෙනවා. ආයෙත් කවමදාකවත් කොමාවක් තියන්නෙ නැති,තියන්න බැරි,කොමාවක් තියන්න හිතන්නෙවත් නැති මේ ආදර කතාවට මම අද තිත තියනවා.අදින් පස්සෙ මම මේ අතීතෙ ගැන ලියන්නෙ නෑ.විරහව ගැන ලිව්වත් , මගේ ඒ දුක හිතෙන අතීතෙ ගැන ලියන්නෙ නෑ.මේ කතාවෙ මධූගෙ හැම හැඟීමකම තිබුණේ මගේ හැඟීම්, ඒ හැම වචනෙකම ,අකුරක් අකුරක් ගානෙම ,මුළු කතාව පුරාම තිබ්බෙ මගේ ආදරේ. ඒත් හැබැයි මම  මේ කතාව ලිව්වෙ නම් අනුකම්පාව ලබාගන්න අරමුණින් නෙවෙයි. ජීවිතේම ආදරේ කරගෙන,අනිත් හැම අරමුණක්ම අමතක කරලා දාලා,අහිංසක අම්මා තාත්තාගෙ හීන මල් පර කරපු කෙල්ලෙක්ට ජීවිතේ වැරදුන එක තැනක් ගැන කියන්නයි ඕනෙ වුනේ.ආදරය කියන අකුරු හතරට යට වෙලා, ජීවිත දෙක තුනකම බලාපොරොත්තු සුන් කරපු කෙල්ලෙක්ගෙ බොළඳකම ගැන ලියන්නයි ඕනෙ වුණේ.


අද වෙනකොට මේ කතාවෙ කතා නායකයා දසුන්,එයාගෙ සල්ලිකාර තාත්තාට පිං සිද්ධ වෙන්න යුරෝපයේ සීතල රටක උසස් අධ්‍යාපනය හදාරනවා.ඒ වගේම හිතුවක්කාරිගෙන්(මගෙන්) උදුරගත්තු ඒ ජිවිතේ තවත් කෙනෙක්ට බාරදීලා සතුටින් ඉන්නවා.ඒ ගැන අහිතක් නෑ මට.ඒ වගේම කතා නායිකාවට පණ පොවපු හිතුවක්කාරි ,එයාගෙ දුප්පත් තාත්තාට පිං සිද්ධ වෙන්න ලංකාවෙ උසස් අධ්‍යාපනය හදාරනවා.


අතීතය දිහා හැරිලා බැලුවාම වෙනස් කරන්න පුළුවන් නම් ,මම වෙනස් කරන තැන් කීපයක්ම තියෙනවා.ඒත් අතීතය වෙනස් කරන්න බැරි නිසා මම අනාගතේ වෙනුවෙන් සතුටි න් ජීවත් වෙනවා. ජීවත්වෙන්න උත්සාහ කරනවා.මගේ සතුට වෙනුවෙන් මාත් එක්ක ,මගේ අම්මා ,තාත්තා, මගේ එකම මල්ලියා සහ  එදා ඉදන්ම හිටපු හොදම හොද යාළුවො ටිකක් මගේ ශක්තියට ,හයියට ඉන්නවා. ඒ වගේම කාලෙත් එක්ක එකතුවුනු තවත් යාළුවො හුඟාක් ඉන්නවා. ඒ වගේම ඔයාලාත් ඉන්නවා.ඔක්කොමටම වඩා මේ බ්ලොග් එක ඉන්නවා.:D ඉතිං මම හොදින්.මට මොන අඩුවක්ද.:D හැබැයි මොන දේ වුනත්,මම ඒ අතීතයට කවදාවත් වෛර කරන්නෙ නෑ..


අවසාන වශයෙන් මට කියන්න  තියෙන්නෙ මෙච්චරයි.


◄ජීවිතේ කිසිම දවසක, ආදරේ නිසා තමන්ගෙ අරමුණු අභිමථාර්ත වෙනස් කරන්න, අමතක කරන්න හොඳ නෑ.
◄ඒ වගේම කිසිම වෙලාවක තමන්ගෙ ආත්මය ,ආදරේ වෙනුවෙන් පාවා දෙන්න හොඳ නෑ..
ආදරේ කියන්නෙ ජීවිතේ එක කොටසක් විතරක් බව මතක තියා ගත්තොත් ඇඟට ගුණ වෙයි.
◄වැදගත්ම දේ කවදාවත් තමන්ගෙ ආදරේ නිසා, මේ ලෝකෙ කිසිම ආදරේකට සම කරන්න බැරි දෙමව්පියන්ගෙ ආදරේ නොසළකාහරින්න, බාල්දු කරන්න එපා.දෙමව්පියන්ගෙ හිත් වලට දුකක් දෙන්න එපා.
◄තව දෙයක් තමා, කිසිම දවසක තමන් අවංකව ආදරේ කළානම්, ඒ ගැන පසුතැවිලි වෙන්න එපා.දෛවය අපිට සමහර දේවල් අහිමි කරන්නෙ අපේම හොඳට කියලා විතරක් හිතන්න බලන්න.


මගේ ආදර කතාවෙන් මම ඉගනගත්ත දේවල් තමයි ඒ.මෙච්චර කාලයක් මාත් එක්ක හිටිය ඔයාලට හුඟාක් ස්තූතියි!!! ජීවිතේ කියන්නෙ හිමිවීම් අහිමිවීම් එක්ක යන දුෂ්කර ගමනක් බව මම තේරුම් අරන් ඉන්නෙ. ඒ නිසා දැන් දුකක් නෑ...මේ හිතුවක්කාරි හරි ඉක්මණට වැටෙනවා තමයි. ඒත් හුස්ම ටික තියෙනකම්, මම නැගිටින්න උත්සාහ කරන එක නතර කරන්නෙ නෑ.මම මේ ජීවිතේ ගෙවනවා.උපරිම හොදට.ඔව් .. මම හොදින්!!මම සතුටින්!!!මම සැපෙන්..!!


එහෙනම් නැවත වතාවක් හැම කෙනෙක්ටම ස්තූතියි!!! කලින් අහපු ප්‍රශ්න වලට උත්තර මේකෙ අන්තර්ගතයි කියලා විශ්වාස කරනවා..

අවසානෙදි මෙහෙම කතාවක් මතක් වුනා-


"සැබෑ පෙම්වතුන් කිසිදාක එක් නොවේ. එක් වු කිසිවෙකුත් සැබෑම පෙම්වතුන් ලෙස කිසිදාක ජිවත් නොවේ. වෙන් වී ගිය උන් සැබෑ පෙම්වතුන් ලෙසම සදාකල් ජිවත් වේ..."

                        ජය වේවා!!!!


ප.ලි- හුඟාක් යෝජනා,තර්ජන,ගර්ජන ආවා ආයෙත් කතාවක් ලියන්න කියලා.තවත් අය කිව්වා මේකෙ දෙවෙනි කොටසක් හරි අරන් ආයෙත් ලියන්න එන්න කියලා...හි හි... මොනා ලිව්වත් ආයෙත් දුක කතාවක්නම් ලියන්නෙ නෑ කියලයි හිතන් ඉන්නෙ.. බලමුකෝ......;) 

Post Comment

25 February 2012

තටු සිඳුනු සමනළී -අවසාන කොටස

ඔන්න මාස ගානකට කලින් ලියන්න පටන්ගත්ත මේ පිස්සු කතාවෙ අවසාන කොටස තමා අද ඔයාලා කියවන්නෙ. මේ මගේ අවසාන සහ පළවෙනි කතාව. මේ ගැන තව හුඟාක් දේවල් කියන්න තිබුණත් මම ඒ හැම දෙයක්ම කතාවට පසුවදනින් කියන්නම්....

මෙතෙක් කතාව නොදන්න අයයි, අමතක අයයි මුල කොටස් කැමතිනම් කියවලා එන්න...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18
තටු සිඳුනු සමනළී 20
තටු සිඳුනු සමනළී 21

අද අවසාන කොටස........
-------------------------------------------------------------------------------------------------------
ජීවීතේ කියන්නෙ මහා පුදුම දෙයක්. සමහර දේවල් මිනිස්සුන්ට ලැබෙන්නෙ හිතන්නෙවත් නැති මොහොතක, පුදුම වාසනාවන්ත විදියට මහ ගොඩාක් සැනසීමයි සතුටයි එක්කයි. ඒත් ඒ වගේම තමයි, ඒ ලැබුනු දේවල්ම, නොහිතනා මොහොතක මහා නපුරු විදියට, හුඟාක් අවාසනාවන්ත විදියට අහිමි වෙන්නෙත්.හිමිවීම් අහිමිවීම් එක්ක ගෙවෙන මේ ජීවිතේ ,දසුන් කියන්නෙ තවත් එක හිමීවීමක්, අහිමි වීමද කියලා මම කල්පනා කලා.

ජීවිතේ මේ අවුරුදු 19ටම මට නොලැබිලා ගිය දේවල් හරිම ටිකයි..ඒත් ඒ අතරට මම මහා ගොඩාක් ආදරේ, මගේ ජීවිතේට මට හුඟාක්ම වටිනවා කියලා සලකන දසුන්ගෙ ආදරේත් ළඟදිම එකතුවෙයිද මංදා..මම හිතින් ඔන තරම් දසුන්ව අමතක කරන්න උත්සාහ කලත් ඒක නිකන් ගගට කපන ඉණි වගේ වුනා.තනි වෙන හැම මොහොතකම,හිතට තනිකමක් දැනෙන හැම තත්පරයකම,කොටින්ම ගතවෙන හැම මොහොතකම මගේ හිත දිව්වෙ අතීතයට.

 ගත වෙලා ගිය මේ අවුරුදු දෙකහමාරට මම රෑ කියක් නොනිදා ඉන්න ඇත්ද? රෑ කීයක් මම අඬ අඬ ඉන්න ඇත්ද? දවස් කීයක්නම් කදූලූ ඇස් වල පුරවගෙන නුගේගොඩ පාරවල් දිගට  ඇවිදගෙන යන්න ඇත්ද?අවුරුදු  19ක් තිස්සෙ මාව රැකබලාගත්තු අම්මා තාත්තාගෙ ඇස් මඟ ඇරලා ,මම මොනතරම් බොරු කන්දක් කියලා ඇත්ද?? ඒ මොනා නිසාද?මොකක් හින්දද? මම මගේ හිතින් ඇහුව ක්ෂ්ණිකයෙන් මට හිත කිව්වෙ එක දෙයයි,ඒ ආදරේ නිසයි.මම දසුන්ට මහා ගොඩාක් ආදරේ කළා.

 රොටරිය ඇතුළේ මුණ ගැහුනු දාහක් ඇස් අස්සෙ, මගේම කියලා දැනුන ඒ ඇස් වලට ආදරේ කලේ, මගේ ඇස් පිය වෙන දවසක විතරක් ඒ ඇස් වලින් මිදෙන්න හිතාගෙනයි. ජීවිතේ පුංචි දුරක් ඇවිත් ඒ අත් අතාරින්න මම කවදාකවත් හිතුවෙ නෑ..හීනෙන්වත් එහෙම නොහිතපු මගේ අත් ගසා දාලා දසුන් දුරකට යන්න හදන්නෙ ඇයි කියලා මම උදේ හවා කල්පනා කළා. මොන තරම් කල්පනා කලත්, මගේ ප්‍රශ්න වලට උත්තර මා ළඟ තිබුණේ නෑ. මම දවසින් දවස අසරණ වුනා.

"මොකක්ද බං උඹට පිස්සුද?? ඔය මිනිහා විතරද මේ ලෝකෙටම කොල්ලෙක්ට ඉන්නෙ?අතෑරලා දාපං බං.නිකන් ඔහොම බාල්දු වෙන්න එපා."

"මොන විකාරයක්ද මධූ, ඌට යන රටකට තොරොංචි වෙලා යන්න දෙන්න, දාලා යන්න හදන එකෙක් එක්ක මොන කතාද බං?"

"මධූ උඹට දසුන් නැති වුනා කියලා මේ ලෝකෙම නැතිවෙන්නෙ නෑනෙ.පිස්සු නටන්න එපා අනික උඹට වෙන කොල්ලෙක් හොයාගන්න බැරිකමක් නෑනෙ..මොකට ඔච්ච්ර මැරෙන්න යනවද?"

"උඹ දුක් වෙන්නෙපා මධූ.. දසුන් උඹට සැර වැඩියි. උඹට හරියන්නෙ ඊට වඩා නිවිච්ච කොල්ලෙක් මධූ. උඹට ජීවිතේ ලස්සනට දකින්න පුළුවන් කෙල්ලෙ. දසුන්ට ජීවිතේ පේන්නෙ නෑ..එයා ඉන්නෙ හීනෙක. එයා හරියන්නෙ නෑ උඹට කෙල්ලෙ. අපි දසුන්ව අමතක කරලා හිමින් හිත හදාගමු."

"දසුන් කියන්නෙ පිස්සෙක්. උඹ නිකන් පිස්සෙක් නිසා උඹේ අම්මාවයි තාත්තාවයි පිස්සු වට්ටන්නෙපා මධූ...උඹට වෙන හොද කොල්ලෙක් හම්බෙයි.."

"ඔන්න ඔහෙ අමතක කරපන් කෙල්ලෙ.මතකනෙ උඹම අනිත් එවුන්ට කියන පණ්ඩිත කතා,ජීවිතේ හොඳම හොඳම අය හම්බෙන්නෙ පහු වෙලා කියලා ,ඉතින් උඹටත් හොදම කෙනෙක් හම්බෙයි"

හසී,දිලූ, තමාෂී,නිශා,හංසි,විභාෂිණී, ශමල්කා,කෞශි මේ හැමෝම කිව්වෙ එක එක කතා.දසුන්ව අමතක කරන්න, හොද කෙනෙක් හම්බෙයි. ඔය වගේ රටේ නැති කතා කියලා මගේ හිත හදන්න පුදුම උත්සාහයක් ගත්තෙ.

ඒත්, "උඹලා දවසකට හරි ආදරේ කරලා තියනවනම් කොහොමද එහෙම කියන්නෙ? අවංකව ආදරේ කරපු හිතක් එහෙම අමතක කරන්න පුළුවන්ද උඹලට? මට නම් බෑ.. ඔව් මට බෑ..බෑ මයි. මගේ ආදරේ වෙනුවෙන් අඬන්න මට ලැජ්ජ නෑ. ඒක බාල්දුවීමක් කියලා උඹලට පේන්නෙ උඹලා මම ගැන නොදන්න නිසා වෙන්නැති..එකට හිටියත් මගේ ආදරේ තේරුම්ගන්න උඹලාට බෑ..මම මේ තරම් දසුන් මත්තෙ නැහෙන්නෙ ඇයි කියලා උඹලා මගේ දිහා වපර ඇහින් බැලුවට මම තරහා නෑ...මට දසුන් නැතිවීම දරාගන්න බැරි එකම එක හේතුවක් නිසා විතරයි.ඒ මම දසුන්ට ආදරේ නිසයි..පපුව පලලා පෙන්නන්න මට පුළුවන් නම් ,උඹලට තේරෙයි. මේ හිත පුරාම ඉන්නෙ දසුන් විතරයි.මට වෙන කොල්ලො ඕනෙ නෑ.. මට ඕනෙ දසුන්ව විතරයි දෙයියනේ..ඔව් මට ඕනෙ මගේ ආදරේ විතරයි...මම බොළද කෙල්ලෙක් කියලා මට හංවඩු ගැහුවට කමක් නෑ..මගේ ආදරේ මට ආපහු ඉස්සර වගේම ලැබෙනවනම්, මම ආදරේ හිඟාකන්න හරි ලෑස්තියි..."

