නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

21 February 2013

රුසියාවට වඩා ලොකු පිරිමින්ගෙ ඉරිසියාව !!!

ඕනෙම දේකට ඔට්ටුයි කියලා,ම කාලෙකට පස්සෙ ඉඳලා ඉඳලා අද  පෝස්ට් එකක් දැම්මා.. ;) 
මේ ගැන මීට කාලෙකට කලිනුත් ලියන්න හිතුනත්.., මේ දවස් වල බුකියෙ එහෙම අහන්න දකින්න තියෙන දේවල් එක්ක ,නිකමට වගෙ අද ලියන්න ඕනෙ කියලා හිතුනා. 

සාමාන්‍යෙන් සමාජෙ සම්මත වෙලා තියෙන්නෙ , පිරිමින්ට වඩා ගැහැනු පාර්ශවේ උදවිය ඊර්ෂ්‍යා කම් කරනවා කියලානෙ. උපතින්ම ගැහැනු ඊර්ෂ්‍යාකාරයි කියලා තමා කොයි කවුරුත් හංවඩු ගහන්නෙ. (ඒ ගැනත් වෙනම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒත් අද ලියන්න ආවෙ ඒ ගැන නොවෙන නිසා, ඒ ගැන පස්සෙ දවසක කියන්නම්.)

ඒත් දැන් දැන් වෙන්නෙ සම්මතෙන් ඔබ්බට දේවල් හින්දාමද, නැත්තම් කාගෙත් වැඩි කැමැත්ත අසම්මතයට හින්දාමද මංදා.., හැමදේම මාරු වෙලා.. :D

සිනමාව, ටෙලිනාට්‍ය , ගීත ක්ෂේත්‍රය කියන්නෙ ඉතින් අතීතයේ ඉදන්ම මිනිස්සු ආදරෙන් වැළඳගත්තු ක්ෂේත්‍ර කීපයක්නෙ. පොදුවේ ගත්තොත් කලාව කියන්නෙ කවුරුත් ආදරේ කරන දෙයක්. ඒ වගේම තමා  නළූ නිළි උන්මාදය කියන්නෙත් අද ඊයෙ පටන්ගත්තු දෙයක් නෙවෙයි. 60, 70 දශකෙ ඉදන් මේ දක්වාම කලා ක්ෂේත්‍රය ජනප්‍රිය චරිත අනුකරණය කරන්න, අගය කරන්න, ආදරේ කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න  හුඟාක් දෙනෙක් කැමැත්තක් දක්වනවා.ඒක ස්වභාවිකයි.

සිංහල සිනමාව ගත්තොත්, ඉස්සරම කාලෙ, විජය -මාලිනී, ගාමිණී-මාලිනී, කමල්-සංගීතා, සනත්-සබීතා විදියට එක එක යුග තිබුණා. අපේ අම්මලා තාත්තලා ගෙ කාලෙ, ආච්චිලා සීයලාගෙ කාලෙ පවා ..,ඒ සිනමා තරු වල , පින්තූර එකතු කරන්න, පත්තර එකතු කරන්න, ඒ නලූ නිළියන්ගෙ විදියට ඇඳුම් පැලඳුම් මහන්න, අඳින්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. සිංහල සිනමාව විතරක් නෙවෙයි, බොලිවුඩ් සිනමාවත් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙලා තිබිලා තියෙනවා. වෙනසකට තියෙන්නෙ, ඒ කාලෙ ෆේස් බුක් නොතිබීම විතරයි.ඒ කාලෙ තාක්ෂණය අද තරම් දියුණු නැහැනෙ.පරිගණක,ඉනටර්නෙට් කෙසේ වෙතත් රූපවාහිනියක් වුනත් හැම ගෙදරකම තිබුණු යුගයක් නොවුනත්, ඒ කාලෙ පත්තර, සඟරා වලින්, මේ දේවල් මිනිස්සුන්ට ළං වෙලා තිබුණා.

ඒ කාලෙ ගෑණු ලමයි , විජය කුමාරතුංගට, සනත් ගුණතිලකට, ජෝ අබේවික්‍රමට,කමල් අද්දරආරච්චිට, අමරසිරි කලන්සූරියට මැරීගෙන ආදරේ කළා. අදටත් ඔය කලාකාරයෝ රූපවාහිනි වැඩසටහන් වලට ආවාම කියන්නෙ "මට ඒ කාලෙ ගෑණු ලමයින්ගෙන් ලියුම් ආවෙ මලු ගනන් " කියලා. :D 

ඇයි නළුවන්ට විතරක්ද ..,නිළියො විදියට, මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා, සංගීතා, දිල්හානී අශෝකමාලා ලගෙ පින්තූර බිත්තියෙ ගහගෙන, ඒ අයට ආදරේ කරපු, එයාලාව අනුකරණය කරපු, එයලාට ලියුම් ලියපු අය මොනතරම් ඉන්න ඇත්ද??ඒ විතරක්ද, අමිතාබ් බච්චන්,රාජේන්ද්‍ර,රාජ් කපූර්, දිලීප් කුමාර් ලටත් ආදරේ කරපු පිරිසක් හිටියා. ජයා බච්චන්, රේඛා, හේමා මාලිනී, ශ්‍රීදේවි, මධුරි වගේ අයටත් පිස්සු වැටුණූ අය ඕනෙ තරම්..

නළු නිළියො ගැන විතරක් කතා කලාට.., ගායක ගායිකාවොත් ඕනෙ තරම් මේ විදියට ජනප්‍රියත්වයට පත්වෙලා, කාලයත් එක්ක මිනිස්සුන්ගෙ උන්මාදයන් බවටත් පත් වෙලා තිබුණා.

ඒ කාලෙ .., ඒ අය ගෙ සංදර්ශන බලන්න, චිත්‍රපට බලන්න, නාට්‍ය බලන්න වැල නොකැඩී පිරිස එකතු වුනා. ඔවුන්ව මුණ ගැසිලා අදහස් ප්‍රකාශ කලා, හමුවෙන්න ගියා. ලියුම් ලිව්වා. ඒත්, පසුකලීනව තාක්ෂණය දියුණු වීමත් එක්ක, දුරකථන, ජංගම දුරකථන, අන්තර්ජාලය, වගේ දේවල් පැමිණිමත් එක්ක ඔය අදහස් ප්‍රකාශ කරන මාධ‍ය  වෙනස් වුනා. ලියුම් වෙනුවට, කෝල් කලා. එස්. එම්. එස් යැව්වා.

විදේශීය චිත්‍රපට, ටෙලිනාට්‍ය, ලංකාව ඇතුලෙ වැඩිපුර කතාබහට ලක් වුනා. ගුණාත්මක බව බව, උචිත බව, සංස්කෘතියට ඔබින බව ..., නානාවිධ කතාන්දර මනින මිනුම් දඬු කැලේ ගියා. ලාංකික සිනමාවට වඩා මිනිස්සු වැඩිපුර බොලිවුඩ්, හොලිවුඩ් සිනමා වලට ආකර්ෂණය වුනා. හොදින් හෝ නරකින් විදේශීය දේවල්  වලට වැඩි නැඹුරුතාවයක් ඇතිවුනා.

