නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

20 January 2013

෴හිරු සඳු එකවර දෙපස නැගී ෴

ජීවිතේ කියන්නෙ පතන දේ නොලැබෙන, නොපතන දේ ලැබෙන , මහ අරුම පුදුම දෙයක්. අවුරුදු 20ක් ජීවත් වුනු කෙනෙක්, ජීවිතෙන් මොන මොන දේවල් යැදලා ඇත්ද, ඒ දේවලින් මොන මොන තරම්ක් දේවල් පෙරළා  ලැබෙන්න ඇත්ද, නිකමට මම ජීවත් වුනූ මේ ටික කාලෙ ඇතුළත, මම බලාපොරොත්තු වුන, මම ජීවිතෙන් ඉල්ලපු දේවල් මතක් කළොත්, එයින් කීයෙන් කීයයිද මට ලැබුනෙ?හිත හැම මොහොතෙම දුක් වුනා.

ඒ අතින් බැලුවාම ජීවිතේ මහ ලෝබයි.. අසාධාරණයි..ඒත්, අහම්බෙන් හරි මම හිතපුවත් නැති මොහොතවල් වල  ජීවිතේ මට  දුන්නු දේවල් මතක් කළොත්....,ඇත්තටම ජීවිතේ මා...ර..යි.. සාධාරණයි..මම වාසනාවන්තයි..


"චිහ්හ්ඃ.... මේ ඔක්කොම විකාර මට හිතෙන්නෙ වැඩක් නැතිව කම්මැළිකමේ උඩ බලන් ඉන්න වෙලාවටමනෙ." තේරුමක් නැති දාහක් දේවල් පස්සෙ හිත දුවල දුවල නතර වුනාම මම මගේ හිතටම කියාගත්තා.


වෙනදාට නම්,දවස තිස්සෙම මොනාම හරි වැඩක් කරලා, ඒත් කිසිම දෙයක් නොකර , නිදහසේ ඉන්න වෙලාවට පොතක් පතක් කියෙව්වාට, සින්දුවක් ඇහුවාට.., මේ දවස් වල එහෙම කරන්න හිතෙන්නෙ නෑ.. හිතට ඒ තරමට ඉවසිල්ලක්, ඉස්පාසුවක් නෑ.. ඒ නිසාම මම මේ හැන්දෑ වරුව ගත කලෙත් වත්ත පහළ බංකුව උඩට වෙලා ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා කර කර.


මොනතරම් ජීවිතේ ගැන හිතුවත්, තවමත් ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා හරියට තේරුම්ගන්න බැරි තරමට , තෝරගන්න බැරි තරමට ,මම කලබලයි. ඒත් නිවිසැනසිල්ලෙ ජීවිතේ ගැන කල්පනා කරන්න හිතන හැම මොහොතකම මම අතරමං වෙන්නෙ අතීතයේ.අතීතය කියන්නෙ මතකයක්. සමහරුන්ට හීනයක්.තවත් සමහරුන්ට වර්තමානෙ වෙනුවෙන්, අනාගතේ වෙනුවෙන් පාඩමක්. ඒත් මට නම්.., අතීතෙ කියන්නෙ තුවාලයක්..යාන්තමට හොඳ වී ගෙන එනකොටම පෑරෙන, ආයෙ ආයෙත් තුවාල වෙන, කවමදාකවත් සදහටම සුව නොවෙන තුවාලයක්.


"මේ තරම් ජීවිතේ පැටළිලිසහගත වුනේ,එදා පෝය දවසෙ පන්සලේදි ආයෙමත් උත්පලව හම්බුනාට පස්සෙද?" මම මගෙන්ම ප්‍රශ්න කරගත්තත්, යටි හිත දුන්නු "ඔව්" කියන උත්තරේ හින්දා මට මාවම අප්‍රසන්න වුනා.


උත්පල කියන්නෙ මගේ ජීවිතේ හුස්ම වැටෙනකම්, කවමදාකවත් අමතක කරන්න බැරි මනුස්ස පරාණයක්. ජීවිතේ දැනෙන්න ගත්තු කාලෙදිම, ආදරේ බහ තෝරන කාලෙදිම මගේ හිත මම සින්නකරම ලියලා දුන්නෙ උත්පලට.ඒත්.., කාලය ආදරේ යටපත් කළා. ජීවිතේ හැම මොහොතකම සතුට උකස් කලේ ඒ හිත උඩ වුනත්, කාලය හරස් වෙලා ඒ හිත වෙන්දේසි වුනා.


