නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

23 January 2013

෴හිරු සඳු එකවර දෙපස නැගී 2 ෴

෴හිරු සඳු එකවර දෙපස නැගී 1 කොටස෴


මුළු ජීවිතේම ආදරේ කරගෙන, හැම බැඳිමකටම වඩා ආදරේ වෙනුවෙන් කැපවීගෙන , අන්තිම අංශුමාත්‍රයටම අවංකව ජීවත් වුනත්.., කාලයට පුළුවන් ඒ හැම දෙයක්ම වෙනස් කරන්න.පැණි වරකා ගස් වලටත් හෙණ ගහනවා කියන්න වගේ,  එකට බද්ධ වෙලා තියෙන හදවත් මොහොතින් වෙන් වෙනවා ,මේ ගතවුනූ ,මම ජීවත් වුනු කාලෙ ඇතුළත ඕනෑතරම් අත්දැකලා තිබුණ දෙයක්.

සමහර බැඳිම් වලට නමක් දෙන්න අමාරුයි. තවත් සමහර බැඳිම් වලට දෙන නම් අර්ථශූන්‍යයි. තවත් සමහර බැඳීම් කියන්නෙ මවාපෑමක් විතරයි. තවත් සමහර බැදීම් හුඟාක් ගැඹුරුයි.., තේරුම්ගන්න බැරි තරමට. මේ නානාවිධ බැඳිම් අස්සෙ, මම හෙව්වෙ අපේ බැඳීම් වලට තේරුමක්.. ඒත්, ජීවිතේ ගැනවත් හරියට ,එක මිටකට ගන්න තරම් දැනුමක් නැතිව, බැඳිම් ගැන හොයන්න යන එක මෝඩකමක් කියලා හිතුනා.
 හැමදෙයක්ම වෙනස් වුනෙ උත්පල ආපහු මේ ජීවිතේට ආපු නිසා. අනේ එහෙම නොවුනානම්..,කියලාත් නොහිතෙනවා නෙවෙයි. ඒත්..,

"මම ඔයාට තාමත් ආදරෙයි සම්මානී.. මම ජීවිතේ එකම එකසැරයක් වැරදි තීරණයක් ගත්තා. ඒ ඔයාව දාලා ගිය එක.ඒත් එදා ඉඳන් අද වෙනකම් ම, මොහොතක් මොහොතක් ගානෙ මම ඒ තීරණේ ගැන පසුතැවුනා. ..."
හීනෙන් වගේ උත්පල ගෙ වචන මට දෝංකාර දෙන්න පටන්ගත්තා.ඇත්තටම මට ඕනෑ කලෙත් ,සදහටම උත්පල ළඟට යන්න.ඒත්, හිත පුපුරු ගහන්න වේදනා දෙන දහම් ගැන ඇතිවෙන අනුකම්පාව, මාව නවත්වගෙන, අල්ලගෙන ,හිතින් බැඳලා තියාගෙන.

මොනතරම් ප්‍රතිපත්ති ගරුක කෙනෙක්ට වුනත්, ඒ ප්‍රතිපත්ති කඩලා දාන්න එකම එක අවස්ථාවක් හරි දෙන්න කාලයට පුළුවන්  . කාලය ඒ තරමට මිනිස්සුන්ගෙ ජීවිත වලට බලපෑම් කරන්න පුළුවන් සාධකයක් කියන දේ මම දැනගත්තෙ මීට ටික කලකට කලින්.

හැමදේකටම කාලයට දොස් කියලා මම නිර්දෝෂී වෙන්න උත්සාහ කලත්..,හෘද සාක්ෂිය මාව පැරැද්දුවා."උඹ වැරදියි..උඹ වැරදියි..උඹ වැරදියි..." මගේ යටි හිත මට චෝදනා කලා. ඒත් මගේ උඩු හිත හැම වෙලේම උත්සාහ කලේ මම නිවැරදියි කියලා ඔප්පු කරන්න. 

ඔළුවෙන් හිටගෙන විසඳන්න හැදුවත්, එකවර දෙන්නෙකුට ආදරේ කරන්න පුළුවන් කියන තර්කයට සමාජෙන් දිනන්න දෙන්නෙ නැති බව  ඉරහඳ තරම් විශ්වාසයි.චපලකම, නොහොබිනාකම,වනචරකම.., ඒ විතරක් නෙවෙයි වංචාව .., තව හුඟාක් වචන තියේවි හිත පතුරු ගැහෙන. කොයිතරම් අපහාස මැද වුනත් එහෙම කතාන්දර මේ අහස යට මොනතරම් ඇතිද?ඒත් අහස පොළොව නොඋහුලන අසාධාරණකම් පොකුරු පිටින් සිද්ධ වෙන සමාජයක් ඇතුළේ ආදරේට මොන සාධාරණයක්ද?

"මොකද සම්මානි ඔෆිස් ආව වෙලෙ ඉඳන්ම කල්පනාව?මොකුත් ප්‍රශ්නයක්ද?"
හදිස්සියෙම නදී ඇවිත් කතා කළාම , මම ඔරලෝසුව දිහා බැලුවා.