ඔන්න ඒ එක්කම එකපාරටම හැමදේම උඩුයටිකුරු වුනා,ඒ "Facebook" එහෙම නැත්තම් මූණූ පොත හින්දා. වර්තමානෙ වෙනකොටනම්.., හැම නළුවෙක්ටම නිළියෙක්ටම ෆේස්බුක් ගිනූමක්, එහෙම නැත්තම් පේජ් එකක් තියෙනවාමයි. ඇත්ත හෝ ව්‍යාජ ලෙස ලංකාවෙ වගේම විදේශීය හැම ජනප්‍රිය චරිතෙකටම මූණූ පොතේ පිටුවක් වෙන් වෙලා. ඒ වගේම වෙබ් අඩවි ත් සෑහෙන ප්‍රමාණයක් හැදිලා.

මේ විදියට , දැන් දැන් ලංකාවෙ ගැහැනු ළමයි..,විතරක් නෙවෙයි පිරිමි ළමයිනුත් විදේශීය නලූ නිළියන්ට ආදරේ කරන්න,අනුකරණය කරන්න බහුලවම පෙළඹිලා. ඒක උන්මාදයක් බවට පත් වෙලා හමාර බව , බ්ලොග් අවකාශය හරහාම කාට වුනත් දැනගන්න පුළුවන් කාරණාවක්. ;) ඒත්, අන්ත දුක්ඛිත කාරණාව තමා.., මේ දේවල් නිසාම ලංකාවෙ පිරිමි ලමයින්ගෙ හිත් අන්තිමටම දූෂණය වෙලා. :@

ඉස්සර නළුවොන්ට/ගායකයින්ට/විවිධ ජනප්‍රිය තරුවලට ලියුම් දාපු යුගයක් තිබ්බත්, දැන් ඊට වඩා ලේසියෙන්ම ෆේස්බුක් එකෙ අදාල ජනප්‍රිය තරුවගෙ ගිණුමට ගිහින් අදහස් දක්වන පහසුකම ලැබිලා. ෆේස්බුක් එකෙන් බැරි නම් ට්වීටරෙන්(Twitter). එහෙමත් නැත්තම් ඕනෑතරම් සමාජජාල අඩවි දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. 

ඒත් දැන් දැන්..,තමන් කැමති නළුවෙක්ගෙ/ගායකයෙක්ගෙ/තරුවකගෙ පින්තූරයක් මූණු පොතේ දාගන්න, තමන්ගෙ අදහසක් මූණු පොතේ පල කරන්න, අදාල නළුවා /නිළිය/තරුව ගැන අගයන්න  නිදහසක් නැති වෙලා. ලංකාවෙ ගෑනු ලමයි කවුරුහරි නළුවෙක්ට/ගායකයෙක්ට කැමැත්තෙන් අගය කරනවද, ආසාවෙන් ඉන්නවාද.., සමස්ත පිරිමි ළමයි සංහතියම ඒ අදාළ නලුවට/ ගායකයාට මඩ ගහන්න, චෝදනා කරන්න, අපහාස කරන්න, නින්දා කරන්න පෙළඹිලා. 

ලංකාවෙ ගෑනු ළමයි ශිහාන් ට පිස්සු වැටිලා ඉන්නකොට,ශිහාන්ට බැන්නා. මරණ දැන්වීම් හැදුවා. කටකතා පැතුරුවා. එහෙම බැන බැන, ඒත් ශිහාන් විදියටම කොණ්ඩෙ හැදුවා. :D ඊටපස්සෙ ලෝකෙ පුරාම ජනප්‍රිය වුනු "Twilight" චිත්‍රපටි පෙලේ උන්නු Edward Cullen ට ආදරේ  කරන්න ගත්තාම ඒවට අපහාස කළා. ශාරුක් ඛාන් ඉන්න චිත්‍රපටියක් ආවාම, "නාකියා" කියලා ඒ මනුස්සයට අපහාස කලා.ජස්ටින් බිබර් ගෙ සින්දු වලට( ජස්ටින් ට) පිස්සු වැටුනු ගෑනු ලමයි අනන්තවත් උන්නා. ඒ නිසාම ජස්ටින්ට අපහාස  කරන්න ගත්තා. අන්තිමට අහන්නෙ, "ඇයි ලංකාවෙ කොල්ලො නැද්ද පිස්සු වැටෙන්න, පිටරට උන්ට මැරෙන්න යන්නෙ " කියලා. ඉතින් දෙයියනෙ ලංකාවෙ කෙනෙක්ට කැමැති වුනත් කියන්නෙ, " අපෝ.. හිරිකිතයි. අප්පිරියයි.  කොල්ලෙක්ද ඌ.." ඔය වගේ කතාන්දර. ;)

මොකද මේ මෙහෙම අපහාස කරන්නෙ? තමන්ගෙ නොහැකියාවටනෙ. :p එහෙම නැත්තම් තවත් කොල්ලෙක්, පිරිමියෙක් තමන්ට වඩා කැපී පෙනෙන, අනිත් අයගෙ ආදරේට පාත්‍ර වෙන එක දරාගන්න බැරි තරමට පිරිමි හිතුත් දුර්වලයි.:D අපහාසයයි විවේචනයයි දෙකක් කියලායි මම හිතන්නෙ. අපහාසයට නිශ්චිත හේතුවක් තියෙනවානම්, ඒ තරහට , නැත්තම් ඊර්ෂ්‍යාවට වෙන්න පුළුවන්. විවේචනයට ශක්තිමත් සාධක තියෙන්න ඕනෙ. ඒ නැතත්, කෙනෙක්ගෙ කැමැත්තට තවත් කෙනෙක්ට බලපෑමක් කරන්න අයිතියක් තියෙනවාද? (බැඳිමක් ඇතුව/නැතුව??)

කාටවත් කරදරයක් නැතුව.., හානියක් නොවෙන්න.. , කැමැත්තක් තිබ්බාට මක් වෙනවාද? දැන් ,ඉස්සර හිටපු ගෑනු ලමයි  නලුවොන්ට/ගායකයින්ට ප්‍රේම කලේ නැද්ද? එයාලා එහෙම කලා කියලා ගෙවල් වල වැඩ කලේ නැද්ද? ඉගන ගත්තෙ නැද්ද? රස්සාවල් කලේ නැද්ද? ආදරේ කලේ නැද්ද? ඔක්කොමත් හරි.., කසාද බැන්දෙ නැද්ද?  ළමයි හැදුවෙ නැද්ද? 