ආදරේ කියන අකුරු අතරේ අතරමං වෙලා උන්නු මට, ජීවිතේ දරාගන්න බැරිව අතරමඟ වැටිලා උන්නු මට, අස්වැසිල්ලක් වුනෙ දහම්. දහම් මගේ ජීවිතේට ආවෙ ඒ නැතිවුනු ආදරේ නාමයෙන් මට පිහිට වෙන්න වගේ. කාන්තාරෙක ජීවත් වෙන,එක පුංචි ප්‍රාණියෙකුට දිය බිංදුවක් කොයිතරම් වටිනවාද, ඒ හා සමානව මට දහම්ගෙ ආදරේ වටිනාකමක් දැනුණා.


සමහර වෙලාවට ජීවිතේ පැරදිලා ඉන්න මොහොතවල් වලදි ගන්න තීරණ හැම එකක්ම සාර්ථක වෙන්නෙ නෑ කියලා අහලා තිබුණාට, බුද්ධියට ඉඩ දුන්නෙ නෑ මම මොහොතකටවත්.., හදවතින්ම වැළඳගත්තු දහම්ගෙ ආදරේ තව තවත් වැළඳගත්තා මිස.එදා ඉඳන්, අද වෙනතුරුම, අවුරුද්දක් පුරාවට මගේ සතුට ළඟ වගේම දුක ළඟම තනි රැක්ක දහම්, ආදරේ නාමෙන් මට කිසිමදාක චෝදනා කරලා නෑ..ඒත්.., මොකක්දෝ අවාසනාවකට, මේ ගතවුනූ කාලෙ පුරාවටම , මගේ ජීවිතේ හිස්තැනක් තියෙනවා කියලා දැනුනා. හරියටම නම් කරන්න බැරි නමුත් මොකක්හරි අඩුවක් මට දැනුණා.


"අක්..කේ... දැන් කළුවරත් වැටිලා.මොකද ඔතන කරන්නෙ? අන්න අම්මා හොයනවා.... "
නංගිගෙ කෑගැහිල්ලෙන් මගේ සිතුවිලි කන්ද පය පාමුලම විසිරුණා.තව ටිකකින් අම්මා, "ලොකු දූව......" කියාගෙන මාව හොයන් එන්න කලින්,මම උන් තැනින් නැගිටලා ගියා.
-----------------------------------------------------------------------------
එදා හරියටම පෝය දවසෙ, මම පුරුද්දට වගේ අම්මායි, නංගියි එක්ක ගමේ පන්සලට ගියේ මලක් පහනක් පූජා කරලා එන්න හිතාගෙන.වෙනදාට බෝ මළුවෙ ගතකරන එක තත්පරයකදි පවා හිතට දැනෙන සැනසිල්ලට මම ලෝබ වුනා. ඒත් එදා.., මම හීනෙකින්වත් නොහිතපු රූපයක් බෝ මළුවෙ ඇතුළෙ මගේ දිහාවට ඇදුනා. මට හිතුනෙ මේ දකින්නෙ හීනයක් කියලා.

"සම්මානි.."

"ආහ්හ්හ්හහා..ම්ම්.. උත්පල??"
"ම්ම්.. මාව මතකයි එහෙනම්...කොහොමද ඉතිං?" 

ඒ වෙනකොට මම හිටියෙ සිහි එලවගන්න බැරිව, බෝ මළුව මැද අන්ත අසරණ වෙලා. උගුර කට වේලිලා, හද ගැස්ම වැඩි වෙලා.., මට මොනවා වෙන්න යනවද කියලා හිතාගන්න බැරි තරමට කලබල වෙලා.


අමාරුවෙන් හරි වචන වලට පණ දෙන්න ඕනෙ නිසා මම උගුර පෑදුවා.

"ම්ම්... අමතක වෙන්නෙ කොහොමද මට ඔයාව?" කිව්වා නෙවෙයි, මට කියැවුනා.

කාලෙකට කලින් මහ හුඟාක් ආදරේ කරපු කෙනෙක් වෙන්වෙලා ගියාටත් පස්සෙ, ආයෙමත් අහම්බෙන් හරි ඇස් ඉස්සරහා හමුවුනොත් ඕනෙම කෙනෙක්ට දැනෙන සියුම් කම්පනය, මටත් අඩුවක් නැතුවම දැනුනා. 


"මම හොඳින් උත්පල. ඔයා මොකද ගමට ආවෙ ආයෙමත්?කොළඹ පදිංචියටම ගියා නේද?" මම පියවි සිහියට අමාරුවෙන් එළඹිලා කතා කරන්න පටන් ගත්තා.