"දන්නෙම නැතුව ලන්ච් ටයිම් එකත් ඇවිල්ලා."

 අද දවසෙ මේ වෙනකම්ම මම ගත කලේ කල්පනා කර කර බව හැබෑවක්. වෙනදාට ලන්ච් ටයිම් එකට නදී ව හොයාගෙන යන්නෙ මම වුනත්, අද නදී මාව බලන්න එනකම් ම මට සිහියක් තිබුණෙ නෑ..ඒත්, කරදරෙන්, හිත අසතුටින්, පීඩනෙන් ඉන්න වෙලාවට හැමදේම නොරිසුම්සහගතයි.කෙනෙක් අනුකම්පාවෙන් කතා කළත්, හොඳින් කතා කළත්, මනුස්සකමට උදව් කරන්න කතා කළත්, එහෙම වෙලාවලදි වැරදියට පෙනෙන්න පුළුවන්.

"මෙයාටත් ඕනෙ නැති මඟුලක් නෑ.. කල්පනා කලාම, කතා නොකලාම ප්‍රශ්නයක්ද කියලයි අහන්නෙ, අසනීපයක්ද කියලා ඇහුවානම් කමක් නෑ.."

සුපුරුදු නොරිස්සුම්සහගත බව මටත් හරස් කැපුවා.ඒත් මම මගේ පාලනය අතට ගත්තා. අමාරුවෙන් වුනත් මම ඉවසීමෙන් වැඩකරන්න හිතට ගත්තෙ ධෛර්‍යන්.

"ම්ම්ම්.. ටිකක් ඔළුව කකියනව නදී.. මම හාෆ් ඩේ දාලා යන්න කියල බැලුවෙ." ළඟම කෙනෙක්ට හිතේ තියෙන ප්‍රශ්න කියල දාලා හිත සැහැල්ලු කරගන්න උවමනා වුනත්,මගේ ප්‍රශ්නෙ නදීට කියන්න මම මැළිවුනා. මම බය වුනා. මොනතරම් සමීපකමක් තිබුණාත්, මෙහෙම අවස්ථාවක් ගැන තේරුම්ගන්න නම් උපේක්ෂාසහගත වෙන්න ඕන.නදී  හොඳ බුද්ධිමත් කෙනෙක් වුනත්.., මෙහෙම අවස්ථාවක් ගැන නදීට කිවොත් නදී මා ගැන වරදවා තේරුම්ගනී කියන බය මට දැනුණා.

"ආ.. ඒ මොකද? ඇසුත් ටිකක් තඩිස්සි වෙලා තමා." නදී මගෙ නළලට අත තියලා උණ බැලුවා.මොහොතකට කලින් නදී ව නොරිස්සීම ගැන මම පසුතැවුනා. 
"උණක් නම් නෑ...කෝකටත් සමී ගෙදර යන්න එහෙනම්.."

"ඒකතමා නදී, මම ටිකකින් යනවා." නදීට බොරුවක් කිව්වා වුනත්, හදිස්සියෙම මම තීරණයක් ගත්තා.ඒ දහම් ව මුණගැහෙන්න යන්න.

------------------------------------------------------------------------
"ඇයි අද හදිසියෙම මාව මතක් වුනේ....." ආදරේ, පුදුමය වගේම සතුට උතුරන ඒ වචන මාව හිරිවැට්ටුවා..
දහම් ගෙ ඒ හිනාවත් මගේ හිතට දරාගන්න බැරිතරම් ලොකු බරක් වුනා. ඒ ඇස් ඉස්සරහා ඉන්නෙ , අවංක ආදරේකට ද්‍රෝහි වෙලා සදහටම යන්න හදන කෙල්ලෙක් කියලා, දහම් දන්නවානම්...?

"පව්ව්...." මගේ හිත වැලපුනා.ඊටත් වඩා වචනයෙන් විස්තර කරන්න බැරි අමුතු හැඟීමක් මාව රිදෙව්වා..ඒත්, හැමදාමත් දහම් ළඟ අනුකම්පාව වෙනුවෙන් රැඳිලා ඉඳලා පලක් තියේවිද? 
"මොකද කතා නැත්තෙ මේ? " ඒ ගමන දහම් පුදුමයෙන් වගෙ මගෙ දිහා බලන් උන්නා. මට ඒ ඇස් දිහා බලන්න බැරි වුනා. කවදාකවත් වංක නොවුනු මට, පළවෙනි වතාවට කෙනෙක්ගෙ ඇස් මඟ හරින්න වුනා.ඒ  වංක කම කියලා දැනුනු නිසා.

"මට පටන්ගන්න තැනක් හිතාගන්න බෑ දහම්.." 
ජීවිතේ අන්තෙටම පැරදිලා ඉද්දිදි අත දීපු කෙනෙක්, නැගිටින්න හයිය දීපු කෙනෙක්, දුක නැති කරලා සතුට ළං කරන්න අප්‍රමාණ කැපවීම් කරපු කෙනෙක් ඉස්සරහා , ජීවිතේ තරම් ආදරේ කරන කෙනෙක් ඉස්සරහා ,"මම වෙන කෙනෙක්ට ආදරේ කරනවා.." කියලා කියන්න පුළුවන්ද? කොහොම එහෙම කියන්නද..,?