ඉස්සර කාලෙ පිරිමිත් මෙහෙමද දන්නෙ නෑ... නැත්තම් දැන් මේ කාලෙ අයගෙ හැටිද දන්නෙ නෑ.. කොහොම වුනත්, දැන් කාලෙ පිරිමි ළමයින්ගෙ ඊර්ෂ්‍යායාකාර හිත්  දැනගන්න, Facebook තිබ්බ එකත් හොදයි. :D                                                                                     



ගැහැනු අපි,                                       

ශාරුක් ගෙ කඳුළු දැක...,
කඳුළු සලන කල
ඔහුට වෛර  කල....,
ශිහාන් ගෙ පෙම්වත් හඬට..,
හද සසල වූ කල
ඔහුට ද ශාප කල......,

එඩ්වඩ් ගෙ අනුරාගී පෙමට..,           
ලෝබ කම් කරන කල
ඔහුට දුෂ්ඨකම්  කල....,
ඩේමන්ගෙ වීරකම  දැක..,
ප්‍රේමයෙන් මුසපත් වූ කල
ඔහුට ද ඊර්ෂ්‍යා කල.....,

අනේ...,

අහිංසක චංගුමී ට
අනුකම්පා කරන කල
ඊටද සැහැසිකම් කල...,                                                

ලැජ්ජයි කියන්න,                                       

ගෙම්බෙක්ට හාදුවක් දුන්නොත්
ඌටත් ඊර්ෂ්‍යා කරන තරමට
අනේ... අපොයි..
ගිය කලක්..,

ලංකාවෙ පිරිමින්ට....!!!!




Post Comment

101 comments:

  1. හික්ස්...නියමයි නංගෝ... ඇත්තටම පුදුම ඉරිසියාවක් තියෙන්නේ මේ කොල්ලොන්ට...
    "ඇයි ලංකාවෙ කොල්ලො නැද්ද පිස්සු වැටෙන්න, පිටරට උන්ට මැරෙන්න යන්නෙ " කියලා. ඉතින් දෙයියනෙ ලංකාවෙ කෙනෙක්ට කැමැති වුනත් කියන්නෙ, " අපෝ.. හිරිකිතයි. අප්පිරියයි. කොල්ලෙක්ද ඌ.." ඔය වගේ කතාන්දර. ;)
    මේක නම් ඇත්තම ඇත්ත. මටත් හොඳට අත්දැකීම් තියෙනව ඒ ගැන

    ReplyDelete
    Replies
    1. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ ගෑනු ලමයි ටික පිස්සුවෙන් වගේ එක එක නළුවොන්ට ආදරය කරනවා උන්ගේ පින්තූර කාමර වල එල්ලන් ඉන්නවා , අන්තර්ජාලේ පීරලා උන් ගැන තොරතුරු හොයනවා ඉස්සෙල්ලම හොයන්නේ ඌ බැදලඳ ඌට කෙල්ලෙක් ඉන්නවද ඕවා ඊට පස්සේ අනේ ඒ අහින්සක ගෑනුන්නට හිතින් බනිනවා. හැබැයි ඔය කියන නළුවොන්ගේ හිත් කොච්චර අපිරිසිදුද වල් වැදිලද කියලා දැනගත්ත දවසට උබලම තමයි උන්ට වෙයීර කරන්නෙත්... ඔය එල්ලන් ඉන්න පින්තූර පොලවේ ගහන්නෙත් ඕන් මන් කිව්වා.

      Delete
    2. ප්‍රා අක්කි- හික්ස්ස්.. අත්දැකීම් මටත් ඇත.. :D

      Delete
    3. අවංක- :D හික්ස්.. ඒවා ඉතින් සාපේක්ෂයිනෙ , නළුවාගෙ හැටියට, නළුවාට කැමති කෙනාගෙ හැටියට..., ඒ ඒ ප්‍රතිචාර වෙනස් වෙනවා . :) අනික ඔය කැමැත්ත, එහෙම නැත්තම් නළු/නිළි උන්මාදයෙත්, එක සීමාවක් තියෙන්න ඕනෙ නම් තමා. එහෙම නොවුනොත් බරපතලයි!!! මම කතා කලේ සාමාන්‍ය කැමැත්ත ගැනනෙ.

      Delete
  2. අෆ්ෆා මට කියන්න ඔනේ උන ටික මෙයා කියලා.... කමොන් හිතු................. යේ යේ ඕ යේ ජය වේවා !!!!! හිතු උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා..................

    නිළියන්ට ලවු කරන්න ෆොටෝ එඩිට් කරන් දගලන්න හොදයි කොල්ලන්ට අපි නළුවෙක්ට ලවු කලොත් තමයි මළ පනින්නෙ. මේකා ගේ, කොලුකාරයා අරක මෙක කියන්නෙ. අනුන්ට බනින්න කලින් තමන් හැදෙන්න එපැයි.

    කියන්න ඔනේ ටික ලෙසටම කියලා. නියමයි හිතු නියමයි. :)))))))))))))

    ReplyDelete
    Replies
    1. මගේ එඩ්වඩ්.... :-*

      එයාට දෙන්න අමතක උනා නේ ;)

      Delete
    2. අනේ එඩ්වර්ඩ් මගේ :(

      Delete
    3. ඇඩෝ....
      වලිද ඈ....
      අනූට හින්ට් ගහන්න එපා ඈ....

      Delete
    4. බොලාම තියා ගනියව් ඔය හම්පඩ සුද්දන්ව.... o.O

      Delete
    5. මදාරා- :D හික්ස්ස්.... (Y) මායි කැරලියි දවසක් මේ ගැන කතා කලා. ළඟදි මට ලියන්න හිතුන. ඉතින් ලිව්වා... ;) තැන්කූ හොදෙ!!! උම්ම්මාආඅ... :*

      Delete
    6. ශම්මි- හෆ්ෆොයි!!! එඩ්වර්ඩ් ට අයිතිකාරයෝ ලෝකෙ පුරාම ;) :D

      තරියා තොප්පිය දාගෙන :P :P

      Delete
  3. මම ලව් කලේ ජිනීලියාට. ඒත් එයා කසාද බැන්දට පස්සේ මම රිතේෂ් දෙශ්මුඛ්ට ඉරිසියා කලේ නෑ.. මම හිත හදා ගත්තා. ඒත් ඉස්සර මතකේ හැම වෙලේම හදවත කකාරවනවා..

    ReplyDelete
    Replies
    1. අන්න්න්න්න්නාආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ් ^_^ හරිම අහිංසක කමෙන්ට් එකක්... :D

      Delete
  4. කොල්ලෝ ඕමමමයි හිතූ...හොදම වැඩේ කොල්ලන්ට...