"ඔව්. මම මාමාව බලලා යන්න ආවෙ. ටිකක් අසනීපෙන් කියලා පණිවිඩයක් එව්වානෙ. සතියක් විතර ඉඳලා යනවා."
"ම්ම්ම්.. "
"සම්මානි මොකද කරන්නෙ දැන්?කැම්පස් අවුට් වුනා නේද?"
"ඔව්. මම ජොබ් එකක් කරනවා."
බෝ මළුවෙ ඈත කෙළවරක ඉඳන් නංගි අත වනනවා දැක්කෙ එතකොටමයි.
"උත්පල, මම යන්න ඕනෙ. නංගි කතා කරනවා. මම යන්නම්.."

"ම්ම්.. මම ඔයාව මුණගැහෙන්න එන්න හිටියෙ."

"දෙයියනේ!! ඒ මොන එහෙකටද?"මම හිතින් මැතුරුවෙ මගේ දෙපතුලෙ ඉඳන් සර්වාංගෙම සීතල වෙද්දිමයි.


"ඇයි උත්පල හදිස්සියෙම මාව මුණගැහෙන්න එන්න හිතුවෙ?" මම පැහැදිලි නිවුනු ස්වරයෙන් කතා කලේ, උත්පල මාව මුණගැහෙන්න එන එක සුළුකොට තකන්න පුළුවන් දෙයක් නොවෙන නිසා.

"ඇයි මම එනවාට සම්මානි කැමති නැද්ද? මට ටිකක් කතා කරන්න ඕනෙ ඔයා එක්ක.මම දන්නවා මා එක්ක ඔයාට කතා කරන්න තියා මූණ බලන්නවත් හිතෙන්නෙ නැතිවැති. ඒත්.., සම්මානි.."
"මට ඔයා එක්ක තරහක් නෑ උත්පල. ඒත් ඔයා මාව හම්බෙන්න එන්න හදන්න එපා. "
"නැහැ, පොඩ්ඩක් ඉන්න. මට ඔයාගෙන් මහ කාලයක් ඕනෙ නෑ. ඒත් මට මගේ හිතට සමාවක් දීගන්න බැරි තරම් සම්මානි.."
"මම අතීතය අමතක කරලා හුඟාක් කල්. ඔයාව මගේ ජීවිතේන් ඈත් කරලා හුඟාක් කල්. ඒ නිසා.., අපිට තවත් කතා කරන්න දෙයක් ඇති කියලා මම හිතන්නෙ නෑ උත්පල.. " හිත පුපුරුගහන තරමට රිදුනත්,මම  කඳුළු වලට ඉඩක් නොතියාම කියවගෙන කියවගෙන ගියා.
"සම්ම්.මානි..."
"මම යනවා උත්පල, හොඳින් ඉන්න. " මම අඩියට දෙකට එතනින් ඈත් වුනේ , තව රැඳුනානම් වේලිච්ච කඳුළු නහර තෙත් වෙන නිසා.
---------------------------------------------------------------------------------
එදා සිද්ධ වුනු දෙයින් මට වුනේ, අතීතෙ කියන සුවපත් නොවෙන තුවාලෙ තව තවත් පාරවගන්න මිසක්, හිත හදාගන්න පහසුවක් නම් නෙවෙයි.රෑට නින්දට යද්දිත්, උදේට ඇහැරෙද්දිත්, කන බොන වෙලාවෙදිත්, දහම් එක්ක ළඟින් ඉද්දි පවා මට , උත්පලගෙ හමුවීම හා බැඳුනු මතකය අමතක කරන්න බැරි වුනා. 


කෙනෙක්ගෙ ජීවිතේ පළවෙනි ආදරේ අමතක කරන්න බැරි වුනත්, සැබෑ අවංක ප්‍රබල ආදරේකින් , යටපත් කරන්න පුළුවන් බව අහලා තිබුණා. ඒත්, උත්පලගෙ අහිමිවීමත්, දහම්ගෙ ආගමනයත් එක්ක මගේ ජීවිතේ දැනුනු මටත් නොතේරෙන හිස් බවට හේතුව...,දහම්ගෙ ආදරේ මට ඇත්තටම නොදැනුනු හින්දද? හිත ඇතුලෙන් මම ප්‍රශ්න අහලාම හෙම්බත් වුනා. මුල මැද අග ගලපගන්න බැරි කතාවක වගේ මම අතරමං වුනා.