දාහක් දේවල් එක එක්කෙනා කියවගෙන කියවගෙන යද්දි මට කෑගහලා කියන්න හිතුනෙ එච්චරයි. යටිගිරියෙන් කෑගහලා මුළු ලෝකෙටම ඇහෙන්න මට කියන්න ඕනෙ වුනේ එච්චරයි. ඒත් මම මොන තරම් අසරණද කිව්වොත් මගේ හිත ඇතුලෙ තෙරපෙන කිසිම හැඟීමක් එළියට දාගන්න බැරි තරමට මම මනසින් දුර්වල වෙලයි උන්නෙ.
-----------------------------------------------------------------------------------------------------------
දවස් ගෙවුනෙ හුඟාක් ඉක්මණට. කාලෙට තටු ඇවිත් තිබුණේ මගේ තටු සිඳෙන්න යද්දියි. දසුන්ට මගේ හිතේ තෙරපෙන දේවල් කියල දාලා මේ හිත එක මොහොතකටවත් නිදහස් කරගන්න තිබ්බානම් කියලා හිතූනා. 

"ඒත්  මම කොහොමද දසුන්ව මූන ගැහෙන්නෙ? එයා යන එන තැනක් දන්නෙත් නෑ...හම්බවෙන්න ,අඩුම තරමෙ  එක සැරයක් ඒ මූණ බලාගන්න තිබ්බානම්"

හිත හිත ඉඳලා තේරුමක් නැති බව තේරුණූ තැන මම , ධනුෂ්කට කෝල් කරලා බලන්න හිතුවා.ධනුෂ්ක අපි එක්ක එකට පංති ආව ගිය දසුන්ගෙ ගෙවල් කිට්ටුව ඉන්න හොඳම යාලුවෙක්. මාත් එක්ක වුනත් හුඟාක් කිට්ටුවෙන් හරිම යාළුකමින් හිටපු කෙනෙක්.ධනුෂ්කට කෝල්  කලොත් උදව්වක් ගන්න පුළුවන්වෙයි කියලා හිතපු නිසාම මම ධනුෂ්කට කෝල් කලා.

"හෙලෝ ධනුෂ්ක !!මම මධූ.."

"ආ..මධූ කියන්න ඉතිං...කොහොමද??"

"කියන්න හොදක් නෑ ධනුෂ්ක..ඔයා දන්නවනෙ ඉතිං."

"අනේ මංදා මධූ.මටත් හිතාගන්න බෑ..මම සැරයක් දසුන් එක්ක ඔයාල ගැන කතා කරන්න ගිය වෙලාවෙ දසුන් කිව්වෙ එක දෙයයි.ප්ලීස් මචං ඔය ගැන කතා කරනන් එපා කියල.ඉතිං මමත් එදායින් පස්සෙ කතා කලේ නෑ ඔය ගැන. අනිත් එවුනුත් මම අහගෙන බනිනවා ඌට. අනේ මංදා.."

"අනේ මංදා තමා ධනුෂ්ක.මට පිස්සු හැදෙයි..."

"හරි මධූ.දැන් මොකක්ද කෙරෙන්න ඕනෙ මගෙන්.පුළුවන් දෙයක්නම් කරන්නම්. ඒත් දැන් පරක්කු වැඩියි නේද? මොකක්හරි  පණිවිඩයක්නම් කියන්නම් මම.."

"පණිවිඩයක්නම් තමා ධනුෂ්ක.මට දසුන් එක්ක කතා කරන්න ඕනෙ එකම එක සැරයක්වත්. එයාගෙ ෆෝන් වැඩ නෑ. වැඩ කලත් වැඩකුත් නෑ එයා මා එක්ක කතා කරන්නෙ නෑ..මට එයාව හම්බෙන්න, කොහොමහරි චාන්ස් එකක් හදලා දෙන්න.."

මම කියවගෙන කියවගෙන ගියා. ඒත් ධනුෂ්ක සද්දයක් නෑ...

"හෙලෝ ධනුෂ්ක, මොකෝ සද්ද නැත්තෙ?"

"මධූ... I'm very sorry මධූ.. ඒක කරන්න බැරිවෙයි.. දසුන් හෙට පාන්දර UK යනවා.පාන්දර 2යි ගානකට ෆ්ලයිට් එක තියෙන්නෙ.මං හිතුවෙ ඔයා ඒක දන්නවා ඇති කියලා."

"අනේ... මො..මො..මොනාද ධනුෂ්ක කියන්නෙ ඔයා.... විහිළු කරන්නෙපා.. මේ වෙලාවෙ."

"විහිළු නෙවෙයි මධූ.ඇත්ත.බොරුනම් ඔයා අහලා බලන්න අපේ එකෙක්ගෙන්. ඊයෙ මම දසුන්ගෙ ගෙදර ගියා. අපේ එවුන් ඔක්කොම ගියා. ඌ පාටියක් දුන්නානෙ රට යන එකට.මම හිතුවෙ ඔයා දන්නවා ඇති කියලා. ඔය ගැන අන්තිම වතවට එකෙක් ඇහුවාම ඌ කිව්වෙ ඒවා ඔක්කොම හරි මචං ශේප් කියලයි.."

මට ධනුෂ්ක කියපු වචන ඇහුනෙ හුඟාක් ඈතින්. මගේ කන් අඟුල් වැටිලා , කම්මුල්වල නහර දිගට උණු වේගෙන ආවා. කඳුළු බෝල නොනවත්වා එක පෙළට වැටෙද්දි මම ගොළුවෙලා බලන් උන්නා.එහෙම්ම ෆෝන් එක කට් කරපු මම කාමරේ දොර ලොක් කරලා බිම ඉඳගත්තා. 

"මම මොනාද කරන්නෙ දෙයියනේ..මේක ටිකක්වත් කලින් දැනගත්තානම්? අනේ දසුන් සදහටම මගෙන් ඈත්වෙන්න තව පැය කීයද? මේ මහ රෑ මම මොනා කරන්නද දෙයියනේ..."

කරකියාගන්න කිසිම දෙයක් නෑ..."මේ ජීවිතේ මට මෙහෙම දඬුවම් දෙන්නෙ ඇයි දෙයියනේ... මම මැරිලාවත් ගියානම්.. අනෙ මම මැරුණානම්....."

සීතල ටයිල් පොළොවෙ  මූන ඔබා ගත්තු මට , කදූළු ගලන රත්වෙච්ච මගේ කම්මුල් වලට දැනුනෙ සීතලක්.ඒත් එක මොහොතකින් ඒ සීතල නැති වෙලා ගියා. කඳුළු ගලලා ගලලා රත්වෙලා පදම් වුනු ලේ නහර වල රස්නෙ ,සමහරවිට මේ සීතල ටයිල් කැටවලටත් දරාගන්න බැරුව ඇති.ගිනි කන්දක් නිවලා දාන්න වතුර බාල්දියකට බෑ වගේ,මගේ පපුවෙ ඇවිළෙන ගින්න නිවන්නත් කාටවත් බැරිවෙයි.

ටයිල් පොළොව දිගට මහා කදූළු ගඟක් ගලාගෙන ගියා.මට මැරෙන්න බෑ..මම ජීවත් වෙන්න ඕනෙ. පුංචී හීරිමක්වත් වෙන්න නොදී පණ වගේ මාව පරිස්සම් කරපු මගේ සුදු අම්මා මම මැරුණොත් පැලෙයි. මගේ රත්තරං තාත්තාට ඒක දරාගන්න බැරිවෙයි.මම පොළොවෙ මූණ ඔබාගෙන ඇඬුවා. මම නළල ගහ ගහ ඇඬුවා. ආයෙත් වෙනස් කරන්න බැරි මගේ හිත අල්ලාලා මිරිකලා පොඩි කරලා විසික් කරලා දාන්න මට හිතුණා. මගෙම කොණ්ඩෙ හතර අතට ඇද ඇද මම ඇඬුවා.හිතේ තියෙන වේදනාව ඉවරයක් වෙලා යනකන්ම මම ඇඬුවා.බිම පෙරළි පෙරළි ඇඬුවා. අඬන එක හැර මට කරන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නෑ..
------------------------------------------------------------------------------------------------------------
පහුවදා ඉර පෑව්වෙ නැත්තම් මොන තරම් හොදද කියලා මට හිතූනා. අඬලා අඬලා ඇස් ඉදිමිලා රතු වෙලා තිබුණා. මූන පුරාම කඳුළු පාරවල් හැම තැනම. කණ්නාඩියෙන් මගේ මූණ දැක්කාම මටම බලන්න බැරි තරම් දුකක් තිබුණා. දසුන්.... මේ වෙනකොට දසුන් සදහටම මගෙන් ඈත් වෙලා ගිහින්.. ලංකාවෙනුත් ඈතට ගිහින්. ආයෙත් කවදාකවත් මට හම්බවෙන්න බැරිවෙයි.ඒත් ගවු ගානක් ඈතකට ගියත් මට ඒ සුවඳ අමතක කරන්න පුළුවන් වුනේ නෑ..

අම්මාගෙන් මූණ හංගගෙන නාන කාම්රේට ගියපු මම පැය ගාණක් නාගත්තා. නාගෙන ආවම මතක් වුණේ දසුන්ට කියවන්න මැසේජ් එකක් යවන්න පුළුවන් හොදම ක්‍රමේ,  ෆේස්බුක් කියලා. ඒත් කරුමක්කාර මට ගෙදර ඉන්ටර්නෙට් නෑ. හසීලාගෙ ගෙදරින් මැසේජ් යවන්න ගියොත් හසීගෙ බණ අහලා ආපහු එන්නයි වෙන්නෙ.අවසානෙදි හංදියේ නෙට් කැෆේ එක මතක් වුනේ වාසනාවකට වගේ. අඬලා හෙම්බත් වුණු මූණේ තෙහෙට්ටු පාට මකන්න පවුඩර් ඩිංගක් උලා ගත්තු මම , ඩෙනිමයි, ටීශර්ට් එකයි ඇදගෙන මවාගත්තු හිනාවක් අම්මාට දාගෙන අම්මා ලඟට ගියා.

"අම්මා මම හසීලාගෙ ගෙදරට දුවලා එන්නම්. මේ නෝට්ස් වගයක් ගන්න."

"අ.. හදිස්ස්යෙම? ඔයාගෙ මූණත් අමුතුයි."

"ආ.. නෑ අම්මා පාඩම් කරන්න නිදි මැරුවානෙ.ඒකයි.. .පොඩ්ඩක් හදිස්සියි..ඕනෙම නෝට් එකක්.."

"හා හා.ගිහින් ඉක්මණටම එන්නකෝ..පරිස්සමින්"

අම්මාට වැඳලා , අහුවෙච්ච රබර් සෙරප්පු කෑලි දෙකක් දාගෙන ගෙදරින් දිව්වෙ තිබුණූ හදිස්සියටයි.

වෙලාවට එදා උදේ 10ට විතර කැෆේ එකේ වැඩිය කට්ටිය හිටියෙ නෑ..හදිස්සියට පාස්වර්ඩ් එක ගහන්න ගිහින් දෙතුන්සැරයක්ම වරදිද්දි මගේ ඇඟ සීතල වුනා.

"දසුන් මගේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් මාරු කරලාවත්ද?"

අවසානෙදි කොහොමහරි හරියට පාස්වර්ඩ් එක ටයිප් කරලා ලොග් වුණා.

දසුන්ගෙ ප්‍රොෆයිල් එකට ගිය ගමන්ම දැකපු දෙයින් මගේ හුස්ම නැවතුණා.

       Dasun Saminda  In a Relationship with Manushi Athapattu
February 25, 2010


"මම මේ මොනාද දකින්නෙ දෙයියනේ.... මේ මම ආදරේ කරපු මගේ අහිංසකයා නේද? රොටරියෙ කොල ගුලි ගහපු ඒ අහිංසක ඇස් තියන කොල්ලා මට මෙහෙම නපුරු වුණේ කොහොමද?? මම මේ දකින්නෙ හීනයක් වෙන්නැති..ඔව් හීනයක්..මේක හීනයක්.. මේක වෙන්න බෑ.. මගේ දසුන් මට මෙහෙම කරන්නෙ නෑ... එයා එහෙම කරන්නෙ නෑ මට"

මම කඳුළු අස්සෙන් ඇස් පිහදාගෙන ආයෙත් ස්ක්‍රීන් එක දිහා බැලුවා. අදහාගන්න බැරිම තැන මම මාවම කොනිත්තගත්තා....

"මේක බොරුවක් නෙවෙයි මේක ඇත්තක්.. මම ආදරේ කරපු, මගේ ජීවිතේ මාව දාලා ගිහින් විතරක් නෙවෙයි..සදහටම මගෙන් ගත්තු ඒ ජීවිතේ වෙන කෙනෙක්ට   භාර දීලා..දෙයියනේ දසුන් මාව මැරුවනම් මීටවඩා හොද නැද්ද..... මෙහෙම දඬුවමක් මට දෙන්නෙ මම කරපු වරද මොකක්ද කියලා මේ අද වෙනකම් මම දන්නෙ නෑ...අඩුමගානෙ මට ඒකවත් කිව්වානම්..."

පාරට පැනලා වේගෙන් එන බස් තඩියකට පනින්නත් හිතූනා මට. 

"මහා ගොඩක් ආදරෙයි කියලා, මාව ඇස් දෙක වගේ බලාගන්නවා කියලා පොරොන්දු දීලා, කිසිම දවසක දුකක් දෙන්නෙ නෑ කියලා මේ ඔළුවෙ අත තියලා දිවුරපු ඔයා, පොරොන්දු රැක්කෙ මෙහෙමද දසුන්??? ආදරේ කියන්නෙ මෙහෙම ගින්දරකටද ?? ඒකද දසුන් මේ ඔප්පු කලේ මට? පණටත් වඩා ඔයාට ආදරේ කරපු මාව  අසරණ කරලා දාලා ගියේ , මම ඔයාව මගේ ආදරේ නෙවෙයි ජීවිතේ කරගත්තු නිසාද?එක දෙයක්නම් ඉර හඳ වගේ විශ්වාසයි මට. ලෝකෙ කොහේ ගියත් ඔයාට මම තරම් ආදරේ කෙනෙක් හම්බුවෙන්නෙ නෑ දසුන්.."


ස්ක්‍රීන් එක දිහා බලාගෙන අතරමං වෙලා උන්නු මට මේ වේදනාව දරාගන්න බැරි වුණා. තවත් මැසේජ් යවන්නවත්, දසුන්ට කතා කරන්නවත්, අකුරක් ටයිප් කරන්නවත් මගේ අත් වලට පණ තිබුණේ නෑ.පණ පිටින් මළමිනියක් වුනු මට තවත් හිතන්න බලන්න දකින්න දෙයක් ඉතුරු වෙලා තිබුනේ නෑ.අවසානෙදි මට ,ආදරේ ජීවිතේම කරගත්තු වරදට සදහටම දඬුවමක් ලැබුණා.



