නුඹ දුන්නු දුක් නිසා.... මගේ වෙඬරු හිත කවි වුනා....

01 May 2014

~දෙහදක හමුවීම~

♫♪සොඳුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය
...♫♪


සවිත්මා ගේ ප්‍රියතම ගීතය ශාලාව පුරා රැව්දෙන්නට විය.ඇගේ හදවතේ මෙන්න මෙතනයැයි කිව නොහැකි කොහේදෝ ගැඹුරු තැනක සිට සියුම් වේදනාවක් පැතිරී යනවා මෙන් ඇයට දැනෙන්නට විය. එදා පටන්ම හදවත සනසවන ඇගේ ප්‍රියතම ගායකයාගේ ඈ වඩාත්ම ප්‍රිය කරන ගීතය, ඔහු ගයමින් සිටින්නට විය. 
ඇගේ දෑස් ඉදිරියේම සුපුරුදු සංයමයෙන් ඔහු රසික හදවත් නැළවීය.ඒ වන විටත් ඒ අපූරූ අද්වීතීය ගායකයාගේ ස්වරයෙන් ඇගේ හිත මත් වී අවසන්ය.මුරණ්ඩු හිත අතීතය සොයා ඉගිල්ලෙන්න දරන වෑයම ඇය මහත් ආයාසයෙන් වළකන්නට උත්සාහ දැරුවද ඒ වෑයමද පුස්සක් විය. 
"මගේ හිත කවද්ද මට ඕනෑ දෙයක් කළේ?" අවසානයේ ඇය ඇගේ හිතුවක්කාර හිතට පැරදුණි. 
හරියටම මීට අවුරුදු 2කට පෙරත්, ප්‍රියතම ගායකයාගෙ ගීත ප්‍රසංගයක් නැරඹීමට මේ ශාලාවටම ඇය ආදරේ කළ "ඔහුත්" සමඟ ආ හැටි ඇයට සිහි විය.දෙදෙනා එක්ව ගෙවූ අතීත මතකයන් ඇගේ මනසේ මැවෙන්නට විය.ඇගේ නිබන්ධන පිටු අතර ඔහු හොරෙන්ම කවි ලියා තබපු යුගයක් තිබිණි.ඇගේ ප්‍රියතම ගායකයාගෙ ගීත ඔහු මුමුණපු යුගයක් තිබිණ.මෙලෙසින් ඇගේ පළමු පෙම්වතා ඇගේ සිත අතීත සාගරයෙහි තව තවත් ගිල්වන්නටම විය. 
තදින් ප්‍රේමයේ  වෙලී හිඳ වෙන්වූ අයෙකුට පොදු ධර්මතාවයක් නම්, විරහ  ගීතයක්.., හදවතට දැනෙන ගීතයක් රසවිඳින විට සියළු අතීත සිහිවටන මතකයට නැඟීමය.සවිත්මාටත් එය එලෙසම වන්නට විය.
ප්‍රේමය මෙසේ විටෙක මතක් කර කර විඳින්නට හැකි රසවිතකි, එහෙව් ප්‍රේමයම විටෙක මතකයට නැගෙන වාරයක් පාසා වේදනා දෙන මනෝමය තුවාලයකි.සමහරවිට කිසිදා සුවපත් නොවෙන,සිහින් සුළං රැල්ලකටද පුපුරුගහන කරුමක්කාර තුවාලයකි.