    ReplyDelete
  5. අයියෝ ගෙම්බා!!!! :)

    මම නං දැක්කා සීන් එක... වැඩිය කතා කරන්න හොද නෑ. මේවා අපේ ඇගෙනුත් යන්න ඉඩ තියෙනවා ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔක්කොම මහ රජ්ජු ඔහොම්මයි හෆ්ෆා... නම "රජා" වුනාට , බලන්නෙ ඇඟ බේරගන්න.. රටවැසියොන්ට හෙන ගැහුවාත් රජා බේරෙන්න එපැයි.. ;) මේක රටේ වැරැද්ද. :p

      "එව බලව!!! රට වැසියන්ගෙ ප්‍රශ්න විසඳපිය!!!" ;)

      Delete
  6. hahahahahaha,,, :*

    //ලංකාවෙ ගෑනු ළමයි ශිහාන් ට පිස්සු වැටිලා ඉන්නකොට,ශිහාන්ට බැන්නා. මරණ දැන්වීම් හැදුවා. කටකතා පැතුරුවා. එහෙම බැන බැන, ඒත් ශිහාන් විදියටම කොණ්ඩෙ හැදුවා. :D ඊටපස්සෙ ලෝකෙ පුරාම ජනප්‍රිය වුනු "Twilight" චිත්‍රපටි පෙලේ උන්නු Edward Cullen ට ආදරේ කරන්න ගත්තාම ඒවට අපහාස කළා. // මේ දෙන්නම මගේ ලිස්ට් එකේ ඉන්නවා..ඇයි Jacob Blcak ^_^ හයියූ,, මේ දවස්ටිකේම මම මේ ජනෙල්ල ඇරගෙන බලාන් ඉන්නවා රෑට අනේ වෑම්පයර් කෙනෙක් එන්ඩෝ...කියලා...

    හොද වැඩේ පිරිමි ළමයින්ට... :D

    ReplyDelete
    Replies
    1. ආආ,, මම උදේ මෙව්වා එක්ක ලීවා එඩ්වර්ට් ගැන හවසට පෝස්ට් කරන්නම් මූණු පොතේ :D

      Delete
    2. ඇයි යකොව් අපි කළුද ? :(


      " අනේ මේකිව ඩ්‍රැකිවුලෙක් ඇවිත් අල්ලන් පලෝ..... "


      දුකට පත් කොල්ලෙක් :'(

      Delete
    3. ශම්මි- :* :* :*

      හෆ්ෆා..., ^_^ vampire, ware wolf සටනක් මැද හිරවුනු මනුස්ස දුවක්වත්ද?? :O

      හික්ස්.. ඔහොම දිගටම බලාගෙන හිටු!! වැම්පයර් කෙනෙක් එයි.., ලේ බොන එකෙක් කෙසේ වෙතත් "හාර්ට් එක" අඩපණ කරන එකෙක් ;)

      Delete
  7. මෙම පෝස්ටුව ගැන කියනවා නම් මෙය හුදෙක් මධ්‍යස්ත මතධාරී තරුණයන් සමග ද්වේශයෙන් ලියන ලද්දක් බැව් පැහැදිලිව පෙනේ.අපි ගෙම්බා ගැන සංවාදයට කලේ ගෙම්බා ගැන ඉරිසියාවෙන් නොවේය.උ ගැන උපන් අනුකම්පාවෙනි.

    //ඉතින් දෙයියනෙ ලංකාවෙ කෙනෙක්ට කැමැති වුනත් කියන්නෙ, " අපෝ.. හිරිකිතයි. අප්පිරියයි. කොල්ලෙක්ද ඌ.." ඔය වගේ කතාන්දර. ;)//
    එහෙමයි කියලා ගෑනු ළමයි...අර බොඳ මීදුම් එකේ හිටිය අඩන හිරියා හොඳයි කියනකොට කාටද ඉවසන්න පුළුවන් දෙයියනේ...

    ReplyDelete
    Replies
    1. හා හා :D මේක මෙ නිකන් ජොලියට විසි කරපු තොප්පියක් අයියේ!!! ;) කස්ටිය දාගෙන , කුලප්පු වෙලා, බොරුවට දගල දගල තොප්පියෙ හැඩ බලනවා... තොප්පිය දාගන්නත් පොරකනව.. හයියූ.....:D :D සංතෝසේ බැරුවා..... හික් හික්...

      බොඳ මීදුම් එකෙ අඬන හිරියා හොදයි කියන ගෑණු ලමයි එච්චරට ඉන්නවාද අයියේ?? හයියූ..... පවු!!!!

      Delete
  8. එතකොට මටයි සෙලීනටයි ඉරිසියා කරන කෙල්ලෝ කුප්පයිද?

    ReplyDelete
    Replies
    1. නැහැ... උන් උඹ ගැන අවංකව දුක් වෙනවා !!!

      Delete
  9. තරුණ සමාජයේ එක පැතිකඩක් විතරක් බලල කිසිම අද්යනයක් නොකර ලිව පොස්ටුවක් ,
    ඕකත් හරියට අන්තවාදය වගේ තමයි , කොටසක් අන්තවාදීන් වෙනවා , අනිත් කොටසක් තව මතයක් එනවා , තව කොටසක් තව මතයක් වෙනව වගේනේ ,

    ReplyDelete
    Replies
    1. කොහොමටත් ඉතින්, බහුතරයක් ලියන්නෙ තමන්ට ඕනෙ, තමන්ට හිතෙන දේනෙ. එතකොට ඔය දෙපැත්ත ගැනම බැලෙනවා අඩුයිනෙ. එත් එහෙම හොද අධ්‍යනයක් කරලා, හැම කරුණක් ගැනම බලලා ලියැවෙන ලිපිත් ඕනෙතරම් තියෙනවා..

      මම මේකනම් ලිව්වෙ, විනෝදෙට වගේ.. :)

      Delete
  10. අනික මටයි ඩේමන්ටයිත් කතා හදනව නේ

    ReplyDelete
    Replies
    1. ඒ කතා හදන්නෙ කවුද?? උඹගෙ වර්ගෙම උන් නෙහ්. අන්න බලපන් ඉතින්.. හිත් වල් වැදිලා.. :D

      Delete
  11. අනේ මන්දා...මේකට කියන්නේ පුරුෂාධිපත්‍යවාදය ද මොකද්ද එක!!

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා.. එහෙමත් එකක්ද??

      Delete
  12. දැං මේක හෙන ඒක පාර්ශවීයයි ඈ..
    කරුණු දක්වනවනං මට ඒකෙං පෝස්ට් එකක් ලියන්නත් පුළුවං..
    හිතුනොත් ලියනවා ඈ...
    අපි නළුවංට (පිරිමි) කවදාවත් බැනලා නෑ...
    වැරදි වැටහීං වල ඉන්න එපා..
    දැං අපි ඔය බයින්නේ කීයෙං කී දෙනාටද? එඩ්වඩ් කලං කියන වවුලට.. එහෙම නැතුව ඒක රගපාන එකාට නෙමේ.. ඌ හැරී පොටර් එකේ සෙඩ්රික් ඩිගිරිට රගපානකොට මාත් ඌ වගේ මැජික් දාන්න හෙන දත කෑවා..
    එතකොට අනිත් එකා ජස්ටිං බීබර්.. බොරු කියන්න ඕන්නෑ මං කලිං හිතං හිටියේ ඌ කෙල්ලෙක් කියලා සිංදු අහනකොට (නම දැනගන්න කලිං)
    ෂාරුක් ඛාන්ට මං මුකුත් කියන්නෑ..
    වැඩිහිටියන්ට අපහාස කරන්න මං කැමති නෑ...
    දැං කෝමත් නහින දෙහින කාලෙනේ...
    50ත් පැනලා මයේ හිතේ..
    ලවු කරපියකෝ ජොනී ඩෙප්ලට.. නිකලස් කේජ්ලට... ටොං කෘස්ලට...
    අන්න නලුවෝ..
    අර කලිං කියපු උං නළුවොද..
    සැහ්..
    පිරිමි කමටත් නින්දාවක්..
    බාබි ඩෝල්ලා වගේ...