දහම් මට හුඟාක් ආදරේ කරද්දිත්, දහම්ගෙ ආදරේ රැකවරණෙ මැද මම ඉඳිද්දිත්.., උත්පල වෙනුවෙන් තවමත් මගේ හිත වැළපෙන්නෙ ඇයි කියලා හිතන්න මම බය වුනා.


වැඩට යන්න දැනටමත් පරක්කු වෙලා නිසා, ඉක්මණින් ඉක්මණීන් බස් එක අල්ලගන්න දුවන්න හිතන් උන්නත්, මනස්ගාත හිත හිත ඇවිදන් එද්දි මම හොඳටම පරක්කු වුනා.

"සම්මානි....සම්මානී...."
 මම ගැස්සිලා බැලුවෙ පුරුදු හඬ දිහාවට.උත්පල පාරෙන් එහා පැත්තෙ ඉඳන් මට කතා කරනවා. නොදැක්කා වගේ යන්න පුළුවන්කමක් තිබුණාත්, මගේ හිත මට ඕන කල දේ නෙවෙයි කලේ. 
මම හිනා වෙලා උත්පලට අත වැනුවා.උත්පල පාරෙන් මෙහා පැත්තට පැනලා මා ළඟට ආවා. 
"සම්මානි වැඩට යනවාද? යං මාත් යන්නෙ කොළඹ තමයි."
"ඔයා යන්න උත්පල. මම ඉක්මණට යන්න ඕනෙ. හන්දියට ගිහින් ඉන්ටර්සිටියකවත්..මට පරක්කු වෙලා."
"ම්ම්.. ඉන්න එහෙනම්, මේකෙ යමු හන්දියට." එහෙම කියන ගමන් උත්පල ත්‍රීවීල් එහෙකට අත දික් කලා.
වචනයක් වත් කතා කරන්න ඉඩක් නොතියාම, දුරස්ථ පාලකයකින් ක්‍රියාත්මක වෙන බෝනික්කියෙක් වගේ මම උත්පල පසුපසම ඇදුනා.

දෛවය.., දෛවය.. දෛවය.., හැමදේම දෛවයට භාරදීලා බලන් උන්නු මට  වුනේ වල්මත් වෙන්න.මම කිසිමදවසක, මගේ ජීවිතේ පාලනය මගෙ අතට නොගත්තු හින්දාම , අද මේ තරම් පටලැවිලි මගේ ජීවිතේට ආවදෝ කියලා නොහිතුනා නෙවෙයි. ඒත්, ගත වුනු හැම තත්පරයක්ම එකතුවුනු අතීතෙ ආපහු වෙනස් කරන්න බැරි නිසා මම මුනිවත රැක්කා.

"ඉතිං සම්මානි..." 
වචනෙකින් දෙකකින් පටන්ගත්තු අපේ කතාව, ටවුමට ගිහින් එක මොහොතකට නැවතුනෙ ඉන්ටර්සිටි බස් එකක්වත් නැති බව දකින මොහොතෙ විතරයි.
"කමක් නෑ,දැන් මොනා කරන්නද,ඔය තියෙන බස් එහෙක යනවා දැන්.. කොහොමත් එකයිනෙ .." හිත ඇතුලෙන් තිබුණු උද්යෝගය හින්දමද මංදා,මම ප්‍රමාදයි කියන සිතුවිල්ල මට වදයක් වුනේ නැතිතරම්. ඊට වඩා මම උත්පල ඇසුරෙ ගතකරන මොහොතට ආස වුනා..
ඒත්,තමන් වරදක් කරනවාදෝ කියන වරදකාරී සිතුවිල්ල හිත ඇතුළෙන් යාන්තමට මතු වෙද්දි.,හෘද සාක්ෂිය හීන් සීරුවෙ හිත කොනිත්තද්දි,කාට වුනත් ඇතිවෙන අප්‍රසන්න සිතුවිලි මටත් අහම්බෙන් වගේ පහළ වුනත්.., කාලන්තරයක් තිස්සෙ හෙව්ව සැනසීමක්, සැහැල්ලුවක් හිතට දැනුන නිසාදෝ.., මම උන්නෙ සතුටෙන්.

අවිස්සාවේල්ලෙ ඉඳන් කොළඹට එනතුරුම, උත්පලගෙයි මගෙයි ,නමක් නැති කතාව ලියැවුනා. අපි අපිට අහිමිවෙලා ගෙවුණු හැම තත්පරයකම වටිනකම, එක ක්ෂනිකයෙන් ආයෙමත් මට ලැබුණා වගේ දැනුනා.පුදුමයක් නොවුනෙ මට ඒ ගෙවපු හැම මොහොතක්ම දහම් ගැන මතකයක්වත් තිබුණු නැති හින්දායි. 