ගීතයේ මියුරු පද ස්වර සංකල්පනා අතර ඇය අතීතයේ සැරිසැරීය.ගීතයේ දුක්බර ස්වරය ඇගේ නිදන්ගත වියෝදුක අවදි කරවීය.
♫♪ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය...♫♪


දෛවය සිතූ පරිදි ඔවුන් එක් කලේ නැත.ප්‍රේමයේ මිහිරි දුක දෛවයේ උරුමයෙන් ඇයට හිමිවිය.දෛවයට දොස් පවරා වැඩක් නැත. යමක් උරුමනම් ලබා දීමත්, උරුම නොමැතිනම් අහිමි කරවීමත් පමණක් දන්නා දෛවයද අසරණය.ප්‍රේමය දැන් ඇගේ ජීවිතෙන් බොහෝ ඈත්ව ගොස් හමාරය.ඇය, පිළිස්සෙන බව දැන දැනද, ප්‍රේමයේ පහන් සිළුවට ලොබ බඳින පළගැටියෙක් පමණි.
"නියමයි සර්... නියමයි... Superb!!! මගේ ආසම සිංදුවක්.. You are the best sir!! You are the best!!"
ඇගේ සිතුවිලි  දැහැන බිඳ වැටින. ප්‍රියතම ගීතය නිම වෙත්ම, මුළු ශාලාව පුරාම රැව් දුන්නේ එකම හඬකි.  අත්පොළොසන් දීමට පවා අමතක වූ ප්‍රේක්ෂක ජනයාගෙ ඇස් ඇය දෙසට එල්ලවී තිබෙන්නාක් මෙන් පෙනින. දිගු නින්දකින් අවදිවූවාක් මෙන් තෘෂ්ණිම්භූතව සිටි ඇයට තවත් තත්පර කීපයකින් පසුව පෙනුනේ, ඇයට යාබද අසුනේ හිඳගෙන හුන් තරුණයෙක් සිය අසුනෙන් නැගිට මෙසේ කෑගසන ලද බවය. 
ඔහුගේ උද්යෝගමත් කෑගැසීමෙන් අනතුරුව ශාලාව  පුරා අත්පොළොසන් වරුසාවක් නොනවත්වාම ඇසෙන්නට විය.එහෙත් ඇයට නම් අත්පොළොසන් දීමට පවා අමතක විය. 

"පිස්සු කොල්ලෙක්!! ඔක්කොම මිනිස්සු බලාගෙන. මාත් වාඩි වුනේ මාර තැන.."
සවිත්මා ඇයටම දොස් පවරාගන්නට වූයේ, ඇයට යාබද අසුනේ වූ තරුණයාගේ උද්දාමය හේතුවෙන් ඇයටද ලැජ්ජා වන්නට සිදුවූවා යැයි සිතාය.කිසිවෙකුත් ඇය හා ප්‍රසංගය නැරඹීමට නොපැමිණි හේතුවෙන් ඇය පැමිණියේ තනිවමය.තමා කෙලෙස පැමිණ ඔහු ළඟින් අසුන් ගත්තාද, ඔහු කෙළෙස පැමිණ තමා ළඟින් අසුන් ගත්තාද කිසිවක් ඇයට මතක තිබුණෙ නැත. කෙසේ හෝ ඔවුන් දෙදනා එක ළඟ  අසුන් වල හිඳගෙන තිබිණ.
ඔහූ මහා වීරකමක් කළ අයෙකු මෙන්, දිළිසෙන තෙත් ඇස් කරකවමින්, ආඩම්බර සිනහවකින් මුව සරසාගෙන ඇය දෙසට බැල්මක් හෙලීය. සවිත්මාට  සිනහ නොවී සිටීමට බැරිවිය. කවදත්  සුන්දර ඇගේ සිනහ පොදක් ඔහුට තෑගි කළ ඇය නැවතත් වේදිකාව දෙසට දෑස් යොමු කළාය.

♪♫හිත පුරා මල් පිපුන වසන්තය ඇවිදින්
හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්.....♪♫

තවත් ගීයක මියුරු හඬ රැව්දෙන්නට විය.. ඇගේ දෑස් කොනකට ඔහුගේ බැල්මක් හසුවිණි. ඒ සමඟම කුමක්දෝ සිතුවිල්ලක් ඇයට ඔහු දෙස බලන්නට බල කරවීය.
ඇගේත් ඔහුගේත් දෑස් තත්පර කීපයකට දොඩමළු විය. කුමක් හෝ නොපෙනෙනා බලවේගයක් ඔවුන්ගේ හදවත් එකිනෙකට බන්ධනය කරන්නට ඇත. තත්පර  කටුවේ තවත් මන්දගාමී වටයකට පසුව, ඔහු හඬ අවදි කරන්නට විය.