    දැං කට්ටිය අහයි අනුෂ්කා ගැන..
    අනූගෙනං කිසි වැරැද්දක් නෑ..
    සෙලීනගෙත් මං කිසි වැරැද්දක් දකින්නෑ.. (නැද්ද බං රත්ගමයා)
    අනූගෙයි මගෙයි කේන්දර පවා ගැලපෙනවා..
    අපේ අම්මලා තාත්තලා උනත් කැමතියි..
    බොලාලා එහෙමද??????
    අර කොහෙවත් යන වවුලෙකුටයි නරියෙකුටයි නැවෙන්න යනවා...

    අන්තිමට කියන්නං..
    පිරිමිත් ඉරිසියා කරනවා..
    (මොකද උනුත් මනුස්සයොනේ) හැබැයි ඒ ඉරිසියාව හරි අහිංසකයි..
    කාටවත් කරදරයක් නෑ..

    ඒකට ගෑනු ඉරිසියාව...
    ලෝක යුද්ද පරාදයි...
    අත්දැකලා තියෙන කට්ටිය දන්නවා ඇති..
    ජයවේවා..
    ගෙම්බෙක්වම සෙට් වේවා!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තව චරිත කීපයක් මග ඇරිලා...
      උංව මං හිතලමයි හැලුවේ..
      මොකද උං ගැන කියන වචනත් අපරාදේ...

      Delete
    2. නැතුව...අපි ආදරේ කරන්න ගත්තාම තමා මුන්ටත් පෝස්ට් ලියන්න හිතෙන්නේ..මුන් හිතන්නේ කවද හරි ශාරුකයා උගේ නෝනා දාලා මුන් හොයාගෙන ඒවි කියලා..ආවත් බදින්න පුලුවණැ..ඌ අපේ තාත්තගේ වයසේ මිනිහෙක් නේ...
      ඒකට සෙලීනලා අනුස්කලා...

      Delete
    3. තරියා- අනේ යකෝ!!! අනූගෙයි උඹෙයි කසාදෙ වෙනවානම්.., අපිටත් හෙන සතුටුයි ඈ... :D ;)

      මේකෙ සම්පුන අදහස මෙච්චරයි!!

      දැන් ඔයාගෙයි, රත්ගමයාගෙයි චොයිස් එක එකද? කැමැත්ත? නැහැනෙ.. ඒ වගේ තමා.. හැම එක්කෙනාම එක වගේ නෑ.. එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස්.. එක එක්කෙනා කැමති එක එක අයට. (අනූගෙයි ඔයාගෙයි උනත් කැමැත්ත එකම වෙන්නෙ නැතිවෙයි ;) )

      ඉතින් මම අහ්න්නෙ, කාගෙවත් කැමැත්තට, තව කාටවත් අපහාස කරන්න මොකක්ද තියෙන හේතුව කියලයි? ඊර්ෂීයාවද? තරහද? නැත්තම් මොකක්ද? තමන් අනුන්ගෙ කැමැත්තට අකමැතිනම්, ඒවාට නිශ්චිත හේතු තියෙනවානම්.., විවේචනය කලාට, උපාහසයට ලක් කලාට අවුලක් නෑ.. නමුත් අපහාසය කැතයි!!!

      කාටවුනත් ඒක එකයි. දැන් රත්ගමයා ඩේමන්ට කැමතියි කියලා.., රත්ගමයා "ගේ" කියන එක හරිද මම අහන්නෙ? ( වෙන්නත් පුළුවන්/නොවෙන්නත් පුළුවන්) හරියට දෙයක් නොදැන, එහෙම කෙනෙක්ගෙ කැමත්තක් වෙනුවෙන් කතන්දර කියන එක, නින්දා අපහාස කරන එක හරි නෑ..

      දැන් ඔය අනුස්කා එහෙම චිත්‍රපටි වල, පින්තූර වල එහෙම එක එක නළුවො එක්ක රඟන නොයෙකුත් ප්‍රේම ආලිංගන දැකලා , අපි කියනවාද අනූ බඩුවක්, ගණිකාවක් ...etc කියලා?? නැහැනෙ... අපි බොහොම මානූශීය විදියට තමා පහරගහන්නෙ ;)

      ඒ නිසා අනුන්ට අපහාස කොර කොර ඉන්න වෙලෙ ඔය බඩ පොඩ්ඩක් අඩුකරගෙන, රත්ගමයා වගෙ හැන්ඩ්සම් වෙන්න ටර්යි එකක් දීපිය. එතකොට අනූ වෙන උන් එක්ක ඇක්ට් කරන එකත් නවත්තයි!!! ;)

      රත්ගමයා- බොට කියන්න තියෙන්නෙත් තරියාට කිව්ව ටිකම තමා.., සෙලීනා වගෙ සුන්දර කෙල්ලක්, ජස්ටින්ගෙන් පැහැරගෙන සදාකලිකවම තියාගන්න ඕනෙනම්.., ඒ වෙනුවෙන් දෙයක් කරපිය, නිකන් අනිත් එවුන්ගෙ කැමැත්ත ට අපහාස නොකර... උඹ උඹටම පොට්ටයා කියන එකෙ, සෙලීන නොකියා ඉදීද??

