නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

30 May 2013

-ප්‍රේමණිය හොලිවුඩ්පුරය-

කාලෙකින් මට හිතුනා, මම ආසම කරන , මගේ  ලිස්ට් එකෙ උඩින්ම තියෙන ඉංග්‍රීසි චිත්‍රපටි කීපයක් ගැන සඳහනක් කරන්න ඕනෙ කියලා. මීට පෙර ~සිත් ගත් බොලිවුඩ්පුරය~ නමින්, මම ආස කරපු හින්දි චිත්‍රපටි ගැන ලිව්ව ,හින්දාම හොලිවුඩ්පුරයෙ මගෙ හිත නැවතුනු තැන් කීපයක් ගැනත් සඳහනක් තියන්න හිතුනා.

ඒත් පොඩි කාලෙ ඉදන් හින්දි බලන්න පිස්සුව තිබුනට, හින්දි චිත්‍රපටි බැලුවට, ඉංග්‍රීසි චිත්‍රපටි නම් එහෙම බැලුවෙ නෑ.ඉංග්‍රීසි චිත්‍රපටි වලත් මගේ වැඩිපුර කැමැත්ත නම් "ප්‍රේම කතාන්දර" තමයි.ඊළඟට කාටූන් චිත්‍රපටි.ඒත් ක්‍රියාදාම චිත්‍රපටි වගේම හොල්මන් චිත්‍රපටි වලට නම් කැමැත්තක් නැති තරම්. අද ලියන්නෙ, මම ආසම ආසම ආසම රොමෑන්ටික් චිත්‍රපටි 10 ක් ගැනයි.

1) A Walk To Remember(2002)-"අපේ ආදරේ හුළඟ වගේ..අපිට දකින්න බෑ..ඒත් හැම මොහොතකම අපිට ඒක දැනෙනවා.."
ඇත්තටම ඇස් වලට කඳුළු ගෙනාපු චිත්‍රපටියක්. Nicholas Sparks කියන සුප්‍රසිද්ධ ලේඛකයාගෙ/තිරපිටපත් රචකයාගෙ නවකතාවක් අනුව තනපු චිත්‍රපටයක් තමා මේක.Nicholas Sparks ගෙ නවකතා අනුව හැදුනු හැම චිත්‍රපටයක්ම වගේ මගේ ලිස්ට් එකෙ තියෙනවා. ඒ ප්‍රේම කතාන්දර වලට මම නම් පුදුම ආසයි. ( ඔය ප්‍රේම කතා නොදිරවන කස්ටිය නම් ඉතිං බනියි :p )
දඩබ්බර, හිතුවක්කාර, ඉස්කෝලෙටත් කරදරකාරයෙක් වුනු පිරිමි ළමයෙක්ට ලැබුණු එක්තරා දඬුවමක් නිසා, ඒ ඉස්කෝලෙම මුළුගැන්වුනු, අනිත් අයගෙ විහිළුවට ලක් වුනු, ටිකක් අමුතු පහේ ගෑනු ලමයෙක් එක්ක එකට වැඩ කරන්න, කතා බහ කරන්න සිද්ධ වෙනවා... අන්තිමට නොහිතපු විදියට ඒ දෙන්න ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත්.. හරිම සංවේදී අවසානයක් සටහන් කරන චිත්‍රපටියක් මේක. :( ආයෙ ආයෙ  බලන්න හිතෙන තරමට, මට නම් මේ චිත්‍රපටිය බොහොම හිතට දැනුණා.
“Without suffering, there'd be no compassion.” 
― Nicholas SparksA Walk to Remember


2)The Notebook(2004) - "මට ඔයාව ඕනෙ. ඔයාවම. ඔයයි..,මමයි..,හැමදවසකම...."


Nicholas Sparks ගෙ තවත් ලස්සනම කතාවක්. චිත්‍රපටියෙ අවසාන ය මට තවමත් මැවිලා පේනවා. ආදරේ තරමටම, හිතට  දැනෙන සංවේදිකම උපරිමයටම තියෙන තවත් චිත්‍රපටියක්.
බොහෝ කාලයකට පෙර, කානිවල් එකකදි මුණගැහෙන පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් ආදරෙන් බැඳෙනවා. ඒත් හැම ආදර කථාවකටම වගේ මේ කතාවටත් බාධකයක් එනවා. ඒ තමයි, පංති බේදය.ඒ නිසා ගෑණු ළමයාගෙ  ගෙදරින් අකමැති වෙනවා. ඒ හින්දාම ඇස් වලට කඳුළු  නංවෙන  විදියට එයාලාට වෙන් වෙන්න වෙනවා..