 ඒත් කිසිම දෙයක් නොකියා, කිසිම පැහැදිලි කිරීමක් නොකර, දවසකට හරි ආදරේ කරපු හිතක් අතෑරලා දාලා යන්න තරමට ,මම ගුණමකුවෙක් නම් නෙවෙයි.මොකද, හේතුවක් නොකියා පලා යෑම කියන්නෙ ,කෙනෙක්ට සෑහෙන කාලයක් විඳවන්න අවස්ථාවක් හදලා දෙන එක. එහෙම කටුක අවස්ථාවක් වෙන නැති තරම් ඇති.ඒ නිසාම මට දහම් එක්ක කතා කරන්න ඕනෙ වුනා.

කාටවත්ම තේරුම්ගන්න බැරි වුනත්, දහම් මගෙ අසරණ කම තේරුම් ගනීවි කියලා මම තදින්ම විශ්වාස කලා. ඒත්, ඒ තේරුම්ගැනීමත් එක්කම මහ හුඟාක් ඒ හිත රිදෙන බවත් දැනගෙන උන්නා. හැමදේම පටන් ගන්න ඕනෙ විදිය ගැන අදහසක් තිබුණත්.., දහම් ට පැහැදිලි කරන විදිය ගැනවත්.., ඒකට ඕනෙ ආත්ම ශක්තියවත් නැතුව මම තව තවත් තැවුනා.

"මොකක්ද ප්‍රශ්නෙ සම්මානි? ඔයා ඔහොම කල්පනා කරද්දි මම කොහොමද ඔයා හිතන දේවල් දැනගන්නෙ?"
"ම්ම්.. ඔයාට කොහොමත් බැහැ මගේ හිත තේරුම්ගන්න..." ක්ෂණිකයෙන් අකුණක් පුපුරලා ගියා වගේ , මටම හිතා ගන්න බැරි වුනා මගෙ කටින් පිටවුනු දේ ගැන. දහම් ගෙ මූණ අඳුරු වළාකුලකින් වැහිලා ගියා.මොහොතක මට දැනුනෙ විශාල කුණාටුවක් අත ළඟ කියලාමයි.

"මොකක්ද මේ කියන්න යන්නෙ සමී? මගෙන් මොකක්ද වුනු වැරැද්ද?මම අඩුවක්වත් කලාද ඔයාට?"
ඒ හඬ වෙවුලනවා.. ඊටත් වඩා මගේ හිත ගැහෙනවා.., . ඒත් තවත් වචන හිරකරන් තේරුමක් නැති බව දැනුනා. ඒ නිසා මම වචන මුදාහැරියා.එන්න යන්නෙ කුණාටුවක් වග දහම්ටත් අවබෝධ වෙලා නිසාදෝ, ඒ ඇස් බලාපොරොත්තු රහිතව මැලවිලා තිබුණා.

මම මුල ඉඳන් හැමදේම.., අකුරක් නෑර දහම් එක්ක කතා කළා.අපි අපි වෙනුවෙන් ජීවත් වුනත්, කවදාවත් පිර වුනෙ නැති හිස්තැනක් මගේ ජීවිතේ මට තිබුණු වග මම කියවගෙන ගියා. ඇත්තටම මට පුදුම හිතුණා ඒ නිවුණු පිරිමි හිත ගැන. ආදරේ අහිමිවීමෙ වන්දිය ලේ වලින් පියවන යුගයක.., දහම්ගෙ හිත හැඟීම් දැනීම් නැති , මහ කළුගලක් වගේ කරගෙන නොසැලී හිටිය හැටි, මාව තවත් පුදුම කලා.ඒත් ඒ නිසාම මට මගේ හිත පැහැදිලි කරන්න ලොකු පහසුවක් වුනා.

"මම දන්නවා දහම්., මම වැරදියි. මට තිබ්බෙ මගේ දුක් ගන්න ඔයාව තෝර නොගෙන ඉන්න. ඒත් මම හදිසි වුනා දහම්. හිත දුර්වල වුනාම හුඟාක් මිනිස්සු තුත්තිරි ගහක හරි හයිය හොයනවා....මම ඔයාට වැරැද්දක් කරන්න හිතුවෙ නෑ.. මට දුකයි.."

"ම්ම්.. ඔව්. ඔයා මට වරදක් කරලා නෑ. ඒත් මම කල්පනා කලෙ මගෙන් කොතනද අඩුවක් වුනෙ කියලා.."

"නැහැ දහම්.. අඩුවක් වුනෙ නෑ.. ඔයා කියනවා වගේ , මට ඔයාට අනුකම්පා කර කර ජීවත් වෙන්න බෑ...

"මට අනුකම්පාව වැඩක් නෑ සම්මානි.. ආදරෙයි අනුකම්පාවයි දෙකක්. ඔයා හැමදාම හිතින් විඳව විඳව මට අනුකම්පා කර කර ඉඳලා මොකටද....?"