      Delete
  13. ඒකපාර්ෂිකයි..අන්තවාදීයි..මටසිලුටුයි..කුජීතයි..අතාත්විකයි..ඇඩෙනවා..හොටුකනවා..
    සම්පූර්ණයෙන් හෙලාදකිනවා මේ වගේ ආත්මාර්තකාමී ප්‍රකාශ. අපි ඔය නළු බට්ටන්ට එක එක එව්වා කියනවා තමා. කාටද දෙයියනේ වාවන්න පුළුවන් ඇගේ හිමොග්ලොබින් නෑ වගේ සුදු වෙච්ච එව්වන්ට මේ අහිංසක ළමා ළපටි දැරිවියෝ හොට්ට පෙරාගෙන ලව් කරනකොට. ඒ වගේ වෙලාවට අපි කරන්නේ ජාතිමාපකත්වයද මොකද්ද එකෙන් ඔද වැඩි අපේ රස නහර පිනායන ජාතිකානු(රාගයෙන්) ඇත්ත ඇති සැටියෙන් පෙන්නා දිම පමණයි. (ඕකට ඉතින් අපිව මෙහෙම කුජීත කරන්න ඕනියෑ)
    දැන් බලන්න ඔයා ඊයේ ගෙම්බෙක්ට උම්මා එකක් දුන්නා කිව්වාම අපි පොඩි ෆ්‍රී පබ්ලිසිටි පාරක් දුන්නා ඒකට. අපි සල්ලි ඉල්ලුවද? නෑනේ. බොක්කෙන් කලේ. එහෙව් අපිට මෙහෙම කරන එක හරිද. නෑ..අන්තිම වැරදියි. ඔයා ඩේමන්ට බූට් එක තියලා මණ්ඩුක එක්ක යාළු වෙලා ඌටත් බූට් එක තිබ්බ එක ගැන අපි වැඩිය කාටවත් කිව්වද. නෑනේ. පේස්බුකියේ දන්න දහපහලොස් දෙනෙක්ට විතරනේ කිව්වෙ. උනුත් වැඩිය කාටවත් කිව්වේ නෑනේ. අනිත් එක මන්ඩුක එක්ක ඔයාගේ තිබ්බ පලහිලව්ව ඔයාම පිලිගන්නවනේ මේ පෝස්ට් එකේ අන්තිමට තඩි ගෙම්බෙක්ගේ පොටෝවක් දාලා. දැන් ඕකටත් ෆ්‍රී පබ්ලිසිටි පාරක් දෙන්නේ සල්ලි බලාගෙනද..නෑ. යාළු ෆිට් එකට. බොක්කෙන් කරන්නේ. එහෙව් අපිට මෙහෙම කිව්ව එක හරි නෑ ඈ..

    ReplyDelete
    Replies
    1. හා හා... :D මෙන්න පෝස්ට් එක ලියපු තාලෙ හරියටම අරගෙන දාපු කමෙන්ටුවක්;) සතුටුයි ඈ... නිකන් වල්ගෙ පාගගෙන දඟලන්න ඕනෙද හෆ්ෆා මේවාට?? එහෙම දඟලන්න ඕනෙ එව්වා මොනතරම් තියේද මේ බ්ලොග් වල? හික් හික්

      හා හා.., ඔය ගෙම්බා ගෙ කතාව නොදන්න අය මට යුද්ධ ප්‍රකාශ කොරලා තියෙන්නෙ බොල.. ඒ කියන්නෙ පබිලිසිටි උපරිමයි!!! ;) තැන්කූ හොදෙ!!! :*

      Delete
  14. හෙලා දකිමි. ඉරිසියාවට නම් දැරූවෝ වෙන කවුරුත් නොව ගැහැණුමය. වැඩිය ඕනෙ නෑ මාමාටයි බෑනාටයි එක වහලේ යට හිටියත් නැන්දම්මාටයි ලේලිටයි එක වහල යට ඉන්න හැකි ඉතාම දුර්ලබ අවස්තා අහන්නත් ඇත්තේ අතේ ඇඟිලි ගානටය.

    (ශිහාන් කියන්නෙ කවුද?)

    ReplyDelete
    Replies
    1. //ශිහාන් කියන්නෙ කවුද?// :D :D +++++++++

      Delete
    2. අන්න ඩියුඩ්ගෙ තර්කයට උත්තර දීල හිටියනං මේ දැරිවියොටික.

      Delete
    3. Dude- හා හා ඔබතුමා කතා කරන්නෙ මෙ ඊර්ෂ්‍යියාව ගැනනෙ.. ;) මෙතන මම කියන්නෙ ගෑනු ළමයි නලුවන්ට කැමැත්ත දක්වන එකට අපහාස කරන පිරිමි ළමයි ගැන.. :D

      අනික මමත් මුලින්ම කිව්වානෙ මෙ ලිපියෙම, සමාජ සම්මතය ගැහැනු ඉරිසියායි කියන එක කියලා.. ^_^ නැන්දම්මා ලේලි අවුල ඉතින් ඈත අතීතෙ ඉදන්ම එන ගැටළුවක්නෙ... ඒක වෙනම කතාවක්..

      මේක වෙනම කතාවක්.. ;)

      (මම දන්නෙ නෑ ඒ ප්‍රශ්නෙ ඇහුවෙ උපහාසයටද, නැත්තම් ඇත්තටමද කියලා :P ) ඒථ්..,ඔබතුමා මම දන්න තරමට ඉන්නෙ, විදේශයකනෙ .., ඒ නිසා ශිහාන් ගැන ඒ තරම් අහලා හුරු නැතිව ඇති ;) ලංකාවෙ රියැලිටි වැඩසටහනකින් ආපු තරුවක් නොවැ

      Delete
  15. හෙලා දැකලා ආයෙත් හෙලා දකිනවා...යකෝ එකෙක් දෙන්නෙක් කරන වැඩ වලට හැමෝටම මෙහෙම කියන්ඩ පුළුවන්ද ඈ...
    සමස්තය යනු එකක් නොවේ සේම එකක් යනු සමස්තය ද නොවේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්..... :D හරි ඉතින්.., තොප්පිය විසි කලෙ ආස අයට දාගන්න ;)

      Delete
  16. ළග හිටියනම් උල තියෙනවා. හිතුවක්කාරකම් යන්නත් එක්ක, හිකිස්ස්ස්

    කතාවනම් ඇත්ත ... එහෙම කියල එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලට අපි වගේ නිහතමානී පාර්ශවයකට බනින එක හරි නැහැ ....

    මොන උනත් .... බදින්න ඉන්න කෙල්ල හීනෙන් ඔය එක එකා ගැන කියවද්දී කොහොමද ඉවසන් ඉන්නේ ??? :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... එව්වා හීනෙන් තමා.., මම කොහොමත් හිතුවක්කාරී!!!

      අහ්හ්හ්හ් මෙන්න තිත්ත ඇත්ත පිළිගන්න නිහතමනි මිනිස්සු!!! :P :P

      වදින තැනකට වැදුනාවෙ කියලා බැට් කලා :D වැදුනු උදවිය රිදිලා කෑ ගහලා තිබ්බා...

      බඳින්න ඉන්න කෙල්ල හීනෙන් එක එකා ගැන කියවන විත්තිය කිව්වෙ, නැන්දම්මා වෙන්නැති නේ?? :p

      Delete
  17. පිරිමි සංහතියට විරුද්ධව කළ ද්වේශ සහගත,කුජීත,නින්දිත, ඒකපාර්ශවික, හිතුවක්කාර,අධම,පටු අන්තවාදී,ස්ත්‍රීවාදී..(තව වචන එන්නෙත් නෑ) ප්‍රකාශය දැක තමා විමතියට හා කම්පාවට පත්වූ අතර එම ම්ලේච්ච ප්‍රකාශය පිළිකුලෙන් යුතුව දැඩිව හෙළා දකින අතර ඊට විරුද්ධව එක් ධජයක් යටතේ එක් සිත්ව නැඟී සිටීමට සියළු පුරුෂමාමක බලවේග මේ මොහොතේ එකාවන්ව තිරව අදිටන් කර ගත යුතුව ඇතැයි තොටුපල අයිනේ සිට තොටියා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.....