මේ කතාව ලියැවිලා තියෙන්නෙ පොතක., මේ පොත මහළු නිවාසෙක ඉන්න මහළු මනුස්සයෙක්, හැමදේම අමතක,ඒ කියන්නෙ මතකය අමතක වුනු මහළු ගැහැණු කෙනෙක්ට , කතාවක් කියන විදියට කියවනවා.
එහෙම තමා  චිත්‍රපටිය පටන් ගන්නෙ. .., අවසාන හරියෙදි මෙ සිද්ධි එකිනෙකට සම්බන්ධ වෙනවා. සැබෑ  ආදරේ කවදා හෝ ජය ගන්නවා කියලා විහිළුවට වගේ කිව්වාත්, මේ කතාවෙ අන්තිමට බලන අයගෙ හිත් හිරිවට්ටලා ,ඔවුන් දෙදෙනා එකටම අවසන් හුස්ම හෙලනවා..මටනම් උපරිමේටම දැනුන  චිත්‍රපටියක්!!
“Every great love starts with a great story...” 
― Nicholas SparksThe Notebook


3)Message in a bottle(1999)-"අතීතය වෙනුවෙන් ජීවත් වෙනවාද? අනාගතේ වෙනුවෙන් ජීවත් වෙනවාද? "


රොමෑන්ටික් ෆිල්ම් වලට කැමති කෙනෙක් නම්., බලන්න ඕනෙ තවත් ලස්සනම ලස්සන චිත්‍රපටියක්. සුපුරුදු ප්‍රේමණිය ලේඛකයා Nicholas Sparks ගෙ රචනාවෙන් නිර්මාණය වුනු මෙ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ, පුවත්පතක සේවය කරන , විවාහයෙන් වෙන්වී ඉන්න කාන්තාවක් වටායි. ඇය මුහුදු වෙරළේ ඇවිදින්න ගොස් සිටින අවස්ථාවක , ප්‍රේමණිය ලිපියක් දමා තිබුණු බෝතලයක් හමුවෙනවා. එම ලිපිය කියවා., ඇය තවත් එවැනි පණිවිඩ ගැන සොයා බලනවා. ඇයට තවත් එවැනි දෑ ගැන ආරංචි ලැබෙනවා.
ඉන්පස්සෙ ඇය එම ලිපි හරහා ලියන පුද්ගලයාව හොයාගෙන යනවා.ඔහු බිරිඳ මියැදුණු තනි පුද්ගලයෙක්. ඒ වගේම අතීතය ත් වර්තමානයත් අතර මහා අරගලයක් කරමින් ජීවත් වෙන.., ජීවිතේ සතුට හොයන පුද්ගලයෙක්.. අවසානය නරක නැහැ.
ලස්සන කතාවක්, බලන්න ආස හිතෙන චිත්‍රපටියක්...
“If you like her, if she makes you happy, and if you feel like you know her---then don't let her go.” 
― Nicholas SparksMessage in a Bottle


4)Dear John(2010)- "ආදරේ කියන්නෙ., අපි ආදරේ කරන කෙනා සතුටින් සිටිනවා දැකීම ද???"

ආදරේ මහ පුදුම දෙයක්., හැම ආදර කතාවක්ම කොතන හරි තැනකින් සමාන වෙන්න වගේම, වෙනස් වෙන්නත් පුළුවන්.Nicholas Sparks ආදරේ ගැන තවත් පැතිකඩක් ඔස්සේ ලියපු කතාවක්. 
ඔවුන් වෙරළ තීරයකදි මුණ ගැසෙනවා. සුපුරුදු විදියට හමුවීම ආදරයක් බවට පත් වෙනවා..ඔහු ජෝන්.නිවාඩුවට ගමට ආපු හමුදා සෙබළෙක්. ඇය සිසුවියක්. මෙ අතරතුරම ජෝන්,ඔහුගෙ පෙම්වතියගේ මිතුරන් සමඟ ගැටුම් ඇති කරගන්නවා. අවසානෙ කෙසේ හෝ ජෝන් නැවත යුධපිටියට යෑමට වෙන්වෙනවා. ඒත් ලිපි මඟින් දෙන්නාගෙ ආදරේ ගලාගෙන යනවා.හදිසියෙම ලැබෙන ලිපියක, ඇය වෙනත් කෙනෙක් හා විවාහ ගිවිසගත් බව පවසනවා.ඔහු ඇගේ ලිපි පුච්චනවා.ඔහුගෙ හිත බිදෙනවා.