පාට පාට හැඩතල තවරලා,
ඔයා මවලා දුන්නු ලස්සනම ලස්සන
ඒ සමනළ තටු එක්ක
මම ඉගිල්ලුනේ හරිම පරිස්සමට.......
ඔයාගෙයි මගෙයි ඒ පුංචි ලෝකෙ
ඔයාගෙ ඇස් මානෙම, 
ඔයා ඇඳපු ඒ සීමාවෙ විතරක්ම
ඉගිල්ලුනා මම හරි සැහැල්ලුවට.........
කාගෙ ඇස් වහක් වැදිලාද මංදා,
ඒ සැහැල්ලු සමනළ තටු වලට
ටිකෙන් ටික දැනුනෙ මට නම්
දරාගන්න බැරි බරක් හිමි හිමිහිට........
අවාසනාවක තරම මොන තරම්ද,
සැහැල්ලුවෙන් සතුටෙන් ඉගිල්ලුනු 
මගේ අහිංසක සමනළ තටු සිඳුනා 
ඔයාගෙ නෙවෙයි මගේ කරුමක්කාරකමට.......

                                       
                                        ෴ නිමි ෴

---------------------------------------------------------------------------------------------------------
ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,අවසානය එසේ  විය.....
පාට පාට විසිතුරු අරුමෝසම් ලෝකයක,  අහිංසකව ඉගිල්ලුනු සමනළියකගේ තටු එලෙස සිදී ගිය වගයි.......

මෙච්චර කාලයක් මේ කතාව එක්ක එකතු වෙලා හිටිය ඔයාලට හුඟාක් ස්තූතියි. ඒ වගේම කියවන්න ලස්සන කතාවක් විදියට ලියන්න මට අදහස් කියපු, උදව් කරපු හැම කෙනෙක්ටම හුඟාක්ම ස්තූතියි!!! කතාවෙ අවසානෙ වගේම වැදගත්ම "පසු වදනින්" හමුවෙමු....නැවතත් ඔයාලා හැම කෙනෙක්ටම හුගාක්ම ස්තූතියි.

ප.ලි- කතාවට දුක්බර අවසානයක් දුන්නාට කවුරුත් අමනාප වෙන එකක් නෑ නේද මාත් එක්ක?

Post Comment

21 February 2012

තටු සිඳුනු සමනළී -21 වන කොටස

කතාව ලියන්න පරක්කුයි,කොටස් දාන්නෙ හුඟාක් කල් ගිහින් ,වගේ නානාප්‍රකාර චෝදනා නිසාම, මෙදා සැරේ මේ කතාවෙ අන්තිමම හරිය ,ඉක්මණින්ම ලියලා ඉවරයක් කරලා දාන්න ඕනෙ කියලා මම හිතුවා.

හැමදාමත් කියනවා වගේම, කතාවෙ හොද නරක, ලියන ශෙලියෙ අඩු පාඩු එහෙම තියෙනවානම් කියන්න, මොකද අවසාන කොටස ලියන්න හරි මට ඒ අදහස් ප්‍රයෝජනවත් වෙයි.ගල් මුල් සියල්ලම භාරගන්නවා..:D

මුල කොටස් කියවපු නැති අයයි, මේ වෙනකොට මුල අමතක වුනු අයයි ගිහින් කියවලාම එන්නකෝ..


තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18
තටු සිඳුනු සමනළී 20


අද 21 වන කොටස.......
------------------------------------------------------------------------------------------------------------

හසී කියන්න තියෙන දේ එකසැරේම කියලා දාන්නෙ නැතිව අනං මනං කියව කියව ඉන්න නිසා මගේ හිතට ඇති වුණේ පුදුම නොසන්සුන්කමක් වගේම තරහක්.

"අනේ හසී කියන දෙයක් කියන්න..ප්ලීස්..."

"හරි ඔන්න එහෙනම් වැඩිය හිතන්නෙ නෑ කියලා ප්‍රොමිස් වෙන්න.."

"හරි. ප්‍රොමිස්.."

"මේකයි..දසුන් එයාගෙ Relationship Status එක වෙනස් කරලා තිබ්බා. එයා මෙච්චර කාලයක් උඹේ නම නොදැම්මාට දාලා තිබුණේ In a Relationship කියලානෙ. අන්න ඒක මේ ළඟකදි වෙනස් කරලා It's Complicated  කියලා."

"ආ..... එහෙමද?? අනේ මංදා...හසී..මොනා වෙන්න යනවද මංදා..."

මට කියාගන්නවත්, හිතාගන්නවත් දෙයක් ඉතුරුවෙලා තිබුණේ නෑ..  ඒ වෙනකොටත් මම සම්පූර්ණයෙන්ම  හිස් වෙච්ච හිතක් එක්ක තනි වෙච්ච කෙල්ලෙක් වෙලා අවසානයි..

"ඔය දැක්කානෙ ඉතිං.ප්ලීස් මධූ.. ...ඔයා ඔය ගැන තවත් වොරි වෙන්නෙපා කෙල්ලෙ.. එයා ගෙ හැට් දැනගන්න. එයාට ඔයාගෙන් ඈත් වෙන්න ඕනෙ ඇති.ඒකයි මේ ඔක්කොම..මටනම් හිතෙන්නෙ එහෙමයි"

"ඔව් මටත් හිතෙන්නෙ එහෙමයි මධූ.. එයාට ඔයාගෙ පිට පටවන්න එහෙම චෝදනාවක් නෑනෙ, ඉතිං එයා ඔයාව මගාරින්නෙ ඒකයි.."

හසී කතවට නිශාත් එකතු වුනා..

"වැදගත්ම දේ මේකයි මධූ..දසුන්ගෙ කවුරුහරි Cousin කෙනෙක් හරි,අදූරන කෙනෙක් හරි ඉන්නවද මනූෂි කියලා??"

හසී එකසැරේම මගෙන් ඇහුවාම මම ගැස්සුනෙ ඇයි කියලා මටවත් හිතාගන්න බැරි වුනා."මේ මොන හෙණ ගෙඩියක්ද??"මට දැනුනේ මට හුස්ම වැටෙන්නෙත් නෑ කියලා.ඒත් මම අමාරුවෙන් වචන එකතු කරගත්තා.

"අ..නේ..කියන්න හසී ඇයි?? මම එහෙම කෙනෙක් ගැන දන්නෙ නෑ.. දසුන් මට මනුෂි කියලා කෙනෙක් ගැන කියලා නෑනෙ.. ඇයි??"

"නෑ..නෑ.. මනුෂී කියලා  අපිට වඩා අවුරුදු 2ක් බාල කෙල්ලෙක් ඉන්නවා.එයා දසුන්ගෙ ප්‍රොෆයිල් එකේ හැම එහෙකටම Likes දානවා, Comment කරනවා. දසුන්ගෙ ෆොටෝස් වලට එහෙමත් නිතරම Comments දානවා ඉවරයක් නැතිව. දසුනුත් එයා එක්ක සෑහෙන ෆිට් වගේ.."

හසී එහෙම කිව්වෙ නිකන් තරකින් වගේ.

"අනේ හසී මට බලන්න ඕනෙ ගිහින් ඒ කවුද කියලා.."

"කලබල වෙන්නෙ නැතිව ඉන්නකෝ...අපි දන්නෙ නෑනෙ හරියටම මොකක්ද වෙන්නෙ කියල.."

"අනේ හසී.. දැන් මට ඔව්වා කිව්වනම් මගේ ඔළුව නරක් කරන්නෙ නැතිව මට බලන්න දෙන්න.ඔයලා බලන්න දුන්නෙ නැතත් මම නෙට් කැෆේ එහෙකට ගිහින් හරි බලනවා.."

කිසිම කෙල්ලෙක් තමන්ගෙ ආදරේ තව කෙනෙක් එක්ක බෙදාගන්න කැමතිවෙන්නෙ නෑ වගේම, මටත් දැනුණේ අසීමිත් බයක්. ඒ මගේ ආදරේ ඩැහැගන්න වෙන කෙනෙක් මාන බලනවා කියලා දැනගත්තාම ඇතිවුනු බයක්.ඇඟේ ලේ වතුර වෙන්න දැනුනු ඒ බයටම, මට මාව පාලනය කරගන්න බැරිවුනා.අවසානෙදි දසුන්ගෙ ප්‍රොෆයිල් එකට ගිහින් විස්තර බලාගත්තු මට ඇතිවුණේ මහා ලොකු කළකිරීමක්.

මනුෂි කියන නමවත්, ඒ රූපෙවත් මීට කලින් මමනම් අහලවත්, දැකලවත් නොතිබුණූ නිසා මට ඇතිවුණේ තවත් කුතුහලයක් වගේම බයක්. ගහෙන් වැටුණූ මිනිහාට ගොනා ඇන්නා වගේ මටත් එක පිට එක පිට හිතට දැනෙන කරදර නිසාම හැමදේම එපා වෙලා තිබුණේ.

දසුන්ට මොන තරම් කතා කලත්, පණිවිඩ යැව්වත් දසුන් මගේ කිසිම පණිවිඩයකට උත්තර දුන්නෙ නෑ..මනුෂි කියන්නෙ කවුද කියලා ,දසුන්ගෙන් අහලා දැනගන්න තිබුණානම් හිතට සහනයක් වුනත්, මම දසුන්ගෙන් මනුෂි ගැන අහලා යැව්වෙ නෑ..මොහොතකටවත් දසුන්ව මම සැක කරනවා කියලා දසුන්ට දැනෙනවට මම අකමැති වුනා.

"බැරිවෙලාවත් දසුන් මනූෂී එක්ක යාළුයිනම්? අනේ නෑ..නෑ.. දෙයියනේ එහෙම වෙන්නෙපා.. එහෙම වෙන්නෙ නෑ.."

මම හිතින් එහෙම හිතාගෙන ,හිත හදාගන්න උත්සාහ කළා.අවසානෙදි මම හිත හදාගෙන, මොන දේ වුණත් දරාගෙන බලන් ඉන්න තීරණය කළා.වෙන කරන්න දෙයක් නැතිම තැන මම ගෙදර ඇවිත් හිතේ දුක යනකම් ම ඇඬුවා.ඇස් ඉදිමිලා ,රතුවෙලා යනකම්,හිතේ තෙරපිලා මිරිකිලා තිබුණූ දුක තුනී වෙනකම් ම මම ඇඬුවා.

මම අඬලා අඬලා පෑදුනු මගේ හිතට වහල් නොවී,අනගතේ වෙනුවෙන් ,මගේ දෙමව්පියෝ වෙනුවෙන් ආයෙමත් ජීවිතේ පටන්ගන්න හිතුවා. ඒ නිසාම හැංගිලා තිබූණූ ආත්ම ධෙර්‍යක් හිතේ ගුලි කරන් පොත් මේසෙ කොනකින් පටන්ගෙන ,පිළිවලකට අස් කරගෙන ගියා. පොත්පත්,ටියුට්,ප්‍රශ්න පත්තර පිළිවලකට තියලා ආයෙත් වැඩ පටන්ගන්න හිතුවා.අවුරුද්දෙ අන්තිම මාසෙ වෙච්ච දෙසැම්බර් මාසෙ හෙට අනිද්දාම ලබන නිසා,මුල ඉඳන්ම පන්ති යන්න හිතගත්තු මම හසී,හංසි,නිශා,දිලූ එක්ක ඉතුරු පාඩම් වැඩ ගැන කතා කළා.

හැම මොහොතක් ගානෙම දසුන්ව මතක් වුනත්, මම මගේ හිත හදාගෙන,අමාරුවෙන් පංති ගියා.පාඩම් වැඩ යාන්තමට හරි හොදින් කරන්න උත්සාහ කළා.
------------------------------------------------------------------------------------------------------------
දවසක් Physics Revision පංතියෙදි හදිස්සියෙම ලැබුණු ආරංචියක් නිසා අපි හැමෝම ගල් ගැහුණා.

"අන්න A/L Results දාලාලු.12ට Internet දාලා.සමහරු රිසාල්ට් බලලා."

"හප්පටසිරි.. කෙල්ලනේ...අදහන දෙයියෝ බුදුන් ඔක්කොම සිහිකරගනිල්ලා.."

හසී කෑගැහුවා.

ඉන්ටර්වල් එක ඉවර වෙලා ටික වෙලාවක් ගතවෙද්දි ආව ආරංචියත් එක්ක හැම කෙනෙක්ම බය වෙලා, කලබල වෙලා තමයි හිටියෙ.රොටරියෙ තිබුණු විසාලම හෝල් එක වුනු "වලේ" හෝල් එකේඅන්තිම හරියේ වාඩිවෙලා හිටපු හැම ළමයෙක්ම වගේ ෆෝන් කනේ තියාගෙන, SMS බල බල හුඟාක් කලබල ස්වරූපයකින් හිටියෙ.ඔය  අතරේ ඉස්සරහ පෝලීමේ ළමයෙක් ඩයලොග්  එකට SMS එකක් යවලා රිසාල්ට්ස් බලලා තිබුණා.

"ඒ මේ අපිත් බලමු රිසාල්ට්...මම නම් විභාග අංකෙ ලියපු කොලේ පර්ස් එකේ දාගෙන ඉන්නෙ. මම දැන් SMS එකක් යවලා බලනවා."

"අනේ මට බයයි හංසී.."

"බයයි නම් තමා බං.ඒත් කවදාහරි බලන්න වෙනවානෙ.ඔන්න ඔහේ මාත් බලනවා."

නිශා ත් හංසි එක්ක රිසාල්ට් බලන්න ලෑස්ති වුනා. මේ වෙද්දි මුලූ පංතියම රිසාල්ට් උණුසම නිසා කලබල වෙලා තිබුණා. සර්ටත් මේ වෙද්දි ආරංචිය ඇවිත් තිබුණා.A 3ක් ගත්තු කීපදෙනෙක්ම සර්ට රිසාල්ට් කියන්නත් එවෙලෙම ඇවිත් තිබුණා. ඔය අතරේ මමත් මගේ අවාසනාවන්ත ප්‍රතිඵලේ බලන්න ලෑස්තිවුනත් මගේ විභාග අංකෙ අමතක වීම නිසා පංතියෙ ඇතුලේදි මට ප්‍රතිප්කල බලන්න බැරි වුණා.

තමාෂිත්, නිශාත් ඉහළ ප්‍රථිඵල අරන් විභාගෙ පාස් වෙලා තිබුණා.හංසිත් සාමාන්‍ය මට්ටමින් ප්‍රථිඵල අරන් තිබුණා.ඔය අතරේ දිලූ C 2කුත් F එකකුත් අරන් අවාසනාවන්ත විදියට විභාගෙ ෆේල් වෙලා තිබුණා.කාට කාටත් කරුමයක් වෙලා තිබුණූ combined maths ෆේල් වෙලා තිබුණේ දිලූ විතරක් නම් නෙවෙයි.ඉස්කෝලෙ කීපදෙන්ක්ගෙම ප්‍රථිඵල කියද්දි combined වලට F කියැවුණා.

"මටත් ඉතින් ඕකම තමා වෙන්නෙ." මම හිතින් හිතුවා.

