නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

05 January 2013

~ නුඹෙ පෙම් මල මම ~



නුඹවම පතාගෙන, 
නුඹවම සොයාගෙන,
නුඹ වෙනුවෙන්ම සැරසීගෙන,
ගව් ගණන් දුර ගෙවාගෙන....,
මං ආවෙ අරගන්න 
නුඹේ ඔය දුක් ගින්න.......

හිත ඇතුළෙ තෙරපෙන,
හැම මොහොතකම වද දෙන,
තත්පරයක් ගානෙම හිතේ ඇඳෙන,
ජීවිතේ නීරස මතක ගොන්න....,
මොහොතකට මට දෙන්න
නුඹේ හිත සැනසෙන්න.......


සියුමැලි පෙති නොතැලෙන්න,
නුඹේ රළු දෑතේම නැළවෙන්න,
හිතෙන්නෑ මට එතැනින් නවතින්න,
ආදරෙන් නුඹේ පහසත් විඳගන්න....,
ඉතින්  අවසර දෙන්න
නුඹේ දෙතොලෙ සැතපෙන්න......


මේ ලෝකෙ කුරිරු බව හින්දාම දන්න,
ඩිංගකට පාවෙමුද ලෝකෙකට වෙන,
කඳුළු උරුම නෙත සිනහවෙන් පුරවන්න,
සුසුම් හිමිවු හිත සොම්නසින් නහවන්න...,
නුඹේ පෙම් මල මම
තණමල්විල කැලයක පිපුන........


Post Comment

93 comments:

  1. :O තණමල්විල කැලයක ? වෙන තැනක තිබුනෙම නැද්ද හෆ්ෆා..

    අනික අර ඩේමන් සල්වතුර ඉන්න මිස්ටික් ෆෝල්ස් වලට මේ එච්චරම දුර නෑ මෙයා :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... :p ඩේමන් ඉන්න දිහා යන්න තිබ්බානම් අවුලක් නෑ මෙව්වා මලක් වෙලා වත්.. ;)

      Delete
    2. වළාකුලකුදු නොමැති අහසේ
      මලානික වූ මගෙ සිතුවිලි
      ගල් ගැසී ඇත පාළු වී ඇත
      කදුළ පමණක් රජ වෙලා........

      Delete
    3. දිනෙල්ක මල්ලි- මම අදනෙ දැක්කෙ කවිය. :) පෙම් මල් කඳුලූ නිවනවලු ..අනේ මංදා..

      Delete
  2. තණමල්විල කැලේ උනත් මරු පැත්ත...

    ReplyDelete
    Replies
    1. ;) පුරුදු පැත්තක් වගේ??

      Delete
  3. තණමල් විල මල් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් කියනවා වගෙයි.. ;)

      Delete
  4. තණමල්විල....!! අපිට හරී ලඟයි....:P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... ආහ්හ්හ් හා.. බලාගෙන පරිස්සමින්...

      Delete
  5. තණ්මල්විල...??
    අපිනම් දන්නෙ වෙනමල් තණම්ල්විල..!

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඉතින් ඒ මල් නෙවෙයිද මේ? ;)

      Delete
  6. සිත් සනසන්න මල් තරම් වටින තවත් දෙයක් ඇත්ද ? :D

    ReplyDelete
  7. මට නම් ඔන්න මල් පාවිච්චි කරපුව මතක් වුනා.. :)

    ReplyDelete
  8. තණ්මල්විල මල් පොලිසියෙන් අල්ලනව.. පරිස්සමින්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හ්ම්ම්ම්ම්......