හදිස්සියෙම ජෝන් යුද්ධෙන් තුවාල ලබනවා. කාලය ගත වෙලා යද්දි, එක් අවස්ථාවක ඔහුට පියාගෙ වියෝවටත් මුණ දෙන්න සිද්ධ වෙනවා. මේ විදියට ගලාගෙන යන කතාවෙ සංවේදි අවස්ථා ගොඩයි. ටිකක් ඉක්මණින් සිදුවීම් මාරු වන ස්වරූපයක් තිබුණත්.., ලස්සන චිත්‍රපටියක්..ලං වෙලා ඉන්නවට වඩා,, ඈත් වුනාම ආදරේ වැඩියෙන් දැනෙනවාදෝ කියලා ආයෙත් පාරක් හිතන්න පුළුවන් චිත්‍රපටියක්.

“Passion and satisfaction go hand in hand, and without them, any happiness is only temporary, because there’s nothing to make it last.” 
― Nicholas SparksDear John


5)The Lucky One(2012)-"හැමකෙනෙකුටම ඉරණමක් තියෙනවා..,මගේ ඉරණම ඔයා.."


ඊලඟට මම ආසම චිත්‍රපටියක් මේක. ඒකට හේතුව කතාව වගේම, මේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා ,Zac Efron නිසායි. :D හුරුබුහුටි නළු පොඩ්ඩා ;)

මේ කතාවත් යුද්ධෙ එක්ක පොඩි සම්බන්ධයක් තියෙන එකක්. යුද්ධෙදි මරණයට පත් නොවී බේරෙන සොල්දාදුවෙක්, ඔහුව මරණයෙන් ගලවගත්තු පින්තූරයෙ පෙනී උන්නු ගෑණූ ලමයාව සොයාගෙන යනවා.විවාහයෙන් වෙන්වුන දරුවෙකුත් සිටින කෙනෙක් තමයි ඇය. බල්ලන් ඇති දැඩි කරන, රැකබලාගන්න ස්ථානයක් පවත්වගෙන යන ඇගේ ස්ථානය සොයාගෙන ඔහු යනවා. එතැන නැවතිලා ඔහු වැඩ කරන අතරතුර, .... ඉතින් සුපුරුදු විදියට දෙන්නා ආදරේ කරන්න පටන්ගන්නවා. වැරදි වැටහීමකින් ඔවුන් වෙන් වෙන්න ගියත්, අවසානයේදි සුභවාදී විදියට කතාව නිම වෙනවා. 

ලස්සන, ප්‍රේමණිය චිත්‍රපටියක්. Nicholas Sparks ගෙ කතා වල, හැම මුණගැහීමක්ම, හැම අවසානයක්ම එකම නොවුනත්.., ප්‍රේමණිය ගතියනම් එකවිදියටම අඩුවක් නෑ.. 

“It was easy to idealize someone you barely knew.” 
― Nicholas SparksThe Lucky One


6)The Last Song(2010)-"මිනිස්සු අතින් වැරදි වෙනවා.... අපි ආදරේ කරන අය අතින් වුනත්......"


මේ චිත්‍රපටිය නම් Nicholas Sparks ගෙ නවකතාවට අසාධාරණයක් කලා කියලා සමහරු කියනවා. හැම කතාවකම ආදරේ වැඩිපුර ඉස්මතු කරලා තිබුනත්, මෙ චිත්‍රපටිය ඇතුලෙ ආදරේ එක්කම, පවුල හා බැඳුනු කතාන්දරයකුත් දිවෙනවා. ගිම්හාන නිවාඩුව ගත කරන්න පියා ලඟට යන ඔහුගෙ දුව "රොනී" ටත්, පුතාටත්.., මුහුණ දෙන්න වෙන අත්දැකීම් වටා තමා කතාව ගෙතෙන්නෙ.
පියා සමඟ අමනාපව , පියාව නොරිස්සන දුව "රොනී" පියාගෙ අක්මැත්තට මිස, කැමැත්තට වැඩ නොකරන තත්වයට පත් වෙනවා. 

ඔහු දක්ෂ පියානෝ ශිල්පියෙක් මෙන්ම, පුහුණු කරන්නෙක් වුනත්, රොනී පියා එක්ක තිබෙන තරහා නිසාවෙන්, පියානෝ වාදනයෙන් ඈත් වෙනවා. මේ අතරේ ඇය , තරුණයෙක් සමඟ ප්‍රේමයෙන් වෙලෙනවා. මෙ අතර එම ප්‍රදේශයේ පල්ලියක් ගිනිගැනීමෙ සිද්ධියකට රොනීගෙ පියාව , වැසියන් වරදකරු ලෙස හඳුන්වනවා.., මෙ විදියට ගලාගෙන යන කතාවෙ හදිස්සියෙම රොනීගෙ පෙම්වතා හා ඇයත් වෙන් වෙනවා., අවසානෙදි රොනීගෙ පියා රෝගී වෙනවා, ඇය ඔහුව රැකබලාගන්නවා වගේම නැවත වාදනය කරන්නත් පටන්ගන්නවා.

