නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

27 February 2013

අපිට පිස්සු ඕයි!!

ඉර පායන වෙලාවක් දන්නෙත් නෑ..
ඉර බහින වෙලාවක් දන්නෙත් නෑ...
කවුරු කවදා මොනවා කරනවද
දන්නෙත් නෑ....
ඒත් උදේ ඉදන් රෑ වෙනකම්
"Facebook" එකෙ පදිංචි අපිට..,
ඇත්තටම පිස්සු ....


ආදරේ මොන පාටද දන්නෙත් නෑ...
ආදරේ ට නිර්වචන දන්නෙත් නෑ...
කාට කවදා කොහොම ඇතිවෙයිද
දන්නෙත් නෑ.....
ඒත් උපන් දා ඉඳන් මැරෙනකම්
"Love" කරන්න දඟලන අපිට..,
ඇත්තටම පිස්සු ....


දේශපාලනේ කියන්නෙ මොකක්ද දන්නෙත් නෑ...
දේශපාලනේ කරන්නෙ කොහොමද දන්නෙත් නෑ...
කවුරු හරිද කවුරු වැරදිද කොහොම කරනවාද
දන්නෙත් නෑ......
ඒත් පක්ෂ පාට බදාගෙන කෙළ හිඳෙනකම්
"politics" ගැන කියවන අපිට..,
ඇත්තටම පිස්සු .....



හලාල් එපා කියන්නෙ ඇයි දන්නෙත් නෑ...
හලාල් ඕනෙ වෙන්නෙ මොකටද දන්නෙත් නෑ...
කවුරු කවදා කොහොම පටන්ගත්තු එකක්ද
දන්නෙත් නෑ....
ඒත් "හලාල් අපිට එපා" කියලා පණ යනකම්
"Status" වලට දාන අපිට...,
ඇත්තටම පිස්සු ....



"අපිට පිස්සු" කියලා ලියන්නෙ ඇයි දන්නෙත් නෑ...
"අපිට පිස්සු" කියලා කිව්වෙ මොකද දන්නෙත් නෑ...
කාට කවදා කොහොම ඇතිවුණු අදහසක්ද 
දන්නෙත් නෑ...
ඒත් "අපිට පිස්සු ඕයි" කියලා දඩි බිඩියෙ

"Blog" එකට ලිපි ලියන අපිට...,
ඇත්තටම පිස්සු ....



අනේ මංදා "උන්" කිව්වාට මම ලිව්වාට ,
ඇත්තටම මට පිස්සුද මංදා...,
හිතලා හිතලා උදේ හිටන් රෑ වෙනකම්,
දැන් නම් .....,


මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි..
හොඳටම පිස්සු ඕයි !!!





මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝ |  සෝඩා ගුණේ | නචී | ජීවිතේ මල් |ලිෂාන් පුවක්ඕවිට | සංජු |  පිස්සා | අශාන් | පූසා රුචකහසී |මුචලින්ද අමිල චතුරංග

Post Comment

21 February 2013

රුසියාවට වඩා ලොකු පිරිමින්ගෙ ඉරිසියාව !!!

ඕනෙම දේකට ඔට්ටුයි කියලා,ම කාලෙකට පස්සෙ ඉඳලා ඉඳලා අද  පෝස්ට් එකක් දැම්මා.. ;) 
මේ ගැන මීට කාලෙකට කලිනුත් ලියන්න හිතුනත්.., මේ දවස් වල බුකියෙ එහෙම අහන්න දකින්න තියෙන දේවල් එක්ක ,නිකමට වගෙ අද ලියන්න ඕනෙ කියලා හිතුනා. 

සාමාන්‍යෙන් සමාජෙ සම්මත වෙලා තියෙන්නෙ , පිරිමින්ට වඩා ගැහැනු පාර්ශවේ උදවිය ඊර්ෂ්‍යා කම් කරනවා කියලානෙ. උපතින්ම ගැහැනු ඊර්ෂ්‍යාකාරයි කියලා තමා කොයි කවුරුත් හංවඩු ගහන්නෙ. (ඒ ගැනත් වෙනම පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඒත් අද ලියන්න ආවෙ ඒ ගැන නොවෙන නිසා, ඒ ගැන පස්සෙ දවසක කියන්නම්.)