මාත් හසීත් , ප්‍රථිඵල බලන්න ගෙදර යන්න තදබල උවමනාවෙන් හිටියෙ.සමහරු අඬනවා, සමහරු හිනා වෙනවා. පංතියම එකම කලබැගෑනියක්.සර් එදා පංතිය ටිකක් වෙලාසන ඉවර කරා.අපිත් දඩි බිඩි ගාලා නුගේගොඩ පොළෙන් එළියට මතුවුනේ ගෙදර දුවන් න තිබුණු හදිස්සියටයි.මගේ  හිත ඇතුළේ දාහක් සිතුවිලි හොල්මන් කලා.විභාගෙ පාස් වෙලා තිබුණොත් ඇති කියලා හිතන් උන්නු මට ඒ බලාපොරොත්තුවත් නැති වුණා.

මටත් වඩා උනන්දුවෙන් වැඩ කරපු, ඉගනගන්න මහන්සිවුනු හුගාක් දෙනෙක්ගෙ අසාර්ථක ප්‍රථිඵල ඉස්සරහා මාව ගොළු වුනා.

"දෙයියනේ මෙච්ච්ර හොඳට වැඩ කරපු ළමයින්ටත් මෙහෙම රිසාල්ට් එකක් නම් ඇවිත් තියෙන්නෙ,මට කොහොම වෙයිද?"

මම මගෙන්ම ප්‍රශ්න කලා.

නිශාත්, දිලූත්, හංසිත් මගේ හිත හදලා, හිත හයිය වෙන්න දාහක් දේවල් කියලා තමයි මාව ගෙදර එව්වෙ.

------------------------------------------------------------------------------------------------------------
ගෙදර එනකොටත් මම හිතුවෙ අම්මා, විභාගෙ ප්‍රථිඵල ගැන අහයි කියලයි. ත් අම්මගෙ මූණේ කිසිම වෙනසක් තිබ්බෙ නෑ.වෙනදා වගේමයි.

"අම්මා රිසාල්ට් ආපු එක ගැන දන්නෙ නෑ මං හිතන්නෙ..ම්ම්.. මගේ රිසාල්ට් බලලාම කියනවා.." කියලා හිතපු මම දුවලා ගියේ විභාගෙ අංකෙ බලන්න. විභාගෙ අංකෙ දාලා SMS එකක් යවපු මට ටික වෙලාවකින් ප්‍රථිඵල සටහන් කරපු SMS එක ආවා.

"අයියෝ.........."

මට කියැවුනේ එච්චරයි.. සට සට ගාලා වැටුණූ කඳූලූ කැට නිසා ඇස් දෙකම බොඳ වෙලා. වටපිට කිසි දෙයක් පෙනුනෙවත්, ඇහුනෙවත් නෑ..

අවුරුදු 3ක් තිස්සෙ වපුරපු දේට මට ලැබුණූ අස්වැන්න ,මට ජීවිතේ ම එපා කළා. අවුරුදු 13 ක් තිස්සෙ කරපු හැම විභාගයකම සාර්ථක ප්‍රථිඵල ගත්තු මට,කිසිම විභාගයක් අසමත් නොවුනු මට ,A/L විභාගෙන් දිනන්න බැරි වුනා. Combined Maths වලට ලබුණූ F එකෙන් මගේ මුළූ ජීවිතේම අඳුරු වුනා කියලා මට දැනුණා..

අවුරුදු 3ක් තිස්සෙ මං වෙනුවෙන්, තාත්තා හෙලපු දාඩිය මහන්සියෙ  ණය ගෙවන්න, ඒ වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරන්න මට බැරි වුනා.මගේ අම්මාගෙ අහිංසක හිතේ තිබුණූ පුංචිම බලාපොරොත්තුවකට හරි පිපෙන්න ඉඩ දෙන්න මට බැරි වුනා. දෛවය මගේ හිතුවක්කාරකමට නියම දඬුවමක් දුන්නා..

"අම්මේ....."

මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි..එහෙම්මම ඇඳ උඩට වැටුණූ මම කොට්ටෙ මූණ ඔබාගෙන කෑගහලා ඇඬුවා.

"මොකද පුතේ මේ??"

මගේ ඇඬිල්ලට දුවගෙන ආපු අම්මාගෙත් ඇස් වල කඳුළු පිරිලා තියෙනවා බොඳ වෙච්ච ඇස් යටින් මම යන්තමට දැක්කා.

"මම විභාගෙ ෆේල් අම්මෙ.. ඔව්..මම ෆේල්. මට අම්මාලේ හීන වලට පණ දෙන්න බැරි වුනා අම්මෙ.මට සමාවෙන්න අම්මෙ මට ස..මා..වෙන්න... අනේ..."

"අයියෝ මැණික.. ඒකටද මේ අඬන්නෙ?? අනේ පුතේ විභාග හැමෝම පාස් වෙන්නෙ නෑනෙනෛතින් ඊළඟපාර ආයෙත් කරමු.හොදට පාඩම් කරලා, හොදට විභාගෙ ලියමු."

ඇස් වලට ආපු කඳුළු කැට මට නොපෙනෙන්න හොරෙන්ම පිහදාගත්තු අම්මා, මවාගත්තු හිනාවක් මූණේ ඇදගෙන මගේ හිත හදන්න ගත්තු උත්සාහය දැකලා,මගේ අඬන හිතට තවත් වේදනාවක් එකතු කළා.අම්මාව බදාගෙන අඬපු මම එහෙම්ම නින්දට වැටුණා.

ආයෙමත් ඇහැරෙද්දි රෑ වෙලා තිබුණා.වැඩ ඇරිලා ගෙදර ඇවිත් හිටපු තාත්තාගෙ මූණ බලන්න තරම් හයියක් මට තිබුණේ නෑ.. අමාරුවෙන් දරාගෙන හිටපු මාව ළඟට අරන් ඔළුව අතගාපු තාත්තා කිව්වෙ හරිම පොඩි දෙයයි.

"විභාගෙ පාස් වෙන්න බැරිවුනා කියලා මගේ පුතා හිත නරක් කරගන්න එපා. ඒවා ඔහොම තමා පුතේ...දැන් ඕක අමතක කරන්න."

තාත්තා ඉස්සරහ කියගන්න කිසිමදෙයක් නැතිව ගොළු වුනු මම ,ඔළුව විතරක් වනලා යන්න ගියා.නානකාමරේට ගිහින් පැයක් විතර වතුර මල යට ගතකරපු මම ආයෙත් කාමරේට ආවෙ, පැත්තකට විසිකරපු ෆෝන් එක හොයාගන්නයි.

ෆෝන් එක අතට ගනිද්දිම දැකපු දෙයින් මාව පුදුමෙනුත් පුදුම වුණා. දසුන්ගෙ ගෙදරින් කෝල් කරලා.

"ගෙදර ෆෝන් එකෙන් කතා කරන්නෙ කවුද? ශුවර් එකටම අක්කා වෙන්නැති...."

ඔය අතරේ SMS එහෙකුත් ඇවිත් තිබුණා.ඒ දසුන්ගෙන්.දසුන්ගෙ රිසාල්ට් කොහොමද කියලා අහලා මම දවල් යවපු SMS එකට දසුන් රිප්ලයි කරලා තිබුණා. ඒත් වචන දෙකක් විතරයි මුළු SMS එකටම තිබුණේ.ඒ "mama fail" කියලා විතරයි.

"අඩුමගානෙ දසුන්වත් විභාගෙ පාස් වුනානම්... "

මට හිතුණෙ එහෙමයි. ඒත් දෛවය අපි දෙන්නාටම කාරුණික වුනේ නෑ.. අපිව අපෙන් ඈත් කලා විතරක් නෙවෙයි..අපිට අපේ අනගතේත් අමාරු කලා. එක අතකට අපේ වැරැද්දට දෛවයට දොස් කියලා පලක් තියේද කියලා මම මගෙන්ම ප්‍රශ්න කලා.

ආයෙමත් ෆෝන් එක රින්ග් වෙනවා.. දසුන්ගෙ ගෙදර නම්බර් එකෙන් තමයි කෝල් එක. ඕන දෙයක් වෙච්චාවෙ කියලා හිතලා මම කතා කලා.කතා කලෙ මම හිතුවා වගේම දසුන්ගෙ අක්කා.

"නංගි කොහොමද රිසාල්ට්??"

"ම්ම්.. වැඩක් නෑ.. මම ෆේල්.."

"ඔක්කොම?/"

"නෑ.. maths විතරයි. අනිත් දෙකට S"

"හ්ම්ම්.. අපේ මල්ලිගෙ රිසාල්ට් දන්නවානෙ?"

"ෆේල් කියලා විතරයි කිව්වෙ.බොරුවක්ද දන්නෙ නෑ.."

"බොරු නෙවෙයි. එයා ෆේල්. එකයි පාස්. physics විතරයි. තාත්තායි අම්මායි හුඟාක් දුකෙන් ඉන්නෙ.අපි කොහොමද මූණදෙන්නෙ මිනිස්සුන්ට?"

"ඇයි එයා විතරක්?? මම?"

"ඒකතමා කියන්නෙ.. බලන්න ඉතිං.ඉගනගන්න තිබ්බ කාලෙ ඉගනගන්නෙ නැතිව විකාර කල නිසා වුනු දෙයක්."

"හ්ම්ම්... ගිය නුවණ ආයෙත් ගන්න බෑ.."

මම උත්තර දුන්නෙ ඕනෑවට එපාවට.

"හ්ම්ම්.. දැන්වත් ඒක තේරෙනවනම් ලොකු දෙයක්. ඔයා මොකක්ද දැන් කරන්න ඉන්නෙ?"

"මම ආයෙත් විභාගෙ කරනවා.."

"ඒක හොදයි.. මල්ලිත් ඉක්මණටම ලංකාවෙන් යවන්නයි තාත්තා හදන්නෙ.මෙහෙ තියාගෙන වැඩක් නෑනෙ. ඔයාට එක දෙයක් කියන්නම් නංගි. ඔයා විභාගෙ පාස් වෙලා හොද තැනකට එන්න බලන්න.දසුන් ගැන හිතලා වැඩක් වෙයිද මම දන්නෙ නෑ... එයා රට ගියාම අපි දන්නෙ නෑනෙ ඉස්සරහට මොනා වෙයිද කියලා."

"හ්ම්ම්..."

"හොදින් ඉන්න බලන්න නංගි..මම තියන්නම්.බුදුසරණයි!!"

"බුදුසරණයි අක්කෙ."

දසුන් මට නැති වෙන බව, දැන් නම් ඉර හඳ වගේ විශ්වාසයි... අවුරුදු දෙකක් තිස්සෙ ගලාගෙන ගියපු මගේ ආදර කතාවෙ නැවතීමෙ තිත තියන්න දැන් හුඟාක් ලඟයි..මගේ හිතට ඒ බව ඉවෙන් වගේ දැනූනා.

මීට අවුරුදු දෙකකට කලින් දසුන් වෙනුවෙන් මම දුන්නු පොරොන්දුව, අද වෙනකම් ම මම රැක්කා.අපි අපිට අයිති වුනත්, නැතත්, මේ ආදරේ එහෙම්මයි.. ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ..ජීවිතේ කෙනෙක් වෙනුවෙන් මුළු හදවතින්ම බැදූනාට පස්සෙත්, ඒ බැදීමෙන් දුරස් වෙන්න,ඒ බැදීම බිඳලා දාන්න කෙනෙක් නපුරු වෙන්නෙ කොහොමද කියලා මම කල්පනා කලා.කවුරු එහෙම කලත් මට නම් බෑ..මම දැනගෙන උන්නෙ එච්චරයි.

දිගින් දිගටම දසුන්ට කතා කරන්න උත්සාහ කලත්, වැඩක් වුනේ නෑ.. දසුන් මට කතා කලේ නෑ..දවස් ගණන් ගත වුණා. ඒ මූසල අවුරුද්දෙ අන්තිම දවස් දෙක තුනත් ගෙවිලා ඉවර වුණා.අවුරුද්දක් ගෙවිලා තවත් අලුත් අවුරුද්දක් ලැබුවා.අඩුමගානෙ අලුත් අවුරුද්දෙවත් දසුන් කතා කරයි කියලා හිතුවා.ඒත් දසුන්ගෙ හිත ගලක් වගේ, මගේ දුකට උණුවෙන හිතක් දසුන්ට තිබුණේ නෑ..

ඒත් අහම්බෙන් වගේ එදා ජනවාරි පළවෙන්දා හවස්වරුවෙ දසුන් මගේ කෝල් එක ආන්සර් කලා.

"හෙලෝ දසුන්."

"සුභ අලුත් අවුරුද්දක් ඔයාට. "

"අනේ මධූ.. මේ අලුත් අවුරුද්දක් තමා.ප්ලීස්..මට පාඩුවෙ ඉන්න දෙන්න."

"ඇයි දසුන්??මම මොකක්ද කරපු වරද? ඔයා මට මෙහෙම කරන්න මට හේතුව කියන්න.මගෙන් ඔයාට වුනු වරද කියන්න.සත්තයි මම ඔයාගෙන් ඈත් වෙලාම යන්නම්..මම ඔයාට කරපු වරද කියන්න.."

"මම දන්නෙ නෑ..මට පාඩුවෙ ඉන්න දෙන්න. එච්චරයි. මම ලංකාවෙ ඉන්න මේ දවස් දෙක තුන මට නිවිසැනසිල්ලෙ ඉන්න දෙන්න."

"ම්ම්...ඔයා කවද්ද දසුන් යන්නෙ?"

"ලඟදිම.. ආයෙත් එන්නෙ නෑ මෙහෙනම්..මට එපා වෙලා.."

"ඔයාට මාව එපානම් කමක් නෑ..යන තැනක හොදින් ඉන්න දසුන්...ඒත් එකපාරක් ඔයාගෙ මූන බලන්න ආසයි.."

"බම්බුවක් කියෝනවා. මට වැඩ තියෙනවා සෑහෙන්න.. මම තියනවා.. සැරෙන් සැරේ මට කතා කරන්න එපා. ඔයා ඊලඟ පාර විභාගෙ කරලා කැම්පස් යන්න.මම තිබ්බා. බායි..take care"

"දසුන් පොඩ්ඩක් ඉන්න... ද..සු..න්..හෙලෝ..හෙ..ලෝ.."

ඒ වෙනකොටත් දසුන් ෆෝන් එක තියලා ඉවරයි..අඬන්න තරම් මගේ ඇස් වලට කඳුළු තිබුණේ නෑ.. රිදිලා රිදිලා පදම් වෙලා තිබුනු හිතට තවත් රිදෙන්න ඉඩක් තිබුණේ නෑ..අඩුම තරමේ දසුන් රට යන්නෙ කවදද කියලවත් මට කිව්වෙ නෑ.. අවුරුදු ගානක් ආදරේ කරපු මට යන්නම් කියන්න තරම්වත් දසුන් කරුණාවන්ත වුනේත් නෑ....ආදරේන් වෙනවීමක් මේ තරම් වේදනාකාරියි කියලා දැනන් උන්නානම් මම කවදාවත්ම ආදරේ කරන්නෙ නෑ..