"හායි.., මම සදීප්.." ඔහුගේ නිර්ව්‍යාජ සිනහව ඇගේ සිත නොසන්සුන් කරත්ම, ඒ ගැඹුරු හඬ ඇගේ නිදන්ගත ගැහැණු සිත අවදි කරවීය.බාගෙට වැවුණු රැවුලත්, සිහින් තියුණු දෑසුත්, සිනහවෙන විට වළ ගැසෙන කම්මුලුත්  ඔහුගේ කඩවසම් බව වැඩි කරමින් පෙන්වීය.
"මම සවිත්මා.." ඇය නොසැලී එහෙත් සැලෙන  හඬ අවදි කළාය.
"මම පිස්සෙක් වගේ කෑගැහුවානෙ.. " ඔහු ළදරු සිනහවකින් මුව සරසාගෙන බොහෝ කලක් සිට හඳුනන්නෙකු මෙන් දොඩවන්නට විය.
ඇගේ සිත තවත් සැළින.
"කාලාන්තරයක් තිස්සෙ දන්නවා වගේ කතා කරන්නේ.." ඇය තනිවම කියවීය.
"ඇයි  ඔයා තනියම ආවෙ කියල මම අහන්නෙ නෑ..මිනිස්සුන්ට තනිකම ජීවිතේට ඕනේ. අනික මේ වගේ ෂෝ  එකක් බලන්න තනියම එනවා  කියන්නෙ හිතට සනීපයි.." ඔහු සියල්ල අනුමාන කර, ඔහුම ප්‍රශ්න අසමින් ඔහුම උත්තර දෙමින් කතා කළේය.
"හ්ම්ම්.. කවුද කිව්වෙ මම තනිවම ආව කියල?" 
"හඃඃහාහා...." උත්තරයක් වෙනුවට ඔහුගෙන් ඇයට ලොකු හිනාවක් ලැබිණ.
"ඔයාගෙ ඇස් තනිකමෙන් ගිලිලා.... " ඔහු ඇගේ ඇස් වල කිමිදෙමින් ඔහේ දොඩන්නට විය...
ඇගේ ඇස් විශ්මයෙන් විසල් විය. කොහේදෝ සිට පැමිණි මේ ඉළංදාරියා ඇගේ හිත නොසන්සුන් කරන්නට විය.කලකට පෙර ප්‍රේමය පමණක්ම සංසරණය වූ ඇගේ රුධිර නාළිකා  , නැවත ප්‍රාණවත් වූවාක් මෙන් ඇයට දැනෙන්නට විය. 
"මම විහිළු කළේ.. සීරියස් ගන්නෙපා එච්චර.. මම පිස්සෙක්.. ඔයාට තේරෙනවානෙ.."
"අපෝ ඔව්.." ඇයට එවරනම් සිනහ නොවී සිටින්නට බැරි විය. මේ අපූරු තරුණයාම ඔහුට පිස්සෙකු යැයි කියාගන්නා හැටි ඇයට සිනහ නැංවිය.
"ඇත්තටම මම මාර ආසයි මේ සිංදු වලට, මම හුඟාක් සතුටින්.. මගෙ ආසම ගායකයෙක්... ආසම සිංදු ටිකක් අද කියන්නෙත්."
"මගෙත් ආසම ගායකයා.. ඒකනෙ තනියම හරි ආවෙ"
"හහහ්හාහ්හා.. තනිකම තරම් ජීවිතේ විඳීන්න තවත් අවස්ථාවක් නැති තරම්..හා නැද්ද මං කියන්නෙ? " ඔහුගේම ප්‍රශ්න. ඔහුගේම උත්තර.. ඇය තව තවත් නොසන්සුන් වන්නට විය.