ඒත්.., ආදරේ නාමයෙන් මම කරන්නෙ ද්‍රෝහිකමක්.., අතීතයේ ඉඳන්ම චපලයි කියලා හංවඩු ගහන ගැහැණු හිතකට තවත් උදාහරණයක් වෙන්නෙ වෙයිද මට? 

ඒත්, සැබෑවටම දැනෙන ආදරයක් නැති තැන රැඳිලා ඉඳිමත් ද්‍රෝහිකමක් නෙවෙයිද? අනුකම්පාව වෙනුවෙන්, ඇත්තටම මට දැනෙන ආදරේ තියෙන්නෙ දහම් ළඟ නෙවෙයිනම්? ඒත් අතරම්ං වුනූ ජීවිතේට පාර පෙන්නපු හිත බිඳින්නෙ කොහොමද මම? ඒ නිසා උත්පලට සදහටම සමුදීලා , අතීතය කියන මගේ තුවාලෙට සුවපත් වෙන්න ඉඩ හැරලා, දහම් ට ආදරේ කරන්නද? නැත්තම්  හිතුවක්කාර හිතට ඕනෙ පළියට, සදහටම උත්පල ළඟ නතර වෙන්නද?

ඒත් ,එතකොට හම්.....??


කාලය කොයිතරම් ගෙවුනද....
ආදරේ මොනතරම් ලැබුනද..
නුඹ එදා දුන් තරම්,නුඹව මට දැනුනු තරම්,
නෑ වෙන කවුරුවත් ඒ තරම්......
මේ හිතට දැනුනේ ඔය තරම්..........

මතු සම්බන්ධයි..........

ප.ලි- කාලෙකින් "සුපුරුදු" විදියෙම කතාවක් ලිව්වා ;) අනේ මංදා ඉතින්.., :P දිග වැඩි හින්දා කොටස් දෙකකින් දාන්න බැලුවෙ. එපා  නම් කියන්න ඊලඟ එක නොදා ඉන්නම් :D :D ;) 

ප.ප.ලි- "සිතුවිල්ලක් පමණි " කියලා ලියන්න දැන් අවශ්‍ය නැති නිසා නොලියා සිටිමි!!!

Post Comment

78 comments:

  1. තව ජීවිතයක් ඉවරයි....අහ් නෑ,,,,,දෙකක්ම ඉවරයි...
    :/ කෙල්ලෝ...

    ReplyDelete
    Replies
    1. හා හා... මේක කෙල්ලෙක්ගෙ පැත්තෙන් ලියැවුනු එකක් විතරනෙ.. කොල්ලොන්ගෙ පැත්තෙනුත් ලිව්වානම් ඕනෙ තරම්... :/

      Delete
    2. ඇයි නොලියන්නේ හිතූ.....ලියන්න

      Delete
    3. ලියන්න ඕනෙ සිත්තමී!!! :)

      Delete
  2. ලවු ඉලවු...
    පංසල් කේස්නං මටත් ලාවට සම්බන්ධයි...
    පළු යනකං කෙල්ලගේ අම්මගෙං බැනුං ඇහුවේ එහෙදි තමා..

    ReplyDelete
    Replies
    1. මල ඉලවු...

      හික්ස්ස්.. ආ.. නැෂනල් එක ඇඳලා පින්තූර දානකොට බුකිය පුරා මූනෙන් පෙනුනා බැනුම් අහලා තිබ්බ තරම් :p

      Delete
  3. අයියෝ සල්ලි ප.ලි කියන එක නොදැමිමනමි ලස්සන දෙයක් කියන්න හිතුණා.... ඒත් ඒක දැක්කම ඔන නැහැ කියලා හිතුණා.... හි හි

    ReplyDelete
    Replies
    1. ප.ලි ද? ප.ප.ලි ද? :D

      කමක් නෑ කිවාත් ඔන්න ඔහෙ කියලා දාන්න :p

      Delete
  4. දහම් පවු නැද්ද ඕයි??

    ReplyDelete
    Replies
    1. අනේ මංදා බං.. පවු තමා මක් කොරන්න්ද ??

      Delete
  5. හෆ්ෆා.... ගොඩක් ආදරය කරලා පස්සේ වෙන් වෙලා හිටපු දෙන්නෙක් පන්සලේදී අයෙත් අහම්බෙන් හම්බ උනා කියන්නේ ඉතින්.... හෆ්ෆා මට නම් හොදටෝම අවුල් ගියා.... :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... :( එහෙම වෙනවා කියන්නෙ ෆට්ට අප්සට් නේන්නම්....