ඒත් දැන් දැන් වෙන්නෙ සම්මතෙන් ඔබ්බට දේවල් හින්දාමද, නැත්තම් කාගෙත් වැඩි කැමැත්ත අසම්මතයට හින්දාමද මංදා.., හැමදේම මාරු වෙලා.. :D

සිනමාව, ටෙලිනාට්‍ය , ගීත ක්ෂේත්‍රය කියන්නෙ ඉතින් අතීතයේ ඉදන්ම මිනිස්සු ආදරෙන් වැළඳගත්තු ක්ෂේත්‍ර කීපයක්නෙ. පොදුවේ ගත්තොත් කලාව කියන්නෙ කවුරුත් ආදරේ කරන දෙයක්. ඒ වගේම තමා  නළූ නිළි උන්මාදය කියන්නෙත් අද ඊයෙ පටන්ගත්තු දෙයක් නෙවෙයි. 60, 70 දශකෙ ඉදන් මේ දක්වාම කලා ක්ෂේත්‍රය ජනප්‍රිය චරිත අනුකරණය කරන්න, අගය කරන්න, ආදරේ කරන්න, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න  හුඟාක් දෙනෙක් කැමැත්තක් දක්වනවා.ඒක ස්වභාවිකයි.

සිංහල සිනමාව ගත්තොත්, ඉස්සරම කාලෙ, විජය -මාලිනී, ගාමිණී-මාලිනී, කමල්-සංගීතා, සනත්-සබීතා විදියට එක එක යුග තිබුණා. අපේ අම්මලා තාත්තලා ගෙ කාලෙ, ආච්චිලා සීයලාගෙ කාලෙ පවා ..,ඒ සිනමා තරු වල , පින්තූර එකතු කරන්න, පත්තර එකතු කරන්න, ඒ නලූ නිළියන්ගෙ විදියට ඇඳුම් පැලඳුම් මහන්න, අඳින්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. සිංහල සිනමාව විතරක් නෙවෙයි, බොලිවුඩ් සිනමාවත් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වෙලා තිබිලා තියෙනවා. වෙනසකට තියෙන්නෙ, ඒ කාලෙ ෆේස් බුක් නොතිබීම විතරයි.ඒ කාලෙ තාක්ෂණය අද තරම් දියුණු නැහැනෙ.පරිගණක,ඉනටර්නෙට් කෙසේ වෙතත් රූපවාහිනියක් වුනත් හැම ගෙදරකම තිබුණු යුගයක් නොවුනත්, ඒ කාලෙ පත්තර, සඟරා වලින්, මේ දේවල් මිනිස්සුන්ට ළං වෙලා තිබුණා.

ඒ කාලෙ ගෑණු ලමයි , විජය කුමාරතුංගට, සනත් ගුණතිලකට, ජෝ අබේවික්‍රමට,කමල් අද්දරආරච්චිට, අමරසිරි කලන්සූරියට මැරීගෙන ආදරේ කළා. අදටත් ඔය කලාකාරයෝ රූපවාහිනි වැඩසටහන් වලට ආවාම කියන්නෙ "මට ඒ කාලෙ ගෑණු ලමයින්ගෙන් ලියුම් ආවෙ මලු ගනන් " කියලා. :D 

ඇයි නළුවන්ට විතරක්ද ..,නිළියො විදියට, මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා, සංගීතා, දිල්හානී අශෝකමාලා ලගෙ පින්තූර බිත්තියෙ ගහගෙන, ඒ අයට ආදරේ කරපු, එයාලාව අනුකරණය කරපු, එයලාට ලියුම් ලියපු අය මොනතරම් ඉන්න ඇත්ද??ඒ විතරක්ද, අමිතාබ් බච්චන්,රාජේන්ද්‍ර,රාජ් කපූර්, දිලීප් කුමාර් ලටත් ආදරේ කරපු පිරිසක් හිටියා. ජයා බච්චන්, රේඛා, හේමා මාලිනී, ශ්‍රීදේවි, මධුරි වගේ අයටත් පිස්සු වැටුණූ අය ඕනෙ තරම්..

නළු නිළියො ගැන විතරක් කතා කලාට.., ගායක ගායිකාවොත් ඕනෙ තරම් මේ විදියට ජනප්‍රියත්වයට පත්වෙලා, කාලයත් එක්ක මිනිස්සුන්ගෙ උන්මාදයන් බවටත් පත් වෙලා තිබුණා.

ඒ කාලෙ .., ඒ අය ගෙ සංදර්ශන බලන්න, චිත්‍රපට බලන්න, නාට්‍ය බලන්න වැල නොකැඩී පිරිස එකතු වුනා. ඔවුන්ව මුණ ගැසිලා අදහස් ප්‍රකාශ කලා, හමුවෙන්න ගියා. ලියුම් ලිව්වා. ඒත්, පසුකලීනව තාක්ෂණය දියුණු වීමත් එක්ක, දුරකථන, ජංගම දුරකථන, අන්තර්ජාලය, වගේ දේවල් පැමිණිමත් එක්ක ඔය අදහස් ප්‍රකාශ කරන මාධ‍ය  වෙනස් වුනා. ලියුම් වෙනුවට, කෝල් කලා. එස්. එම්. එස් යැව්වා.