 "මිනිහෙක් තමන්ගෙ ජීවිතෙ ගැන  හිතන්න පටන් ගන්නෙ තමන් තනි වුනා කියල දැනුනාම.. එතකන් මිනිස්සු කරන්නෙ හැම මොහොතකම තමන්ගෙ ජීවිතේ අනිත් මිනිස්සුන්ගේ ජීවිත උඩ අත අරින එක.."
"හ්ම්..." 
"මම හිටපු ගමන් ට්‍රැක් පනිනව... පිස්සු කියෝනවා.. සීරියස් වෙනවා..ආයෙත් පිස්සු කියෝනවා.... ගනන් ගන්නෙපා.ඒ මගෙ හැටි " ඔහු නොනවත්වා කියෙව්වේය... එහෙත් ඒවා අසන්නට ඇයටද ප්‍රියජනක විය.. ඇගේ ප්‍රියතම ගීත පසුබිමෙහි, මේ ආගන්තුකයාගෙ සැනසිලි වදන් ඇයව කුමක්දෝ නාඳුනන හැඟීමකින් පෙළුවාය.

♪♫♪කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියෙවිද
මටත් ඉරක් නැගෙනා...♪♫


පසුබිමෙහි ගැයෙන විරහ ගීතය ඔහුගේ සිත් ගෙන තිබිණ. ඔහු දෙඇස් සිහින් කරගෙන, දැහැනකට සම වැදුනාක් මෙන් වේදිකාව දෙසම බලාගෙන සිටියේය. ඇගේ ඇස් ඔහු දෙසටම ආකර්ෂණය වූයේ නොපෙනෙන බලවේගයක් විසින් ඇති කල ඔවුන්ගේ හදවත් බන්ධනයේ අතුරු ඵලයක් ලෙස මෙන්ය.
"දන්නවද, මම කාලයක් මේ සිංදුව මගෙ ජීවන ගීතෙ කරගෙන හිටියෙ. " ඔහුගේ මුහුණ වඩාත් හැඟුම්බර විය. පෙරටත් වඩා තියුණු ඇස් වලින් ඔහෙ, ඇය දෙසම බලාගෙන කියවන් යන්නට විය. 

" අපි හරි මෝඩයි වෙලාවකට.., අපි ජීවිතේ බලපොරොත්තු උඩ බලාපොරොත්තු ගොඩ ගහනවා... එකකට එකක් බද්ධ වෙච්ච බලාපොරොත්තු..අන්තිමට මුළු ජීවිතේම ගොඩ නැගෙන්නෙ එක බලාපොරොත්තුවක් මත්තෙ .." ඔහු බොහෝ බැරෑරුම් ලෙස ජිවිතය කියවන්නට විය. ඇගේ සිත, ඔහුගේ ජීවිත දැක්මෙන් උමතු විය..

"එක බලාපොරොත්තුවක් බිඳුනාම අනිත් ඔක්කොම බිඳෙනවා...එතකොට අපිට දුක වැඩි.." ඇගේ සිත අත්දැකීමෙන් දැනුන දුක්බර මතක අවදි කළාය.
" හැබැයි සමහර  කාල තියෙනවා ජීවිතෙ.., අපි ආපස්සට හැරිලා බැලුවහම අපිට හිතාගන්නවත් බෑ අපි එහෙම ජීවත් වුනාද කියලා"
"ඔයා  පිස්සෙක් වගේ පෙනුණාට පිස්සුම නෑනෙ.. ජීවිතේ ගැන හෙන සීරියස්.."
"නැතුව.... අපිට අපේ ජිවිත ගැන සීරියස් වෙන්න ඕනෙ වෙන්න ඕනෙ වෙලාවට සීරියස් වෙන්න බැරි නම් වැඩක් තියෙනවාද?"