හිත ඇතුළෙ ඇවිළුනු ගින්න , තව තවත් ඇවිළුනා..දසුන් යන්න කලින් මගේ හිතේ තියන දේවල් ඔක්කොම කියලා දාන්න තිබුණානම්, අඩුමගානෙ මට එකසැරයක් හොදින් කතා කරලා දසුන්ට සමුදෙන්න තිබ්බනම්........ මම හිතින් දිගින් දිගටම තැවුනා.කොහොමහරි එකසැරයක්වත් යන්න කලින් දසුන්ට කතා කරන්න ඕනෙ කියන දැඩි උවමනාවෙන් මම පෙළුනා....ඒ වගේම අන්තිම මොහොතෙ හරි දසුන්ගෙ හිත වෙනස් වෙයි , දසුන් මට ආදරේ කරයි කියන මෝඩ බොළඳ අහිංසක බලාපොරොත්තුව මගේ හිතේ තිබුණා..
------------------------------------------------------------------------------------------------------------
දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ ට දසුන්ව සදහටම අහිමි වෙයිද ??නැත්නම් අන්තිම මොහොතෙවත් දසුන්ගෙ හිත මධූ වෙනුවෙන් වෙනස් වෙයිද?


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,අවසාන පියවරෙන් හමුවෙමු!!!!




Post Comment

18 February 2012

තටු සිඳුනු සමනළී -20 වන කොටස

කතාව ලියන්න පටන් අරන් සෑහෙන කාලයක් වෙනවා. ඒත් මම තවමත් ලියනවා..ළඟදිම අවසානයක් දෙන්නයි බලාපොරොත්තුව...ඒ නිසා තව චුට්ටක් ඉවසලා ඉන්නකෝ....

එහෙනම් ඉතිං කතාවෙ මුල අමතක අයයි, කියවපු නැති අයයි කියවලාම එන්නකෝ..

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18

අද 20 වෙනි කොටස.....
-------------------------------------------------------------------------------------------------------------
විභාගෙ ප්‍රථිඵල මට අමුතුවෙන් බලන්න ඕනෙ වෙන්නෙ නෑ.. විභාගෙ ලියලා ඉවරවුනත් එක්කම මම මගේ ප්‍රථිඵලය දැනගෙන උන්නා. ඒත් විභාගෙ මත්තෙම මගේ ජීවිතේ එතනින් නතර කරන්න මම කැමතිවුනේ නෑ..ඒත් අවාසනාවක මහත, මට ජීවිතේ එතනින් එහාට අඩියක් තියන්න ධෛර්‍යක් තිබුණේ නෑ.. මගේ බොළද හිත දිව්වෙ දසුන්ගෙ ආදරේ පස්සෙන්මයි.

"ඈ පුතේ, දැන් විභාගෙ කරලාත් මාස දෙකක් ගියා නේද? මොකක්ද කරන්න හිතන් ඉන්නෙ? ආයෙත් විභාගෙ කරනවද? නැත්තම් මොනා හරි ඉගනගන්නවද තව? තීරණේ කරලා නැද්ද?"

අම්මා මගෙන් ඇහුවාම මට දෙන්න හරි හමන් උත්තරයක් මා ළඟ තිබුණේ නෑ..

"මංදා අම්මා.. තාම හිතුවෙ නෑ..ආයෙත් විභාගෙ ගන්න වෙයිද මංදා.කොහොමත් මට කැම්පස් යන්න රිසාල්ට් එකක් එන්නෙ නෑ අම්මා.. අම්මලා මගේ විභාගෙ ගැන ඒ තරම් බලාපොරොත්තු තියාගන්න එපා අම්මා.මට හුඟාක් දුකයි ...මට සමාවෙන්න.මට ..මට.. අම්මාලට සතුටක් ගේන්න බැරිවෙයි."

මහ විසාල කඳුළු බෝල සට සට ගාලා මගේ ඇස් වලින් කඩන් වැටෙද්දි, මම අම්මාව බදාගෙන එහෙම කිව්වෙ දරාගන්න බැරි දුකකින්.කෑ ගහලා අඬන්න තරම් මගේ හිත ඉකිගැහුවත්, මම අමාරුවෙන් හරි දුක වාවගත්තෙ අම්මා ගැන හිතලායි.ඒ ඇස් වලට කඳුළු දීලා, ඒ අහිංසක හිත දුකින් පුරවලා තවත් මට පවු පුරවගන්න බැරිකමට ,මම මගේ දුක දරාගත්තා.

"නරක කාලෙට පුතේ විෂ්ණූ දෙයියොත් බට කොළ කෑවලු නෙ.දෝණීගෙ හදහන බලපුවාම උඩවත්ත නෝනා කිව්වෙත් මේ ගෙවෙන්නෙ අපල කාලයක් කියලයි..එන විදියකට බලමුකෝ අපි. එක පාරක් වැරදුනා කියලා අතාරින්න හොද නෑ පුතේ.වැරදි හදාගෙන ආයෙත් උත්සාහ කරල බලන්න ඕනෙ."

"ඇත්ත අම්මෙ. මගේ නම් මහා නරක කාලයක් වෙන්න ඇති.මට මේ විභාගෙ එපාම වුනා.මට හිතාගන්න බෑ මොකද මං කරන්නෙ කියලා."

අම්මාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියගත්තු මම, අම්මාගෙ අතින් ඔළුව අතගාගත්තෙ හුඟාක් ආසාවෙනුයි.අම්මා කෙනෙක්ගෙ උණුහුම ළඟ ඕනෙම නොසන්සුන් හිතක් සැනසෙන හැටි මට එදා ඔප්පු වුණා.

"හරි හරි..දැන් ගිය දේ ගියා මැණික. ඊළඟට කරන දෙයක් ගැන හිතන්නකො හිමින් සැරේ..හ්ම්ම්... හැබැයි පුතේ පෙරහැර ගියාට පස්සෙ පේවිලා වැඩක් නෑ.. ඒ නිසා මගේ පුතා කරන දෙයක් ඉක්මණීන්,හොදට හිතලා පරිස්සමට කරන්න.දරුවන්ට හරි යද්දි වගේම වරදිද්දිත් ළඟින් ඉන්නෙ අම්මාලා තමා රත්තරනෙ.මේ අම්මාත් එහෙමයි."

අම්මා ටික වෙලාවක් මගේ ඔළුව අතගාලා, මහ ගොඩාක් ආදරෙන් නළල මැදට හාදුවක් තියලා යන්න ගියා.

කාලෙකින් අස්වද්දපු නැති,පාළුවට පුරන් වෙලා ගිය කුඹූරක් වගේ මගේ ජීවිතේත් කාලෙත් එක්ක වල් වැදිලායි තිබුණේ.අහම්බෙන් වගේ,කලාතුරකින් පුරන් වෙලා ගිය කුඹූරුත් ආයෙත් අස්වද්දන්න පූළුවන් වෙන අවස්ථා තිබ්බත් ,මගේ ජීවිතේ ඒ තරම් වාසනාවන්ත විදියට අස්වද්දන්න පුළුවන් වෙයි කියලා මට හිතුණේ නෑ..

කොහොම ,මොන දේ සිද්ධ වුනත්,මම ජීවිතේ තව දුරක් යන්න ඕනෙ.. මේ ගමනට තේරුමක් තියෙන්න ඕනෙ. හිත හදාගෙන මේ අමාරු ගමන මම යන්න ඕනෙ..ඔව් මම මේ ගමන යනවා. දසුන් මා එක්ක එනවනම් මේ ගමන මට තවත් හයියක් වෙයි.ඒත් දසුන් ට ඕනෙ මගෙන් ඈත් වෙලා වෙනම පාරක වෙනමම් මේ ජීවිත ගමන යන්න නම්, ඔව්.. මම මූණ දෙනවා මේ යථාර්තයට.මම මගේ හිතින් හිතාගත්තා.සමහර වෙලාවට හිතට එන ධෙර්‍ය නිසා එහෙම හිතුවට ආයෙමත් පරණ තැනටම වැටෙන මගේ හිතනම් පුදුම හිතුවක්කාරයි.
------------------------------------------------------------------------------------------------------------
"හෙලෝ මධූ...."

"ආ.. හසී...ඇති යාන්තම් උඹට මතක් වුනා මාව."

"ඔව් ඉතිං උඹලට අපිම කෝල් එකක් දෙන්න ඕනෙ.මොකෝ බං ගෙදරට වෙලා කරන්නෙ?"

"මොනා කරන්නද බං.ඔහේ ඉන්නවා."

"දැන් මොකක්ද උඹ කරන්න හිතන් ඉන්නෙ? ආයෙත් විභාගෙ කරන්නෙ නැද්ද? දසුන් මොනාද කියන්නෙ?"

"අනේ මං දන්නෙ නෑ හසී..මට මැරෙන්න හිතෙනවා වෙලාවකට.."

"ඔන්න ඔන්න ඉතිං. මේ මධූ..නිකන් පිස්සියෙක් වෙන්න එපා බං. උඹ කොහොම හිටපු කෙල්ලෙක්ද? පොඩ්ඩක් හිතපන් උඹ ගැනම. මොකක්ද බං ඕකෙ තේරුම?දසුන් උඹට විසඳුමක් දෙන්නෙ නැත්තම් උබ තීරනයක් ගන්න."

"මංදා හසී.. දසුන්ගෙන් දවස් ගානකින් කිසිම ආරංචියක් නෑ..මම කතා කලාට ෆෝන් එකට ආන්සර් කරන්නෙ නෑ..ඒත් ට්‍රයි කරන ගොඩක් වෙලාවට call waiting .එයා අලුත් ෆෝන් එකක් අරන් මං හිතන්නෙ.සිම් දෙකක් තියාගෙන ඉන්නවා. ඒත් මට අලුත් සිම් එකේ නම්බර් එකවත් දුන්නෙ නෑ.. වැරදිලා එයා අලුත් සිම් එකෙන් එවපු මැසේජ් එහෙකින් තමා මම දැනගත්තෙ නම්බර් එක."

"මේක යකාගෙ වැඩක්නෙ බං. උබ ඇහුවෙ නැද්ද ඇයි කියල? එයාට උඹට කතා කරනන් වෙලා නෑ..ඒත් ෆේස්බුක් වල එහෙම පැය ගණන් කාලෙ ගෙවන්න වෙලා තියෙනවා"

"ඇහුවා ඇහුවා. වැඩක් නෑ බ..එයා කියන්නෙ ඒවා එයාගෙ වැඩලු.එයාට ඕනෙ නිසාලු ඒවා කරන්නෙ.ඇයි හසී?? එයා ෆේස්බුක් ඉන්නවාද හුඟාක් වෙලා?මට ඉනටර්නෙට් නෑනෙ හසී..මගේ එකවුන්ට් එක හැදුවෙත් එයාමයි..ඒකට යන්නෙත් එයාමයි.මම දන්නෙ නෑ ඕවා."

මට දැනුණේ කලකිරීමක් මිශ්‍ර වුනු දුකක්.ගෙදර කොම්පියුටරයක් තිබුණට මට ඉනටර්නෙට් නොතිබුණූ නිසා   මම ෆේස්බුක් එකේ දසුන්ගෙ විස්තර  දැනගෙන උන්නේ නෑ..ඉස්සරම දවසක දසුන් මට හදලා දුන්නු එකවුන්ට් එකෙත් හැමදෙයක්ම කරන්නෙ දසුන්.මම කිසිම දෙයක් දැනගෙන උන්නෙ නෑ.ඒ වගේම  මටත් ෆේස්බුක් ගැන කිසිම උවමනාවක් ඒ වෙනකම් දැනුණේත් නෑ.ඒත් හසීගෙ ආරංචියත් එක්ක මටත් ෆේස්බුක් යන්න තදබල ආසවක් ඇතිවුණා. 

"මම දන්නෙ නෑ බං.. ඇයි හසී දසුන් මෙහෙම දුක් දෙන්න මාවම තෝරගත්තෙ?මෙච්චරකාලෙකට මම එයාව සැක කලේ,අවිශ්වාස කලේ නෑ..ඒත් දැන් දැන් එයාගෙ හැසිරීමත් එක්ක මට නම් තේරෙන්නෙ නෑ හසී.."

"ඌට ඇත්තටම පිස්සු මධූ.. මම කතා කරන්නද මිනිහට?? මට නම් දැන් යකා නගිනවා මධූ.. මේකෙ ඉවරයක් තියෙන්න ඕනෙ.මෙහෙම උඹේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න දෙන්න බෑ එයාට. එයා මෙතන බබා වගේ ඉන්නෙ කිසි දෙයක් දන්නෙ නෑ වගේ..උඹ මෙතන විඳෝනවා "

"එපා හසී..එයා ඊටපස්සෙ ඒකටත් මාත් එක්ක රණ්ඩු කරයි..සමහර විට සම්බන්ධෙ නතර කරන්න ඒක හේතුවක් කරගන්නත් බැරි නෑ.."

"ඉතිං බලන්න මධූ..උඹටම තේරෙනවා ඇත්ත. උඹ දන්නවා දසුන්ට ඕනෙ උඹේන් අයින් වෙන්න කියලා.ඒත් උඹ ඒ ඇත්තට මූණ දෙන්න බයයි කෙල්ලෙ.ඒක සාධාරණයි..උඹේ පැත්තෙන් උඹත් වැරදි නෑ..ඒත්..මොකක්ද මේකෙ තේරුම??"

"මංදා හසී..මගේ ඔළුව අවුල් වෙලා. මේ ගෙදර කාමරේ බිත්ති හතරෙන් එහා ලෝකයක් මට දැන් අමතක වෙලා බං.."

"ආ...ඔය ඔක්කොම විකාර පැත්තකට දාමු මධූ. මම කියන්නම් වැඩක්. උඹ හෙට අපේ ගෙදර එන්න.අපි හොද පිස්සුවක් නටලා කාලා බීලා, සිංදුවක් දාලා ඩාන්ස් කරලා එහෙම ජොලියක් දාමු.ඕකේ??? ඔය ප්‍රශ්න ගැන හිත හිත ඉඳලා උඹ පිස්සෙක් වෙනවා බලන්න අපිට ඕනෙ නෑ මධූ.. අපි උඹට ආදරෙයි..ඕල් ඊස් වෙල් ස්වීටී"

"හ්ම්ම්.. බලමුකෝ..මම එනවනම් කෝල් එකක් දෙන්නම් හසී.."

"මේ මේ.. බලමු කතා බෑ හරී..අනිවාර්යෙන්ම උබ එන්න ඕනෙ..මම නිශාටයි, හංසිටයිත් කියන්නම් බලන්න.රිසාල්ට් එන්න කලින් නටන පිස්සුවක් නටන්න ඕනෙ. හෙට අනිද්දාම එන්න පුළූවන් රිසාල්ට්.."

"අම්මෝ.....ඔය රිසාල්ට් නම් මට එපා."

"අපිටත් ඔය කෙහෙල්මල  ඕනෙ නෑ බං.ඒත් කවදා හරි ඕක බලන්න වෙනවානෙ. අනික කොහොමත් උඹ ඉස්සරහට කරන දෙයක් ගැන කතා කරන්නත් ඕනෙනෙ.මේ ෆෝන් එකෙන් මෙව්වා කතා කරලා ඉවරයක් කරගන්න බෑ..හෙට එන්නකෝ..ආවම කතා කරමු."

"ආ..ඔව් හසී..උඹේ බිලත් යනවා...මම එන්නම් හෙට..තෑන්ක්ස් කෙල්ලෙ කතා කලාට."