දෛවයට මම හිතින් ශාප කලා. කාලයට වෛර කලා. ජීවිතේ ගැන කළකිරුනා. එක හිතක් විතරක් අසරණ වුනානම්.., සමාවක් දෙන්න තිබුණා. කිසිම වරදක් නොකරපු, ආදරේ විතරක් කරපු හිතක් කඩා ඉහිරවන්න වුනු පවට මම මටම සමාවක් දුන්නෙ නෑ..

කඳුළු බිංදු අතරින්, මම පව්කාර මගේ සිතුවිලි දහම් එක්ක බෙදාගත්තා. කොයිතරම් කතා කලත්.., මොනතරම් කඳුළු දිය කරත්.., විසඳුම තිබුණේ මගේ ලඟ විතරක් බව දහම් මට මතක් කළා. 

" මට ඔයාව බලෙන් අයිතිකරගන්න ඕනෙ නෑ සම්මානි., ඔයාගෙ සතුට තියෙන්නෙ උත්පල ළඟනම්.., ඔයා යන්න. මම හිත හදාගන්නම්.. අඩුමතරමෙ ඔයා මට ඇත්ත කියලා යන නිසා.., මට හිත හදාගන්න පුළුවන්."

"ම...මංං.. කොහොමද...?"

" කොච්චර කතා කලත්, මේකට විසදුමක් හොයන්න මට බැහැ නේද සමී?? මට පුළුවන් ඔයාට සමාවදෙන්න. අපි මිනිස්සු.. අපිට වරදිනවා.. අපිට අපි සමාව නොදුන්නොත් කවුද දෙන්නෙ.?" 

දහම්ගෙ ඇස් බොර පාට වෙලා. ඒ ඇස් වල දුක මට හොදටම පෙනුනාත්.., මම අසරණ වුනා.තීරණයක් ගන්නම වෙනවා.. තවත් මේ හිත් පුච්චගෙන පලක් නැහැ..

"මට දුකයි දහම්.. ඔයා හුඟාක් හොද කෙනෙක්..,ඒත්......, ඒත්....., මම උත්පලට ආ..දරෙයි ......මට සමාවෙන්න දහම්.."





ආදරේ කරපු නුඹේ හිතම
රිදෙව්වා මහා හුඟාක් මම ම
ඒත් ආදරේ නිසාමයි  නේද,
වෙන් වෙන්න වුනේ අපි අපිට.....
දැන් ඉතින් කියාවි
මුළු ලෝකයම මට
චපලයි කියලා ගෑනු හිත් හැමදාම
වරදක් වුනා තමයි මගෙන් නුඹට
ඒත් ඇත්තටම චපලයිද මම?

                                       නිමි.


ප.ලි- අවසානය ගැන ඉතින් කියන දේවල් (චෝදනා) කියවන අයටම බාරයි.. :) ඒත් මෙහෙම දේවල් , මේ සමාජෙ අනන්තවත් වෙනවා. වෙන්න පුළුවන්. ඒ වගේම වෙයි. හරි වැරැද්ද ගැන හිතන එකත් , ඔයාලටම බාරයි!!! හිතුනු දෙයක් නිකමට ලිව්වා.එච්චරයි.

Post Comment

64 comments:

  1. Replies
    1. " මට ඔයාව බලෙන් අයිතිකරගන්න ඕනෙ නෑ සම්මානි., ඔයාගෙ සතුට තියෙන්නෙ උත්පල ළඟනම්.., ඔයා යන්න. මම හිත හදාගන්නම්.. අඩුමතරමෙ ඔයා මට ඇත්ත කියලා යන නිසා.., මට හිත හදාගන්න පුළුවන්."

      මේක ගැන කියන්න වචන නෑ නංගියෝ... මට ඇඬෙනවා මේ ඇත්තමයි... ලස්සනයි... දුකයි... වෙන මුකුත් නොකියා ඉන්නම් මම...

      Delete
    2. තව දෙයක්... මට මේ වගේ දෙයක් වුනා නම් මේ තරම් හොඳ වෙන එකක් නෑ මම නම්...

      Delete
    3. ඒත් එහෙමම කියන්නත් බෑ... ඒ කෙනා ඇත්තටම ආදරේ කලින් ආදරේට නම් යන්න දෙන එක වඩාත්ම හොඳයි නේද නංගෝ... :P

      Delete
    4. ප්‍රා අක්කි- හෆ්ෆේ... කලබලේට කමෙන්ට් දාන්න ගිහින් කියන්න ඕනෙ එව්වාත් අමතක වෙලා.. :p

      හික්ස්..... :D ම්ම්ම්....කාටද පුළුවන් බන්දේසියක තියලා තව කෙනෙක්ට පූජ කරන්න. එහෙම කරන අය ඉන්නවා ඇති.. මාර ඉවසීමක් තියෙන්නෙපැයි... :)

      දිනෙල්ක මල්ලි- හෆ්ෆේ!!! බයිලාත් තියෙන්නෙපැයි!!! :)

      Delete
  2. දාලා ගිය වෙලාවේ හිත හදලා බාර ගත්තු එකාටම කොකා පෙන්නලා මුලිං එකත් එක්ක යන එවුංට හරියන්නෑ සම්මානි...
    ඒ හිතුවක්කාරි සම්මානිට මං මෙහෙම කිවුවා කියලා කියන්න....
    :ඩී

    ReplyDelete
    Replies
    1. සම්මානි හම්බුනොත් කියන්නම්කෝ... ;)

      ඕක ඉතිං සම්මානිලාට විතරක් වලංගුත් නෑ...