ඇය කවදත් "සීරියස්" චරිත වලට ප්‍රිය කළාය. බොහෝ කෙළිලොල් ව දිවි ගෙවෙන මිනිසුන් හදවතින් අතිශය ගැඹුරු බව  ඇය  අත්දැකීමෙන් දැන උන්නත්, මේ ආගන්තුක තරුණයා පැය කීපයක් ඇතුළත ඇගේ සිතෙහි ලැඟුම් ගන්නට හැකි වේයැයි සිතුවේ නැත. ආගන්තුක පිරිමි හිතකට මෙලෙස පහසුවෙන් ළං වීම ගැන  සවිත්මාගෙ සිත ට බියක් දැනිණ. එහෙත් ඔහු බොහෝ අවංක, නිහතමානී, අව්‍යාජ තරුණයෙක් බව ගත වූ පැය කීපයෙන් ඇයට අවබෝධ වන්නට විය. ඒ නිසා ඇගේ සිතට සතුටක් දැනිණ. 
කපටි මිනිසුන්, හොඳ මිනිසුන් වෙන් කර හඳුනා ගැනීමට තරම් පැසුණ, මුහුකුරා ගිය දැනුමක් ඇයට නොතිබුණද, කුමක් හෝ වාසනාවකට ඇය ඔහු හා නොබියව දොඩමළුවන්නට ගත් තීරණය වාසනාවක්ම විය.

ප්‍රසංගය අවසානයේ, ඔවුන්ගේ ප්‍රියතම ගායකයා සමඟද වදන් කීපයක් හුවමාරු කරගැනීමෙන් පසු දෙදෙනා එකට ශාලාවෙන් පිටවිය.

"ඔයා කොහෙටද යන්නෙ සවිත්මා?"
"මම රුක්මල්ගම.."
"අහ්හ් ළඟනෙ. මම නම් කැළණියෙ..."
"ම්ම්..."ඔහුගෙන් වෙන්ව යාමට සිත පැකිළෙන්නක් මෙන් සවිත්මාට දැනෙන්නට විය. ගත වූ සුළු කාලයට ඇය ඔහුගේ කතා බස් වලට  ආකර්ෂණය වී හමාරය. 
සදීප් ටද එසේ නොදැනුනා නම් පුදුමයකි. ඔහුට ද ඇගේ  සුන්දර මුහුණ, සුරතල් කතා බහ, තැන්පත් ගමන් විලාශය.., තව තවත් දකින්නට විඳින්නට ආශවක් ඇති විය. වදන් පිට නොවූවද ඔවුන්ගේ සිත් දොඩමළු වී හමාරය. එය ප්‍රේමයද, ආකර්ෂණයද, ආශාවද.., කුමන කැටගරියකට අයත් ද නොදන්නා හැඟීමකි. කුමක් ලෙස හැඳින්වීද.., එය  අතිශය පිවිතුරු අවංක බැදීමක ඇරඹුමක්ය.