කොහොම වුනත්, අතිශය ප්‍රේමණිය ශෘංගාරාත්මක සිද්ධි සමුදායක එකතුවක් නොවුනත්.., බලන්න පුළුවන් ලස්සන, සංවේදි කතාවක් තමා මෙ චිත්‍රපටයෙත් තියෙන්නෙ.

“Sometimes you have to be apart from people you love, but that doesn't make you love them any less. Sometimes you love them more.” 
― Nicholas SparksThe Last Song



7)Letters to Juliet- "සමාවෙන්න.., මම දැනන් උන්නෙ නෑ ,ආදරේට කල් ඉකුත් වන දිනයක් ඇති වග.."


මේ කතාවත් අමුතුම ලස්සන කතාවක්, ලෝකප්‍රකට පෙම් යුවළක් වන රෝමියෝ ජුලියට් ජීවත් වුනා කියලා සැළකෙන ඉතාලියෙ එක්තරා නගරයක ස්ථානයක් හරහා තමයි කතාව ඇරඹෙන්නෙ. බටහිර අයගෙ පුරුද්දක් විදියට..,ආදරේ පිළිබඳව කුමක් හෝ ගැටළුවක් ඇති වුනාම, ඔවුන් ජුලියට් ට ඒ ගැන කියලා ලිපි ලියලා තියෙනවා.ඔවුන් එයට ඇගේ සහයිකාවන්ගෙන් හෝ පිළිතුරු බලාපොරොත්තු වෙනවා. මේ අයට පිළිතුරු යවන්න වෙනම කණ්ඩායමකුත් සිටිනවා. ඉතින් මෙ කතාවෙ ප්‍රධාන චරිතය වෙන  Sophie ට , ඉතාලියෙ මෙම ස්ථානයට ගිය ව්ලාවක, හුඟාක් පරණ ලිපියක් හම්බෙනවා. ඇය ඒ ලිපිය කියවලා එයට පිළිතුරු ලියනවා. අවසානෙදි ඇය එම ලිපිය ලියපු තැනැත්තියට(හුඟාක් පරණ ලිපියක් නිසා, Sophie පිළිතුරු ලියා යවනවිට ඒ කාන්තාව දැන් වයස්ගතයි.) උදව් කරනවා. ඒ ඇගේ එකල පෙම්වතාව මුනගස්වන්න :D

 අමුතුයි නෙ?? ආදරේට කොහෙද වයසක්??


කොහොමහරි මේ විදියට ඔහුව හොයන් යන අතරේ, Sophie ගෙ ජීවිතෙත් වෙනස් වෙනවා. ඇයට අර වයස්ගත කාන්තාවගෙ මුණුබුරා  ප්‍රේම කරන්න පටන්ගන්නවා. එක චිත්‍රපටියක් ඇතුළේ ආදර කථා ගොඩක්. :D හරිම ලස්සනයි මේ චිත්‍රපටියත්. එපා නොවී එකදිගට බලපු, ලස්සනම ලස්සන කතාවක්.

ආදරේ කරපු.., වෙන් වෙලා ගියපු අය.., මැරෙන්න කලින් එකපාරක් හරි ආයෙත් මුණගැහුනාම?????

"Because the truth is, Sophie, I am madly, deeply, truly, passionately in love with you."
   -Charlie, Letters to Juliet

8)The Vow -"ජීවිතේදී, ආදරේ වෙනුවෙන් දෙවෙනි අවස්ථාවක් හොයාගන්න පුළුවන්ද..?"

මේ චිත්‍රපටියත් බොහොම සංවේදී චිත්‍රපටියක්. ආදරෙන් ජීවත් වෙන දෙන්නෙක්.., නොසිතූ විදියට රිය අන්තුරකට මූණ දෙනවා. මේ අනතුරෙන් තරුණිය Pagie ට දරුණු කම්පනය නිසා, මතකය නැති වෙනවා. කෝමා තත්වයට පත් වෙනවා.ඇයට ඇය ආදරේ කරපු,  එකට ජීවත් වුනු ඇගේ සැමියා Leo ව පවා අමතක වෙනවා. 