"හා හා මේ ඔය තෑන්ක්ස් කෑලි එපා හරි?? යාළුවන්ට තෑන්ක්ස් කිව්වාම හදවතට දුරයි වගේ බං.."

"හරි හරි..එහෙනම් නෝ තෑන්ක්ස්.."

හසීත් මාත් දෙන්නාම එකසැරේම හිනා වුනා.

"එහෙනම් කෙල්ලෙ මම තියන්නම්. බායි..බුදුසරණයි!!"

"බුදුසරණයි!!"

හසීත් එක්ක කතා කළාට පස්සෙ මගේ හිතේ තිබුණු ලොකු බරක් නිදහස් වුනා කියලා දැනුණා.කොහොමටත් හිතේ තදකරගෙන ඉන්න දුකක්,ප්‍රශ්නයක් කාටහරි කිව්වාම හිතට සහනයක් දැනෙන බව ඇත්තක්.ඒත් දසුන්  මට කතා කරන්න, අඩුම තරමෙ SMS එකක් එවන්න වෙලාවක් නැති වුණාට.ෆේස්බුක් එකේ කල්ගෙවන්න ඕනෙ තරම් වෙලාව තියන බව දැනගත්තාම හිතට ආවෙ දුකක්.

"කමක් නෑ..හෙට හසීලාගෙ ගෙදර ගිහින්ම ලොග් වෙලා බලනවා.දසුන් එක්ක එහෙමවත් කතා කරන්න පුළුවන් වෙයිද කියලා."

මම එහෙම හිතාගෙන හිත සනසගත්තා.
------------------------------------------------------------------------------------------------------------
පහුවදා හසීලාගෙ ගෙදර යන්න කලින් මම දසුන්ට මැසේජ් එකක් යැව්වා.ඒ මම හසීගෙ ගෙදර යන බව කියලා.කොහේ ගියත් දසුන්ට කියලා යන පුරුද්දක් තිබුණූ මට එදාත් ඒකෙන් මිදෙන්න බැරි වුණා.දසුන්ගෙන් පිළිතුරක් නොලැබුනත් මම මගේ යුතුකමක් විදිහට දසුන්ට කිව්වා.

හසීලාගෙ ගෙදර යන්න බස් එකේ නැග්ග මට හම්බුනා දසුන්ගෙ යාළුවෙක් වුනු හසන්ජිත් ව.මම ළඟින් ආශ්‍රය නොකලත් ,දසුන්ගෙ යාළුවෙක් නිසා මම හසන්ජිත් එක්ක හිනා වෙලා ආවා.හසන්ජිත් අපේ පංති වලට ආවෙ නැති නිසා හසන්ජිත් එක්ක ලොකු බැඳීමක් තිබුණේ නෑ..ඒත් දසුන් එක්කම ඉස්කෝලෙ ගියපු හස්න්ජිත් ගැන මට දසුන් කියලා තිබුණා.ඒ නිසාම පාරෙදි දැක්කොත්, හිනා වෙනවා හැරුනාම කතා බහක් තිබුණේ නෑ..

කොහොමෙන් හරි එදා දවසෙ හසීලාගෙ ගෙදරට කට්ටියම එකතුවෙලා තිබුණා.හසී,නිශා,හංසී,දිලූ ඔක්කොමලා එක්ක මම කාලෙකට පස්සෙ සතුටින් හිනා වුනා.කට්ටියම එකතුවෙලා මගේ හිත හයිය කළා.හැමෝම කිව්වෙ, දසුන් ගැන බල බල ඉන්න එක තේරුමක් නෑ..මට ආයෙත් විභාගෙ කරන්න මුල ඉඳන්ම රිවිශන් පංති එන්න කියලයි.

ඔය අතරේ ටිකක් හවස්වෙලා බඩ පැලෙන්න කාලා බීලා ඉන්න වෙලේ,නිදිමත යන්නත් එක්ක දිලූ සීරියස් කතාවක් පටන්ගත්තා.

"මේකයි මධූ..දැන් පොඩ්ඩක් උඹම හිතපන් ,උඹව දාල යන්න හදන කෙනෙක් බලෙන් ඇදගෙන තියාගන්න හදන මේ බැඳීමෙ තේරුම මොකක්ද??මම දන්නවා කියන තරම් ලේසි නෑ කියලා කරන්න.ඒත් පොඩ්ඩක් නිවිසැනසිල්ලෙ හිතන්න කෙල්ලෙ."

"මං දන්නවා දිලූ...ඒත් මට දසුන්ව අමතක කරන්න බෑ..."

"ඒක ඇත්ත. කොහොමටත් ඒක අමාරුයි තමා.ඒත් මධූ, උඹට ආදරයක් නැතිව උඹේ ජීවිතේ පාලනේ කරන්න එයාට ඉඩ දෙන්න එපා.ආදරයක් නැතිව කරන පාලනය බලහත්කාරකමක් කෙල්ලෙ..උඹට රිද්දලා,උඹව හිරකරලා එයා පෙන්නන්නෙ ඔය ආදරේ නෙවෙයි..නේද?ආදරේ කියන්නෙ ඔහොමද?? කාලෙත් එක්ක මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ වෙනස්වීමයි..ඔය වෙනස්වීමයි දෙකක් මධූ.."

"ඕනෙ දුකක් දිලූ..එයා මාත් එක්ක ඉන්නවනම්..ඒත් එයා මාව දාල යයි.මට දැනෙනවා මහා දුකක් අත ළඟ කියලා.."

"අන්න ඒකයි.. එයාගෙ එක වචනයක් නෑ මධූ..එයා වැනෙනවා.කෝ එයා මුලින් කිව්ව සුරංගන කතා??එයා ඔහොම ඉඳලා ටික දවසකින් රට යාවි..ඊටපස්සෙ උඹ?උඹ හැමදාමත් එයා මත්තෙ හැපි හැපි විදවන්නද හදන්නෙ?කෝ උඹට ජීවිතයක්??"

"මගේ ජීවිතේ එයා දිලූ...එයා...එයා."

"අපි හැමෝම ආදරේදි බොළදයි තමා මධූ..ඒත් පොඩ්ඩක් හිතපන්. උඹට දැන් 19ක්. අවුරුදු 14 ,15 කෙල්ලෙක් වගේ ලෝකෙ දිහා බලන්න අපිට බෑ මධූ..මාත් වෙලාවකට ඔහොමයි.අපි හැමෝම එහෙමයි.ඒත් අපි එහෙම වුනු වෙලාවට ,අපිට නොපෙනෙන පැත්තක් අනිත් අයට පේනවා මධූ..මම කියන්නෑ උඹට ආදරේ කරන එක නවත්වන්න, අමතක කරන්න, ඒ කිසිම දෙයක්..මම කියන්නෙ පොඩ්ඩක් උඹේ අනාගතේ ගැන හිතලා වැඩ කරපන්. අම්මා තාත්තා වෙනුවෙන්වත්??"

"හ්ම්ම්.... මම දන්නවා දිලූ..උඹලා මට ආදරෙයි.. ඒක මට හයියක්. මම තීරණයක් ගන්නවා කෙල්ලෙ.මං වෙනුවෙන්"

"ආ..අන්න හොද බබා..අන්න එහෙම ඉන්නැපැයි..අපි ආයෙත් පටන්ගමු..දසුන්ගෙ ප්‍රශ්නෙ කාලෙට භාරදීලා.අපි ආයෙත් උඹේ අනාගතේ වෙනුවෙන් පටන්ගමු.."

"හුරේ...අපේ මධූට ජය වේවා"

කට්ටියම එකට අත් තියලා..එකට එක පොකුරකට බදාගෙන කෑගහද්දි,ඔළුව අතගාලා හැමෝම මට ආශිර්වාද කරද්දි මගේ ඇස්වලට කඳුළූ ආවා. ඒ දුකට නෙවෙයි.සතුටට.දුකේදිත් සැපේදිත් එකම විදියට ළඟින් ඉන්න මෙහෙම යාළුවො ටිකක් ලබන්න මම හුඟාක් පින් කරලා තියෙන්න ඕනෙ.

ඒත් හසීගෙ ගෙදරින් මගේ ෆේස් බුක් එකවුන්ට් එකට ලොග් වෙලා ,දසුන් එක්ක කතා කරන්න තිබ්බ  උවමනාව එහෙම්ම යටපත් වෙලා ගියේ දිලූ ත්,හසීත් එකහෙලාම ඒකට විරුද්ධ වුනු නිසයි.

"මෙච්චර කියලත් උඹට බැරිවුනානෙ අපේ කටවල් ගැනවත් හිතලා ,අනුකම්පා කරලාවත් අපි කියපුව අහන්න...දැන් බලන්න කියලා කටගත්තා විතරයි..ප්ලීස් මධූ...උඹ පිස්සියෙක් වගේ දසුන් පස්සෙන් එලවන එක නවත්වන්න .. ෆේස්බුක් එකෙන් දසුන්ට චැට් කලා කියලා උඹලාගෙ ප්‍රශ්න විසදෙන්නෙ නෑනෙ.ඊළඟට දසුන් මොකක්හරි කිව්වොත් උඹ තවත් දුක් වෙයි..අද මේ ජොලි දවස නිකන් දියාරු කරගන්න එපා බං."

"ඒ වුනාට මට බලන්න ඕනෙ හසී..."

"මොනා බලන්නද බං.. බලන්න තරම් දෙයක් නෑ..එහෙම වැදගත් දෙයක්නම් අපි කියනවනෙ උඹට.හැබැයි එක දෙයක් විතරක් කියන්නම් උඹට.මූණ ඇද කරගෙන වැලහින්නියක් වගේ අඬන්න එහෙම ලෑස්තිවෙන්නෙ නැත්තම් විතරක්....."

"අනේ ඒ මොකක්ද හසී??කියන්න ප්ලීස්..."

"නෑ..නෑ..ඒ තරම් දෙයක් නෙවෙයි.....මෙච්ච්ර දේවල් වෙලත් අමාරුවෙන් හරි දරාගත්තු උඹට මේක මේ දරාගන්න බැරි තරම් දෙයක් නෙවෙයි කෙල්ලෙ..අපි මෙච්චර වෙලා හදපු උඹේ හිත ආයෙමත් පාරවන්න උවමනා නෑ..මේක එහෙම දෙයක් නෙවෙයි.."

"හරි හරි කියන්නකෝ හසී පල් හෑලි නවත්තලා.."

-------------------------------------------------------------------------------------------------------------
හසී මධූට කියන්න යන මේ දේ මොකක් වෙයිද?දාඅයෙමත් මධූට ප්‍රශ්නයක්ද??දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ ට දසුන්ව සදහටම අහිමි වෙයිද ??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........

ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............  


Post Comment

13 February 2012

~හෙට හොඳම දවස~


නැතුවට කම් නෑ මට                                 
රතු රෝස මල් පොකුරු.......
රන් මුතු මාල තෑගිත්
ඕනෙ නෑ හිත සනසන්න.........
පාට පාට විච්චූරණ 
තෑගී බෝග මග සරසන.......
නැතුවට කම් නෑ මට
නුඹ එනකොට අරන් එන්න.....
යාන්තම් රස්නෙකටත්
දියවෙන චොක්ලට් හදවතක්
එපා මට දිව පිනවන්න......
හිතුනෝතින් විතරක්ම නුඹට
මා බලන්න ඇවිත් යන්න......
ආදරේ පිරිලා ඉතිරිලා යන
සින්නකර මටම විතරක් ලියැවුනු 
නුඹේ හිතත් අරගෙන
ඇවිත් යන්න එන්න......
හෙට තමයි හොඳම දවස
නුඹ ඇවිත් යන්න එනවානම්.........෴


Post Comment

11 February 2012

තටු සිඳුනු සමනළී -19 වන කොටස

මේ දවස් වල ටිකක් කතාව ලියන එක පහු වෙනවා.කට්ටිය මට සමාවෙන්න ඕනෙ ඒකට.එකදිගට කතාවෙ කොටස් පළ කරන්න බැරිවෙන එකට කණගාටුයි!! අද ඔන්න සෑහෙන ගේමක් දීලා ඊළඟ කොටස ලිව්වා..

මුල කොටස් කියවපු නැති අයයි, කතාවෙ මුල අමතක අයයි ටක් ගාලා ගිහින් කියවලා එන්නකෝ...

තටු සිඳුනු සමනළී 1
තටු සිඳුනු සමනළී 2
තටු සිඳුනු සමනළී 3
තටු සිඳුනු සමනළී 4
තටු සිඳුනු සමනළී 5
තටු සිඳුනු සමනළී 6
තටු සිඳුනු සමනළී 7
තටු සිඳුනු සමනළී 8
තටු සිඳුනු සමනළී 9
තටු සිඳුනු සමනළී 10
තටු සිඳුනු සමනළී 11
තටු සිඳුනු සමනළී 12
තටු සිඳුනු සමනළී 13
තටු සිඳුනු සමනළී 14
තටු සිඳුනු සමනළී 15
තටු සිඳුනු සමනළී 16
තටු සිඳුනු සමනළී 17
තටු සිඳුනු සමනළී 18

අද 19 වන කොටස....
-------------------------------------------------------------------------------------------------------------


ප්‍රශ්න පත්තරේ අතට ලැබුණා.අදහන දෙයියෝ බුදුන් සේරම සිහි කරලා අතට ගත්ත ප්‍රශ්න පත්තරේ මුල ඉදන් අගට කියවද්දිම ටිකක් විතර සාමාන්‍ය තත්වෙට පත් වුණා.පළවෙනි ප්‍රශ්නෙන් කරන්න පටන්ගන්න හිතුවට ටික දුරක් කරගෙන යද්දි අතරමග හිර වුණා.සන්සුන් වෙලා තිබුණු හිත ටිකක් විතර කලබළ වුනේ එතනදියි.

කරගන්න බැරි කොටස් වලට ඉඩ තිය තිය ප්‍රශ්න පත්තරේ භාගයක් විතර සම්පූර්ණ කරගත්තත්, අසම්පූර්ණ භාගයක්ම තිබුණ නිසා ඒ ගැන මතක් කරද්දි හිත බිඳිලා, මනසින් ඩිංගක් කඩන් වැටිලායි උන්නෙ.හිත හදාගෙන පුළුවන් තරම කරලා උත්තර ලියපූ කොළටික දීලා දාන්න හිතාගත්තු මම වෙලාව ඉවර වෙනකම් හැම ගාණක්ම අවසාන උත්තරේ ගන්න බැරිවුනත් ,තරමක් දුරට හරි ඉවර කරන්න උත්සාහ කළා.

අන්තිමේදි විභාගේ ඉවර වෙලා විභාග ශාලාවෙන් එළියට ආවෙනම් ,ඊළඟ ප්‍රශ්න පත්තරේවත් හොඳට කරලා ගණන් පාස් වෙන්න ලකුණූ ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව ඇතිවයි. බලාපොරොත්තු සහගතව පීදිලා තිබුණූ හිනා මූණූ ගොඩාක්, විභාගෙ ඉවර වෙලා විභාග ශාලාවෙන් එළීයට ආවනෙම ටිකක් විතර මැළවුනු මූණූ වලින්.

"හම්මෝ බන්..මොකක්ද ඒ පේපර් එක??"

"ආ..ආයෙත් අහලා නියමෙට ප්‍රින්ට් කරලා තිබුණා..කඩදාසි සුවඳයි..අවුලක් නෑ නේද හසීයෝ??"