"අපි මොනා හරි බීලා යමුද?" අවසානයේ සම්ප්‍රදායානුකූලව පුරුෂ පාර්ශවය පළමු පියවර තැබීය.. ඇගේ ගැහැණු සිත බලාපොරොත්තුවෙන් දැවෙමින් හුන් ඇරයුම ලැබිණ. දෙවරක් නොසිතාම ඔහු හා දොඩමළුවන්නට එකඟ වුනු ඇය හා ඔවුන් දෙදෙනා අවන්හලකට පියවර තැබීය.
අහඹු හමුවීමක් ලෙස එදින ආරම්භ වු  ඔවුන්ගේ කතාන්දරය, ප්‍රේම වෘත්තාන්තයක් ලෙසින් ටික කාලයකට පසුව තවත් රසවත් විය. දුරකථන අංක  හුවමාරු වීමත්, මූණු පොතෙන් තවත් ළං වීමත්., ඉන් පසුව ඔවුන්ට ඔවුන්  නැතිව බැරි  තරමට  ඒ හදවත් ප්‍රේමයෙන් බැදී තිබිණ.
අහම්බෙන් ජීවිත වලට පැමිණෙන සමහරක් මිනිසුන්, ඒ ජීවිත විනාශ කර පලා යති.ඒ දෛවයේ හැටිය. දෛවය එකවරම මල් වස්සන්නේ නැත. 
අනෝරා වැසි.., චණ්ඩ මාරුත., අකුණු සැර , ගංවතුර වැනි බොහෝ විපත් අවසානයේ සිහින් ආශිර්වාද මල් වැස්සක් වස්සන අවස්ථා අනන්තවත් ඇත.  දෛවයද එසේමය.ජීවිතයද එසේමය. එකවරම මල් සියයක් පිපෙනවාට වඩා නියඟයක්.., කුණාටුවක්.., මහා වරුසාවකට පසුව එකම එක මලක් පිපෙනවා දැකීම සතුට වැඩිය.
සවිත්මාගේත්, සදීප්ගේත් ජිවිතද එසේමය. ප්‍රේමයෙන් පැරදී.., දුක් විඳ., හෙම්බත් වී සිටි ඔවුන්ට ., අවසානයේ මල් වැසි වැස්සීය.



ප්‍රේමය ඒ තරම් අපූරුය..ප්‍රේමයට තැනක් ,වෙලාවක් ,නියමයක් නැත. ඔවුන්ගේ අහඹු හමුවීම දෛවයේ කොහේ ලියවී තිබෙන්නට ඇත. වාසනාවන්ත ලෙස ඇය ඔහුවත්, ඔහු ඇයවත් සංසාරයේ කොහේ හෝ සිට පතාගෙන එන්නට ඇත. ප්‍රේමයේ දුක් ගැහැට විඳ, ආතුරව, තනිව හිඳ..,එහෙත් අහඹු ලෙස මුණ ගැසී අවසානයේ කෙසේ හෝ ප්‍රේමය දිනන්නට ඔවුන් සැබැවින්ම වාසනාවන්තයෝය.
                                 
                                                       නිමි.
                    ***************************
පසු වදන: ප්‍රේමයට බොහෝ අර්ථකථනයන් තිබිය හැක. එහෙත් ප්‍රේමයන්ම් ප්‍රේමයමය. කෙසේ හටගත්තාද, කෙලෙස අවසන් වෙනවාද පලක් නැත. පිච්ච්චෙන්නට උවමනානම් ගින්නට පැනිය යුතුමය.. 

"In life, love is never planned. It does not happen for a reason. But when love is real, it becomes your plan for life and your reason for living.Some times when you least expect it...., Love Happens

ප.ලි: මාස 11කින් විතර 2014 අවුරුද්දට ම ලියන පළවෙනිම ලිපිය. සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකේ මකුළුවො ටික එළවලා දාලා පොඩ්ඩක් එළි පෙහෙළි කරන්න හිතුවා. නැවත ආගමනය බලාපොරොත්තු වුන තරම් සාර්ථක නැහැ.  මාස ගානකට පස්සෙ ලියන ලියමනක් හින්දා අඩුපාඩු වලට කමා කරත්වා....බාගෙට ලියලා  ඩ්‍රාෆ්ට් එකෙ තියෙන ලිපි ටිකත් ඉදලා හිටලා හෝ ආයෙත් පළ  කරන්න හිතාගෙන ඉන්නෙ. :) එහෙනම් ජය වේවා!!