      Delete
  3. තරියට ++++ මං කියන්න ආපු එක මූ කියලානේ ... ...
    මිනිස්සු කියන්නේ
    ඔනේ වෙලාවට ගන්නයි ..... හරි නෑ කියලා හිතුනාම විසික්කරන්නයි සෙල්ලම් බඩු නෙවෙයිනේ

    ඕක හින්දා තමයි මං ලංකාවෙන් නැතුව පැරිස් වගේ කෙල්ලෙක් දාගත්තේ............. මෙහෙ උන් හිතාගෙන ඉන්නෙ අපි සෙල්ලම් බඩු කියලා

    ReplyDelete
    Replies
    1. //මිනිස්සු කියන්නේ
      ඔනේ වෙලාවට ගන්නයි ..... හරි නෑ කියලා හිතුනාම විසික්කරන්නයි සෙල්ලම් බඩු නෙවෙයිනේ // අනිවාර්යෙන්ම :) ඕක කෙල්ලොන්ට, කොල්ලොන්ට කාටත් වලංගුයි!!!

      හික්ස්ස්.. ඒකනෙ හෆ්ෆා මමත් ඩේමන් වගේ රියල් හීරො කෙනෙක්ට ලව් කරන් ඉන්නෙ ;) :p ලංකාවෙ කොල්ලො හිතන් ඉන්නෙත් එහෙම තමා, මේ කතාව එක පැත්තක් විතරයි..

      Delete
  4. බොහොම අගනා නිමාවක් මේ නිමාවට මං කැමතියි.

    ReplyDelete
  5. kathawe kotas 2ma kiywa nango.lassana kathawak.ada samaje wena deyak.eth me api kohomada eka sarayak dala giya kollek apahu dala yana1k na kiyala wiswasa karane kiyana prashne mata meka kiyawaddi awa nango.digatama me wage katha liyamu.jayen jaya..! :)

    pradee(tedi)

    ReplyDelete
    Replies
    1. තැන්කූ අක්කියො!! ඇත්ත, ඔය ප්‍රශ්නෙ ගැන මම මෙතන කතාවෙන් ලිව්වෙ නෑ අක්කි. මීටකලින් කතාවක්නම් ඒ හා සම්බන්ධව ලිව්වා.. දාලා ගිය කෙනෙක් ආයෙ ආවාම භාරගන්නවා කියන්නෙ , අවදානමක් තමයි..මම හිතන විදියට. කතාවෙ සම්මානිට ඒවා අදාල වුනෙ නෑ.. :)

      තැන්කූ සෝ මත් අක්කි!!

      Delete
  6. වෙන නමක් තිබ්බෙම නැද්ද අරුට "උත්පල" කියලා දැම්මේ ?? O.o

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.., ඔයාගෙ නම දාන්නම් ආයෙත් කතාවක් ලියද්දි ;)

      Delete
  7. ආදරේ ....ගැලපුනොත් ජීවිතේ සුන්දරයි රහයි

    නොගැලපුනොත් ඒකෙ අනිත් පැත්ත....

    ReplyDelete
    Replies
    1. අනිවා... ඒක ඇත්ත අයියෙ. :)

      Delete
  8. පොඩ්ඩක් නම් පැටලිලා වගේ දහම් කියලා නෙවේනෙ මුලින් ටයිප් වෙලා තියෙන්නෙ සහන් කියලානෙ.

    කතාවනම් සුපිරියි නගෝ.ඒත් සම්මානි කරන්නෙ හොද වැඩක් නෙවේ.එයත් හැබැයි අසරණ ඇති.හ්ම්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අක්කි, හැදුවා.. ^_^ තැන්කූ කිව්වාට :)

      හ්ම්ම්ම්ම්ම්.... හැමදාම සුදු චරිත මවන්නත් බෑනෙ.. :) එක එක්කෙනා දකින විදිය වෙනස් වෙන්න පුලුවන් නෙ. හිතුනා ලිව්වා.. :)

      තෑන්ක්ස් අක්කි!!

      Delete
  9. ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා...

    ජීවීතේ පැතුම් රහසේම වියැකී ගියා

    රහසේම කවුදෝ ඉක්මන් වෙලා

    හඬවාලා මගේ දෑස ඔබ ගෙන ගියා

    දැන උන්නා නම් ආදරේ ඔබ යන්නේ නෑ මා දමා..