"ඒකනෙ.. ප්‍රශ්න විතරයි අප්සට් අනිත් ඔක්කොම හොඳයි.."

අපේ සෙට් එකේ උන්ට විභාගෙ ඉවර වෙලාත් හිනා.එක ප්‍රශ්න පත්තරයක් ඉවරයි කියන්නෙ මුළු විභාගෙම ඉවරයි වගේ සැහැල්ලුවෙන් හිටියේ.

"ඒ මධූ..මමනම් දෙවෙනි පාර කරනවා බං. ආයෙත් ගණන් වලට මහවතුගේ සර් ගෙ ක්ලාස් යන්න පුළුවන්.."

"අනේ මංදා..මටනම් පාස් වුනොත් ඇති.මම මේ බයේ ඉන්නෙ.අනිද්දා පේපර් එකත් අවුල් වුනොත් නම්, අර සර් කියනවා වගේ විභාග ප්‍රතිඵල අනිද්දාටම කියන්න පුළුවන් වෙයි"

"ඒකතමා මධූ..චික්.. බලන්නකෝ මට අවකලනය ගානෙ උත්තරේවත් ආවෙ නෑනෙ.."

"වැඩිය හිතන්නෙපා දිලූ..මටත් හුඟක් ඒවාට අන්තිම උත්තරේ ගන්න අමාරු වුනා. අපි ඊලඟ ඒවා හරියට කරමු."

"ඔව් ඔව්..කෙල්ලනේ..දැන් අමතක කරපල්ලා අද පේපරේ.. අනිත් එව්වා හරියට කරමු...ඔය කෙහෙල්මල් පේපරේ ගැන ආයෙත් මාත් එක්කනම් ඔන්න කවුරුත් කතා කරනන් එන්න එපා හරීද??"

නිශා කෑගැහුවෙ හැමෝටම ඇහෙන්න ඉස්කෝලෙ ගේට්ටුවෙන් අපි එළියට එන්න හදද්දියි. මොනා වුනත් කතාව ඇත්ත. ගිය දේ ගැන කොච්චර කතා කලත් ආයෙත් වෙනස් කරන්න බෑනෙ.මමත් ෆෝන් එක ඔන් කලේ දසුන්ගෙන් පණිවිඩයක් තියෙනවද බලන්න හිතාගෙනයි.

දසුන්ගෙන් පණිවිඩයක් නොතිබුණු නිසාම ටවුන් හෝල් එකට එනවද කියලා අහලා මම දසුන්ට SMS එකක් යැව්වා. ටික වෙලාවකින් දසුන්ගෙන් පනිවිඩයක් ආව.

"ow mama me maga ena gaman.." කියලා තමා පණිවිඩේ තිබුණේ.හිතට දැනුනු පුංචි සැනසීමත් එක්ක මම දසුන්ව හමුවෙන බලාපොරොත්තුවෙන් යාළුවොත් එක්ක ඇවිදගෙන ගියා.

පාරෙ දිගට ඇවිදගෙන යද්දි,ඉස්කෝලෙ නිවාඩු කාලෙ, උසස්පෙළ විභාගෙ කාලෙ, පාසල් ඇඳුමෙන් ඇවිදගෙන යන අපි දිහා මග තොටේ හුඟදෙනෙක්ගෙ ඇහැ යොමු වුණා.

"මේ බස් එකක්නම් පේන්න නෑ.. අපි පයින් යමුද ටවුන් හෝල් එකට?? ජොලියටත් එක්ක ශෝට් කට් වලින් යමු..මොකද කට්ටිය කියන්නෙ?"

ඒ අදහස ආවෙ හසීගෙන්..

"ආ.. පයින් යනවානම් නැළවිලි බෑ..ඉක්මණට යන්න ඕනෙ.. දසුන් බලන් ඉන්නවා.."

"හප්පටසිරි..මේකි බලාපල්ලකෝ.. හරි හරි..බස් එකේ ගියත් වටයක් ගහලා කොට කොට යද්දි හරිනෙ. ඉතිං පයින් යද්දි අපිට යන්න පුළුවන්"

"හා හා ඔන්න ඔහේ එහෙනම් යමුකෝ.."
හැමෝම අදහසට කැමති වුනා..

"මටනම් බඩත්ගිනියි .."

අඩි දෙකක් යන්න වුනේ නෑ හසී නහයෙන් අඬන්න ගත්තා.

"ආ.. මගේ ළඟ බිස්කට් එකක් ඇති.. යන ගමන් කමු.."

අපි හිනා වෙවී,කියව කියව පාර දිගට බිස්කට් කකා හරිම සැහැල්ලුවෙන් ඇවිදගෙන ගියා. ඔය අතරේ අපේ අසල්වැසි සහෝදර ඉස්කෝලෙයක් ළඟින් යන්නත් සිද්ධ  වුණා..විභාගෙ ඉවර වෙච්ච වෙලාවෙ ඉස්කෝලේ ළඟ පිරිමි ළමයි පිරිලා හිටියා.

"ආ..නංගිලා..පේපරේ ලේසියි වගේ ආ...අපිට නැද්ද බිස්කට්?"

"අයියෝ..පේපරේ කිරිකජුනෙ.. ඔයාලට දෙන්න බිස්කට් මදි අප්පා..මේ අපිටත් මදී.."

කටකාර දිලූ ඉස්සර වුනා. අපිට හිනා.කොල්ලන්ට ද හිනා.

"ආව් අප්පා මුන්ගෙ ගණන්..හෙන ගණන්කාරියෝ ටිකක් වගේ..මල පෙරේතියෝ..."

තව තව මොන මොනාදෝ කියද්දි අපි ඉක්මන් ගමනින් එතනින් මාරු වුනා.කතාවෙ කතාවෙන් ටවුන් හෝල් එකට පයින් ආපු අපිට ඇවිදගෙන ආපු දුරක් තේරුනේ නෑ.. මග දිගට හිනා වෙවී,කෑගගහා ඇවිත් අපි නැවතුනේ ටවුන් හෝල් එක ළඟ බස් හෝල්ට් එකේ.දසුන් අපි එනකොටත් ඇවිත් හිටියා.

'ආ.. දසුන් අයියා.. කොහොමද ගණන් හැදුවාද??ඔයානම් ගනන්කාරයානෙ හදන්න ඇති නේද එළකිරිවගේ??"

හසී දසුන්ව දැකපු ගමන් ඇහුවා..දසුන්ට හොදටම හිනා.

"ඔව් ඔව් හසී..ආයෙත් අහලා. බලමුකෝ කාගෙ කාගෙත් ගණන් රිසාල්ට් ආවාම.."

දසුන් හිනා වෙවී හසීට කිව්වා..

"බලමු බලමු..ආ.. ඒක නෙවෙයි දසුන්ට බිස්කට් නෑ නේ..කොලේ විතරයි ඉතුරු..සොරි වෙන්න ඕනෙ.."

"ආ..මගේ බිස්කට් දෙකෙන් මම එයාට එකක් ඉතුරුකරන් ආවා.." මම මගේ අතේ තිබුණූ බිස්කට් එක දසුන්ට දෙන ගමන් නිශාට කිව්වා..

"ආව්ව්... අන්න නියම ප්‍රේමවන්තියෝ.. ආදර්ශයට ගනිල්ලා.."

හසී කෑගැහුවා.. දසුන්ටත් මටත් හිනා. හැමෝම හිනා වෙවී බලන් හිටියා.ඊළඟට ආපු බස් එකට නැගගත්තු අපි ඉඩ තිබුණු තැන්වලින් වාඩිවුනා.දසුනුත් මාත් සෙනඟ වැඩිපුර හිටපු නැති බස් එකේ එක ළඟින් වාඩිවුනා.
"කොහොමද පේපර් එක?"

දසුන්ගෙ පළවෙනි ප්‍රශ්නෙ වුනේ පේපර් එක ගැන.

"අනේ මංදා. මට ලොකු බලාපොරොත්තු නෑ..පාස් වුනොත් ඇති..මම ඒ ගැන කතාකරන්නවත් ආස නෑ දසුන්..හුඟාක් ප්‍රශ්න සම්පූර්නයෙන් කරන්න බැරිවුනා.ඔයාට කොහොමද දසුන්?"

"ම්ම්.. මටත් එහෙමයි..අනේ මංදා..මොනා වෙයිද කියලා..බලමුකෝ..."

"ඔයාට දෙන්න බඩ්ඩක් ගෙනාවා..ඉන්නකෝ"
මම බෑග් එකේ දාගෙන ආපු පිරිත් නූල එළියට ගත්තා.

"මොකක්ද මධූ??"

"පිරිත් නූලක්.."

"ආ.. මට එකක් අතේ තියනවනෙ.."

හිත ඩිංගක් රිදුනා. ඒත් මම හිනා වුනා.
"එකක් තිබ්බට මොකද දසුන්..මේක මම දෙන එකනෙ. ඉන්න මම බඳීන්නම් ඔයාගෙ අතේ.."

"එපා එපා. බස් එකේනෙ..මම ගෙදර ගිහින් බැඳගන්නම්.."

මගේ මූණේ ඉරියව් වෙනස් වුන නිසාමද කොහෙද ,දසුන්ට ඒ බව තේරුණා.

"ඕකට මූන ඇද කරගන්න එපා.මම ගෙදරගිහින් බැදගන්නම්..ප්‍රොමිස්."

දසුන්ගෙ පොරොන්දුව මම හිතේ ලියාගත්තා..
------------------------------------------------------------------------------------------------------------
විභාගේ තිබුණු දවස් ගෙවිලා ගියේ හරිම ඉක්මණට. කොහොම වුනත් ගණන් 2වෙනි ප්‍රශ්න පත්තරේ තිබුණූ දවස මහා මූසලම මූසල දවසක් වුනා මට. කිසිම ගාණක් හරියට හදාගන්න බැරිවුනු ඒ ප්‍රශ්න පත්තරේ මගේ හිත කඩාවැට්ටුවා.මගේ නොහැකියාව ප්‍රශ්න පත්තරේ පිට දාපු මම හිත හදාගන්න කොයිතරම් උත්සාහ කලත් මට ඒ දේ කරන්න බැරිවුනා. විභාගෙ යන්තම් හරි පාස් වේවී කියලා තිබුණු බලාපොරොත්තු සුන් වෙලා ගියා.

හුගක් දෙනෙක් ගණන් 2වෙනි ප්‍රශ්න පත්තරෙන් පස්සෙ විභාගෙ ගැන අහස උසට තියාගෙන තිබුණූ බලාපොරොත්තු අතෑරලා තිබූනා.බලාපොරොත්තුවක සේයාවක් තිබුණූ මට තවත් හිතන්න දෙයක් තිබුණේ නෑ.. දසුන්ටත්  එහෙමයි කියලා කිව්වත් දසුන් විභාගෙ කොහොමත් හිතින් අතෑරලා තිබුණු නිසා, එයාට ඒදේ ලොකු දෙයක් වුනේ නෑ..

වැටුණූ මොහොතට නැගිටවන්න කෙනෙක් නැති තැන, තනිවමම ධෙර්‍ය අරන් නැගිටපු මම ඉතිරි විෂයන් දෙකත් පුළුවන් විදියට කළා.විභාගෙ ඉතිරි දවස් කීපයකම දසුන් මට හමුවුණත්, එකම දවසකවත් මම දීපු පිරිත් නූල දසුන්ගෙ අතේ තිබුණේ නෑ..ඒ ගැන අහලා තව තවත් රිදවගන්න ඕනෙ නැති නිසා මමත් දසුන්ගෙන් ඒ ගැන වැඩිදුර ඇහුවෙ නෑ..

විභාගෙ ඉවර වුණූ අන්තිම දවස,ඉංග්‍රීසි තිබුණූ දවස නොවුනත්, පොදු පරීක්ෂනය තියන දවසට තව සතියක්ම තිබුණූ නිසා අපි විභාගෙ ඉවර සංතෝසෙ සමරන්න යොදාගත්තෙ ඉංග්‍රීසි දවසයි. කොළඹ නගරේ බහුතරයක් වුනු කාගෙ කාගෙත් විභාග අන්තිම දවස ගෙවුනේ KFC, McDonald,pizza Hut,එහෙම නැත්තම් ExcellWorld, වගේ තැන් වලයි. අපේ කට්ටියත් කතාවෙලා තිබුණේ අපිත් එදාට කොහෙහරි ගිහින් කාලා බීලා ගෙදර යමු කියලායි.විභාගේ ලේසිම පේපර් එක වුනු ඉංග්‍රීසි පේපරේ දඩිබිඩි ගාලා ලියලා දාපු අපි එදා දවල් එකතුවෙලා විභාගෙ ඉවරවුනු සතුට උපරිමේට සැමරුවා. දසුන් එයාගේ ඉස්කෝලෙ යාලුවොත් එක්ක සතුට සමරන්න එකතුවෙලා හිටපු නිසා එදා දවසෙ අපි හම්බ වුනේ නෑ..

අවසානෙදි පොදු පරීක්ෂනේ ලියන්න කලින් සතියක්ම තිබුණූ නිවාඩුවෙ ,මට ගෙදරට වෙලා කම්මැළීකමේ ගත කරන්න වුණා.ඒ සතියෙම දසුන්ට මාව ඒ තරම් ගාණක් වුනේ නෑ..කෝල් එකක්වත්, මැසේජ් එකක්වත් අඩුමගාණේ මිස්කෝල් එකක්වත් දෙන්න දසුන්ට මාව මතක් වුනේ නෑ....ඒ වගේම දසුන් යාලුවොත් එක්ක ගමන් බිමන්, පාට් ,ට්‍රිප් ගියත් මට කිව්වෙ නෑ..මම කතා කලොත් ඇරෙන්න දසුන් මාත් එක්ක කතා කලේවත් නෑ..

"විභාගෙ ඉවරවුනත් හරි දසුන් ආයෙමත් කලින් වගේ වෙලාද??" මම හුඟාක් හිතින් කරදර වුණා. එක මොහොතකට හරි තිබුණූ සැනසීම ආයෙමත් නැති වෙලා නේද කියලා හිතුණා.

පොදු පරීක්ෂණේත් ඉවර වෙලා කාලය ගත වුණා. හුඟාක් දෙනෙක් ඊළඟට මොකද කරන්නෙ කියලා හිතලා තිබුණා.ජීවිතේ ඊළඟ අඩිය තියන්න ලෑස්තිවෙලා උන්නා. නමුත් පුදුමයක තරම්, මට මගේ අනාගතේ ගැන කිසිම හැඟීමක්, තේරුමක්, බලාපොරොත්තුවක් තිබුණේ නෑ.. දැනුණේ එකම හිස් බවක් විතරයි.ඒ නිසාම මම දසුන්ට කතා කරපු වෙලාවක ,හිමින් සැරේ දසුන්ගෙන් ඒ ගැන ඇහුවා. 

"ඔයා මොකක්ද දසුන් දැන් කරන්න ඉන්නෙ?මටනම් මේ කරන්න දෙයක් හිතාගන්න බැරිව ඉන්නෙ.ආයෙත් විභාගෙ කරනවද, නැත්තම් මොනා කරන්නද කියලා"

"මම මොනා කරන්න්ද ඉතින්.. BC යන්න හදන්නෙ.ගෙදරින් යන්න කිව්වා.IELTS කරන්න ඕනෙනෙ."