      Delete
  9. හුටස්..........කොහේ කියලද කිව්වේ...තණ...මල්...විල...නේද ඈ....නෑ එක්කෝ ඕනි නෑ මට හිතිච්චා වෙන වෙලාවක කියන්නම්... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... ඒ මොකෝ?? පොඩි එකා නොමග ගියාවත්ද? :O

      Delete
  10. හනේ...පෙම් මල...ඉක්මනට එන්න....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. හිටුකො. සෙලීනාට කියන්නම්.. :p

      Delete
  11. තණමල්විල මල් :O පෙම්මල පොලීසියෙනුත් බේරගන්න වේවි

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්.. ඒක ඉතින් එයාට භාරයි ;)

      Delete
  12. පෙම් මලක් ලඟ තියාගෙනද මන්ද මේක ලියල තියෙන්නෙ..හෙහ් හෙහ් හෙහ්..:D :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්... පෙම් මල් ගැන අපූරුවට දන්නවා වගෙයි පේන්නෙ ඔයත් ;)

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. රොමැන්ටික් මෙව්වා එකක් ආවේ .. කෑවනේ ඒක ... :P

    ReplyDelete
    Replies
    1. එව්වා හරියන්නෙ නෑ මගෙ පෝස්ට් එක කැත කලාට වන්දි ගෙවන්න වෙනවා.. :p ලියලා මැකීම තහනම් මෙහෙ.. :D ;)

      Delete
  15. උඩ පින්තූරෙ දැක්ක ගමන්ම මම හිතා ගත්තා යට මොනවා ලියලා තිබ්බත් කමක් නෑ ඒ ලියලා තියෙන්නේ පින්තූරේ තියෙන මල ගැනමයි කියලා! :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. අමාරුවෙන් පින්තූරෙ හොයාගත්තෙ, යාලුවෙක්ට පිං සිද්ධ වෙන්න.. :D පූසා අයියාත් දුටු තැන පෙම් මල් අඳුරන හැඩයි ;)

      Delete
  16. මෙයා කියලා තියෙන්නෙ වෙන මෙව්වා එකක් ගැන නෙ.මාත් ලොකු උනාම ලොකු ඉඩමක් අරන් ඔය මල් යයට වවනවා වත්ත පුරාම :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්... ශාහ්හ්හ්හ්හ්.. දැන් තාම ඔයා පොඩීද ඈ??? :p

      Delete
  17. ම්ම්ම්...මොකද එක පාරටම තණමල්විල මතක් උනේ :)

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. නිකන් අක්කෙ..:)

      Delete
  18. මේ කවියේ පේන තේරුමට වඩා යටි තේරුමක් තියෙනවා වගේ මට පේන්නේ... ලස්සනයි නංගියෝ... හලේ.. මට පෝස්ට් දෙකක්ම මිස් වෙලානේ... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්.. අක්කිට තේරුනෙ නැතැයි?? :(

      කෝ? මොන පෝස්ට්ද? මම දැක්කෙ නෑ...

      Delete
    2. දැන්නේ තේරුනේ... :P :P :D ;)

      Delete
  19. වෙන තැනක් තිබුනෙම නැද්ද අප්පා පිපෙන්න, ඒකත් ගිහින් තණමල්විලම පිපුනෙ?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans .

    ReplyDelete
    Replies
    1. හික් හික්... ආසාවනෙ... ;)

      Delete
  20. අවසන් වෙනතුරු කියෙව්ව නිසා අදහස වැටහුනා.... බොහොම ලස්සනයි....

    ReplyDelete
  21. ආහා!!!!!!! :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හම්මේ.. රජාට ගිය හිනාව.. :p

      Delete
  22. ඔය දාගෙන කියෙවුවට මං තාම තණමල්විල මල් දැකලා නෑනේ...
    සැහ්......

    ReplyDelete
  23. කොහොමද තණමල්විල මලක් දෙතොලතර සිර කරගෙනම මේ කවිය කියෙව්වොත්....

    ReplyDelete
  24. ඇත්තටම හිතූ ඔය කියන ලෝකෙට යන්න පුළුවන් වේවිද?

    ReplyDelete
    Replies
    1. පුළුවන් කියන්නෙ ඔය...අහලා තියෙන්නෙ එහෙමයි... අනෙ මංදා ඉතිං...;)

      Delete
  25. ආහ්...මේ කියන්නේ තණමල්විල මලක් ගැන වගේ..