    දහසක් පැතුම් මහදේ සිරකොට තබා

    මා පෙම් කලේ සිතින් සුසුමන් දරා

    මා තුරුලෙ ඔබ උන්නා හීනෙන් පවා

    ඇයි ඉන්නේ හොර රහසේ මා රිදවලා

    දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා

    දෙනුවන් අගට රහසේ කදුලැල් උනා

    ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා

    මා පෙම් කල බව තාම නොදනී ඔයා

    අදටත් සිතින් මා ඔබේ පෙම්වතා

    දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නේ නෑ මා දමා....

    ReplyDelete
    Replies
    1. සම්මානිJanuary 24, 2013 at 6:55 PM


      කිරිල්ලිය සේ දුර පියාසලාලා
      අත්තටු රිදුනා පමණයි
      දෑත විදාහල දෑත මගේ
      ඔබටත් ඔහුටත් උරුමයි
      හිරු සඳු එකවර දෙපස නැගේ
      කරුවල ඇයි විජිතයම මගේ

      Delete
    2. නුඹ
      සඳ ගැන
      කවි ලියන කොට
      අඳුර සිඳලූ
      පහන මම
      ඒත් කෝ
      කොහිද ලියවුනේ
      කවි පේළියක්වත්
      මට......

      Delete
    3. සම්මානිJanuary 25, 2013 at 10:57 AM

      කොහොම කවි පද
      ලියන්නද මම
      නුඹ ගැන...,
      අඳුර දුරැල
      නුඹ
      එළිය දුන් නිසාමද....,
      ඒත් කෝ
      කොහිද සිසිලක්
      සඳෙන් ලැබුනා මෙන්
      නුඹෙන්
      මට.........

      Delete
    4. නොදැනුනු සිසිලස
      ලබාගනු පිනිස
      ඔබ ගිය දුර....

      අමතක කලාද නුබ
      සොයා ගිය සිසිලස
      මින් ඉහත නුබට දුන් ගින්දර

      මගේ සිසිලසෙන් නොවෙද
      ඔබේ ඒ ඇවිලෙන සිත සිසිල වූයේ?

      Delete
    5. සම්මානිJanuary 26, 2013 at 7:18 PM

      පහන් සිලෙන්
      එළියක් මිසක්,
      සිසිලක් ලැබුන බව
      කොහොම කියන්නද?
      ලෝකෙම දන්න
      සඳෙන් ලැබෙන
      ඒ සිසිල වගේම,
      අමාවකත් නැතුව නොවෙද?
      ඒ අමාවක කළුවරට
      බියෙන් මා උන් කලක
      "එළිය" පමණක්ම දුන් නුඹ
      පහන් සිල නොවෙද??
      සඳෙන් මොන ගින්දරක්ද
      අමාවක කළුවර මිස
      ඉතිං මා කුමක් කරන්නද
      නුඹෙන් සමා යදිනු මිස.....???

      Delete
    6. පුදුමයි නුබේ වදන් මට නම්
      නුබම දැල්වූ පහන් සිල
      නුබම නිවි අපූරුව
      ආදරයක් දුන් දඩුවම නුබත් විඳ ඇත පෙර
      එහෙයින් නොපවසා එය මම තනිව විඳවමි
      සමාව දෙන්නේ කෙලෙස මම
      වරද සිදුවී ඇත්තේ ඔබෙන් නොව මගෙන්ය

      වටහා ගැනීමට නොහැකි විය මට
      ඔබ අදුරේදී ප්‍රිය කලේ එලියට නොව සිසිලසට කියා....

      Delete
    7. සම්මානිJanuary 27, 2013 at 8:48 PM

      මටත් නම් පුදුමයි
      සත්තකින්
      නුඹ ගැන.......
      කවදාවත් කවි නොලිව්ව
      නුඹම,
      කවි පද ගොතන අපූරුව
      මට හරහට.....
      ආදර දඬුවම මහ දුකක් බව
      දනිමි මම...
      ඒත්..,
      කුමක් කරන්නද
      දෛවය මා හිමි කලේ
      නුඹට නොව
      සඳට......
      එළිය දුන් නුඹ පහන් සිලට,
      ලොබ නොබැඳ මා
      උන්නෙ දුරක...,
      වරක් පිච්චුනු ආදර ගින්නට
      තවත් වරක් ළං වන්න
      බියට......
      පහන් සිලට පෙම් බැඳි
      මෙරුවෙක් නොවුනු මම,
      සමාවෙන්න සිසිලට පෙම් කල
      වරදට.......

      Delete
    8. පුදුම විය යුතු නැත ඔබ

      කවියකට පබඳින්නට තරම් නුබ තුලින් ආලයක් ඉපදීද මා වෙත.....
      ඉතින් සොයන්නේ කෙලෙස මා තුලින් එවැනි ආදරබර කවියකු නුබ

      නොහැකි මුත්
      නුබට සමු දෙන්නට....
      නුබ මට සමු දුන් නිසාවෙන්

      නුබ මගේ සුලැගිල්ල
      දෝතින්ම බදාගෙන

      මුතු සිහින් පොද වැටෙන

      නිසොල්මන් වෙලාවක

      ඒ පුන්චි කුඩේ යට

      සෙනෙහසින් වෙලීගෙන

      ආදරය මාවතේ

      තැබු මුදු පිය සටහන්

      මැකී ගියෙහිද

      මකා දැමුවෙද

      නොදනිමි!!!!!!