      Delete
  6. ලීව කතාවනම් නියමයි නොවැ.... ඊලග කොටසත් ඉක්මනින්ම දාන්ට...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්.. තැන්කූ!! ඊලඟ කොටසත් දාන්නම්කෝ..

      Delete
  7. හැක් හැක්. මම දන්න කොල්ලො ඉන්නවා හිරු සදූ එකවර දෙපස නොනඟින විදියට හිරුට එන්න එක වෙලාවකුත් සඳුට එන්න තව වෙලාවකුත් විදියට ගානට ටයිම් බැලන්ස් කරලා කරන උන් . වැඩේ කියන්නේ හිරු දන්නෑ සඳු ගැන සඳු දන්නෑ හිරු ගැන..

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ්හ්හ් දැක්කානෙ කොල්ලොත් චපලයි!!! :p

      Delete
  8. ඔව්වට නම් හා කියන්න හොඳත් නෑ හ්ම්ම් කියන්න හොඳත් නෑ. කොහොම කිව්වත් අසරණ කොල්ලට තමයි කෙල වෙන්නේ..... :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... හා යි, හ්ම්ම්ම් යි නැතුව වෙන එකක් කියන්න :p

      Delete
  9. ලව් .......... දන්නේ නෑ ...........ඒවා මෙහෙම වෙන්න ඇති .....
    නොලැබුන දේවල් ගැන දුක් වෙනව නම් මං පෙරලි පෙරලි අඩන්න ඔනේ . හැමොත් එක්කම හොඳට හිනාවෙලා විහිලු කරලා ඉන්න නිසා උන් හිතන්නේ හිතන හම දේම මට ලැබෙනවා කියලා . ඒත් මංනේ දන්නේ එහෙම මොනවත් ලැබිලා නැ කියලා ...
    @ හිනාවෙලා

    ReplyDelete
    Replies
    1. වැඩියෙන්ම හිනා වෙලා ඉන්න අයලු වැඩියෙන්ම හිතින් විඳවන්නෙ කියලා කතාවක් තියෙනවාලු.

      අනේ මංදා හෆ්ෆා ඔව්වා... :D

      හිනා වෙලා ඉන්න එක හොදයි!!

      Delete
  10. සුපුරුදු විදියට වැඩිය ටිකක් වෙනස් නේ....

    මටත් පන්සලේ ඇත දැකීම් තියනවා....හොක් හොක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... වෙනස්ද?? එහෙනම් වෙන්නැති :D

      හික් හික්!! හැමෝම පන්සල් ගිහින් තියෙන්නෙ බැලුවාම ව්න වැඩ වලටනෙ :p

      Delete
  11. පන්සලක ආදරයක් මටත් සම්බන්ධයි අප්පා...
    දුක තමයි.....දැන් බූට්...

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝයි... මෙන්න තවත් එක්කෙනෙක්... :) හිත හදාගන්න ඉතින්. මක් කරන්නද, ජීවිතේ...

      Delete
  12. ඊලඟ එකත් දාමුකො ඒනං හිතුවක්කාර නොවී..
    ලස්සනට ගොතනව කතාව :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ!!! :) ඊලඟ කොටස බලමුකෝ

      Delete
  13. අහ්.. ආයෙම ලවු හුට පටයක්.. කෝ කෝ ඊළග එකත් ලියමුකෝ බලන්න.. ප.ප.ලි දාන්න ඕන නෑ කියලා අපි දන්නවා..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් අයියා - හික්ස්.. ලව් හුටපට තමා ඉතින් අයියෙ ;) ඔව් ඔව්. ඔයාලා හින්දාම තමා මම ප.ප.ලි අමුතුවෙන් නොකිව්වෙ ;)

      මදාරා- නැටි මොකටද අලේ, ඔය දෙන්නා එක්ක බද්ධ වෙලා ඉන්නකොට.. :D

      Delete
  14. ම්ම්ම්ම්.... කියන්න මුකුත්ම ඉතිරි වෙලා නැද්ද මන්දා... ඇත්තම කියනවා නම් කියන්න දේවල් හිතුනට කියන්න බෑ... ලස්සනයි නංගෝ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ අක්කියො කියන්න හිතෙන එව්වා කියන්න බැරි? :p

      තැන්කූ අලේ!!! :)

      Delete
    2. හිතෙන්නේ නෑ අෆ්ෆා... අපිටත් මේ වගේම අවස්ථාවකට මූණ දෙන්න වුනොත්...