ප.ප.ලි: මේක සත්‍ය සිදුවීමක්.මේක මට කියපු රමිත ට හුඟාක්ම ස්තූතියි.ආයෙත් කතාවක් ලියන්න දීපු අදහස  හුඟාක් වටිනවා.100%ක්ම සාධාරණයක් ඉෂ්ඨ කරනන් බැරි වුනත්, මම හිතනවා මම තරමක් දුරට හෝ සාර්ථකයි කියලා. :)

Post Comment

44 comments:

  1. කාලෙකින් ඇවිල්ලා ලිව්වත් කතාව ලස්සණ යි, හිතූ අක්කේ. අන්තිම ටික හුඟක් හිතට වැදුණා. හැමදාම දන්න අඳුනන කෙනෙක්ට වඩා ආගන්තුකයෙක්ට ආදරේ කරන ඒකේ අමුතු ම හැඟීමක් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි ධාරා! කාලයක් ආදරෙන් ලියපු බ්ලොග් එක ආයෙත් මතක් වුනා :)

      Delete
    2. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
    3. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. කතාව හරිම ලස්සනයි සංවේදියි. නැවත ආගමනයට සුබ පැතුම් දැන් දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබතුමාට, හැමදාම වගේ හැම ලිපියකටම වගේ අදහසක් එකතු කරනවට :) පුලුවන් විදියට දිගටම ලියනන් බලන්නම්

      Delete
  3. හම්මේ මේකිව දැක්ක කල්.
    ආදරේ නම් ආදරේමය ඇත්ත තමා,

    ReplyDelete
  4. ♪♫හිත පුරා මල් පිපුන වසන්තය ඇවිදින්
    හිස පුරා මල් හලන වසන්තය ඇවිදින්.....♪♫

    ReplyDelete
  5. අප්පටසිරි හෙන කාලෙකින් දැකීමත් සතුටක්...!!!

    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සෙ ඇවිල්ලත් මතක තිබ්බ එක සතුටක්!

      Delete
  6. හාපොයි දැක්ක කල්...

    ReplyDelete
  7. අම්මෝ දැක්ක කල්
    මොනව නැතත් කතාව නම් සිරා...

    ReplyDelete
  8. සෑහෙන කාලෙකට පස්සේ ලස්සන කතාවක් ලියලා තියෙන්නේ. දිගටම ලියමු නංගි !

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි අයියා! පුලුවන් හැටියට ලියන්නම්

      Delete
  9. ඉතා ලස්සනයි කතාව... ඊට වඩා ලස්සන දෙයක් හිතූ අක්කට තමුන්ට බ්ලොග් එකක් තියෙනවා කියන එක මතක් වෙච්ච එක..:)))

    ReplyDelete
    Replies
    1. හලෝ වර්ෂා.., <3 සතුටුයි මාව මතක තිබ්බාට! :D

      Delete
  10. කාලෙකින් ඇවිත් ලියුවත් වෙනදාවගෙම කතාව ලස්සනයි නංඟි.... ඔය කතාව කියවද්දි මට පරණ මතකයකුත් අලුත් වුණා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ! මතක මතක මතක.... හැමතැනම අමතක කරන්න බැරි මතක :)

      Delete
  11. දෙයියනේ කියල කොල්ලට තව ටික කාලෙකිං අමරසිරි මහත්තයගෙ සින්දුවක් ජීවිතේ කරං හිටියෑකි!

    කතාව නං ලස්සනයි anyway! :)

    ReplyDelete
    Replies
    1. සත්‍ය කතාවක් කියන කෑල්ල දැක්කෙ දැනුයි! ඔය උඩ මම කිව්ව එක වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව. but it happens!

      Delete
  12. මෙන්න බ්ලොග් එක මතක්වෙලා අක්කට :)

    ReplyDelete
  13. සෑහෙන කාලෙකින් නේද බොලං බොගක් දාන්නෙ...වෙල්කම් බැක්....

    ප්‍රේමය ගැන ඉතිං කොයිතරම් කථා කලත් කොයිතරම් සින්දු ඇහුවත් අපිට එපා වෙන එකක්ද හැබෑටම..මිනිස් වරිගයාගේ පැවැත්මට ඉවහල් වෙන්නෙත් ප්‍රේමයම නිසා මට හිතෙන්නෙ ලෝකයේ පැවැත්ම තිියෙන්නෙත් ආදරය කියන අකුරු හතර ඇතුලෙ කියලයි.