Pagie ගෙ දෙමව්පියො ඇවිත් ඇයව Leo ගෙන් වෙන් කරන් ඔවුන් ලඟට ගෙනයනවා. ඇයට මතක තිබෙන්නෙ පැරණි දේවල් පමනයි. ඉතින් Leo ට සිද්ධ වෙනවා ඇයගේ හිත දිනාගන්න, මතකය ලබාගන්න සටන් කරන්න. හරිම දුක හිතෙන අවස්ථාත් එක්ක අපූරුවට ගලාගෙන යන කතාවක්. 

ඇගේ මතකය අමතක විම එක්ක ඇගේ පැරණි පෙම්වතා ත් කරළියට එනවා :D ඉතින් Leo ට ප්‍රශ්න ගොඩයි. ඒත් අවසානෙදි Leo දිනනවා. ටිකක් පොදු තේමාවක් වුනත්., ලස්සනයි! 

"Life's all about moments of impact, and how they change our lives forever. But what if one day you could no longer remember any of them?"
-Leo, The Vow


9)Safe Heaven(2013)-"මම විශ්වාස කරනවා., ආදරේට තුවාල ඇති කරන්න වගේම, සුවපත් කරන්නත් හැකි බව..."


Nicholas Sparks ගෙ තවත් ලස්සනම ලස්සන ආදරණීය කතාවක් ඇසුරෙන් ගොඩනගපු චිත්‍රපටියක් තමයි මේ.ළඟදී නිකුත් වුන, අවසාන වතාවට මම බලපු ලස්සනම චිත්‍රපටියත් මේක තමයි.A Walk To Remember, The Notebook කියන චිත්‍රපටි දෙකෙන් පස්සෙ මම වැඩිපුරම ආස කරන කතාවක් තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ සමහර දර්ශන The Notebook චිත්‍රපටිය මතක් කරනවා.
කතාව මෙහෙමයි.., තරුණියක් ඉන්නවා, ඇය විවාහ වෙලා ඉන්නෙ පොලිස් නිළධාරියෙක් එක්ක, ඇය බලාපොරොත්තු වෙන්නෙ, බොහොම සුන්දර, අහිංසක, සතුටු ආදරයක් වුනත්., ඇයට සිද්ධ වෙන්නෙ ඇගේ ස්වාමිපුරුෂයාගෙන් හේතුවක් නැතිව පීඩා විඳින්න, ගුටි කන්න. ඔහු එක්තරා විදියක මානසික රෝගියෙක්. මෙ පීඩා ඉවසගන්න බැරිව ඇය ගෙදරින් පැන යනවා. පිටිසර සුන්දර ගම්මානෙකට ගිහින් සැඟවෙනවා.
එහෙදි ඇයට , බිරිඳ මියගිය, දරුවන් දෙදෙනෙක් සමඟ තනිවුන කඩවසම්, තරුණ පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහු ඇයට උදව් කරනවා, ඇය ගැන හොයා බලනවා. ඔහුගෙ දරුවනුත් ඇය සමඟ මිතුරු වෙනවා. අවසානෙ මෙ දෙන්නා ආදරේ කරනවා එකිනෙකාට.
ඒත් අර පොලිස් ස්වාමිපුරුෂයාගෙන් ගැලවීමක් ලැබෙන්නෙ නෑ. ඔහු ඇයව සොයනවා නගර ගම් පීර පීර. අවසානෙදි ඔහු ඇයව සොයාගෙන එනවා. නමුත් අවසානෙදි .., සුභවාදී විදියට සැබෑ ආදරවන්තයෝ දෙන්නා එකතුවෙනවා. හරිම ලස්සන, සංවේදී කතාවක්.
ආ.. මේ චිත්‍රපටියෙ රඟපාන ප්‍රධාන නළුවා Josh Duhamel ත් මම ප්‍රිය කරන නළුවෙක්. නිළියත් ලස්සනයි. බලන්න ආස හිතෙන චිත්‍රපටියක්., බලලා නැත්තම් මම කියනවාට බලන්නකෝ ;) :p

“Everyone has a past, but that's just it--it's in the past. You can learn from it, but you can't change it.” 
― Nicholas SparksSafe Haven



10)TITANIC(1997)-"මගේ හැම හීනයකම.. මම නුඹව දකිමි...."