    හිතූ..ටත් හිතෙන දේවල්...
    කොහොම වුනත් පද පේළි ටිකනම් මරේ මරු...ලස්සනට ගලපලා තියෙනවා හිතූ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්.... :D

      හිතුනා. ලිව්වා... :D

      තැන්කූ.. තැන්කූ.. හොදේ??

      Delete
  26. "රොකට් කෙල්ල" :) විහිලුවට කිව්වේ ඈ.. නිර්මාණය හා නිර්මාණකරු කියන්නේ දෙකක් කියලා මම දන්නවා....!!!...නියමයි සාර්ථක නිර්මාණකරුවෙක් හිතින් මවාගෙන නිර්මාණ කරන්න දක්ෂයි අත්දැකීම් නැති වුනත්...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... තැන්කූ!!!

      ඒ කියන්නෙ මම දක්ෂයිද ඈ?? :p

      Delete
    2. අපේ බ්ලොග් පාඨකයන්ට කියල දෙන්න ඔනේ වැදගත්ම පාඩමක් පැතුමෝ මේක..
      +++++++++++++

      Delete
  27. කවිනම් මෙන්න කවි....සුපිරියි.....ලස්සනයි

    ReplyDelete
  28. හැහ්.. පාවෙන වෙලාවකම ඇවිත් මොනවහරි කියන්නං ‍‍කෝ.. ;)
    මොකෝ වැරදිලා වගේ මල් සුළගක්වත් වැදුනද???? ;)

    ReplyDelete
    Replies
    1. හෑ.................. :O මෙන්න අක්කී.......................

      හික්ස්ස්.. අපොයි නෑ.. මල් සුළං වදින්න ඕනෙද හෆ්ෆා කවි ලියන්න :p

      Delete
    2. හික්ස්ස්.. ඔන්න අල්ලගන්නෝ............. ;)

      Delete
  29. මල් හොදයි.. තණමල්විල මල් හොදාආආආයි..

    මේ අර පින්තූරේ ගත්තේ ගෙදර ගහෙන්ද... :P

    ReplyDelete
    Replies
    1. ආඅ........... ;) මෙන්න මෙයා.....

      හික්ස්ස්...ගෙදර ගහක් තිබ්බානම් බැරියෑ.. අමාරුවෙන් හොයාගත්තෙ :p

      Delete
  30. ඉතින් අවසර දෙන්න
    නුඹේ දෙතොලෙ සැතපෙන්න..

    හා හා...

    ReplyDelete
    Replies
    1. බැලුවාම ඔක්කොම අය පෙම් මල් වලට හරි ආසයිනෙ.. මෙන්න මෙයා...ත්...

      Delete
  31. මට මේක කියවනකොට හිතූ මතක් වුනේ මේ සින්දුව ..

    තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට... ඒ සියළුම මල් වල ඇති සුවඳ සිදාදියට..
    හිරිමල් විය ඉගි කෙරුවත් ඉදුවර හීනියට..සිත් මල ල0 කරන්නෙපා ඇවිලෙන පාපයට

    ReplyDelete
    Replies
    1. අහ්හ්හ් හික්ස්ස්.. මටත් ඕක ලිව්වාට පස්සෙ මීටර් වුනා.. :D

      Delete
  32. තණමල්විල මල් පිපුනට තහනම් නීතියට
    ඒ සියළුම මල්වල සුවඳ සිදාදියට........

    ReplyDelete
  33. අනේ මගෙ රොමැන්තික හිතුවිලි ටික...))))

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.. ඇයි මොකෝ වුනේ?? :D

      Delete
  34. තණමල්විල කැලේකම ඉපදුනා නේ ඔය පෙම් මල නේද....... කවි ටික නම් සුපිරියි......

    ReplyDelete
  35. හිහිහී.. මල් පෙමක්නෙ.. :D :D

    කවිය ලස්සනයි නංගියා..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... පේනවා නේද පෙම් මල් වලට ආස හොර ගෙඩියො ;)

      ස්තූතියි අක්කි..

      Delete
  36. සුපිරි....කියවගෙන එනකොට ටෙලියකුත් පෙනුනා හීනෙන්...ඒත් අන්තිම පේලිය දැක්කම කලන්තෙ වගේ ආවනෙ.......