      Delete
    9. සම්මානිJanuary 27, 2013 at 10:59 PM

      අනේ ..,තවත් කවි පද
      කුමටද අපට..??
      අතීතයෙන් හද රිදවා
      ගනු කුමටද...??
      වෙන්වී නුඹෙන් මා අද
      දුර ගොස් නේද..??
      කවි පද වලින් තව
      අප ළං වෙලා මොටද???

      Delete
    10. නිදන නෙතුපිය හෙමින් රිද්දන
      සිහිනයද ඔබ නොවුනි නම්.....
      හඬන හදවත තවත් රිද්දන
      දරුණු සිත ඔබේ නොවුනි නම්.....
      සිනාවී සිට මගේ හදවත
      ඔබ හොරෙන් ගෙන නොගියා නම්....
      අනේ සත්තයි තවත් හිනැහෙමි
      එදා ඔබ හමු නොවුනි නම්......

      Delete
  10. වෙන්න පුලුවන් දෙයක්..!

    ආදරේ පැති දෙකක් තියෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... :) අනන්තවත් වෙන දෙයක්...

      Delete
  11. ඔයත් කතාවක් ලියනවද ?
    මට මුල් හරිය මගෑරිලා. ඒ නිසා ඒකත් කියවලාම කමෙන්ට් එකක් දෙන්නම්.

    ReplyDelete
    Replies
    1. නැහැ.. කෙටි කතාවක්... :) අයියාට කලින් කොටස මඟ හැරිලා ඇති.

      Delete
  12. ම්..ප්‍රායෝගික තර්කාණුකූල උත්තර පැත්තකින් තිබ්බත් මේ වගේ දේවල් වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... හොදයි කිව්වෙ? මෙහෙම අවසානයක් ද?

      Delete
  13. අනේ මන්ද??? කථාව හොදයි.....මෙහෙම ඒවත් තියෙන නිසා..... හරි වැරැද්දනම් අනේ මන්ද ඒත් සම්මානිට දහම්ට එහෙම කරන්න වටින්නෙ නෑ කියලයි මගෙත් අදහස...... එහෙනම් දහම්ට ආදරේ නොකර ඉන්න ඕනි. උත්ලපට එච්චරටම ආදරෙයි නම් ආයෙ ආදරේ නොකර ඉන්න තිබුණා......

    ReplyDelete
    Replies
    1. :))))))))

      ම්ම්ම්ම්ම්ම්ම්ම්... තැන්කූ!!!

      සම්මානි කරපු දේ ගැන , අදහස් ඔයලාටම බාරයි!!! :)

      Delete
  14. අනේ මන්දා කියන්න දෙයක් හිතා ගන්න බෑ.... ඒත් අන්තිමට ආදරණිය හිතකටම තමයි දුක උරුම වෙලා තියෙන්නේ.... හ්ම්ම්...

    ReplyDelete
    Replies
    1. ආදරේ කරන හුඟාක් හිත් වලට ඉතින් දුක කියන්නෙ අමුතු දෙයක් නෙවෙයිනෙ :)

      Delete
  15. කතාව නම් සුපිරියි. දහම්ට වුනේ අසාධාරණයක්. ඒත් කවද හරි බාගෙට නැතුව මුලු හිතින්ම ආදරේ කරන කෙනෙක් දහම්ට ලැබෙයි, ඒක සම්මානි වගේ කනෙක් එක්ක ඉන්නවට වඩා වාසනාවන්ත දෙයක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තැන්කූ!!!!

      හැම ආදර කතාවකම කොහෙද සාධාරණයක්?? :) ඔව්.. අනුකම්පාව එක්ක ජීවත් වෙන්නෙ මොකටද, ආදරේ මිසක්, අනුකම්පාව කොහෙද ලස්සනක්?

      Delete
  16. බොහොම අගනා ලිපියක්

    ReplyDelete
  17. ආපසු යන්නට පාර කියනවද..
    දැන් සමුගන්න ලගයි..

    ReplyDelete
    Replies
    1. බැඳුනු සෙනෙහස
      නොවන නිම්හිම්
      ඇතද පන නළ සමග ‍රැකෙමින්..
      අපේ අත්වැල් ලිහී ගිලිහෙන මොහොත ඒ
      කවදාක හෝ..
      යා යුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳදා....

      Delete
  18. කොටස් දෙකකින් මේ වගේ කතාවක් නිර්මාණය කලාට නිර්මාණාත්මක අත්දැකීම් ලබාගැනිම වගේම ගලපා ගැනීම පහසු නෑ. මේ විදියට තමයි අනාගතයට දක්ෂ ලේඛිඛාවන් බිහිවෙන්නේ. මේ උත්සාහය මම ඉහලින්ම අගයන්නේ ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි ඔබතුමාගෙ අගයකිරීමට!! :) අවංකව කියන හැම වචනයක්ම ශක්තියක්!!