විදේශීය චිත්‍රපට, ටෙලිනාට්‍ය, ලංකාව ඇතුලෙ වැඩිපුර කතාබහට ලක් වුනා. ගුණාත්මක බව බව, උචිත බව, සංස්කෘතියට ඔබින බව ..., නානාවිධ කතාන්දර මනින මිනුම් දඬු කැලේ ගියා. ලාංකික සිනමාවට වඩා මිනිස්සු වැඩිපුර බොලිවුඩ්, හොලිවුඩ් සිනමා වලට ආකර්ෂණය වුනා. හොදින් හෝ නරකින් විදේශීය දේවල්  වලට වැඩි නැඹුරුතාවයක් ඇතිවුනා.

ඔන්න ඒ එක්කම එකපාරටම හැමදේම උඩුයටිකුරු වුනා,ඒ "Facebook" එහෙම නැත්තම් මූණූ පොත හින්දා. වර්තමානෙ වෙනකොටනම්.., හැම නළුවෙක්ටම නිළියෙක්ටම ෆේස්බුක් ගිනූමක්, එහෙම නැත්තම් පේජ් එකක් තියෙනවාමයි. ඇත්ත හෝ ව්‍යාජ ලෙස ලංකාවෙ වගේම විදේශීය හැම ජනප්‍රිය චරිතෙකටම මූණූ පොතේ පිටුවක් වෙන් වෙලා. ඒ වගේම වෙබ් අඩවි ත් සෑහෙන ප්‍රමාණයක් හැදිලා.

මේ විදියට , දැන් දැන් ලංකාවෙ ගැහැනු ළමයි..,විතරක් නෙවෙයි පිරිමි ළමයිනුත් විදේශීය නලූ නිළියන්ට ආදරේ කරන්න,අනුකරණය කරන්න බහුලවම පෙළඹිලා. ඒක උන්මාදයක් බවට පත් වෙලා හමාර බව , බ්ලොග් අවකාශය හරහාම කාට වුනත් දැනගන්න පුළුවන් කාරණාවක්. ;) ඒත්, අන්ත දුක්ඛිත කාරණාව තමා.., මේ දේවල් නිසාම ලංකාවෙ පිරිමි ලමයින්ගෙ හිත් අන්තිමටම දූෂණය වෙලා. :@

ඉස්සර නළුවොන්ට/ගායකයින්ට/විවිධ ජනප්‍රිය තරුවලට ලියුම් දාපු යුගයක් තිබ්බත්, දැන් ඊට වඩා ලේසියෙන්ම ෆේස්බුක් එකෙ අදාල ජනප්‍රිය තරුවගෙ ගිණුමට ගිහින් අදහස් දක්වන පහසුකම ලැබිලා. ෆේස්බුක් එකෙන් බැරි නම් ට්වීටරෙන්(Twitter). එහෙමත් නැත්තම් ඕනෑතරම් සමාජජාල අඩවි දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. 

ඒත් දැන් දැන්..,තමන් කැමති නළුවෙක්ගෙ/ගායකයෙක්ගෙ/තරුවකගෙ පින්තූරයක් මූණු පොතේ දාගන්න, තමන්ගෙ අදහසක් මූණු පොතේ පල කරන්න, අදාල නළුවා /නිළිය/තරුව ගැන අගයන්න  නිදහසක් නැති වෙලා. ලංකාවෙ ගෑනු ලමයි කවුරුහරි නළුවෙක්ට/ගායකයෙක්ට කැමැත්තෙන් අගය කරනවද, ආසාවෙන් ඉන්නවාද.., සමස්ත පිරිමි ළමයි සංහතියම ඒ අදාළ නලුවට/ ගායකයාට මඩ ගහන්න, චෝදනා කරන්න, අපහාස කරන්න, නින්දා කරන්න පෙළඹිලා. 