    ReplyDelete
    Replies
    1. :D :D හික්ස්ස්.... තැන්කූ!! :O කලන්තෙ? ;)

      Delete
  37. ජි‍ව්තේ දුක අරගෙන සතුට දෙන්න
    නුඹ තරම් දන්රනේ කව්ද වෙන සිත් සනසන්න
    කර්කසවු මේ ගතින් සුදු සිත මිදුම් වැහෙන්න
    එන්න ඇවිදින් මේ (ගොනුන්ගේ) දෙතොලග සැතපෙන්න

    ReplyDelete
    Replies
    1. :D

      හික් හික්...

      නියම කවිය.. කියන්න දෙයක් නැත.. :D

      Delete
  38. මමත් මේ මල ගැන කවි කිහිපයක්ම ලිව්වා.....

    අර පින්තූරෙ දැක්කහම හිතට ආපු හිතුවිල්ල .. කවිය කියවද්දී පපුව වෙලා ගත්තා...


    ( මේ බ්ලොග් පෝස්ට් මගේ ඩෑෂ් බෝඩ් එකට එන්නෙ නෑ... ඒකයි මට ඔයාව මිස් වෙන්නේ.. හේතුව මොකද්ද කියල මම දන්නෙ නෑ )

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්ම්.. අයියාගෙ කවි තරම් හැඩ නෑ ඉතින් මෙව්වා :D

      හික්ස්ස්... හෆ්ෆේ... පෙම් මල් එක්ක හරිම ලෙංගතු හැඩයි!!!

      (ම්ම්ම්... ඒකතමා අයියෙ. මටත් සමහරුන්ගෙ බ්ලොග් වල එහෙම වෙලා තියෙනවා.. බලමුකෝ... :( :( )

      Delete
  39. අපුරු පද පෙළ ...
    කාලෙකින් මයෙ හිතේ මෙ ගොඩවුණේ.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ!!! :) ම්ම්ම්.. මීට කලින් ආපු බවක් මතක නෑනෙ.. O:)

      Delete
  40. හි හි ..තණමල්විල මල් වලට පෙම් කරන්න ගියාම කොහොමත් වෙන ලෝකෙක පාවෙන්න තමයි වෙන්නේ ... ලස්සනයි ... :)

    ReplyDelete
    Replies
    1. අහ්හ් හා... මෙහාට අලුතෙන් වගෙ. :) අත්දැකීමෙන්මයි කියන්නෙ කියලා තේරෙනවා ;)

      ස්තූතියි!!!

      Delete
  41. 99% කටම පෙනිල තියෙන්නෙ මල නෙමේ .. මල පිපුණු තැන.. කොටින්ම මට පෙනුනෙත් එතැන තමයි :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... පිපුනූ තැන කිව්වෙ පෙම් මල ගැන තේරුම්ගන්නනෙ :D

      Delete
  42. හිතුවක්කාරී ජොයින්ට් එකක් ගහල ලියපු පද පෙලක්දෝ කියලත් හිතෙනවා. කොහොම උනත් මම මේකට කැමතියි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. ඔහොමත් කියනවාද කෝරලේ මහත්තයෝ??? හයියූ..... :p :@ මලක් ගැන කවියක් ලියන්න, මලක් අදින්නම ඕනෙද?

      කැමතියි නම් කමක් නෑ.. මෙව්වාට අකමැති අය අඩුයිනෙ..

      Delete
  43. සියුමැලි පෙති නොතැලෙන්න,
    නුඹේ රළු දෑතේම නැළවෙන්න,
    හිතෙන්නෑ මට එතැනින් නවතින්න,
    ආදරෙන් නුඹේ පහසත් විඳගන්න....,
    ඉතින් අවසර දෙන්න
    නුඹේ දෙතොලෙ සැතපෙන්න......

    My favourite part....

    ReplyDelete
    Replies
    1. ලොක්කයියා හුඟ කාලෙකින් :) ස්තූතියි!!

      Delete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....