      Delete
  19. මමත් මීට අවුරුදු 4කට කලින් දහම් උනා. මේක මේ විදියටම. අවුරුදු 4ම විඳෙව්වෙ සම්මානි නෙවෙයි දහම්. ඒත් අනිතිමට දහම්ට අළුත් බලාපොරොත්තුවක් ලැබුණා


    කෙල්ලන්ට ඕන හිත පිරෙන්න ආදරයක් නෙවෙයි, හිතට දැනෙන ආදරයක් කියල මං තේරුම් ගත්තෙ ඕකෙන්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... ඒක දුකක් තමා. ඒත් ආදරයක් නැතුව අපි ළඟ ඉන්න කෙනෙක්ව රඳවගෙන පලක් නැහැනෙ??? අලුත් බලාපොරොත්තුවක් ලැබුන එක හොදයි..

      ම්ම්ම්ම්ම්ම්ම්... අන්තිම කතන්දරේ ඇත්තක් නැත්තෙම නෑ...:)

      Delete
  20. මේක කියෙව්වයින් පස්සෙ ඒ තීරණේ තවත් දැඩිවුනා......

    “මං කවදාවත් සම්මානි කෙනෙක් වෙන්නෑ.....“

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්... ඔව්.. සම්මානි කෙනෙක් වෙන්න එපා... :) මම හිතන්නෙත් එහෙමයි...

      Delete
  21. ෂා මරු කතාවනේ... අවසානෙදි පුංචි දුකකුත් ආවේ නැතුවම නෙවෙයි...ඒත් ඉතින් අද කාලේ හැටිනේ..ජය වේ! දිගටම ලියන්ට... එන්න අපේ පැත්තෙත් CSK LANKA

    ReplyDelete
    Replies
    1. තැන්කූ!! :) හැමකතාවක්ම සතුටින් ඉවරවෙන්නෙ නෑනෙ :)

      එන්නම්කෝ එහෙ.

      Delete
  22. සම්මානි බැලුවේ එයාගේ සන්තෝසේ විතරයි.දහම්ට කල වැඩේ අවුල්.

    මං කලින් කොටස කියවලා ඉවර වෙද්දීම හිතා ගත්තා හිතුවක්කාරී දහම්ට කරන්නේ මොකද්ද කියලා

    ReplyDelete
    Replies
    1. හරි, මම දැනගෙන උන්නා උඹ ඕක කියන වග... :p

      හෆ්ෆා.... :/ :/ ඇයි බං එහෙම හිතන්නෙ?? වැරදි කෝණෙකින් බැලුවාම එහෙම තමා ඉතිං.. ;)

      Delete
  23. හ්ම්ම්.. පරිත්‍යාගය.. අවංකවමනම්.. ජීවිතය... :)

    ReplyDelete
  24. සමහර බැදීම්වලට නමක් දෙන්න අමාරුයි.. හ්ම්ම්. ඒක නම් ඇත්ත හිතූ..

    ReplyDelete
    Replies
    1. :) ඔව් අක්කි! අත්දැකීමෙන් කියන්නෙ

      Delete
  25. වතාවක් පරණ කතාව ආයෙම ලියවෙනකොට මටත් හිතුන අලුත් කාතාවට තිත තියන්න. ඒත් ආයෙම කල්පනා කළා ඇයි දෙකම එකට කරන්න බැරි කියල... මම නම් කිසි අවුලක් නැතිව අවුරුදු දෙකක් විතර දෙකම ලිව්වා. හැබැයි මාට්ටු උන දවසේ දෙකටම පුල්ස්ටොප්..... :D ඒත් ඉතින් මොන අවුලක් ද ටික දවසකින් අලුත්ම කතාවක් පටන් ගත්ත... ජිවිතේ සුන්දරයි...... :D

    ReplyDelete
    Replies
    1. ගුනේ අයියා හුඟ කාලෙකින්... ;)

      හෆ්ෆා... එච්චරටම ඩබල් ගේම් දෙන්න දස්සයිද?? අනේ මංදා.. ඒවානම් අනුමත කරන්න බෑ... :/

      කොහොම වුනත් අලුත් කතාව සුන්දරයිනම්.., එච්චරයි!! ජය වේවා!!

      Delete
  26. මේ බ්ලොග් එකකට මම දාන පලවෙනි ඇනෝ කමෙන්ටුව.

    මේ දේ මේ විදියට මට වුණා.. මම කෙල්ලෙක්. දෙවනියට ලැබුණු ආදරේ මට දැනුන එකක්. මගේ විදිය එකක්. පලවෙනි ආදරේ මාව වෙනස් කරන්න හදපු කොල්ලෙක්. නමුත් පලවෙනි ආදරේ අඩද්දී, එයා මට තවත් ආදරෙයි කියද්දී මට කරගන්න දෙයක් නැති වුණා.. බ්ලොග් අවකාශේ කොහේ හරි ඒ කතාවත් ළඟදීම ලියයෙවී..

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....