නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

25 September 2012

- පොත් අතරේ ඇස් -


පොත් රාක්ක අස්සෙ,                                                        
පොත් පිටු අතරෙ,
එබිකම් කර කර මම හෙව්වෙ....,
හුස්ම වැටෙන අකුරු පේළි නෙවෙයි......
සත්තමයි මම හෙව්වෙ......,
අතරමගදි මඟහැරිච්ච,
ඔයාගෙ ඇස් විතරයි.............

ගිනි ගහන අව්වේ,
මග දිගට තනිපංගලමෙ,
පැද්දි පැද්දි මම ආවෙ..........,
එක්ක එන්න කවුරුත් නැතිවට නෙවෙයි............
සත්තමයි මම තනිවම ආවෙ......,
තනිකම තරම් ලෙංගතු
තවත් කෙනෙක් නැති හින්දායි..........

ඉරිතැළුණු හිත ඇතුළෙ,
තෙත් වුණු ඇස් අස්සෙ,
ඔය රුවම, ඔය ඇස්ම මම හෙව්වෙ....,
චංචල ගැහැණු හිත නිසා නෙවෙයි....
සත්තමයි මම හෙව්වෙ.........,
හුරුපුරුදු හිතක ලෙංගතු සුවඳ
අහම්බෙන් වගේ දැනුණු නිසයි....................



ප.ලි-  හුඟාක් කාලෙකින්!!! හිතුවක්කාරී අතුරුදහන් වෙලාද කියලා හොයලා බලපු අයට ස්තූතියි!!! බ්ලොග් එකේ මකුළුදැල් ටික පොඩ්ඩක් කඩලා දාලා යන්න ආවා.. ආසාවෙන් ලිව්ව බ්ලොග් එක පාළු වෙලා යද්දිත් දුකයි!!

මේ ටිකේම මගේ අභාගේ, "විභාගේ" :(  විභාග ආතතිය යන්නත් එක්ක පද ටිකක් ඇමිණුවා... :D නැතුව අත්දැකීමක් එහෙම නෙවෙයි ඔන්න.... :P
ආයෙත් (ටික)කාලෙකින් හම්බෙමු එහෙනම්!!! ජය වේවා!!!


Post Comment