නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

09 June 2013

අවුරුදු දෙකකුත් වුනා!!!!!!



අවුරුදු දෙකකුත් වුනා.. කට්ටිය බලනවා ඇති දැන් මොකටද කියලා.. :D මොහොකටවත් නෙවෙයි, මේ බ්ලොග් කෙරුවාවට තමයි ඉතින්.

මීට අවුරුදු දෙකකට කලින්.., සම්පූර්ණයෙන්ම තැළිලා පොඩි වෙලා, තුවාල වෙච්චි හිතක් පෙරදැරි කරගෙන "කතා කරන කඳුළු" නමින් පටන් ගත්තු මේ බ්ලොග් එක, අද වෙද්දි හිතුවක්කාරිගේ හිත විදියට නොහිතපු දුරක් ඇවිල්ලා. ඒ ගැන මහා සතුටක්වත්,ආඩම්බරයක්වත්, දුකක්වත් නැති මේ වෙලාවෙ මට දැනෙන්නෙ අහිංසක ආත්ම තෘප්තියක් විතරයි.


අවුරුද්දක් ලබනකොටනම් පෝස්ට් 100ක් පළ කරගන්න පුළුවන් වුනත්, අවුරුදු දෙකක් ලබද්දි මට 200ක් ලියන්න බැරි වුණා.ඒත් හිමින් හිමින්,පරිස්සමට යන ගමනක සතුට, මට කලබලේට දුවලා නැති කරගන්න වුවමනා නැති නිසාම,මේ ලිවීමේ වේගය ගැන මම සතුටෙන්.

වැඩි දුර පල් හෑලි අනවශ්‍යයි..

ඇයි මම බ්ලොග් එකක් පටන් ගත්තේ?

එහාට මෙහාට වැනි වැනි මූණු පොතේ කඳුළු කතාන්දර ගොත ගොත උන්නු මට, "බ්ලොග්" කියන සංකල්පය ඇතුළෙ සැරිසරන්න හිතුනා. කාලය ගතවෙද්දි හිතේ තියෙන දේවල් ලියලා දාලා අමුතු සතුටක් ලැබුවා, කෙනෙක් දෙන්නෙක් හරි ඒවා කියෙව්වාම ඊටවඩා අමුතු හැඟීමක් දැනුණා. ඒ නිසා.., දිගටම. මොන මොනා හරි කුරුටු ගෑවා.

මම කවිකාරියක්වත්, ලේඛිකාවක්වත්..,සිංහල භාෂා විශාරදයෙකුවත් නෙවෙයි. ඒ වගේම,මම බ්ලොග් ලියන්නෙ සාහිත්‍ය ගැන උගන්වන්නවත්, ඉතිහාසය ගැන කියන්නවත්,භාෂා භාවිතය, ව්‍යාකරණ ගැන පැහැදිලි කරන්නවත්  නෙවෙයි.

මම බ්ලොග් ලියන්නෙ, මගේ සතුටට.

මට පුළුවන් විදියට, මට තේරෙන විදියට, අනිත් අයට තේරේවි කියලා හිතෙන විදියට.., මම ලිව්වා. ලියනවා.. ලියාවි.. ඒ අතරෙදි අඩු පාඩුවක්, වරදක් පෙන්වලා දුන්නොත්.., බොහොම නිහතමානිව ඒවා සළකා බැලුවා වගේම ඉදිරියටත් එහෙම කරාවි. ඉස්සරහට පුලුවන් විදියකට, ඉඩ ලැබෙන හැටියකට ලියන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ මට හිතෙන දේ. මට පුළුවන් විදියට.මගේ සතුට වෙනුවෙන්..

මොනාද මට බ්ලොග් ලිවිල්ලෙන් ලැබුනේ??

වැදගත්ම දේ ඒක තමයි. මේ බ්ලොග් එක කියන්නෙ මගෙ නම් ජිවිතේම නෙවෙයි. බ්ලොග් වලින් එහාට ගිය ලෝකයක් මට තියෙනවා.බැඳීම් තියෙනවා.නමුත් මේ බ්ලොග් එකෙන් මම සතුට වගේම..,

හරිම වටින මනුස්සකම් හුඟාක් හම්බකලා.

මේ බ්ලොග් එක හරහා හුඟාක් වටින සහෝදර බැඳීම් ඇති වුනා. එදා බ්ලොග් අවකාශෙට ආපු දා ඉඳන් මේ වෙන තුරුම, කිසිම වෙනසක් නැතිව, එකම විදියට මාත් එක්ක බැදුනු සහෝදර බැම්මක් මට තියෙනවා. අන්න ඒ දේ ගැන විතරක්, මම වුවමනාවටත් වඩා සතුටුයි. :Dඕනෙම කෙනෙක්ගෙ, ඕනෙම දේක, හොඳ ටික විතරක් අරන් නරක ටික බැහැර කරන්න පුරුදු වෙමින් උන්නු නිසා,බ්ලොග් අවකාශයටත් මම ඒ දේ ආදේශ කළා.