    ReplyDelete
    Replies
    1. අම්මෝ......... වචන සෙට් එකට මම බය වුනා ;) ඔය නිවේදනය හින්දා වෙන්ටෑ වල්ගෙ පාගගත්තු මොක්කුද උන් ටික වගෙ ඇවිල්ලා යුද්ධ ප්‍රකාශ කොරලා තිබ්බෙ අහිංසක මට විරුද්ධව ;)

      Delete
  18. මෙතන හැම දෙනාටම එකම විදියට කතා කරපු පොස්ට් එකක් පක්ෂක්ග්‍රාහී. මම මේ පොස්ට් එක තරයේ හෙළාදකිනවා හිතුනොත් නඩුත් දානවා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. අසාර් අයියෙ නඩු දැම්මොත් මම හොද ලෝයර් කෙනෙක් අල්ලන්වා .

      කාන්තා විමුක්තිය වෙනුවෙන් නැගී සිටින, වගේම දක්ෂ, කටකාර කෙල්ලෙක් :D ඔයා නඩු කියන්න යන්න එපා ඒ හින්දා ;) මම නඩුව දිනලා ඔයාට,මට වන්දියක් ගෙවන්න වුනොත් ;) :P

      Delete
  19. ලංකාවේ ඉන්න නිසා අපටත් දැන් මේ මුට්ටිය පෙරලී හමාරය. අපගේ ඊරිසියාවක් නොමැති නමුත් එකම දෙයක් ගැන උමතුවෙන් පෙලීමේදී අනෙක් අයට එය ඉවසා දාරා ගෑනීම අපහසු බවයි මටනම් සිතේන්නේ..
    අහෝ අපිටත් බැනුම් අහන්න වුනා :(
    අවසන් වසයෙන් කියන්නට ඇත්තේ බැනලා හරි පොස්ට් එකක් දමාපු එක ගැන මගේ ප්‍රනාමය..
    :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්.... කොහොම නමුත් පොඩි ඇත්තක් ඇතිබව පිලිගෙන තියෙන හැඩයි!!! ස්තූතියි!! බැන්නා නෙවෙයි ඉතින්.. :p

      Delete
  20. මටනම් ඔය කාත් එක්කවත් ඉරිසියාවක් කියලා දෙයක් නම් නෑ. අදටත් ශිහාන් කියන්නේ මගේ ප්‍රියතම ගායකයෙක්. ඔය නළු නිළියෝ එක්කත් අමනාපයක් නෑ. සමහර අය රගපාන චිත්‍රපටිවල දිවෙන කතාවට ඇති අකමැත්ත මිසක්.

    හරි ඊළගට බහිමු කාරණාවට!
    හිතන්න ඔයා කන්න කැමතිම කෑම කවුරු හරි ඔයාට කන්න දෙනවා. ඔයා ආසාවෙන් කනවා. කාලා ඉවර උනාම ඔයාට අල්ලං බලෙන් කවනවා. මොකද වෙන්නේ? අන්තිඅමට කාලා කාලා ඉස්මුරුත්තාවට ඇවිත් තමන් ආසම කෑමත් අප්පිරියා වෙනවා!
    ඔන්න ඕකයි ඇත්තම කාරණේ. ඔයාලා ආස අයව ෆේස්බුක් ප්‍රෝෆයිල් පික්චර් එකට දාගත්තට කමක් නෑ, කවර් ෆොටෝ එකට දා ගත්තට කමක් නෑ. සතියකට සැරයක් විතර ඌ ගැන වැදගත් තොරතුරු ටිකක් ශෙයාර් කළාට කමක් නෑ. ඒත් ඔයාලා මොකක්ද කරන්නේ? පැයකට පොටෝ 50ක් විතර කිසිම තේරුමක් නැතිව අයි ලව් යූ ගගා වෝල් පුරා දානවා. මම ආසම එකෙක්ගේ උනත් එහෙම දකින කොට මටනම් එපාම වෙලා යනවා! ඔයාලත් කරන්නේ කෑම බලෙන් කවනවා වගේ වැඩක්. ඔය වෝල් වල දැම්මම හැම එකාටම ඒවා පේනවා.
    අන්න ඒ නිසයි ඒ වගේ වද කාරයින්ව මම අන්ෆ්‍රෙන්ඩ් කරලා දන්නේ! ඔයාලා වගේ අඳූරන අයටනම කියලම අයින් කරලා දානවා! :P

    ReplyDelete
    Replies
    1. හා හා... ඔක්කොමත් හරි කියමු!! unsubscribe කරන්න option එකක් තියෙද්දිම, අන්ෆ්‍රෙන්ඩ් කරන එක කැතැයි ඈ.... යකෝ, යාලුවන්ට ඔහොම කරනවාද?? :P

      ඒක හින්දා තමා අපිනම් කාටවත් වදයක් නොවෙන්න , මේ වගෙ හුරුබුහුටි වැඩ දරාගන්න බැරි වයසක උන්දැලාට "නොපෙනෙන්න" custom ඔප්ශන් යටතේ ඔව්වා ශෙයාර් කොරන්නෙ.. ;)

      Delete
  21. මේ ධර්මතාවය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුයි. තමන් දකින අ‍ාකර්ෂණයක් සහිත ප්‍රතිවිරුද්ධ ලිංගිකයා කෙරෙහි ඇදෙනවා. ඒක ස්වභාවය ඒකනේ අපි මිනිස්සු විදියට ඉපදුනේ. ඒඒ යුග අනුව ඒ වා වෙනස් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. :) ස්වභාය වුනත්.., කාලෙත් එක්ක සිදුවෙන ආකාරය වෙනස් වෙනවා..

      Delete
  22. සහතික ඇත්ත හිතූ.. පැහැදිලි ඉරිසියාව.. :D

    ReplyDelete
  23. අනේ මන්දා!...
    අපි නමි ඔහොම ඉරිසියා කොරන්නෙ නැහැලු හොදේ!..

    ReplyDelete
    Replies
    1. අන්නෙහ්හ්හ්හ්හ්... සෝ‍යි!!!

      Delete
  24. ගෑනු නුවණ හැඳිමිටේ කියන්නෙ නිකන්යැ :D :D :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් එහෙම හිතන් ඉන්න උන්ට තමා, හැදි මිටේ නුවණ තරම දැක්ක දාට චූ යන්නෙ :p

      Delete
  25. ඉරිසියාව කියන්නෙ එක්තරා දුකක්. තව කෙනෙකුට අපහස කරලා හරි තමන්ගෙ දුක නිවාගන්නවා, පව් නෙ හිතු, ඔන්න ඔහේ කරපුදෙන්.. :D :D

    ReplyDelete
    Replies
    1. හික්ස්ස් .. ඔව් නෙහ්.., අනුකම්පා කරන්න ඕනෙ රීසා :D

      Delete
  26. අෆොයි..හිතූ.. කනටම ගහලා... :D

    ReplyDelete
    Replies
    1. අරුන්දතී අක්කා- හික්ස්ස්.. නෑ අක්කි, ලාවට කන අතගෑවා විතරයි!! ඒකටත් රිදිලා සමහරුන්ට :O

      Delete
  27. ....DDDDDDDD ෆේස්බුක් තහනම් කරන්ඩ ඕනේ...)))))