      Delete
    3. ම්ම්ම්ම්ම්ම්... අසරණ වෙනවා... :(

      Delete
  15. කියලා වැඩක් නෑ හරිම හිතුවක්කාරයි. තලන්න ඕන අනිත් කෑල්ල ඉක්මනට නොදැම්මොත් හෙම..

    ReplyDelete
    Replies
    1. හික් හික්!! එහෙම තමා දේශකතුමෝ... මම වේවැලට බය නෑ... ^_^

      Delete
  16. බොහොම හොඳට කතාව ගොඩ නගලා තියනවා... සුලභ ආදර කතාවක් වගේ උනත්.. ලියලා තියන විදිහේ අපූර්වත්වයක් තියනවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!!! :) සුලභ කතා දැනෙනවා වැඩියි කියලා හිතුනා.. :D

      Delete
  17. හ්ම්ම් කියාගන්න බෑ මොනවා කියන්නද කියලා ඉක්මනට ඉතුරු ටිකත් කියන්න :)

    ReplyDelete
    Replies
    1. හි හි.. කියාගන්න බෑ..... :D

      Delete
  18. යන උන් ගියාවේ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. ඉන්න උන් එක්ක සතුටින් ඉන්න නෙහ් ඕනෙ.

      Delete
  19. ම්..දෙවනි කොටස බලන්නැතුව මොකුත් කියන්න බෑ..!!

    ReplyDelete
    Replies
    1. හෆ්ෆේ.... එහෙනම් දෙවෙනි එකත් බලමුකෝ....

      Delete
  20. අනේ මන්දා.... ඔතන කවුරු හරිද කවුරු වැරදිද කියන්නද කියාලා හිතා ගන්න බෑ.... හැබැයි ඉතිං බැලුවොත් දහම් පව්......

    ඉතුරු කොටසත් දාන්නෝ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... මෙහෙම වෙලාවක අසරණ වෙනවානෙ... දහම්...?? බලමුකෝ... සම්මානිත් පව් නෙහ්...

      Delete
  21. ආයෙ කියන්න දෙයක් නෑ කෙල්ලො චපලයි තමා. :D
    ඒත් ඊළඟ කොටසත් කියවලම බලමුකො

    ReplyDelete
    Replies
    1. මම විරෝධය පල කරනවා.......

      Delete
    2. ජීවිතේ පණ දෙන්න ආදරේ කරලා ඒ තුල ජීවිතයක් නෑ කියල දැන ගත්තු ( ඒ හිත් දෙක කොච්චර හදාගත්තත් නොගැලපෙනවනම් )ඒ දවසට කෙල්ලට වෙන් වෙන්න හිතුනොත් වෙන් වෙලා යන කෙල්ල චපලද??? පණ දෙන්න ආදරේ කරන ඒ කෙල්ල ඒ කොල්ලගේ 13 වෙනි කෙල්ල කියල දැනගත්තු දවසට නොගැලපෙන ඔහුව දාල හැර යන කෙල්ල චපලද????

      හැර යන්නෙ නොගැලපෙන නිසාම විතරක්නම්......ආදරේ හිතේ ඒ විදියට කෙල්ලගෙ හිතේ තියෙනවනම් ඒ කෙල්ල චපලද???

      තමන්ට ගැලපෙන වෙන කෙනෙක් ලැබුන දාට ඒ කෙල්ල ඒ කෙනාට ආදරේ කරන්න හිත හදාගන්න එක චපල කමද???

      පැලෙන්න ආදරේ හිතතුල කාටත් හොරා හංගගෙන ජීවිතේම මියෙදෙන ඒ කෙල්ල චපලද???

      Delete
    3. ගිමන් අයියා- ම්ම්ම්ම්ම්ම්ම්... පුළුවන්ද එහෙම චෝදනා කරන්න??

      Delete
    4. සිත්තමී අහලා තියෙන ප්‍රශ්න දිහා බැලුවොත්...., ඇත්තටම චපල කම කියලා එහෙම අවස්ථාවක කියන්න බෑ.. මංදා. ඒත් සමාජෙ පුරුදු වෙලා තියෙන්නෙ ඔය ලේසියට ඔය වචනෙ කියන්නනෙ. :)

      කෙනෙක්ව නොගැලපෙනවානම්, සාධාරණ විදියට කතා බහ කරලා වෙන් වෙන එක එක දෙයක්.. රවට්ටලා, දාල පැනලා යන එක එකක්...