අවසාන වශයෙන්.., නම් ගම් විදියට මතක් කරන්න, ස්තූති කරන්න මහ හුඟාක් අය හිටියත්., කෙනෙක්ව හරි මඟ හැරුණොත් කියන බයට., නම් ගම් වලින් ස්තූති නොකරන්න තීරණය කළා.නම් ගම් වලින් මතක් කරන්න ගියොත්., කොච්චරක් නම් ඉන්නවාද?? :D

අවුරුදු දෙකක් තිස්සෙ මම ලියන විකාර හෝ අකුරු පේළි කියෙව්ව ඔයාලා හැමෝටම ස්තූතියි. ඒ වගේම ගල් මුල් එවපු, යෝජනා චෝදනා කරපු හැමෝටමත් ස්තූතියි.:D


අවසාන අවසාන අවසානම වශයෙන්..,
"හිතූ" කියලා කෙනෙක්ව උපද්දවලා රැක බලාගෙන.., අවුරුදු දෙකක් වෙනකම් පෝෂණය කළාට වගේම, ආදරේ කළාට .., දුකේදි සැපේදී ලඟින් උන්නාට,

හැම කෙනෙක්ටම ස්තූතියි!!!

Post Comment

82 comments:

  1. තව ගොඩක් කල් අපි එක්කම ඉන්නවා නේද?

    ReplyDelete
    Replies
    1. :) පුළුවන් කාලයක්!

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. සුභපැතුම් අක්කියා ! ජයවේවා!

    ReplyDelete
  3. හුරේ... දාමු පාටියක්.. කෝ කැවුම් කෙසෙල් ටිකක් දාන්න ☺

    ReplyDelete
  4. දෙවර්ෂයක් සපුරන "හිතුවක්කාරිගේ හිත" ට තවත් කලක් හිතුවක්කාර දේවල් හිතුවක්කාර විදියට ලියන්න සුබ පැතුම් මේ සමගමයි.

    ReplyDelete
  5. Mama methenta awillath dan awruddak wage athi. Thawath goda kaalayak apith ekka inna!
    Jaya wewa!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!! ඔයත් තවත් බොහෝ කල් ඉන්න අපි එක්ක!

      Delete
  6. දෙවර්ෂ පූර්ණයට සුබ පැතුම්.....!!!! ජයවේවා...!!!!!

    ReplyDelete
  7. සුභ පැතුම් හිතුවො !... :)

    ReplyDelete
  8. මගෙනුත් ආදරණිය සුබ පැතුම් නංගී...

    ReplyDelete
  9. ඇත්ත බං. කොච්චර එවුන් ඇවිත් ලියන එක එපා කෙරෙව්වත්, මේක අපිව ජීවත් කරවනවා. අපිට ලැබෙන දෙයක් නැති වුනාට පුංචි සතුටක් එනවා.

    ජය වේවා. !

    ReplyDelete
    Replies
    1. අත්දැකීමෙන් සැමා අයියාත් දන්නවානෙ ඒක? (Y)

      Delete
  10. සුභ පැතුම්! අක්කියෝ. දිගට මේ බ්ලොග් අවකාශේ රැඳිලා ඉන්න අපිත් එක්ක ම.

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි ධාරා!

      Delete
  11. සුබ පතනවා ඔයාට වාසනාවන්ත අනාගතයක් සඳහා හිතුවක්කාරීයේ..බ්ලොග් එක වගේම ජීවිත ගමනත් සාර්ථක වේවා...!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ!!!

      Delete
  12. හිමින් උනත් තව ලියන්න..!

    ReplyDelete
    Replies
    1. ලියන්නම් පුළුවන් හැටියට! :)

      Delete
  13. උණුසුම් සුභ පැතුම් තව හිතුවක්කාර කතා ලියන්නට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාටත්!

      Delete
  14. සුභ පැතුම් :))

    ReplyDelete
  15. වෙල්ඩන් හිතුවො....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
  16. ආදරණීය හිතූ යී

    තව අවුරුදු දෙකක් බ්ලොග් ලිවීමට හැකියාව ලැබේවා !

    මීට රජතුමා

    ReplyDelete
    Replies
    1. ආදරණීය රජතුමනී...............,

      මා බ්ලොග් ලිව්වා හෝ නොලිව්වා හෝ
      ඔබතුමා බ්ලොග් ලියන කියවන තාක් කල්
      මේ බ්ලොග් අවකාශයේ මා රැඳෙන්නෙමි...

      ස්තූතියි........

      මීට හිතූ යී.

      Delete
  17. සුබ පැතුම් හිතුවෝ... ඉඩක් ලැබුණ හැටියේ 200 සම්පූර්ණ කරගන්න...
    ජය,!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශම්මියෝ......... <3

      Delete
  18. ඔන්න එහෙනම් නාඩියත් සුභ පැතුවා ඈ!!!

    ReplyDelete
  19. හිතුවක්කාර හිතක තියන ලස්සන දැක්ක . සුභ පැතුම් නංගෝ . දිගටම ලියන්න . ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ.......... <3

      Delete
  20. ජය වේවා. ඉදිරියටම යමු හිතූ..

