නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 February 2013

අපිට පිස්සු ඕයි!!

ඉර පායන වෙලාවක් දන්නෙත් නෑ..
ඉර බහින වෙලාවක් දන්නෙත් නෑ...
කවුරු කවදා මොනවා කරනවද
දන්නෙත් නෑ....
ඒත් උදේ ඉදන් රෑ වෙනකම්
"Facebook" එකෙ පදිංචි අපිට..,
ඇත්තටම පිස්සු ....


ආදරේ මොන පාටද දන්නෙත් නෑ...
ආදරේ ට නිර්වචන දන්නෙත් නෑ...
කාට කවදා කොහොම ඇතිවෙයිද
දන්නෙත් නෑ.....
ඒත් උපන් දා ඉඳන් මැරෙනකම්
"Love" කරන්න දඟලන අපිට..,
ඇත්තටම පිස්සු ....


දේශපාලනේ කියන්නෙ මොකක්ද දන්නෙත් නෑ...
දේශපාලනේ කරන්නෙ කොහොමද දන්නෙත් නෑ...
කවුරු හරිද කවුරු වැරදිද කොහොම කරනවාද
දන්නෙත් නෑ......
ඒත් පක්ෂ පාට බදාගෙන කෙළ හිඳෙනකම්
"politics" ගැන කියවන අපිට..,
ඇත්තටම පිස්සු .....



හලාල් එපා කියන්නෙ ඇයි දන්නෙත් නෑ...
හලාල් ඕනෙ වෙන්නෙ මොකටද දන්නෙත් නෑ...
කවුරු කවදා කොහොම පටන්ගත්තු එකක්ද
දන්නෙත් නෑ....
ඒත් "හලාල් අපිට එපා" කියලා පණ යනකම්
"Status" වලට දාන අපිට...,
ඇත්තටම පිස්සු ....



"අපිට පිස්සු" කියලා ලියන්නෙ ඇයි දන්නෙත් නෑ...
"අපිට පිස්සු" කියලා කිව්වෙ මොකද දන්නෙත් නෑ...
කාට කවදා කොහොම ඇතිවුණු අදහසක්ද 
දන්නෙත් නෑ...
ඒත් "අපිට පිස්සු ඕයි" කියලා දඩි බිඩියෙ

"Blog" එකට ලිපි ලියන අපිට...,
ඇත්තටම පිස්සු ....



අනේ මංදා "උන්" කිව්වාට මම ලිව්වාට ,
ඇත්තටම මට පිස්සුද මංදා...,
හිතලා හිතලා උදේ හිටන් රෑ වෙනකම්,
දැන් නම් .....,


මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි..
හොඳටම පිස්සු ඕයි !!!





මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ |  සෝඩා ගුණේ | නචී | ජීවිතේ මල් |ලිෂාන් පුවක්ඕවිට | සංජු |  පිස්සා | අශාන් | පූසා රුචකහසී |මුචලින්ද අමිල චතුරංග

Post Comment

64 comments:

  1. තනි ඇහැට ඇඩෙනවා ඕයි.............

    ReplyDelete
    Replies
    1. මට ඇස් දෙකටම ඇඬෙනවානෙ ඕයි... :p

      Delete
  2. මුන් ඔක්කොම ටැබා ගහලද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. හෆ්ෆෝයි.... ඔන්න කිව්වා ඉතිං.. ;)

      Delete
  3. හනේ.... මේකිට පිස්සුලු.... පව් අප්පා...
    මේවා කියෝලා අපිටත් පිස්සු හැදෙනෝ...... :p

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්... එහෙනම් ඇඩ්මිට් වෙමු මාත් එක්කම :p

      Delete
  4. ඔව් ඕයි..හිතූට පිස්සු..!!!