මේ ගැන නම් කිසිම විස්තරයක් අනවශ්‍ය බව දන්නවා. මෙ චිත්‍රපටිය නොබලපු කෙනෙක් නැතුව ඇති. ලෝකය පුරාම මරණීය වේදනාවක් එක් කලපු සිදුවීමක් හා බැඳුනු මෙ චිත්‍රපටිය සංවේදි හිත් කම්පා කරපු චිත්‍රපටියක් බව නිසැකයි. මට තාමත් මතකයි, TITANIC චිත්‍රපටිය පළවෙනි වතාවට බලපු දවසෙ වගේම, බලපු කීපවතාවෙදිම, ජැක් මිය යන දර්ශනයෙදි කඳුළු වළක්වගන්න බැරි වුනා. :( 

සම්මාන බොහෝ ගනනට පාත්‍ර වුන, මේ චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය වුනු ගීතය පවා අදටත් ජනප්‍රියයි. ඒ වගේම එහි රඟපාන ප්‍රධාන චරිත වන , Leonardo DiCaprioKate Winslet පවා අතිමහත් ජනාදරයට පාත්‍ර වුනා මේ චිත්‍රපටිය හරහා. ඒ කාලෙ මගේ ප්‍රියතම නළුවෙක් වුනා, ලියනාඩෝ :D <3 අදටත් ආයෙම වතාවක් වුනත් බලන්න කම්මැලි නැති චිත්‍රපටියක් තමයි මේ.

බලමු මේ චිත්‍රපටිය නොබලපු කෙනෙක් ඉන්න පුළුවන්ද කියලා බ්ලොග් අවකාශෙ ;) :D

"you're the most amazing, astounding, wonderful girl, woman that I've ever known..."
-Jack, TITANIC


_________________________________________________________
ඔන්න ඕවා තමා ඉතින් මගේ ලිස්ට් එකෙ තියෙන , මම ආසම ප්‍රේමණියම චිත්‍රපටි ටික ගැන විස්තර . හැමෝම කැමති වෙන්නෙ 
නැතිවෙන්න පුළුවන්. ඒත් මම නම් කවදත් ආස කරන ලස්සනම චිත්‍රපටි පෙළක් තමයි ඒ. 
මේ චිත්‍රපටි ටිකට අමතර තව ආදර කතා බොහෝ ඒවා තියෙනවා. ඒත් "රොමෑන්ටික්" කැටගරියෙ උඩින්ම තියෙන්නෙ මේ 10 තමයි.රොමෑන්ටික් ම නොවෙන චිත්‍රපටි නම් බොහෝයි.

Sweet November, Nights in  rodanthe,The time traveler's wife, A Cinderella story ,Keith ,Twilight  වගේ චිත්‍රපටිත් මම ආස කරන හුඟාක් ලස්සන ප්‍රේමණීය චිත්‍රපටි. 
රොමෑන්ටික් ෆිල්ම් වලට ආස අය, බලලා නැත්තම් ඔන්න බලන්න. ආස නැති අය ඉතින්... "ඈපෝ... රොමෑන්ටික්.." කියන්න :p :p 

එහෙනම් ජය වේවා!!!!


Post Comment

51 comments:

  1. මම වැඩියා රොමැන්ටික් වලට කැමති නෑ. ඒක නිසා හතරක් විතරයි ඔය දහයෙන් බලල තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව්, හුඟක් පුරුෂ පාර්ශවය කැමති නෑනෙ රොමෑන්ටික් එවාට :)

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. මම ආසම ටිකකුත් තිබුනා. හ්ම් අයේ බලන්න හිතුනා. එත් අර අන්තිමටම තිබුන නම (සැඳැ අඳුර) තියෙන ෆිල්ම එක නම් හැමදාම වගේ බලනවලු ;)

    ReplyDelete
    Replies
    1. :) ආ..මම නොදන්නවයැ?ආසම ෆිල්ම් සීරිස් එකක් නෙහ් ඔබතුමීගෙ :D

      Delete
  3. අනේ, මම බලලා තියෙන්නේ පළවෙනි එක විතර යි :'( ඉක්මනට අනිත් ටිකත් බලන්න ඕ‍නේ. මම සාමාන්‍යයෙන් චිත්‍රප‍ටි බලන්නේ නැහැ. මේ ළඟ දී තමයි ඒ පටන් ගත්තේ. දැනට බලලා තියෙන්නේ නං අතළොස්ස යි. බලලා කියන්නංකෝ.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆෝයි... එහෙනම් බලන්න පිළිවලට... ආස වෙයි ඔයා

      Delete
  4. "Letters to Juliet" සිරාම මූවි එකක්....

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක වෙනස්, ලස්සන කතාවක්..

      Delete
  5. මාත් මෙයින් කීපයක් විතරක් බලලා තියනවා. මේ බ්ලොග් ලිවිල්ලක් හින්ද දැං චිත්‍රපට බැලෙන්නෙම අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් බ්ලොග් වලට ඇබ්බැහි වුනොත්.......................:D

      Delete
  6. වර්ෂා ද රේන් ගර්ල්May 30, 2013 at 6:04 PM

    රොමැන්ටික් හොදයි.. ඒත් ජීවිතේම රොමැන්ටික් කරගන්න නම් හොද නෑ!