    ReplyDelete
    Replies
    1. හෆෝයිඉඉඉඉඉඉඉඉඉඉ... නහය අප්සට් කියලා නහය කපලා හරියන්නෙ නෑනෙ කෙල්ලෙ :p බුකිය තහනම් කලොත් අපරාදෙ , ඔය හිත් ගැන විමර්ශනය කරන්නත් අමාරු වෙනවානෙ ;)

      Delete
  28. සෑහෙන බරපතල තත්වයක්... ඇත්තකුත් නැතුවා ම නෙවෙයි. එක ම ප්‍රශ්නේ ඊරිසියාව මනින මිනුම මොකක්ද කියලයි!! ඒකට ගැහැණු පිරිමි භේදයක් නෑනේ. ඒ වුණත් ඉතින් කතාවට නම් එහෙම තමයි කියන්නේ :D

    ReplyDelete
    Replies
    1. හා හා... //ඇත්තකුත් නැතුවා ම නෙවෙයි.// :D එච්චරයි!!!

      Delete
  29. හොදම කතාව.. හි..හි.. දැන් ඉතින් අයියලා මල්ලිලා උත්තර දෙන්නකෝ...

    ඔයා කියන කතාව ලෝකේ කොහෙත් තියෙනවා හිතූ. ඒක ලංකාවේ විතරක් නෙමෙයි.. මම හිතන්නේ ඒකට බලපාන්නේ පිරිමි සත්තු විදියට එකිනෙකා කෙරෙහි තියෙන ඉරිසියාව. ඒක අදක ඊයෙක තියෙන දෙයක්වත් මිනිස්සුන්ට විතරක් තියෙන දෙයක් වත් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය දීලා තියෙන්නෙ අයියලා, මල්ලිලා ඔක්කොම උත්තර ;)

      ඔව් අක්කි, මේක කොහෙටත් පොදු දෙයක්නෙ... :D

      Delete
  30. මම නම් හිතන්නෙ ඔය නලුවන්ට අනම් මනම් කියන්නෙ එයාල එක්ක තියන ඉරිසියාවට නෙවෙයි. සීමාවට එහා ගිය ගැණු ළමයින්ගෙ බොළඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට දැනෙන අප්‍රසාදයට.

    ReplyDelete
    Replies
    1. //සීමාවට එහා ගිය ගැණු ළමයින්ගෙ බොළඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට දැනෙන අප්‍රසාදයට.// අපරසාදය පළ කරන්න බැරිද බුද්ධිමත්, වැදගත්.., සහ සභ්‍ය විදියට??

      Delete
  31. නියම කතාව හිතූ... :D

    ReplyDelete
    Replies
    1. :D හික්ස්ස්.. තැන්කූ Chams

      Delete
  32. ඕනෙ එකෙක් ඕනෙ එකෙක්ට ඕනෙ එකක් කියාගත්තදෙන්. හැබැයි එකෙක් හරි මගේ ප්‍රියංකා අක්කට වචනයක් හරි කියලා තිබ්බොත් බලාගත්තැකි. :D

    ReplyDelete
    Replies
    1. හා.. හා.. අපිනම් මොකුත් කියන්නෙ නෑ... :D

      Delete
  33. හැබැයි ඉතිං ගැල්ලමයි තරයේ හිතේ තියාගන්න ඕන දෙයක් තියනව.
    ඒ තමයි උඹලව ගෙනියන්න ජස්ටින් බීබර්ල, ෂාරුක්ල එන්නෙ නෑ. කවදහරි ඔය ඉරිසියා කරන කොල්ලෙක් ආවොත් මිසක්. :D

    අනෙක ඔය ඉරිසියාවෙ තේරුම ගැන නිකමට හිතුවද? :P

    ReplyDelete
    Replies
    1. හා හා හා :D :D තේරුම ඉතින්.................. දුශ්ඨකමනෙ :P :P :P :P ;)

      Delete
  34. ඉරිසියාව ගැන කියද්දි මතක් වුනේ ඔය කොයි කොහොම වෙතත් ගෑනු අයට වැඩිය පිරිමි අය ඕපාදූප කතා කරනවා නම් වැඩියි..

    ReplyDelete
    Replies
    1. අනිවා...... +++++++++++++++++++++

      එකනම් සහතික ඇත්ත!!!

      Delete
  35. අපගේ බලවත් විරෝධය! :( :P :P

    ReplyDelete
  36. එහෙනම් මේකයි මේ ඊයේ සෑහෙන්න කතාබහ උන මාතෘකාව.. මම මුකුත් නොකියමි..

    ReplyDelete
    Replies
    1. නොකියා සිටීම ඇඟට ගුණයිනෙ.. ;)

      Delete
  37. කාලය මේ හැමදේම වෙනස් කරලා..එදා කලාකරුවො හිටිය තැන් වල අද ඉන්නෙ කලාහොරු..

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඉතින් ඇත්ත... ඒවා ගැන වෙනම පෝස්ට් එකක් ලියන්න පුලුවන්...

      Delete
  38. සහතික ඇත්ත කතාවක්

    ReplyDelete
  39. එකක් කියන්න ඕන මුලින්ම.... මම නම් ඔය ගැනු නළුවෝ මත්තේ නහුනට ගණන් ගන්නේ නැ..මට හිනා යනවා. මොකද කවද හරි උන්ටම තේරෙනවා....
    අනේ මට මේ ලංකාවේ ඉන්න ශිහාන්ව වත් දාගන්න බැරුව කොහෙද ජස්ටින් කොලුවා හරි Twilight එකේ ඉන්න (එකාගේ නම් මම නම දන්නේ නැ :D) manව කොහොම දාගන්නනද....
    ඊට පස්සේ ඉතින් ලංකාවේ කොල්ලෙක් තමා ඉතින් බදින්නේ.

    එහෙමත් කෙනෙක් තමා නළුවෙක් නැතත් සුද්දෙක්වත් බදින්නේ....

    අයියෝ ගැනු....

    ReplyDelete
  40. තරහ ගන්න එපා මේවගේ වටින ලිපියක් ඔබට මග හැරෙන්න පුළුවන් හින්දයි යොමු කරන්නේ, ඔයත් යම්දුරකට කොටස් කාරයෙක් නේද කියල මේ ලිපිය කියවල බලලා තෙරුන් ගන්න http://anonymousaya.blogspot.it/2013/03/blog-post_9.html

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....