    ReplyDelete
  5. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  6. හික්ස්..මටත් පිස්සු වගේ අනේ

    ReplyDelete
    Replies
    1. පිස්සු නැත්තම් ශෝක් තමා

      Delete
  7. මෙච්චර කල් හිතං හිටියේ මට පිස්සු කියලා... බැලින්නම් මට පිස්සු නෑ...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.... :D

      Delete
  8. මටත් දැන් පිස්සු වගේ ඕයි මේවා බලලා,, මම මේ වගේ පෝස්ට් දෙකක් දැක්කා, :(

    ReplyDelete
  9. මොකක්ද අප්පා මේ සීන් එක...හැමතැනම පිස්සෝ..මගේ රීඩර් එක දෙයක් නෑ :P :P

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්ස්... බ්ලොගර් වලටත් පිස්සු හැදිලා ;)

      Delete
  10. වැඩක් නැහැ.මේක බොරු සද්දයක් විතරයි.

    ReplyDelete
  11. මොකද්ද බොල මේ...

    ReplyDelete
  12. ඇයි ඕයි මේ හැමෝටම පිස්සු..දැන් මේ පිස්සෝ කීදෙනෙක් දැක්කද?? අපිටත් පිස්සු ඕයි...

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්... එලනෙ ඕයි!!!! ;)

      Delete
  13. පිස්සු තද වෙලා වගේ ඕයි!!!!!!

    ReplyDelete
  14. ම්හ්.. මටත් පිස්සු වගේ මේක දැකලා..

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොම පිස්සො නෙහ් බැලුවාම. :D

      Delete
  15. පේස් බුක් එකේ ඉන්න නම් පිස්සු වැඩි නෑ ඕයි....

    ReplyDelete
  16. කට්ටිය කිවුවා එත් අද තමා විශ්වාස කලේ.

    ReplyDelete
    Replies
    1. අන්න්න්නාහ්හ්හ් ඇත්තට?? :p

      Delete
  17. තිත්ත ඇත්ත...හීහී...
    ඇත්තටම බලාගෙන ගියහම අපිට පිස්සු තමයි ඕයි :P
    නියමයි...!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.. ඒකනෙ මම කිව්වෙ. ;)

      Delete
  18. මෙයාට පිස්සු බව අපි දන්නේ දැන් ගොඩක් කල් ඉදන්නේ..

    ReplyDelete
    Replies
    1. හා හා ඇත්තද? පිස්සියෙක්ව අඳුරන එකත් මොන තරම් දෙයක්ද හහ්?? ;)

      Delete
  19. මටනම් ඒ කාලේ ඉදන්ම පිස්සු ... ඔයාලටත් පිස්සුද?

    ReplyDelete
    Replies
    1. ඔව් නැතුව. මටත් එහෙම පිස්සු තමා..

      Delete
  20. පිස්ෂු පීකුදු ඕයි !

    ReplyDelete
  21. අපිටනං පික්සු නෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් උඹට නෑ.. අනූට පිස්සු!! නැත්තම් උඹ වගේ එකෙක්ට ලව් කරයිද? :p

      Delete
  22. මට නම් පිස්සු නෑ ඕ.... හික්ස්..

    ReplyDelete
  23. හැබෑට මේක බෝ වෙන පිස්සුවක්ද?

    ReplyDelete
  24. මහමෙව්නාව හරහා හමා එන මහාමේඝයට
    උතුම් වූ බුද්ධ භාෂිතය යටපත් කළ හැකි වේද?

    http://goo.gl/5iKWy


    නිරවුල් දහම් දැනුමක් ලබාගැනීම සඳහා පිවිසෙන්න..

    http://srisadaham.wordpress.com/

    ReplyDelete
  25. කව්ද කියන්නේ දැන් මට පිස්සු කියල??
    අපි බස්සෝ..බක බුස්සෝ...කියනා උන්...පිස්සෝ.... :))

    ReplyDelete
    Replies
    1. හැහ්??? එහෙමත් එකක්ද?? :ඕ

      Delete
  26. ඇත්තටම..අපිට පිස්සු ඕයි..!

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්.... දාන්න පහක් ඕයි!!

      Delete
  27. මොනාද ඕයි මේ ?

    ReplyDelete
    Replies
    1. විහිලුවට විහිලුවට කිව්වේ ..
      සොලී :(

      Delete
    2. විහිලුවට විහිලුවට කිව්වේ ..
      සොලී :(

      Delete
  28. අම්මප පිස්සු ද බන් අපිට

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....