ලංකාවෙ ගෑනු ළමයි ශිහාන් ට පිස්සු වැටිලා ඉන්නකොට,ශිහාන්ට බැන්නා. මරණ දැන්වීම් හැදුවා. කටකතා පැතුරුවා. එහෙම බැන බැන, ඒත් ශිහාන් විදියටම කොණ්ඩෙ හැදුවා. :D ඊටපස්සෙ ලෝකෙ පුරාම ජනප්‍රිය වුනු "Twilight" චිත්‍රපටි පෙලේ උන්නු Edward Cullen ට ආදරේ  කරන්න ගත්තාම ඒවට අපහාස කළා. ශාරුක් ඛාන් ඉන්න චිත්‍රපටියක් ආවාම, "නාකියා" කියලා ඒ මනුස්සයට අපහාස කලා.ජස්ටින් බිබර් ගෙ සින්දු වලට( ජස්ටින් ට) පිස්සු වැටුනු ගෑනු ලමයි අනන්තවත් උන්නා. ඒ නිසාම ජස්ටින්ට අපහාස  කරන්න ගත්තා. අන්තිමට අහන්නෙ, "ඇයි ලංකාවෙ කොල්ලො නැද්ද පිස්සු වැටෙන්න, පිටරට උන්ට මැරෙන්න යන්නෙ " කියලා. ඉතින් දෙයියනෙ ලංකාවෙ කෙනෙක්ට කැමැති වුනත් කියන්නෙ, " අපෝ.. හිරිකිතයි. අප්පිරියයි.  කොල්ලෙක්ද ඌ.." ඔය වගේ කතාන්දර. ;)

මොකද මේ මෙහෙම අපහාස කරන්නෙ? තමන්ගෙ නොහැකියාවටනෙ. :p එහෙම නැත්තම් තවත් කොල්ලෙක්, පිරිමියෙක් තමන්ට වඩා කැපී පෙනෙන, අනිත් අයගෙ ආදරේට පාත්‍ර වෙන එක දරාගන්න බැරි තරමට පිරිමි හිතුත් දුර්වලයි.:D අපහාසයයි විවේචනයයි දෙකක් කියලායි මම හිතන්නෙ. අපහාසයට නිශ්චිත හේතුවක් තියෙනවානම්, ඒ තරහට , නැත්තම් ඊර්ෂ්‍යාවට වෙන්න පුළුවන්. විවේචනයට ශක්තිමත් සාධක තියෙන්න ඕනෙ. ඒ නැතත්, කෙනෙක්ගෙ කැමැත්තට තවත් කෙනෙක්ට බලපෑමක් කරන්න අයිතියක් තියෙනවාද? (බැඳිමක් ඇතුව/නැතුව??)

කාටවත් කරදරයක් නැතුව.., හානියක් නොවෙන්න.. , කැමැත්තක් තිබ්බාට මක් වෙනවාද? දැන් ,ඉස්සර හිටපු ගෑනු ලමයි  නලුවොන්ට/ගායකයින්ට ප්‍රේම කලේ නැද්ද? එයාලා එහෙම කලා කියලා ගෙවල් වල වැඩ කලේ නැද්ද? ඉගන ගත්තෙ නැද්ද? රස්සාවල් කලේ නැද්ද? ආදරේ කලේ නැද්ද? ඔක්කොමත් හරි.., කසාද බැන්දෙ නැද්ද?  ළමයි හැදුවෙ නැද්ද? 

ඉස්සර කාලෙ පිරිමිත් මෙහෙමද දන්නෙ නෑ... නැත්තම් දැන් මේ කාලෙ අයගෙ හැටිද දන්නෙ නෑ.. කොහොම වුනත්, දැන් කාලෙ පිරිමි ළමයින්ගෙ ඊර්ෂ්‍යායාකාර හිත්  දැනගන්න, Facebook තිබ්බ එකත් හොදයි. :D                                                                                     



ගැහැනු අපි,                                       

ශාරුක් ගෙ කඳුළු දැක...,
කඳුළු සලන කල
ඔහුට වෛර  කල....,
ශිහාන් ගෙ පෙම්වත් හඬට..,
හද සසල වූ කල
ඔහුට ද ශාප කල......,

එඩ්වඩ් ගෙ අනුරාගී පෙමට..,           
ලෝබ කම් කරන කල
ඔහුට දුෂ්ඨකම්  කල....,
ඩේමන්ගෙ වීරකම  දැක..,
ප්‍රේමයෙන් මුසපත් වූ කල
ඔහුට ද ඊර්ෂ්‍යා කල.....,

අනේ...,

අහිංසක චංගුමී ට
අනුකම්පා කරන කල
ඊටද සැහැසිකම් කල...,                                                

ලැජ්ජයි කියන්න,                                       

ගෙම්බෙක්ට හාදුවක් දුන්නොත්
ඌටත් ඊර්ෂ්‍යා කරන තරමට
අනේ... අපොයි..
ගිය කලක්..,

ලංකාවෙ පිරිමින්ට....!!!!




Post Comment