    ReplyDelete
    Replies
    1. ශහ්හ්.. පුංචි කෙල්ල මෙන්න ලොකු උපදෙඅක් දිලා.. ඇත්ත නගෝ!!

      Delete
  7. මං බලලා තියෙන්නේ නම් හතරයි.. ඒත් මේවා බලන්න කලින් පොත් ටික කියවලා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. :) කොහොම වුනත් හොඳ ලිස්ට් එකක්.. ජය වේවා හිතූ..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්ම්.. පොත් කියවලා ෆිල්ම් ටික බැලුවොත්, ෆිල්ම් ලස්සන නැතිවෙයිද මංදා..., මොකද අපි මවාගන්න විදිය ෆිල්ම් එකට වඩා වෙනස් වුනොත්.......:)

      Delete
  8. Nicholas Sparks නැත්තන් රොමැන්ටික් කතා නැද්ද මන්දා...

    ReplyDelete
  9. පළවෙනි ෆිල්ම් එකනම් බලල මම බොහොම දේ තේරුම් ගත්ත ආදරේ ගැන. ලස්සන එකතුවක්

    ReplyDelete
    Replies
    1. panhinda-magazine.blogspot.com මම තම මේ.

      Delete
    2. :) අනිත් ඒවාත් බලන්න...

      Delete
  10. මම් නම් හැම Category එකකම ෆිල්ම් බලනවා.... මේ ඔක්කොම ෆිල්ම් බලලා තියෙනවා...මා ගාව තිබුනත් එක්ක...දැන් නම් කා ගාවද කියල දන්නෙත් නෑ..සමහර විට ගෙදර ඇති...ඒත් මෙතන හොඳම ෆිල්ම් දෙකක් අඩුයි... Sweet November හා You've Got Mail ....හොයල බලන්න ....

    Sweet November එකේ Keanu Reeves හා Charlize Theron.....//// You've Got Mail එකේ Tom Hanks හා Meg Ryan

    ReplyDelete
    Replies
    1. අහ්හ් SWEET NOVEMBER මම බලලා තියෙනවා ඒකටත් ආසයි!! :) අනිත් එකනම් නෑ.. බලන්න ඕනෙ. ස්තූතියි කිව්වට

      Delete
  11. සැහ් :( මං ආසම එක අන්තිමට තියෙන්නෙ :'(

    ReplyDelete
  12. මම බලල තියෙන්නේ ටයිටැනික් විතරයි නේ.

    ReplyDelete
  13. බලන්න ඕන ඔය සෙට් එකම.... බොහොම තෑන්ක් ඈ....

    ReplyDelete
  14. The Last Song / TITANIC ෆිල්ම් දෙක බලල තියෙනවා....ඒ දෙක ගැනත් ලියපු නිසා අනිත් ඒවා කොහොමට ඇද්ද කියල හිතුණා....අනිවා අනිත් ටිකනම් හොයලම බලනවා......

    විස්තර වලට ස්තූතියි........වැදගත් වේවි ගොඩක් අයට (නොබලපු මම වගේ අයට)

    ReplyDelete
    Replies
    1. අනිත් ඒවාත් හොයාගෙන බලන්න. ආසවෙයි ඔයා :)

      Delete
  15. මමත් නිකොලස් ස්පාක්ස් ලෝලියෙක්. මම ඔය සෙට් එකම කියවලා, ‍ෆිල්ම්සුත් බලලා විතරක් නෙවෙයි අර කවුද කිව්වා වගේ Yeah, I read the book, watched the movie, ate the salad and drank the soup, too! :D කෙවින් කොස්ට්නර්, මැන්ඩි මුවර් හෙම අමතක නොවෙන රඟපෑම් කලා ස්පාක්ස් මූවීස් වල.

    ReplyDelete
    Replies
    1. WoWWW (Y)

      අනිවා, පුදුම ලස්සනයි ඇක්ටින්!!

      Delete
  16. Mama wadiya chithrapati balana kenek neweyi. Aadara kathaa kohomath balenne na. Mata kammali affa :-)
    Titanic nam balala thiye. Anith ewwa ahala witharak thiye..
    Hindi? Mata pennanna ba...