      වෙන් වෙලාත්, ආදරෙන් ඉන්න අය ඕනෙ තරම් ඉන්නවා. හිතින් විඳව විධව.. ඒ කිසිම දෙයක් චපලකම නෙවෙයි.. මංදා මම දකින විදිය.

      Delete
  22. me blog eka mata maga arila aparade...
    innako hemeeta kiyawanna...

    ReplyDelete
    Replies
    1. :) කියවන් එන්නකෝ එහෙනම්..

      Delete
  23. උත්පලද දහම්ද
    දහම්ද උත්පලද......

    හ්ම්ම්ම්ම්ම්....බලමුකො ඊළඟ කොටස....

    ReplyDelete
  24. ඊ ළඟ කොටස ඕනෝ.. :D ඉක්මනට..

    ReplyDelete
    Replies
    1. :D හලි හලි.. දෙන්නම්කෝ....

      Delete
  25. //තරම්ං වුනූ ජීවිතේට පාර පෙන්නපු හිත බිඳින්නෙ කොහොමද මම? ඒ නිසා උත්පලට සදහටම සමුදීලා , අතීතය කියන මගේ තුවාලෙට සුවපත් වෙන්න ඉඩ හැරලා, දහම් ට ආදරේ කරන්න//
    ඒත් ගෑණුන්ගෙ බොළඳ හිත් ඒකට ඉඩ දෙන එකක් නෑ..

    ReplyDelete
    Replies
    1. ගෑණුන්ගෙ බොළඳ හිත් ගැන කොහොමෙයි ඔය හැටි විශ්වාස?? :)

      Delete
  26. මේවගේම එකක් ඩ්‍රාෆ්ට් කරල මකල දැම්ම මේක කියවලා.. ඊලග කොටසෙදි මොනව හරි කියන්නං නංගියෝ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. මේක කියවලා ඇයි අයියෙ ඩ්‍රාෆ්ට් කරපු එක මකල දැම්මෙ අයියෙ?? :O

      ම්ම්.. මෙහෙම අවස්ථාවක පුදුම විදියට අසරණ වෙනවා නේද? ඒත් එහෙම අසරණ වුනු වෙලාවක හරියටම ඇස් ඇරලා බැලුවොත් අපි විතරක් නෙවෙයි, තව හුඟාක් අය අපිත් එක්ක අසරණ වෙලා කියලා පෙනේවි.. බලමු ඊලඟ කොටස. :)

      Delete
  27. හැමදාම වගේ රොමැන්ටික් හිතු කතාව. :)

    ReplyDelete
    Replies
    1. ආව්ව්ව්ව්ව්... තැන්කූ මදාරා ^_^ :)

      Delete
  28. හිරු සදු එකවර දෙපස නැගේ
    කලුවර ඇයි විජිතයම මගේ..?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්... හිරුයි සඳුයි දෙකම එකවර නැගුනොත්....? කළුවර වෙයි තමා

      Delete
  29. ඔන්න ආදරය ඉදිරේය අසරණවන තැනක්.. ඇත්ත තමයිහිරු සදු එකවර දෙපස නැගේ
    කලුවර ඇයි විජිතයම මගේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ :) අන්ත අසරණ වෙන අවස්ථාවක්..

      Delete
  30. කාලෙකට පස්සේ..කතාවක්.. ඔහොම යමු :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඔව් අක්කි. කාලෙකට පස්සෙ. :) යමුකෝ...

      Delete
  31. දහම් මෙහෙම හිතනවා ඇති

    මම ඔයාගේ පලවෙනි ආදරේ නෙමෙයි

    පලවෙනි සිපගැනීමද නෙමෙයි

    පලවෙනි දර්ශන‍යද නෙමෙයි

    පලවෙනි හමුවීමට නියම කරගැනීමද නෙමෙයි

    ඒත් මට ඕනේ ඔයාගේ අවසාන ආදරය මම වෙන්න..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්... අනේ මංදා, කොල්ලො එහෙම හිතනවාද කියලා, ඒත් කෙල්ලොනම් හිතනවා, කොල්ලාගෙ අවසාන ආදරේ වෙන්න. :)

      බලමුකෝ...

      Delete
  32. අහ්හ්.. තව කොටසක් තියෙනවා නේ?

    ReplyDelete
  33. ම්ම්ම්....සම්මානි ඔයා ආයෙමත්...සිරාටත් හුරුපුරුදු නමක්...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... :) ^_^

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....