    ReplyDelete
  21. තව තවත් ඉදිරියටම ලියන්න ශක්තිය සහ අනිත් ඒව් ලැබේවා කියල මම ප්‍රාර්තනා කරනව..

    ප. ළි.
    ලියන්න දන්නෙ නැති නිසා අනිත් ඒවා කියල කිවුවෙ හොදේ....

    ReplyDelete
    Replies
    1. හික්ස්ස්ස්ස්ස්ස්ස්.. :D හුඟාක් ස්තූතියි!

      Delete
  22. තවත් කාලයක් ලියන්න ධෛර්ය ශක්තිය වාසනාව පතනවා!

    ReplyDelete
  23. ඔයා දෙවන වසර සමරනකොට මම පළමු වසර සමරනවා ඔන්න..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. අයියාටත් සුබ පැතුම්!!! ජය!

      Delete
  24. සුභ පැතුම් හිතූ...හැමදෙයක්ම සාර්ථකව කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි Chams!

      Delete
  25. තව තව ලියන්න හැකි වේවා.අක්කට සුභ පැතුම්

    ReplyDelete
  26. දිගින් දිගටම ලියන්න මගෙනුත් සුභපැතුම්....

    ReplyDelete
    Replies
    1. තොටියා අයියා කලකින්! ස්තූතියි අයියෙ!

      Delete
  27. දිගටම ලියන්න.
    සුභ පතනවා හිතුට හැමදේම සාර්ථක වෙන්න.........

    ReplyDelete
  28. දෙවනි බ්ලොගවසරියට සුභ පැතුම් හිතූ..
    මීට වැඩිය ටිකක් හරි වේගයෙන් ලියන්න හැකිවෙන්න ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
    Replies
    1. හි හි. වේගෙන් ලියන්න උත්සාහ කරනවා.. ස්තූතියි!

      Delete
  29. ඔයාටත් බ්ලොග් එකටත් සුභ ප්‍රාර්ථනා කරනවා අක්කියෝ..

    ReplyDelete
  30. හුරේරේරේරේ ........... දාමු පාටියක්

    ReplyDelete
  31. අප්පට සිලි සිලි මගේ අහවල් මෙව්වා එක අහවල් එකෙන්ම බාරගන්න ඈ.....

    ReplyDelete
  32. ගොඩ දෙනෙක් උපන්දින සමරනවා ඈ..ජය වේවා හිතූ...
    දිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා!!!

    ReplyDelete
  33. සුබ පැතුම් හිතූ !!!

    ReplyDelete
  34. හදවතින්ම සුබ පැතුම්. තුන් වෙනි අවුරුද්දත් මේ වගේම සාර්ථක වෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සයුරි අක්කේ!

      Delete
  35. සෙනෙහසින් සුපැතුම් ගෙනෙමි
    තව බොහෝ දුර යන්නට පතමි
    තටු සිදුණු සමනලුන්හට නොවේ
    අලුත් තටුවලට යළි සුබ පතමි!!!!

    ReplyDelete
    Replies
    1. අනේ.... හුඟාක් ස්තූතියි චුට්ටි නංගෝ!! :*

      Delete
  36. මගේ සුභ පැතුම් ....

    ReplyDelete
  37. පරක්කු වෙලා හරි පැතුවත් සුභ පැතුම, සුභ පැතුමමයි හින්දා කියලා හිතාගෙන මමත් සුභ පතනවා ඈ...

    ReplyDelete
    Replies
    1. ඔව් නෙහ්? පැතුම් පැතුම් ම නෙහ්? ;) තැන්කූ ඈ..

      Delete
  38. අඩෝ ජය වේවා හොදේ.....!!
    කාලෙකින් බ්ලොග් කියවන්න ආවේ, ඒ ඇවිල්ලත් උඹේ එකට මං කෙළගෙන ආවා මොකෝ වෙලා තියෙන්නේ බලන්න මේ පැත්තේ.තවත් දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.විකාර හිතුවිලි හිතෙන අතු ගෑවෙවා,.......!!!

    ReplyDelete
  39. හප්පේ හිතුවක්කාරී අවුරුදු දෙකක් වෙනවා නේද හිතුවක්කාර වෙලා :D මගේ උණුසුම් සුභපැතුම් නංගා දිගටම ලියන්න.

    ReplyDelete
  40. මමනම් අදමයි මෙහෙට අවේ. ඉස්සරහට එන්න හිතෙන තැනක්, වෙලා තියෙන විදියට එන්නම්කො....

    අවුරුදු දෙකක් කියන්නේ ජීවිතේක ගොඩක් වෙනස්කම් වෙන්න පුලුවන් කාලයක් නේද..? සමහර විට අක නිසා වෙන්න ඇති නමත් වෙනස් වෙන්න ඇත්තේ කතා කරන කඳුලු වලින් හිතුවක්කාරිට ඒත් මමනම් පලවෙනි එකට වැඩිපුර කැමතියි.

    ReplyDelete
  41. හරිම ලස්සනට බ්ලොග් එක කරගෙන යනවා මගේ උණුසුම් සුබ පැතුම් පතන්නම්

    ReplyDelete
  42. Nice work see http://tiny.cc/i659ax

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....