"අහ්හ්හ්... දැන්ම??"

මම කිව්වා නෙවෙයි මට කියැවුණා.

"දැනම් අහන්නෙ.. රට යන්න කලින් කරන්න ඕනෙනෙ..ඔයා මේ නිකන් බොරුවට දඟලන්නෙ නැතිව ගෙදරට වෙලා රෙස්ට් කරන්න. විභාගෙ ඉවර වෙලා මාසයයි..නිකන් මැරෙන්න හදන්නෙ."

දසුන්ගෙ කතාව එන්න එන්නම රළු වුනා.මම අතීතෙයි, අනාගතෙයි, වර්තමානෙයි අතරේ අතරමං වුණා..මිනිස්සු වෙනස් වෙන්නෙ පුදුම ඉක්මණට, එක මොහොතකින්, කාලය ගතවෙන එක තත්පරයකින්, කෙනෙක්ගෙ සිතුවිලී අරමුණූ බලාපොරොත්තු වගේම ලේ වලින් දුන්නු පොරොන්දුත් වෙනස් වෙනවා.මගේ ජීවිතේ මේ වෙන වෙනස්කමුත් දෛවය මට කරන නපුරුකම් වල ප්‍රතිඵ්ලද කියලා මම කල්පනා කලා.

"දසුන් ඉක්මණට රට යාවිද? මම මොනා කරන්නද? මට මොනා වෙයිද?දසුන්ව මට නැතිවෙයිද?"
දාහක් ප්‍රශ්න මගේ ඔලූවෙ හොල්මන් කළා. අරමුණක් නැති මගේ ජීවිතේ අතරමැද මම අසරණ වෙලා කියලා දැනුනා........
-------------------------------------------------------------------------------------------------------------
දසුන්ගේත් මධූගෙත් සුන්දර ආදර කථාවට ඉදිරියේ කුමක් වෙයිද??දුක් කම්කටොළු සියල්ල දරාගෙන දසුන් වෙනුවෙන් මහා ගොඩක් ආදරේ තුරුළු කරන් උන්නු මධූ ට දසුන්ව සදහටම අහිමි වෙයිද ??හමුවෙමු තවත් දුක්බර කොටසකින්..........   


ජීවන මග අතරමැදදි කුළුඳුලේම , අහිංසක පිරිමි ඇස් දෙකකින්,  කප්පරක් හීන බලන්න පෙරමං තනපු පුංචි සමනළියක්......ආදරේ අකුරු හතර ඉව කරන් යන, සදාකාලික නොවුනු පියවර කීපයක ,ඉතිරි පියවර ලබන සතියට............  

Post Comment

09 February 2012

ආදරේ නාමයෙන් හිර කූඩුවක-(අවසාන කොටස)

ආදරේ නිසා හිරේ විලංගුවෙ වැටුණූ ටැටූට මොකද වුනේ කියලා බලන් ඉන්න අයට කතාවෙ ඉතිරි ටික කියන්නයි යන්නෙ...

ඊට කලින් මුල කොටස් නොකියවපු අය කියවලා එන්න-->>

අද එතැන් සිට....

-------------------------------------------------------------------------------

ඔන්න ඉතින් එදා බ්‍රහස්පතින්දා රෑ ටැටූට රැය පහන් කරන්න වුනේ පොලිස් කූඩුව ඇතුළෙයි. කවදා කාපු ටකරං ද කියලා හිතුණත්, "ආදරේ" වෙනුවෙන් අපායට හරි යන්න ලෑස්ති පිට උන්නු ටැටූට කූඩුවෙ ඉන්න එක ලොකු දෙයක් වුනේ නෑ..ඒ මොහොතෙත් ටැටූ හිතුවෙ පින්කි ගැනයි. 

"පින්කිට මොනා වෙලා ඇත්ද?,ආයෙත් පින්කිව හොයාගන්න බැරිවෙයිද?,මේකෙන් එළියට ඇවිල්ලා හරි පින්කිව හොයාගන්නෙ, පින්කිව ළඟට ගන්නෙ කොහොමද ?"ඔය වගේ දාහක් ප්‍රශ්න ටැටූගෙ ඔළුවෙ වැඩ කළා.

පොලිස් කූඩුව ඇතුළත් මහ අමුතුම ලෝකයක් කියලා ටැටූට තේරුණේ එදා තමයි.ඇතුළෙ උන්නු සමහර අය  ඇවිත් තිබුණේ,ටැටූගේ වගේ පුංචි පුංචි ප්‍රශ්න වලට වැරදිකාරයෝ වෙලා එහෙම නෙවෙයි.ඒ වගේම හිටපු සමහර උදවිය හොඳ පුරුදුකාරයෝ.


"මල්ලී... මොකක්ද කේස් එක ආ...??"


කූඩුවෙ ඇතුළෙ හිටපු ලොක්කෙක් ටැටූට කතා කරලා විස්තර එහෙම ඇහුවා.ටැටූත් ටිකක් තිගැස්සිලා හිටිය නිසාම වටින් ගොඩින් විස්තරේ කියලා දැම්මා.


පහුවදාට උසාවීයට ඉදිරිපත් කරනකම් ටැටූට පොලීසියේ කූඩුවෙ සැප විඳින්න සිද්ධ වුනා.ටැටූ එක්ක ගුටි බැට හුවමාරු කරගත්තු අංකල් ඉස්පිරිතාලෙ නැවතිලා සැප ගන්න තීරණය කරලා තිබුණා.ලොකු තුවාලයක් අමාරුවක් නොතිබුණත්,නීතියෙන් ටැටූව වැරදිකාරයෙක් කරන්න පුළුවන් පහසුව ගැන හිතලමද කොහෙද අංකල් ඉස්පිරිතාලෙ නැවතිලා තිබුණා.


රෑ වෙනකම්ම පොලීසියට වෙලා ටැටූව නිදහස් කරන්න විදියක් හොයපු ටැටූගෙ අම්මායි තාත්තායිත් ටැටූ කූඩුවෙ ඉන්න එකට හුඟාක් දුක් වුනා.කදූළු පිහද පිහද ටැටූගෙ නිදහස වෙනුවෙන් මහන්සි වුනු ටැටූගෙ අම්මාට එදා රෑ ගෙදර යන්න වුනේ නම් හිස් අතින්මයි.ඒත් පහුවදා උසාවියෙන් නිදහස් කරගන්න බලාපොරොත්තුව ඇතිව,අමාරුවෙන් හරි දරාගෙන ටැටූගෙ අම්මාටයි තාත්තාටයි ගෙදර යන්න සිද්ධ වුණා.


එදා රෑ ටැටූ ළඟට ආපු පොලිස් නිළාධාරීන් කීපදෙනෙක්ම ටැටූගෙන් විස්තර ,වැඩිදුර තොරතුරු අහලා තිබුණා.උසාවියෙන් ඇප මත නිදහස් කරාවි කියලා විශ්වාසයක් තිබුණ නිසා ටැටූ කොහොමහරි දරාගෙන කූඩුවෙ කල් මැරුවා.


සිකුරාදා උදේ ඉර පායනකම් නොඉවසිල්ලෙන් බලාගෙන උන්නු ටැටූ, ඊළඟට බලාගෙන හිටියෙ උසාවියට ගෙනියන වාරය එනතුරුයි.


උසාවියට ගෙනියපු ටැටූ වෙනුවෙන් ටැටූගෙ දෙමව්පියො ඇවිත් තිබුණාත්, පින්කිගෙ ගෙදරින් කිසිම කෙනෙක් ඇවිත් තිබුණේ නෑ..අල්ලපු ගෙදර අංකල් එක්ක ටැටූගෙ ඇති වුනූ රණ්ඩුව නිසා පොලිස් කූඩුවෙ ඉන්න වුනු ටැටූට චෝදනා එල්ල වෙලා තිබුණෙත් අංකල්ගෙන්මයි.ඒත් අංකල් තුවලායි කියලා ඉස්පිරිතාලෙ නිසා, නඩුවට අඩුමගාණෙ අංකල්වත් ඇවිත් තිබුණේ නෑ..


ඔය අතරේ ටැටූ උසාවියෙ තමන්ගෙ නඩු වාරය එනකන් ඉන්න වෙලාවෙ,මත්කුඩු ළඟ තියාගෙන අහුවෙලා ඇවිත් හිටිය ගෑණූ අය කීපදෙනෙකුත් ළඟින් යන්න වෙලා තිබුණා.


"ආයි...අප්පා...මූ කොහෙ ඉඳලාද ඇවිත් තියෙන්නෙ?? පොඩි එකෙක්නෙ"


ඇන්ටිලා ටික ටැටූට නෝන්ඩි දාලා තිබුණෙත් එහෙමයි.මේ සිද්ධි නිසා ටැටූ ටිකක් අන්දුන්කුන්දුන් වෙලා තමයි හිටියෙ.ඔය අතරේ උසාවියෙ හිර කූඩුවෙ ඇතුළෙදි ටැටූට තවත් අමුතු අමුතු අය හම්බුණා.


"අහ්..මල්ලී මොකක්ද තමුසෙගෙ කේස් එක?කොහෙ ඉඳන්ද තමුසෙ ආවෙ?"


ඇතුළෙ හිටිය හිරකාරයන්ගෙ ලොක්කා වගේ කෙනෙක් ටැටූ එක්ක කතාවට වැටුණේ එහෙමයි.


"මල්ලී අද පැනගන්න බැරිවුනොත් ඉන්න වෙයි ආයෙත් සඳූදා වෙනකම්ම මෙහෙ.කියන්න බෑ ඉතින් මෙව්වායෙ රාජකාරි.."


ටැටූ හොදටම බය වුනේ එහෙම කිව්වට පස්සෙයි. මේව ඇතුළේ දවස් දෙක තුනක් ඉන්නවා කියන්නෙ කරුමයක් බව ටැටූට කූඩුවෙ ගත කරපු එක දවසින්ම තේරුණා.


නමුත් ටැටූ ඒ තරම් අවාසනාවන්ත වුනේ නෑ..ටැටූගෙ නඩු වාරේදි රු.50000 ක ශරීර ඇප මත ටැටූව නිදහස් කළා.ඊළඟ නඩු වාරේ ජුනි දක්වා කල් ගියා.


දෙයියනේ කියලා ටැටූට නිදහස් වෙන්න පුළුවන් වුනත්,ඊළඟට තිබුණු ලොකුම ප්‍රශ්නෙ වුනේ පින්කි ගැන හෝඩුවාවක් නැති එකයි.පින්කිලාගෙ ගෙදර වහලා දාලා තිබුණා.පින්කිවත් අරන් ගෙදර අය හැංගිලා හිටියා.ටැටූට පින්කි ගැන දැනගන්නතුරු ඉවසිල්ලක් තිබුණේ නෑ..ඒ නිසාම පහුවදාම පොලීසියට ගිහින් අදාළ උපදෙස් මත පොලීසියෙ පැමිණිල්ලක් දැම්මා.පින්කි කියන්නෙ ඒ වෙනකොට ටැටූගේ නීත්‍යානුකූල බිරිඳ නිසා, පොලීසියෙන් කිව්වෙ පැමිණිල්ලක් දාලා පින්කිව ගෙන්න ගන්න පුළුවන් කියලයි.


ටැටූ ගේ පැමිණිල්ල නිසාම පින්කිගෙ ගෙදර අයට පින්කිව එක්කගෙන පොලීසි එන්න සිද්ධ වුණා.දෙපැත්තෙම කට්ටිය ඉන්න වෙලේ සාමදානෙන් ප්‍රශ්නෙ විසදගන්න ටැටූත්,ගෙදර අයත් උත්සාහ කලත්,පින්කිගෙ ගෙදරින් ඒකට කැමති වුනේ නෑ..


අවසානෙදි පින්කිගෙ තීරණේ ගැන පොලිසීයෙන් ඇහුවා.පින්කි එක හෙලාම කිව්වෙ ටැටූ ගාවට යනවා කියලයි.පින්කිගෙ ගෙදරින් කිව්වෙ එයාලගෙ කැමැත්ත නම් ලැබෙන්නෙ නෑ කියලයි.අන්තිමේදි ටැටූ පින්කිගෙ දෙමව්පියෝ ඉදිරියේ බැගෑපත් වුණා.


"අම්මේ..ප්ලීස් අපිට මෙහෙම කරන්න එපා.දැන්වත් අපිට ආශිර්වාද කරන්න."


"මට අම්මෙ කියන්න එපා."


පින්කිගෙ අම්මාගෙන් ලැබුණේ එහෙම ප්‍රතිචාරයක්.


මොනතරම් කරුණු පැහැදිලි කලත්,පින්කිගෙ ගෙදරින් තදින්ම විරුද්ධ වුණා මිසක් බුරුලක් දුන්නෙ නෑ.අවසානෙදි ටැටූගෙ දෙමව්පියොත්, පින්කිව භාරගන්න කැමති වුනා.පින්කිගෙ අම්මායි තාත්තායි රණ්ඩු කරලා,බැනලා යන්න ගියා.පින්කි ටැටූ ළඟ නතර වුනා.අද වෙනකොට පින්කියි ටැටූයි සතුටින් ඉන්නවා.


ඒත් පින්කිගෙ දෙමව්පියෝ මීට වඩා චුට්ටක් හරි ළම්යින්ගෙ පැත්තෙනුත් බැලුවානම්,මීට වඩා චුට්ටක්වත් නම්‍යශීලී වුනානම්,පින්කිත් ටැටූත් මීට වඩා වෙනස් විදියකට එයාලගෙම වෙන්න තිබුණා.මෙච්චර කරදර,ප්‍රශ්න වැරදි නොවී ලස්සන විදියකට එකතු වෙන්න තිබුණා.මටනම් මේ කතාව ඇහුවාම හිතුනේ එහෙමයි.


හැමදේම වෙන්නෙ හොඳටයි කියලා පෙරළුනු පිට හොඳයි කියලා,දැන් දෙන්නා සංතෝසෙන් ඉන්නවා.ටිකක් ආවේගශීලී කලබලකාර දඩබ්බරයෙක් වුනත්, ටැටූ කියන්නෙ හොඳ පෙම්වතෙක්..අවුරුදු ගාණක් තිස්සෙ ආදරේ කරන්න, එකම හදවතක්, එකම ආදරයක් හිතේ රඳවගෙන ඒ වෙනුවෙන් දුක් වේදනා, නින්දා අපහාස චෝදනා විඳින්න,දරාගන්න පුළුවන් ශක්තිමත් හිතක් ටැටූට තිබුණා.


කොහොමවුනත් අවසානයේදි ටැටූත්,පින්කිත් එකතු වුනා!! ඉස්සරහටත් මොන බාධක ආවත් ඒ හැම බාධකයක්ම ජයගන්න ශක්තිය ධෙර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!


අවසාන වශයෙන් සත්‍ය ප්‍රේමය කවදා හෝ ජය ගනී කියන්නෙ සැබෑවක්මයි!!!! ;) (මේ කතාවට අනුව) :p




ප.ලි- මේ සත්‍ය කතාවක්. ඒ වගේම.මේ කතාව ටැටූගෙ සම්පූර්න අවසරය ඇතිවයි මගේ බ්ලොග් එකේ පළ කලේ.

Post Comment