    හදිසියේ ජීවිතයට එන අය අපේ ජීවිත වලට සමහර වෙලාවට කාලාන්තරයක් පවතින සතුටක් දෙනවා...සමහර වෙලාවට දුකක් ඉතිරි කර යනවා...මේක ඉතිං ඒ ඒ අයගෙ දෛවය කියලා කිව්වත් වරදක් නෑ..

    ඔය කියන ගායකයා මගේත් ප්‍රියතම ගායකයෙක්...අමරදේවයන්ට පස්සෙ මම දකින දක්ෂතම ගායකයා තමයි එතුමා. වතාවක් එකම මේසයක ඉදගෙන ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ප්ලේන්ටියක රස බලන්න අහඹු අවස්ථාවක් මට උදාවුනා. ඔබට ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි :)

      සහතික ඇත්ත, ඒ අකුරු හතරෙන් එහා ලෝකයක්..... මට හිතාගන්න බෑ....දෛවය අපේ ජිවිත වලට ලොකු බලපෑමක් කරන්න පුළුවන් ආයුධයක් වගේ..

      එහෙනම් අයියා හරිම වාසනාවන්තයි නොවැ! මගෙත් ප්‍රියතම ගායකයෙක් එතුමා.. :)

      Delete
  14. බ්ලොග් එක අපේ දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න ලින්ක් එක.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  15. කාලෙකට පස්සෙ නංගා ආයෙ ලියන්න පටන් ගත්ත එකට ගොඩක් සතුටුයි. කාලෙකින් ලිව්ව කිව්වට කතාව ලස්සනට ලියලා තියෙනවා.

    පෑනකට කල හැකි දෑ බොහොමයි..!!! මේ ආරම්භය දිගු ගමනකට සුබ පැතුම් නංගට..!!!

    ReplyDelete
    Replies
    1. හුඟාක්ම ස්තූතියි නන්දු අක්කෝ :* ඉස්සර කාලෙ වගේම, නැවත ආගමනයටත් ලඟින් උන්නාට ස්තූතියි :)

      Delete
  16. හිතු ආයෙත් කාලෙකට පස්සේ ආයෙත් අවිදින් ආදරේ ගැන ගිතවත් විදියට දකින හැටි අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දයා මහත්මයා :)

      Delete
  17. මේ කෙල්ලව දකින්න තියෙන අමාරුව... ලස්සන පෝස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඒ.... ^_^ කෙල්ල පොඩ්ඩක් බිසී වෙලානෙ ;) ස්තූතියි සිදූ

      Delete
  18. කාලෙකින් දැක්කේ හිතුවක්කාරිව. බොහොම සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. ඔව් සයුරි අක්කේ.. ඔයාගෙ ඉතිහාස පාඩම් වලට මම කාලෙකින් ආවෙ නෑනෙ.. මාව පන්තියෙන් අස් කරලා ද දන්නෙ නෑ...:(

      Delete
  19. ලස්සන කතාව, එක දීගටම කියෙව්වා, මුල්ම සින්ධුව මගෙත් ආසම සින්ධුවක් නිසා සිද්ධිය මොකක්ද කියල බැලුවම එහෙම පිටින්ම උසු යටිකුරු වෙලානේ කතාව, අපූරුයි ජය වේවා

    ReplyDelete
  20. ඇත්ත... ප්‍රේමයනම් ප්‍රේමය.. ඇරඹුමක් ඇතත්, අවසානයක් නැති... ලස්සනයි කතාව.. ජය වේවා!!!

    ReplyDelete
  21. හරිහම ලස්සනට ලියල මේ කථාව
    http://wehilihini.blogspot.com/

    ReplyDelete

මට හිතුන, මට දැනුනු දේ පුළුවන් ලස්සනට ලිව්වා... හොද නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ඔයාලගෙ අදහස් හිතට ලොකු හයියක්....