    ReplyDelete
    Replies
    1. ආ... ඔයානෙ අර ආදරේට ආස නැති කෙනා :D

      Delete
  17. මම ආසම කථා සෙට් එකම මෙන්න මෙතන. මගේ ලිස්ට් එකේ උඩම තියෙන්නේ letters to julietනුයි the vow එකයි. nicholas sparksගේ කථා පොත් සෙට් එකම මූවීස් වලට ගැහුවොත් ඒ ඔක්කොම වුනත් බලන්න පුලුවන් අනේ... හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්. හැම කතාවක්ම හරිම ලස්සනයිනෙ :D

      Delete
  18. හොයාගෙන බලන්න "THE BLOCKGAL" වැදුනොත් ඔලුව හිරිවැටෙනවා. මෙන්න ලින්ක් එක

    ReplyDelete
  19. බලාගෙන යනකොටම හිතූ කැමති නිකලස් ස්පාක්ගේ චිත්‍රපටි වලටමනේ..:)
    නිදහස් සිතුවිලි පැත්තේ ගොඩව වැදිලා බලන්න ඔයාගේ ආසාවටන් වලට මැච් වෙන කට්ටිය මුණ ගැසේවි..

    මේ ලිස්ට් එකට මමත් ටිකක් එකතු කරන්න හිතුවා..
    1. Sleeping Dictionary
    2. Shall we dance
    3. The guitar
    4. Pretty Women

    තව නම් මතක නැති ගොඩක් තියනවා..

    ReplyDelete
    Replies
    1. අහ්හ් එහෙට ගිහින් බලන්නම්. :D

      ස්ලීපින් ඩික්ශනරි ගැන කෙනෙක් කියලා මම ඩවුන්ලෝඩ් කලා.. බලන්න ඔනෙ.:)

      අනිත් ටිකත් බලන්න ඔනෙ. තැන්ක් යූ කිව්වට අක්කෙ!

      Delete
  20. නිකලස් ස්පාර්ක් ගේ කතා වල දුක මහා පුදුමාකාරයි. අපි චිත්‍රපටියේ මැද දි ඇඩුවට අවසාන වෙද්දී ඒ දුකට හුරුවෙනවා. එයාගේ කතාවල ගොඩක් වෙලාවට කෙනෙක් මැරෙන එක අනිවාර්යෙන්ම වගේ වෙනවා. මෙතන තියන ගොඩක් ඒවා බලලා තියනවා. හැබැයි මගේ ටොප් ටෙන් නම් ටිකක් වෙනස්.

    ReplyDelete
    Replies
    1. //නිකලස් ස්පාර්ක් ගේ කතා වල දුක මහා පුදුමාකාරයි.// ඇත්ත!! ඒ කතාවල රටාව හරියට හරි!!

      Delete
  21. ඔක්කොම Romantic නේ :P රොමෑන්ටික් වලට එච්චර ආර නෑහෑ. අන්තිම එක විතරයි බලල තියෙන්නෙ. ඒකත් මෙ ලගදි ;) කතාව කියෙව්වට පස්සෙ අනිත්වත් බලන්න හිතුන. ඉඩ ලැබුන හැටියෙ බලන්න ඕන

    ReplyDelete
    Replies
    1. අහ්හ් බලන්නකෝ බලන්නකෝ එහෙනම්.

      Delete
  22. මෙතනින් 3ක් විතරනම් බලලා තියේ. සමහර එව්වා හරි කම්මැලියි අප්පා

    ReplyDelete
    Replies
    1. මොව් ඔව් ඔයාට හෙන කම්මැලි ඇති. :p

      Delete
  23. මං බලල තියෙනවා 3,4,5 හා6. ඒව සේරම ලස්සනයි. ඉතුරුව හොයන් බලන්න ඕනෙ. ඇත්තටම ඒ ‍ෆිල්ම්ස් හරිම හිතට කාවදින විදියට හදල තියෙන්නෙ. බලල ඉවර වුනහම ටිකක් වෙලා යනකල් ඒ මූඩ් එකෙන් එලියට එන්න බෑ.

    ReplyDelete
  24. සුපිරී මගෙත් අසම ගෑලරී එකක්

    ReplyDelete
  25. කියන්න සතුටුයි මන් Safe Heaven(2013)ඇරෙන්න අනිත් හැම එකක්ම බලල තියෙනවා...හින්දි ෆිල්ම් වල පෙන්නන ආදරේට මන් වැඩිය කැමති නෑ, මේ ඉංග්‍රීසි ෆිල්ම් ටික නම් හුඟක්ම සාර්ථකයි කියන්න පුළුවන්...

    ReplyDelete
  26. I have watch 8 of the above movies .. looking forward for the remaining 2 , and i recommend "walk in the cloud" for you

    ReplyDelete
  27. Mama safe heaven witharai balala neththe.. akath balanna one...

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....